මේකද සැබෑ ආදරේ

bhagya85

Junior member
  • Dec 14, 2011
    30
    1
    8
    මේකද සැබෑ ආදරේ

    මේකද සැබෑ ආදරේ
    appawala2.jpg

    :love::love::love:බක්‌ මහේ අලුත් අවුරුදු දාට කජු, කෝන්, මොර වැනි ගෙදරට යාම පිහිටි ගස්‌වල උස්‌ අතුවල ලණු බැඳ යොවුන් වියේ තරුණ තරුණියන් අහසේ පාවෙමින් ඔංචිල්ලා පදින අපූරුව ගමේ අයට අරුමයක්‌ නොවේ. එප්පාවල කඩිගාවේ රූස්‌ස කොහොඹ ගහේ උස්‌ අත්තක ලණු බැඳ නව යොවුන් වියේ තරුණියන් දෙදෙනකු හා තරුණයකු අහසේ සුළඟට පාවෙමින් සිටිනු දුටුවිට එක්‌වරටම හිතෙන්නේ ඔවුන් උස අත්තක ලණු බැඳ ඔංචිල්ලා පදින බවය. නමුත් ගස මුලට ගොස්‌ දෑස දල්වා බැලූ විට මළ කඳන් තුනක්‌ අහසේ පාවෙන බව කාට කාටත් පෙනී ගියහ.:no::no::no::baffled::baffled::confused::confused::confused:

    සියක්‌ වසක්‌ අප අතර ජීවත්වන්නට උපන් යන්තමින් නව යොවුන් වියට පා තැබූ පහළොස්‌ හැවිරිදි ගංගානිගේ මළ දේහය දහහත් හැවිරිදි දිල්හානිගේ නිහඬ දේහය, විසිහත් හැවිරිදි රුවන්ගේ අජීවි දේහය, එසේ කොහොඹ ගහ මුදුනේ ලණුවල එල්ලී පැද්දෙමින් තිබිණි. මෙය ආවේගශීලී තරුණ විය නිසාම ගනු ලැබූ ක්‍ෂණික තීරණයක්‌ නොවෙන බව ඔවුන්ගේ චරිත විමසීමේදී පෙනී යයි.

