මේක ඇත්තද?????????????

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මාසයේ 12 වන දින ඉපදුනු ඔබට,
    මානසිකව හා භෞතිකව විටින් විට බිදවැටීම් වලට ලක්වීමට සිදුවේ. ඔබ අවිවේකී, පහසුවෙන් මුලාවීමේ ප්‍රවනතාවක් ඇති අයකු ලෙසද පැවසිය හැකිය.ඔබ ඉතාමක් හොද සිතුවිලි වලින් යුක්තය. ලිවීම, කියවීම, හා ගායනය ආදී ක්ෂේත්‍රවලට විශිෂ්ඨත්වයක් දක්වන ඔබ හැමවිටම අන්‍යයන් සමග ඇසුරු කිරීමට දක්ෂ, කාර්යක්ෂම අයකු වේ. ඉතා තියුණු පරිකල්පන ශක්තියක් ඔබ සතුය. නමුත් ඔබ ඔබේ උනන්දුව අඩුකරගෙන විවිධ බාහිර ප්‍රශ්න පිළිබදව ආකූලතා ඇති කර ගැනීමට පෙළඹේ. ප්‍රායෝගික, තර්කාන්විත සිතුවිලි වලින් යුක්ත ඔබ ප්‍රේමණීය, හිතෛෂි අයෙකි. නමුත් ඉතා සංවේදීය. ජීවිතය පුරාවට විටින් විට බිද වැටීම්වලට මුහුණදීමට ඔබට සිදු වේ.
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    ඔබගේ උපන් දිනය යෙදී ඇත්තේ 23 වන දින නම්,
    පිරිසක් සමග එකතුවී සහයෝගයෙන් වැඩ කර ඔවුන් සතුටු කිරීමට ඔබ සමත් වේ. ඔබ බොහෝ දේවල් කිරීමේ දක්ෂකමක් ඔබ සතුය. අදහස් ඉදිරිපත් කිරීමේදී ඔබ ඉතා දක්ෂය. එමෙන්ම ක්‍රමානුකූල හොද සංවිධායකයෙකි. ඒකාකාරීව ජීවත් වීමට ඔබ අකමැතිය. වෙනස්වීමට හා සංචාරය කිරීමට ඔබ වැඩි නැඹුරුවක් දක්වයි. ක්‍රම ක්‍රමයෙන් දියුණුවන, ඕනෑම දෙයකට පහසුවෙන් හැඩගැසෙන ඔබ ඉක්මන් තීරණ ගැනීමට පෙළඹෙයි. ඔබ අවංක අයෙක් වන අතර විශ්ලේෂනය කිරීමට විශේෂ හැකියාවක් ඇත. අවිවේකී පරිසරයක ජීවත් වන ඔබ ටිකක් කළබල අයෙකි. නැවන නැවතත් එකම දෙයකට කලබල වන අයෙකි. තම වගකීම් හරි හැටි ඉටුකිරීමේදීනම් ඔබට අපහසුතා ඇති වේවි. ඔබ බොහෝ සමාජශීලීය. ඉක්මනින් මිතුරන් ඇති කර ගැනීමට හැකිය. එමෙන්ම ඔබ හොද ගමන් සගයෙකි.

    godk durata ekiyanne 97% withara aththa...