"හොඳට පාඩම් මතක හිටිනවා"
"මහන්සි නැතුව වැඩ කරන්න පුළුවන්"
"නිදිමත එන්නෙම නැහැ"
"පොඩ්ඩක් ගත්තොත් මුළු ජීවිතේම ගොඩ දාගන්න පුළුවන්"
"අවුලක් වෙන්නෑ විභාගෙ එනකන් විතරයි"
"ගැම්මට වැඩ කරන්න පුළුවන් එක දිගට දවස් කීයක් වුණත්"
"ටූනර්මන්ට් එනකම් එකක් ගනින්"
"ආතල් එකට එක පාරක් ගැහුවට අවුලක් නෑ බං"
"බඩගිනි වෙන්නෙත් නෑ බං, මහන්සි එන්නෙත් නෑ ආතල් එකේ වැඩක් කරගන්න පුළුවන්"
ලෝකෙ තියෙන භයානකම, හුස්ම ගනිමින් හොඳට ඉන්න මිනිස්සු පණ පිටින් අපායට අරන් යන 'අයිස් මත්ද්‍රව්‍ය' (Ice drug) ඔයා ළඟට මෙන්න මේ වගේ තමයි එන්නේ!
හොඳට මතක තියාගන්න,
මේක කෑවා කියලා ඔයාට හොඳක් වෙන්නේ නැහැ!
මං ආයෙත් කියනවා කිසිම හොඳක් වෙන්නේ නැහැ!
කිසිම සතුටක් දැනෙන්නෙ නැහැ!
හොඳට හුස්ම ගන්න ඔයාගේ ජීවිතේට පණපිටින් දරාගන්න බැරි වේදනාවක් විතරයි මෙන්න මේ මාරයා අරගෙන එන්නේ!
පාඩම් කරන්න කියලා ඔයාගේ අතට මෙහෙම කෙනෙක් දුන්නොත් කරුණාකරලා පිළිගන්න එපා!
සල්ලි වලට අහිංසක දරුවන්ගේ ජීවිත විනාශ කරන මිනිස්සු ගෙන්නන මේ ජරාව පාවිච්චි කරන කෙනෙක් හරි තියෙන තැනක් හරි දැක්කොත් හෝ දන්නවානම් මෙන්න මේ අංක වලට පැමිණිලි කරන්න.
119
118
1927
ඔයාගේ ළඟම කෙනෙක් මේ මාරයට බිලිවෙලා නම් මෙන්න මේ අංකයට කෝල් එකක් දෙන්න.
එයාලා ඔයාගේ ළඟම හිතවතා ව හිරේ දාන්නේ නැතුව එයාට උදව් කරනවා ඒ මානසික තත්ත්වයෙන් ගැලවෙන්න.
1926
අයිස්, ඒ කියන්නේ මේ ලෝකේ දරුණුම මත්ද්‍රව්‍ය!
මේ තියෙන්නෙ ඒක ගත්තම වෙන දේ!
නින්ද යන්නෙ නෑ
කටේ තුවාල
අධික ලෙස කෙට්ටු වීම
ශරීරයේ පලු මතුවීම
දිව පැලීම
ආහාර අරුචිය
ඇස විශාල වීම (pupil එක)
කරකැවිල්ල
දහඩිය දැමීම
වියළි මුඛය
මාංශ පේශි කැක්කුම
හිසරදය
ඔක්කාරය
බඩේ කැක්කුම
නොපැහැදිලි පෙනීම
හිසරදය
කරකැවිල්ල
තෙහෙට්ටුව
ශක්තිය වැඩි වීම
ආක්‍රමණශීලී හැසිරීම
වෙව්ලනවා
නුරුස්නා බව
කරන කියන දේවල් එයාලට තේරෙන්නේ නැහැ
අධි ක්‍රියාකාරීත්වය
සැලකිය යුතු හා හදිසි බර අඩු වීම
සමේ තුවාල
වේගවත් අක්ෂි චලනය
පිළිස්සුම්, විශේෂයෙන් තොල් හෝ ඇඟිලි මත
අක්‍රමවත් නිදි රටා
දිරාපත් වූ දත්
පළවෙනි පාර ඔයාට හිතෙයි මේක තමයි හොඳම කියලා.. ඒත් මේක තමයි ඔයාගෙ ජීවිතේ වෙන්න පුළුවන් නරකම ඇබ්බැහිය.
මේක ගත්තම ඔයාගේ දුක නැති වෙන්නෙ නැහැ. මේක ගත්තම ඔයාගේ හැමදේම සාර්ථක වෙලා ඔයාට සතුට ලැබෙන්නේ නැහැ! කොටින්ම කිව්වොත් මේ ඔයා කරගන්නේ ඔයාව පණපිටින් පිහියකින් කපන එක!!!
මේ මාරයට ගොදුරු වෙලා ඉන්න කෙනෙක් දන්නවා නම් කරුණාකරලා ඒවා හංගන්නෙ නැතුව අදාල උපදෙස් ගන්න!කිව්වොත් හිරේ දායි කියලා ඒ මනුස්සයගේ ජීවිතේ නැති කරලා දාන්න එපා. අනිවාර්යෙන් එයාව පුනරුත්ථාපනය කරලා අලුතෙන් එයාට ජීවිතයක් දෙන්න පුළුවන් එයාගේ තත්වය කියලා ඔයා උදව් ඉල්ලුවොත්.
මං ආයෙත් කියන්නේ අංගොඩ මානසික රෝහලේ ඉන්නවා, හොඳට හිටපු පිරිමි ළමයි වගේම ලස්සන ගෑනු ළමයි දැන් මානසික ලෙඩ්ඩු වෙලා මෙන්න මේ මාරයා නිසා...!
සල්ලි හොයන්න අහිංසක ජීවිත බිලි ගන්න මිනිස්සු වගේම ඇස් දෙකට මේ දේවල් දැක දැකත් නිශ්ශබ්දව ඉන්න මිනිස්සුත්, මේ දේවල් තමන්ගේ ළඟ ඉන්න අයට හුරු කරවන මිනිස්සු ගැනත් කරුණාකරලා පැමිණිලි කරන්න!
මේ තියෙන්නේ නිකම්ම මත්ද්‍රව්‍යයක් නෙමෙයි!
සතුටින් ඉන්න ලස්සන වෙන්න උත්සාහ කරන ඔයා ඇයි විහින් විකෘති ජීවිතයක් වෙන්න හදන්නේ! බේරෙන්න! බේරගන්න!
ආයෙත් ගැලවීමක් නෑ කියලා වැටෙන්න එපා! අන්තෙටම ගියපු මිනිස්සු දැන් හොඳ ජීවිත ගත කරනවා වෛද්‍ය ප්‍රතිකාරත් එක්ක. බලාපොරොත්තුව අත්හැර ගන්න එපා.
- Gumiho's Diary -