මේක කියවන්නේ නැතුව පහලට යන්න එපා! (අයිස් මත්ද්‍රව්‍ය)

SiEHRA

Well-known member
  • Nov 8, 2024
    276
    401
    63
    "හොඳට පාඩම් මතක හිටිනවා"
    "මහන්සි නැතුව වැඩ කරන්න පුළුවන්"
    "නිදිමත එන්නෙම නැහැ"
    "පොඩ්ඩක් ගත්තොත් මුළු ජීවිතේම ගොඩ දාගන්න පුළුවන්"
    "අවුලක් වෙන්නෑ විභාගෙ එනකන් විතරයි"
    "ගැම්මට වැඩ කරන්න පුළුවන් එක දිගට දවස් කීයක් වුණත්"
    "ටූනර්මන්ට් එනකම් එකක් ගනින්"
    "ආතල් එකට එක පාරක් ගැහුවට අවුලක් නෑ බං"
    "බඩගිනි වෙන්නෙත් නෑ බං, මහන්සි එන්නෙත් නෑ ආතල් එකේ වැඩක් කරගන්න පුළුවන්"

    FB-IMG-17352019471407272.jpg

    FB-IMG-17352019586406377.jpg


    ✋ ලෝකෙ තියෙන භයානකම, හුස්ම ගනිමින් හොඳට ඉන්න මිනිස්සු පණ පිටින් අපායට අරන් යන 'අයිස් මත්ද්‍රව්‍ය' (Ice drug) ඔයා ළඟට මෙන්න මේ වගේ තමයි එන්නේ!
    හොඳට මතක තියාගන්න,
    මේක කෑවා කියලා ඔයාට හොඳක් වෙන්නේ නැහැ!
    මං ආයෙත් කියනවා කිසිම හොඳක් වෙන්නේ නැහැ!
    කිසිම සතුටක් දැනෙන්නෙ නැහැ!
    හොඳට හුස්ම ගන්න ඔයාගේ ජීවිතේට පණපිටින් දරාගන්න බැරි වේදනාවක් විතරයි මෙන්න මේ මාරයා අරගෙන එන්නේ!
    පාඩම් කරන්න කියලා ඔයාගේ අතට මෙහෙම කෙනෙක් දුන්නොත් කරුණාකරලා පිළිගන්න එපා!
    සල්ලි වලට අහිංසක දරුවන්ගේ ජීවිත විනාශ කරන මිනිස්සු ගෙන්නන මේ ජරාව පාවිච්චි කරන කෙනෙක් හරි තියෙන තැනක් හරි දැක්කොත් හෝ දන්නවානම් මෙන්න මේ අංක වලට පැමිණිලි කරන්න.

    ☎️ 119
    ☎️ 118
    ☎️ 1927

    ඔයාගේ ළඟම කෙනෙක් මේ මාරයට බිලිවෙලා නම් මෙන්න මේ අංකයට කෝල් එකක් දෙන්න.
    එයාලා ඔයාගේ ළඟම හිතවතා ව හිරේ දාන්නේ නැතුව එයාට උදව් කරනවා ඒ මානසික තත්ත්වයෙන් ගැලවෙන්න.

    ☎️ 1926

    අයිස්, ඒ කියන්නේ මේ ලෝකේ දරුණුම මත්ද්‍රව්‍ය!
    මේ තියෙන්නෙ ඒක ගත්තම වෙන දේ!

