මේක ඇත්ත ද

helpWorld

Member
Aug 6, 2015
400
37
0
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මහ බැංකුවේ මැදිහත් වීමකින් තොරව පසුගිය සිකුරාදා (04) සිට නිදහසේ තීරණය වීමට ඉඩ ලබාදීමත් සමග මුදල් වෙළඳ පොළේදී රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස

අවප්‍රමාණය වී ඇත. පසුගිය සිකුරාදා දිනයේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල වාර්තාගත ලෙස අවප්‍රමාණය වීම හමුවේ මෙරටට ආනයනය කරන මෝටර් රථවල මිල ගණන් මේ වනවිට සියයට 8 ත් 10 ත් අතර ප්‍රමාණයකින් වැඩිවී ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා පවසයි.


ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා අප සමග සඳහන් කළේ මේ තත්ත්වය හමුවේ මෙරටට ගෙන්වන වාහනවල මිල ගණන් දිගු කාලීනව සියයට 06 කින් පමණ වැඩිවනු ඇති බවයි.


සියයට 06 ක මිල වැඩිවීමක් සැලකීමේදී ටොයොටා ප්‍රියර්ස්, හොන්ඩා වෙසල්ස් වැනි මෝටර් රථයක් ලක්ෂ 03 කින් පමණ මිලකින්ද, වැගන් ආර් සහ නිසාන් ලීෆ් වැනි මෝටර් රථයක් ලක්ෂ එකහ මාරකින් පමණද වැඩිවනු ඇතැයි හෙතෙම සඳහන් කළේය.


මේ නිසා, ආනයනය කරන සියළුම මෝටර් රථවල මෙන්ම සියළුම වාහන අමතර කොටස්වල මිල වැඩිවෙන බව ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා වැඩිදුරටත් පැවසීය.
පසුගිය සිකුරාදා (04) මුදල් වෙළඳ පොළේ ගනුදෙනු අවසන් වනවිට ඩොලරයක මිල රුපියල් 138 කට ආසන්න අගයක් ගන්නා ලදී. මහ බැංකුව විසින් අවශ්‍ය අවස්ථාවකදී හැර විදේශ විනිමය වෙළඳ පොළට කරන මැදිහත්වීම පසුගිය සිකුරාදා සිට නතර කර තිබේ.


චීනය විසින් අගෝස්තු 11 වනදා යුවාන් මුදල් ඒකකය අවප්‍රමාණය කළදා පටන් මේ දක්වා ඉන්දියානු රුපියල සියයට 3.9 කින්ද, මැලේසියානු රින්ගිට් මුදල් ඒකකය සියයට 08 කින්ද, ඉන්දුනීසියානු රුපියා මුදල් ඒකකය සියයට 4.5 කින්ද අවප්‍රමාණය වී ඇත.


මේ අතර රුපියල අවප්‍රමාණය වීමෙන් මෙරටට ආනයනය කරන අත්‍යාවශ්‍ය භාණ්‌ඩ ඇතුළු විවිධ ද්‍රව්‍ය රැසක මිල ඉදිරි දිනවලදී ඉහළ යැමට නියමිතයි.


මේ පිළිබදව අප ගොසිප් සී ලංකා වෙබ් අඩවිය පිටකොටුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කරන වෙළෙඳුන්ගෙන් විමසීමක් කළ අතර ඔවුන් පවසන්නේ පසුගිය දිනවල ඩොලරයේ අගය ඉහළ ගිය අතර එම තත්ත්වය දිගටම පවතින්නේ නම් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහළ නංවන්නට සිදුවන බවයි. පසුගිය කාලය තුළ ඩොලරයේ අගය ස්‌ථාවරව පවත්වාගෙන යැම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව තම විදේශ සංචිත යෙදවීම නිසා විශාල බරක්‌ දරන්නට රජයට සිදුවිය.
 

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    :yes::yes::yes::yes:

    රුපියල පාවෙන නිසා වාහන මිල වැඩිවෙන හැටි මෙන්න

    ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මහ බැංකුවේ මැදිහත් වීමකින් තොරව පසුගිය සිකුරාදා (04) සිට නිදහසේ තීරණය වීමට ඉඩ ලබාදීමත් සමග මුදල් වෙළඳ පොළේදී රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වී තිබේ. ඒ අනුව මෙරටට ආනනයන කරන මෝටර් රථවල මිල ඉදිරියේදී වැඩි වීමට නියමිත බව වාර්තා වේ.

    ඒ අනුව ලංකාවේ ජනප්‍රිය මෝටර් රථ වන Prius/Vezel වැනි මෝටර් රථ රුපියල් ලක්ෂ තුනකින් පමණද,මෑතකදී ලංකාවේ ජනප්රියත්වයට පත්වූ ටොයෝටා Wagon R මෝටර් රථය සහ නිසාන් Leaf මෝටර් රථය ලක්ෂයකින් පමණ ද මිල ඉහල යනු ඇති බව වාර්තා වේ.

    http://offair.nethfm.com/article/25816

     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    576
    214
    43
    41
    Kalutara
    නිසි ආර්ථික කළමනාකරණයක් නැති නිසා ලංකාවට ලොකු අර්බුදයකට මුහුණ දෙන්න වෙයි වගේ ඉස්සරහට.