එක්තරා කාන්තාවකට හෘදයාබාධයක් හැදුණා. ඒ හෘදයාබාධය අතරතුර ඇය දිව්‍යලෝකෙ ගිහින් දෙවියන් හම්බ වුණා. කාන්තාව දෙවියන්ගෙන් මෙහෙම ඇහුවා.
"දෙවියනි, මාව මැරෙයිද?".
"නෑ. ඔබ තව වසර 40කුත්, මාස 2යි දින 14ක් ජීවත් වේවි".
ඇය ක්ෂණිකව එතනින් අතුරුදහන් වෙලා, පියවි සිහියට එළඹුණා. හෘදයාබාධය සුව වූ වහාම ඇය කළේ, ඇගේ පෙනුම වැඩි දියුණු කර ගැනීමයි. කොණ්ඩය පාට කළා. තොල් විශාල කරන සැත්කමක් කරගත්තා. නහය විදල කරාබු දැම්මා. නිතර රූපලාවණ්‍යාගාර වෙත ගොස් විවිධ මේකප් කළා. ඇයට තව වසර 40ක් ජීවත් වීමට ඇති නිසා, ඇය නිතරම හිටියෙ සතුටින්.
ටික දවසක් ගතවුණා. දවසක් ඇය පාරෙදි දරුණු රිය අනතුරකට මුහුණ දුන්නා. දරුණු තුවාල ලැබූ ඇය රෝහලේදි මිය ගිහින්, දිව්‍යලෝකෙ ඉපදුණා. දෙවියන් වහන්සේ හම්බවෙන්න ගිය ඇය මෙහෙම ඇහුවා.
"මොකද්ද ඒ කළේ?".
"මොකද්ද? ඔයා මැරුණා. එච්චරනෙ?".
"ඔබ වහන්සේ කිව්වෙ මං අවුරුදු 40ක් ජීවත් වෙනව කියල?".
"ඒ ඔයාද? මට ඔයාව අඳුරගන්න බැරි වුණානෙ".