    උපන්දා සිටම නොවූවත් හයහතර තේරුණදා සිට දිල්හානි සහ ගංගානි කලදවස ගෙවුයේ වැරදි පූර්වාදර්ශ තුළ අමිහිරි හා කටුක අත්දැකීම් සමගය. මොවුන්ගේ පියා වික්‍රමරත්න බේබද්දෙකි. කුලියකින් හෝ අතට ගන්නා මුදල ඊළඟට දිය කළේ කසිප්පුවලටය. ගෙදර දොර අගහිඟකම් අපමණය. මොවුන්ගේ මව අයි. ඇම්. කව්අම්මා (38) එප්පාවල ඒකනායක වී මෝලේ කුලියක්‌ කර අතට ගන්නා මුදල ගෙදර කෑමට බීමට දියවී යයි.
    see Video:--- muthuvision.com
    මොවුන්ගේ නිවස කැලෑ බද පරිසරයක පිහිටි තහඩු සෙවිලි කළ පුංචි ගෙයකි. ගෙදර ඇත්තේ එක්‌ කාමරයක්‌ පමණි. හැන්දැවට කට ගොන්නක්‌ බීගෙන කණ මදයකු සේ ගෙදරට එන පියා බිරිඳ සමග අඬදබර වෙමින් ඊළඟට වෙරිමරගාතේ බිරිඳ සමග හැසිරෙන්නේ විළිසංගෙ නැති කාමාතුරයකුසේය. වැඩෙන ගැහැණු දරුවන් දෙදෙනාගේ ඔලුවට ගලා ගොස්‌ ගොඩ ගැහෙන්නේ මෙවැනි අශීලාචාර අත්දැකීම්ය. එහෙව් පරිසරයක දුවා දරුවන් තුළ මෝරන්නේ අසම්මත සහ අශීලාචාර සිතුවිලිය. මවුපියන් යනු ඉටුදෙවියෝය. නමුත් මේ දරුවන්ගේ පියා ඉටු දෙවියකු නොව දරුවන්ට වැරදි පූර්වා දර්ශ දෙමින් අසම්මත චර්යා තුළ හැසුරුණ නරුමයෙකු විය. ගමේ ගොඩේද වෙනත් කාන්තා සම්බන්ධතා ගැන පැතිරී තිබූ කථා තුරුණු වියට පය තබන මේ කෙල්ලන්ගේ කනටද නිතර ගලා ආවේය. මේ අවිනීත හා අසංවර පරිසරය තුළ දඩබ්බර හිතුවක්‌කාර ආස්‌ථානයේ ආශාවන් කුළුගන්වා ගත් දරුවන් නිර්මාණය වීම පුදුමයක්‌ නොවේ. බීමත්කම නිසාම මේ පිය තනතුරට නොහොබිනා මිනිසා බීමත්ව එද්දී ළිඳකට වැටී ආස්ථානයේ මිය ගියේය. තරුණ බිරිඳ දියණියන් දෙදෙනා සමග ගෙදර තනිවිය. ගෙදර ජීවත්වීමේ අගහිඟකම් බහුල විය. මේ වන විට රුවන් ප්‍රේම්ජයන්ත හමුදා සේවයේ යෙදී සිට එයින් නීත්‍යානුකූලව නිදහස්‌වී ගෙදර පැමිණ සිටියේය. රුවන්ගේ ගෙදර ඇත්තේද කඩිගාවේය. ඔහුගේද පියා නැත. මව ඊ. එම්. උදේනි මංගලිකා ජීවත්ව සිටී. මේ පවුලේ වැඩිමලා සහෝදරියකි. ඇය විවාහවී සිටී. ඊළඟට රුවන් ප්‍රේමජයන්තය. රුවන් ජයන්ත ළඟට රන්කොත්ගෙදර කැලුම් සසී ජයන්තය. ඔහු කුරුණෑගල වැහැර හමුදා කඳවුරේ සේවය කරයි. ඔහුට බාල තවත් මල්ලිලා දෙදෙනකු සහ නංගිලා දෙදෙනකු මේ පවුලට සිටී. රුවන්ගේ බාල සහෝදරයන් දෙදෙනෙක්‌ කව්අම්මාගේ සහෝදරියකගේ දූවරුන් දෙදෙනකු සමග විවාහවී සිටී. මේ නෑකම හරහා කව් අම්මා සහ ඇයගේ දූවරුන් රුවන් ප්‍රේමජයන්තගේද නෑදැයන් වූහ. ඒ නෑකම් හරහා රුවන් කව්අම්මාගේ ගෙදර නිතර එන්න යන්න විය. කව් අම්මා මේ වන විට තරුණ වැන්දඹුවෙකි. රුවන් 27 හැවිරිදි නෑඹුල් තරුණයෙකි. මේ අතර ලොකු දුව දිල්හානි වැඩිවියට පත් පහළොස්‌ හැවිරිදි නව යොවුන් තරුණියකි. මෙවැනි පසුබිමක ප්‍රේමයේ පහන දැල්වීමට අමුතුවෙන් තෙල් වුවමනා කරන්නේ නැත.
    see Video:--- muthuvision.com
    රුවන් හිටිහැටියේ දිල්හානි පැහර ගෙන ගියේය. ඒ සිද්ධිය නිසා කව්අම්මා තුළ ඊර්ෂියාවත් වෛරයත් හට ගැනෙන්නට ඇත. ඇය සිය ලොකු දුව රුවන් විසින් පැහැර ගෙන ගිය බව එප්පාවල පොලිසියට පැමිණිලි කළාය. පොලිසිය රුවන් සහ දිල්හානි සොයා බාලවයස්‌කාරියන් පැහැරගෙන ගොස්‌ දූෂණය කිරීමේ චෝදනාව මත රුවන් සහ දිල්හානි අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. අධිකරණය මගින් දිල්හානි පරිවාස භාරය යටතේ මවගේරැකවරණයට පත්කොට රුවන් දෙසතියකට රැඳවුම්ගත කරනු ලැබීය. දෙසතියෙන් පසු ඇප මත නිදහස්‌ව පැමිණි රුවන් කව් අම්මාගේ පවුලේ කරදර කාරයකු විය. ගැහැණු තිදෙනකු පමණක්‌ සිටින නිවසක "රුවන් වැනි" හමුදා සෙබළකුට පහසුවෙන් රජකම් කළ හැකිය. ගෙදර සියලු දෙනා බියට පත්කරගෙන රුවන් ස්‌වකීය රාජ්‍යය කව් අම්මාගේ ගෙදර තුළ නිර්මාණය කරගෙන රිසිසේ කලදවස ගෙවීය. ඒත් ගෙදර දොරේ අඬදබර තොරවූයේ නැත. හැමදාමත් රුවන් ගෙදරට එන්නේ කට ගොන්නක්‌ බීගෙනයි. එතැන් පටන් ගෙදර අඬදබරය. කව් අම්මා මොහුට රණ්‌ඩු කරන්නට බලපෑ තවත් හේතු තිබුණා විය හැකිය. රුවන් දිල්හානිගෙන් ද නැවතුණේ නැත. ගංගානිද ඔහුගේ ගොදුරට පත්වන්නට ඇතැයි මව කියයි.