    👉 නින්ද යන්නෙ නෑ
    👉 කටේ තුවාල
    👉 අධික ලෙස කෙට්ටු වීම
    👉 ශරීරයේ පලු මතුවීම
    👉 දිව පැලීම
    👉 ආහාර අරුචිය
    👉 ඇස විශාල වීම (pupil එක)
    👉 කරකැවිල්ල
    👉 දහඩිය දැමීම
    👉 වියළි මුඛය
    👉 මාංශ පේශි කැක්කුම
    👉 හිසරදය
    👉 ඔක්කාරය
    👉 බඩේ කැක්කුම
    👉 නොපැහැදිලි පෙනීම
    👉 හිසරදය
    👉 කරකැවිල්ල
    👉 තෙහෙට්ටුව
    👉 ශක්තිය වැඩි වීම
    👉 ආක්‍රමණශීලී හැසිරීම
    👉 වෙව්ලනවා
    👉 නුරුස්නා බව
    👉 කරන කියන දේවල් එයාලට තේරෙන්නේ නැහැ
    👉 අධි ක්‍රියාකාරීත්වය
    👉 සැලකිය යුතු හා හදිසි බර අඩු වීම
    👉 සමේ තුවාල
    👉 වේගවත් අක්ෂි චලනය
    👉 පිළිස්සුම්, විශේෂයෙන් තොල් හෝ ඇඟිලි මත
    👉 අක්‍රමවත් නිදි රටා
    👉 දිරාපත් වූ දත්

    FB-IMG-17352019654682042.jpg

    FB-IMG-17352019713312488.jpg

    FB-IMG-17352019803709612.jpg

    FB-IMG-17352019858148396.jpg


    පළවෙනි පාර ඔයාට හිතෙයි මේක තමයි හොඳම කියලා.. ඒත් මේක තමයි ඔයාගෙ ජීවිතේ වෙන්න පුළුවන් නරකම ඇබ්බැහිය.

    🛑 මේක ගත්තම ඔයාගේ දුක නැති වෙන්නෙ නැහැ. මේක ගත්තම ඔයාගේ හැමදේම සාර්ථක වෙලා ඔයාට සතුට ලැබෙන්නේ නැහැ! කොටින්ම කිව්වොත් මේ ඔයා කරගන්නේ ඔයාව පණපිටින් පිහියකින් කපන එක!!!

    මේ මාරයට ගොදුරු වෙලා ඉන්න කෙනෙක් දන්නවා නම් කරුණාකරලා ඒවා හංගන්නෙ නැතුව අදාල උපදෙස් ගන්න!කිව්වොත් හිරේ දායි කියලා ඒ මනුස්සයගේ ජීවිතේ නැති කරලා දාන්න එපා. අනිවාර්යෙන් එයාව පුනරුත්ථාපනය කරලා අලුතෙන් එයාට ජීවිතයක් දෙන්න පුළුවන් එයාගේ තත්වය කියලා ඔයා උදව් ඉල්ලුවොත්.

    🛑 මං ආයෙත් කියන්නේ අංගොඩ මානසික රෝහලේ ඉන්නවා, හොඳට හිටපු පිරිමි ළමයි වගේම ලස්සන ගෑනු ළමයි දැන් මානසික ලෙඩ්ඩු වෙලා මෙන්න මේ මාරයා නිසා...!

    සල්ලි හොයන්න අහිංසක ජීවිත බිලි ගන්න මිනිස්සු වගේම ඇස් දෙකට මේ දේවල් දැක දැකත් නිශ්ශබ්දව ඉන්න මිනිස්සුත්, මේ දේවල් තමන්ගේ ළඟ ඉන්න අයට හුරු කරවන මිනිස්සු ගැනත් කරුණාකරලා පැමිණිලි කරන්න!
    මේ තියෙන්නේ නිකම්ම මත්ද්‍රව්‍යයක් නෙමෙයි!

    සතුටින් ඉන්න ලස්සන වෙන්න උත්සාහ කරන ඔයා ඇයි විහින් විකෘති ජීවිතයක් වෙන්න හදන්නේ! බේරෙන්න! බේරගන්න!

    ආයෙත් ගැලවීමක් නෑ කියලා වැටෙන්න එපා! අන්තෙටම ගියපු මිනිස්සු දැන් හොඳ ජීවිත ගත කරනවා වෛද්‍ය ප්‍රතිකාරත් එක්ක. බලාපොරොත්තුව අත්හැර ගන්න එපා.

