කොහොම උනත් අපි අද යම් තැනක ඉන්නවා නම් ඒ ඉන්නෙ අපිට උගන්වපු ගුරුවරු නිසයි.. මොකද එයාලත් භයගුල්ලො වගේ අපි කරන වැඩ වලට ඔලුව නමාගෙන වේවැල් පාර නොදී බලාන හිටියා නම් අපිටමයි පාඩුව වෙන්නෙ.. එයාලට නෙමෙයි.. කවදාවත් තමන්ට උගන්වපු හරි නැති හරි, ගුරුවරයෙක් බල්ලෙකුට සමාන කරන්න එපා මචෝ.. තමන්ටම ඒක සාප වෙයි..
උඹ අද යම් තැනක ඉන්නවා නම් ඉන්නෙ එතුමන්ලගෙන් පන්නරයක් ලබපු නිසා.. 

eka aulak na ban. e link eka mata mathakana kollo. thax rep walata.හ්ම්.. සමහර ගුරුවරු ටිකක් සැරයි තමා..කොහොම උනත් අපි අද යම් තැනක ඉන්නවා නම් ඒ ඉන්නෙ අපිට උගන්වපු ගුරුවරු නිසයි.. මොකද එයාලත් භයගුල්ලො වගේ අපි කරන වැඩ වලට ඔලුව නමාගෙන වේවැල් පාර නොදී බලාන හිටියා නම් අපිටමයි පාඩුව වෙන්නෙ.. එයාලට නෙමෙයි.. කවදාවත් තමන්ට උගන්වපු හරි නැති හරි, ගුරුවරයෙක් බල්ලෙකුට සමාන කරන්න එපා මචෝ.. තමන්ටම ඒක සාප වෙයි..
උඹ අද යම් තැනක ඉන්නවා නම් ඉන්නෙ එතුමන්ලගෙන් පන්නරයක් ලබපු නිසා..
මට බැන්නට කමක් නැහැ මචං.. මම වැරදියි නම්.. මම මීට කලින් ත්රඩ් එකකත් දැම්මා ඔය FB එකේ තියෙන ගොන් ජෝක් වලට රැවටෙන්න එපා කියලා.. ඒකෙන් උඹට අයහපතක් මිස කවදක්වත් යහපතක් වෙන්නෙ නැහැ.. උඹටත් කියන්න තියෙන්නෙ ඔය ටිකම තමා.. පෝස්ට් එකක් දාන්න කලින් දෙපාරක් හිතලා බලපං ඒක හරි දෙයක්ද වැරදි දෙයක්ද කියලා.. FB එකේ ගොඩක්ම ඉන්නෙ පිස්සු යක්කු.. ඕක හදපු නොසන්ඩාලයා මොකෙක් වුණත් ඒකා වැස්සකටවත් ඉස්කෝලෙට ගියපු නැති එකෙක්.. ඌ ඉස්කෝලෙක ගියා නම් ඔය වගේ වැඩක් කරන්නෙ නෑ කවමදාකවත්.. කොමෙන්ට්ස් ගන්න රෙප් ගන්න මේ වගේ දේවල් කරන්න එපා මචං.. මමත් කලින් වැරදි වැඩ කලා.. ඒවට බැනුම් ඇහුවා ඇතිවෙන්න.. ඒත් මම ඒ බැනුම් ඇහුවට පස්සෙ ආයෙ ඒ වැරැද්ද කලේ නැහැ ඕනකමින්..
උඹට මතක් වුණේ නැද්ද මේ බල්ලොන්ගෙ පිංතූරයක් දාලා ඒ අයට උපමා කරලා තියෙන්නෙ අවුරුදු 13ක්ම උඹගෙ නැණනුවණ පාදපු ගුරුවරු කියලා.. අපිට ඒ කාලෙ වේවැල් පාර දෙනකොට තරු පෙනුනා තමා, ගුරුවරු එක්ක තරහා ගියා තමා.. නමුත් ටික වෙලාවක් ගියාම තේරුණා එයාලා ඒ ගැහුවෙ අපිට තියෙන ආදරේට කියලා.. කවදාවත් ගුරුවරයෙක් තරහට ගහන්නෙ නැහැ.. ගෙදරවැඩක් නොකලාම, යාළුවො එක්ක කතා කර කර හිටියාම තමා ෂොට් එක ලැබෙන්නෙ.. නැතුව නිකන් ඉන්න ගමන් වේවැලෙන් ගහගෙන යන්නෙ නැහැනෙ.. මම දැනටත් නිවාඩුවක් තියෙන වෙලාවට මට උගන්වපු ගුරුවරු මුණගැහෙන්න යනවා..
පැණ මඩ කඩිති වැව් තාවුළු වැහි කාලේ..
පෙන්නා මග නොමග නොවැටී යන තාලේ..
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මහලේ..
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ..
සාමා අමර විකුණති බස් පොලේ කජු..
කුමා රෝද පිටු දන් දෙති එයින් මතූ..
උගුත මනා ශිල්පය පිල් කඩ නොපැතූ..
වේවැල වටා ඉකිබිද දඩුවමක් පැතූ..
රන් මසු පට පිලී අභරණ උරණ වෙලා..
සමන් පිච්ච කැකුලිය ගෙයි මිලින වෙලා..
ගුරු නිවහනේ කදුලට උල්පතක් වෙලා..
ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා..
මාත් එක්ක තරහා වෙන්න එපා මචං මෙහෙම කිව්වට.. අපි කාගෙ අතිනුත් වැරදි වෙනවා.. ඒවා හදාගන්න උත්සාහ කරමු.. මම වැරදි දෙයක් කිව්වා නම් මට සමාවෙන්න මචං.. දුක හිතුනා මේක දැක්කම මට.. අම්මටයි තාත්තටයි ඇරෙන්න මම දෙවනුව ආදරේ කරන්නෙ මගේ ගුරුවරුන්ට මචං..
මට ඔය පික් එකේ ෆේස්බුක් ලින්කුව පොඩ්ඩක් දියන් මචං තරහ නැතුව..