    මේ අතර පසුගිය දිනක බීමත්ව ගෙදරට කඩා වැදුන රුවන් හිතුමතයට දිල්හානිව ඇදගෙන ගෙයින් පිටව ගියේය. දිල්හානි හිටියේ පරිවාස භාරයේ මවගේ ආරක්‍ෂාව යටතේය. දිල්හානි රුවන් විසින් පැහැරගෙන යැම නිසා කව්අම්මා ඒ ගැන පොලිසියට පැමිණිලි කළ පසු පොලිසියෙන් පැමිණි සොයා බැලූ නමුත් ඔවුන් සොයා ගැනීමට පොලිසිය අසමත්විය.
    see Video:--- muthuvision.com
    රුවන් සිය දිවි නසා ගැනීමේ තීරණය ගෙන ඇත්තේ පසුගිය 09 වැනිදා රාත්‍රියේය. ගෙදර නිතර අඬදබරය පොලිසිය තමන් සොයා ඇවිදී, දිල්හානි දූෂණය කළ නඩුව ජනවාරි මාසයේදී විභාගවීමට නියමිතය. මේ සියලු දේ ඔලුවට කා වැදුන පසු රුවන් සියදිවි නසා ගැනීමට වුවමනා කළමනා සොයා ගත්තේය. ඒ වන විට දිල්හානි සිටියේ රුවන් ළඟය. බාල ළමයා ගංගානිද රුවන් කැටුව ආවේය.

    "මේ කරදරකාරී ජීවිතයේ හිටියා ඇති. උඹලා දෙන්නා අම්මට ආදරේ නම් දැන් අම්මා ළඟට පලයල්ලා මට ආදරේ නම් මාත් එක්‌ක වරෙල්ලා. රුවන් අවසාන වාක්‍ය ය කීවේය. දිල්හානිත් ගංගානිත් අම්මා ළඟට යැමට කැමතිවී නැත. ඉන් පසු මේ කථාන්තරය කොළයක ලියා මා අතින් සිදුවී ඇති වරද වලට සමාවන්න" කියා රුවන් සිය මවට ලිපියක්‌ ලීවේය. අක්‌කාටද හමුදාවේ සිටින මල්ලීටද ගෙදර සිටින මල්ලීටද මෙබඳු ලිපි ලියා සාක්‌කුවට දමාගෙන ගෙදරින් පිටවී උඳුවප් පෝදා හඳපානේ වත්තේ පාලු පෙදෙසක පිහිටි රූස්‌ස කොහොඹ ගහ ළඟට තිදෙනාම ගියහ. ඒ යන විට ගහක්‌ මුල නැවතී සිසිල්පැන් හෝ යමක්‌ පානය කර ඇත. ඒ ගහ මුල තිදෙනාගේම පාවහන් ගලවා තබා කොහොඹ ගහ ළඟට යන්නට ඇත.
    see Video:--- muthuvision.com
    කොහොඹ ගහ අඩිපනහක්‌ හැටක්‌ උසය. අඩි 40 ක පමණ උසින් එක අතකට විහිදී ගිය තනි අත්තක්‌ ඇත. මේ අත්ත මැද හරියේ දිල්හානිගේ සහ ගංගානිගේ සිරුර අඩි 10 ක්‌ පමණ පහළට නයිලෝන් ලණුවකින් ගෙලට මන්ද වැටී එල්ලී තිබිණි. රුවන්ගේ සිරුර ඊට උඩින් අත්තේ නයිලෝන් ලණුවකින් එල්ලී තිබිණි. මේ සියල්ල සිදුවී ඇත්තේ 09 වැනිදා රාත්‍රියේ උඳුවප් පෝයදා හඳඑළියේය. 10 වෙනිදාට එළිවීමත් සමග මේ පුවත ගමපුරා පැතීරී එප්පාවල පොලිසියටද ආරංචිය ගියේය. පොලිසිය වහා පැමිණ පරීක්‍ෂණ ආරම්භ කරන ලදී.
    see Video:--- muthuvision.com
    නිමේෂයකින් දෙනෝ දහසක්‌ දෙනා කොහොඹ ගස වටේ පිරුණි. මේ කෙල්ලන් දෙදෙනා මේ තරම් උස කොහොඹ ගසට නැංගේ කෙසේද? තනි අත්තේ මැදට ගියේ කෙසේද? අත්තේ ලණුව බැඳගෙන ගෙලට දාගත්තේ කෙසේද? මෙබඳු ප්‍රශ්න බොහෝ දෙනා තුළ මතුවිය.
    see Video:--- muthuvision.com
    අපොයි...... මේ කෙල්ලන්ගෙ හැටි අපි දන්නවා. ඕනෑම ගහකට වලල්ලක්‌ වත් නැතිව නගීවි. පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාගේ ස්‌ථාවරය විය. ඇත්ත තමා මේ දෙන්නා ස්‌කෝලෙ ගියාමත් පිරිමි ළමයි වගේ. ගස්‌ නගිනවා. දුවනවා පනිනවා. පිරිමි ළමුන් එක්‌ක එකට එක කරනවා. හරියටම පිරිමි ළමුන් වගේමයි. එප්පාවල මධ්‍ය විද්‍යාලයේ ගුරු මහතකු මේ ළමුන් ගැන හැඳින්වීමක්‌ කරනු ලැබීය.

