මේකා මහ පුදුම මෝඩයෙක්නේ

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
මේකා මහ පුදුම මෝඩයෙක්නේ

ඌව පළාතේ පදිංචි විසිතුන් හැවිරිදි ඔහු රැුකියාව කළේ දකුණු පළාතේ ප‍්‍රධාන නගරයක පිහිටි පෞද්ගලික ආයතනයකය.

දිනක් රාති‍්‍ර ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබුණේය. ඔහු ”හලෝ” කියා පිළිතුරු දුන්නේය. ‘‘අනේ සොරි වැරදීමක්” යනුවෙන් මිහිරි කටහඬකින් පැවසූ තරුණියක් දුරකථනය විසන්ධි කළාය.

එහෙත් ඒ කටහඬ ඔහුගේ ආදර සිතුවිලි අවදි කළේය. ඔහු පසුබට වුයේ නැත. එම අංකය යළිත් එබුවේය. ඔහුගේ උත්සාහය සාර්ථක විය. ප‍්‍රතිඵලය වුයේ ටික දිනක් යනවිට දෙදෙනා එක්ව පේ‍්‍රමයේ කුඩා පැළයක් රෝපණය කිරීමය. මාස කිහිපයක් යනවිට එම පැළය මල්බර වන්නට විය. දැන් දෙදෙනාටම නොදැක සිටීමට බැරිය.

‘‘මේ අවුරුද්දට ඔයා අපේ ගෙදර එන්න. මං කාමරයේ ජනේලය ඇරල තියන්නම්.’’ ඇය ආදරයේ නාමයෙන් ඉල්ලා සිටියාය. එය ප‍්‍රතික්‍ෂේප කිරීමට ඔහුට නොහැකිවිය.

අවුරුද්දට පසුදින රාති‍්‍ර ඔහු ඇයගේ නිවස සොයා පියමැන්නේය. එවිට වේලාව රාති‍්‍ර දහය පසු වී තිබිණි. එක අතක චොකලට් පාර්සලයකි. අනෙක් අතේ ජංගම දුරකතනය විය. ජංගම දුරකතනය මඟින් දෙන මං සලකුණු ඔස්සේ ඔහු ඉදිරියටම ගියේය. මේ වනවිට ප‍්‍රධාන මාර්ගය සිට මීටර් පන්සීයකට වඩා දුරක් ගම ඇතුළට ගොස් සිටියේය.

ඇය දුන් මං සළකුණු ඔස්සේ ඇයගේ නිවසයයි සිතිය හැකි නිවසක් අසළට ඔහු පැමිණියත් එම නිවසේ කියූ පරිදි ජනේලයක් විවෘත කර තිබුණේ නැත.
ඔහුගේ හැසිරීම පිළිබඳ සෙවිල්ලෙන් සිටි අසල්වැසියෝ පිරිසක් වැඩි වේලාවක් යාමට පෙර ඔහු අල්ලාගෙන ප‍්‍රශ්න කරන්නට වූහ.

තමා එම තරුණියගේ පෙම්වතා බවත් ඇය හමුවීමට පැමිණි බවත් ඔහු කියා සිටියේය.

එහෙත් අසල්වැසියන් එම නිවසට ගොස් ඔහු පෙන්වා සිද්ධිය පැවසූ විට නිවැසියෝ අන්ද මන්ද වූහ. තරුණිය කැඳවා ඔහු හඳුනනවා දැයි විමසූ විට ඇය කිවේ තමා කිසි දිනයක ඔහු දැක නැති බවය.

ඔහු අත තිබූ චොකලට් පාර්සලය සීසීකඩ ගියේය. එවිට වේලාව මධ්‍යම රාති‍්‍රයට ද ආසන්න වී තිබූ නිසා පොලිස් ජීප් රථයක් පැමිණ ඔහුට ප‍්‍රවාහන පහසුකම් සැලසුවේය.
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බොරුනේ බන් පොන් එකේ මැසේජ් කෝල් පෙන්නල පුළුවන්නේ කොල්ලට කියන්න. නිකම් ගොතපු කතා