මේක ඇත්තද ?

chalaka nuwan

Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    nauyane33.jpg


    අපවත්වී වදාළ රාමාඤ්ඤ මහා නිකායේ අනුනායක අති පූජනීය නා උයනේ අරිධම්ම නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය
    සැප්තැම්බර් 12 වනදා, කොළඹ 7 නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට කල ඉල්ලීම රජය ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වනවා.
    මේ හේතුවෙන් ආදාහන පූජෝත්සවය එදින පස්වරුවේ ජයවර්ධනපුර පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

    මුස්ලිම් බැතිමතුන්ගේ “හජ්“ උත්සවය සැප්තැම්ර් 12 වනදාට යෙදී ඇති බැවින් එදින සවස්වරුවේ නිදහස් චතුරශ්‍රයේ හා කොළඹ නගරය පුරා පැවැත්වෙන ඉස්ලාම් ආගමික උත්සව වලට බාධාවක් වේ යැයි
    මුස්ලිම් නායකයන් කිහිප දෙනෙකු විසින් කළ ඉල්ලීමට යටත්ව රජය විසින් මෙම තීරණය ගෙන ඇති අතර, නාහිමි ආදාහන උත්සවය සදහා නිදහස් චතුරශ්‍රය කිසි සේත්ම ලබා දිය නොහැකි බවත් ඒ සදහා
    කොළඹ නගර සීමාවෙන් පිට ස්ථානයක් තෝරාගන්නා ලෙසත් කොළඹ නගරාධිපති මොහොමඩ් මුසම්මිල් විසින් දන්වා ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,795
    30,897
    113
    ඕක සිරා කතාවක් නං මෙහෙම ගියොත් යහපාලන කාරයො අපේ කොනත් කපල තමා නතර වෙන්නෙ...අවුලක් නෑ කෙහෙල් කොලේ බත් කන නිහතමානී නායකයෙක් පත්කරානෙ ටොයියො:lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,423
    113
    රූකඩ රාජ්ජේ
    කතාව ඇත්ත. ආදාහනේ තියෙන්නේ පාර්ලිමන්ට් ග්‍රවුන්ඩ් එකේ ලු.

    ඔන්න ඕකයි රටේ තත්වේ. හම්බයට දෙමළට ගිය රට මේක.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උපුටනයකි
    පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ අවමංගල්‍ය උත්සවයේ සංවිධායක ස්වාමීන් වහන්සේම අප වෙත දැනුම් දුන් පරිදි අවමංගල්‍ය කටයුතු පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ පැවැත්වීමට තීරණය කරන ලද්දේ කළ්‍යාණි යෝගාශ්‍රමයේ ස්වාමීන් වහන්සේලා විසින්ම සිදුකරන ලද ඉල්ලීමකට අනුවය.

    එදින නිදහස් චතුරශ්‍රය අවට ක්‍රීඩාංගන කිහිපයක කලින් වෙන් කරගත් අවස්ථා කිහිපයක් තිබීම හේතුවෙන් නා හිමිපාණන් වහන්සේගේ අවමංගල්‍ය උත්සවයට පැමිණෙන රථවාහන ආදිය හැසිරවීමේ අපහසුතාවයක් මතු වීම උන්වහන්සේලාගේ මේ තීරණයට මූලිකවම හේතු වූ බව සලකන්න.

    වර්තමාන කාලයේ මනුෂ්‍ය ලෝකයේ පහළ වූ අති උත්තම සංඝ පීතෘන් වහන්සේ නමක් වන උන්වහන්සේගේ ඡායාරූප මෙසේ දේශපාලනික කාරණාවන් සඳහා යොදා ගැනීම සම්බන්ධව නා උයන ආරණ්‍ය සේනාසනය ඇතුළු යෝගාශ්‍රමානුබද්ධ සියලු ආරණ්‍යයන්හි ස්වාමීන් වහන්සේලා විසින් හෙළා දකිනු ලබන කාරණයකි.

    උන්වහන්සේ කිසි කලෙකවත් දේශපාලන පක්ෂ බේදයක් හෝ ගෝත්‍ර බේදයක් හෝ නොතිබූ තථාගතයන් වහන්සේ වදාල පරිදිම සතර සංග්‍රහ වස්තුවෙන් යුක්තව සමානාත්මතා ගුණය අගය කළ ස්වාමීන් වහන්සේ නමකි. සියලු දෙනා කෙරෙහිම අප්‍රමාණ වූ කරුණාවකින් හා මෛත්‍රියකින් යුක්තව ශාස්තෲ වදන අනුවම උන්වහන්සේ වැඩ විසූ සේක.

    පසුගිය රජයේ මෙන්ම වර්තමාන රජයේ ද ප්‍රබලයින් රැසක් උන්වහන්සේ ඇතුළු යෝගාශ්‍රමයේ දායකයන් වශයෙන් කටයුතු කරනු ලබන අතර කඨින පිංකම් ආදියේ දී මහත් සහයෝගයක් ලබා දෙනු ලබයි. වර්තමාන ගරු ජනාධිපතිතුමන් සහ එතුමාගේ සොහොයුරන් ද නාඋයන, මීතිරිගල ආරණ්‍ය සේනාසනය ඇතුළු යෝගාශ්‍රමානුබද්ධ ආරණ්‍ය සේනාසනයන් වෙත මහත් වූ අනුග්‍රහයන් සපයනු ලබයි. එබැවින් පසුගිය හෝ වර්තමාන රජයේ හෝ කිසිදු ආකාරයක විරෝධාකල්පයක් උන්වහන්සේ වෙත හෝ උන්වහන්සේ වෙතින් නොතිබූ බව ශාසන ලැදිව දන්වා සිටිමි.

    උන්වහන්සේගේ පින්තූර හෝ උන්වහන්සේගේ ශ්‍රී දේහයේ පින්තූර කිසි ලෙසකින්වත් අවභාවිත නොකරන මෙන් ඉල්ලා සිටිමි.

    තෙරුවන් සරණයි...
    link https://www.facebook.com/VinayoNaam...004296329087/1194684140594429/?type=1&theater
     

    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    ඕක සිරා කතාවක් නං මෙහෙම ගියොත් යහපාලන කාරයො අපේ කොනත් කපල තමා නතර වෙන්නෙ...අවුලක් නෑ කෙහෙල් කොලේ බත් කන නිහතමානී නායකයෙක් පත්කරානෙ ටොයියො:lol:

    :lol::lol::lol::yes::yes::yes:
     

    Similar threads