    මරණ පරීක්‍ෂණය සඳහා තඹුත්තේගම වැඩබලන මහෙස්‌ත්‍රාත් ජ්‍යෙෂ්ඨ නීතිවේදී ලෙව්කේ බණ්‌ඩාර මහතාද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍යරත්න මහතාද තඹුත්තේගම සහකාර පොලිස්‌ අධිකාරි කැලුම් තිලකරත්න මහතාද පැමිණියහ. කොහොඹ ගසේ ස්‌වභාවය අනුවද පරිසරය අනුවද පශ්චාත් මරණ පරීක්‍ෂණයක්‌ කළ යුතු බවට වැ. බ. මහෙස්‌ත්‍රාත්වරයා තීරණය කළේය.

    ඒ අනුව අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා විසින් පශ්චාත් මරණ පරීක්‍ෂණය කරනු ලැබ මෙය සියදිවි නසා ගැනීම් හැටියට නිගමනය කොට මෘත දේහ තුනම ඥතීන් හරහා කඩිගාව එක්‌සත් මරණාධාර සමිතියට බාරදෙනු ලැබීය. මෘත දේහ තුනේම අවසන් කටයුතු මෙම 12 වැනිදා සමිතිය මගින් ඉෂ්ට සිද්ධ කරන ලදී.

    එප්පාවල නම්බුකාර වැදගතුන්ගේ පාරම්පරික ගමක්‌. නුවර කලාවියේ ජනසංස්‌කෘතිය රටට කියා දුන් ගමක්‌. රන්බණ්‌ඩා රතනමලල වැනි දේශප්‍රේමී මන්ත්‍රීවරුන්ගේ නිජබිම. එප්පාවල පෙරදා ප්‍රසිද්ධ වුණේ පොස්‌පේට්‌ නිසා. ඒත් දැන් එප්පාවල පොකුරු මරණ වලින් අපකීර්තිමත් වෙනවා. හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපාලි රත්නමලල මහතා දැඩි කනස්‌සල්ලෙන් කියා සිටියේය.
    see Video:--- muthuvision.com
    නොතිත් ආශාවන් ලුහුබැඳයන යුගයක්‌ දැන් උදාවෙලා. සල්ලි හම්බකිරීමේ දේපොල හම්බ කිරීමේ තනතුරු ලබාගැනීමේ සීමාවක්‌ නෑ. ඒ වගේමයි මත්පැන් පිපාසේ. කාම පිපාසේ සෑහීමකට පත්වීමක්‌ නෑ. ආශාවන් පොදි බැඳ ගත්තු මිනිස්‌සු මෙරුවන් ආලෝකයට වහ වැටී ජීවිත පූජාකරනවා වගේ නොතිත් ආශාවන්ගෙන් පිරුණු මිනිස්‌සු ඒ මත්තේම මැරෙනවා. මේ පිළිබඳව විවරණයක්‌ කළ මහමාංකඩවල ශ්‍රී පියරතන නාහිමියෝ පැවසූහ.
    see Video:--- muthuvision.com