    - Gumiho's Diary -
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,084
    113
    invoke db "Injected Memory"
    ඔය ගානට දත් දිරන්න අයිස් ගන්න නම් ඉතින් සුවිප් එකක් වත් ඈදිලා තියෙනන් ඕන,
    අයිස් / චාලි ගෑහුවම තියෙන ලොකුම අව්ල ආර්තිකේ කෙල වෙනවා අන්තෙටම, කොච්චර සල්ලි කාරයෙක් උනත්
    සල්ලි නෑති උන් කෑටයක් දවස් ගානක් ගහද්දි සල්ලි තියෙන එකා ගමටම ගස්සනවා, තනියෙන් ගහන්න කම්මෑලි නිසා අයිස් ගහන කෑලි ගෙන්නගෙන උන්ට එලි වෙනකල් ගස්සනවා, අන්තිමට නගින්නෙත් නෑ, කෙල්ලොන්ට ගස්සල කෙල්ලො නහයට අදින විදිට බලල උන්ට රත් කරලා දිලා ඒ අතල් එක විදින්න දවසට අඩුම ලක්ශයක් වත් කුඩු කරනවා, කොච්චර පොරක් උනත් ඈබ්බෑහි උනොත් නම් ඈට දිරන්න කලින් ලොස් වෙලා නන්නත්තාර වෙනවා,
     
    Last edited:

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    අයිස් / චාලි ගෑහුවම තියෙන ලොකුම අව්ල ආර්තිකේ කෙල වෙනවා අන්තෙටම, කොච්චර සල්ලි කාරයෙක් උනත්

    High එක මොන වගේද කියලා පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද ගහලා තියෙනවනම්
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,084
    113
    invoke db "Injected Memory"
    High එක මොන වගේද කියලා පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද ගහලා තියෙනවනම්
    ගහල තියෙනවා බං ඉතින් සෑහෙන පාරක්, දෑන් කොහොමත් පාටියක් කියන්නෙ ඔය ටික එනවමනෙ, මට නම් එක පාරක් වත් සෙට් උනේ නෑ, නින්ද යන්නෙත් නෑ කන්නත් නෑ,
    කෑම වල රස දෑනෙන්නෙත් නෑ,
    එක දවසක් දවල් ඉදන් කෑට ගහලා හෑම දාම යන රෙස්ටොරන්ට් එකකට ගියා ඩිනර් එකට, සුපුරුදු පරිඩි ලෝන්ග් අයිලන්ඩ් අයිස් ටී කොක්ටේල් ඕඩර් කරා යකො වතුර වගේ, අපරාදේ 4500 ලොන්ග් අයිලන්ඩ් 4ක්, වෙයිටර්ටත් ගේම ඈදලා, මෑනේජරුත් ගෙන්නලා, බාර්මනුත් ගෙන්නලා ගේම ඉල්ලුවෙ, උන් කියනව අව්ලක් ම නෑල්ලු, අපි ගේම ඉල්ලනාවා මේකේ වතුර තියෙන්නෙ කියලා.

    උදේ තමයි මිටර් උනේ අරවා ගහලා ගිහින් රස දෑනිලා නෑ කියලා, විලිලෑජ්ජාවයි, ආයේ ගියේ නෑ ඒකට,

    සාමන්යෙන් බන් ඈයිස්, චාලි, මෑන්ඩි, කීෆ්, හෑශ්, කුශ්, ස්ටෑම්ප්, පිල් ඔක්කොම ගහලා ඈති ඕන තරම්,
    ඒත් මම නම් ආස අරක්කු ටිකක් බීලා සිගරට් එකක් ගහන් ඉන්න එකට, මට අරවා හෙන බොරින්,
    අරක්කු ටිකක් බීලා බඩු බහින්න බහින්න ලොකල් ජොයින්ට් පාරක් ගහලා, ලොකුම පාටියක් නම් පිල් කෑල්ලක් විතරක් දාලා නටන්න තියෙනවා නම් මට එ ඈති,
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    අපෝ කරුමයක් බං ඕක
    මේ ලෝකේ මට වටිනම දේ නින්ද... නින්ද නැති වෙනව කියන්නෙ ඒ ඩ්‍රග් එකෙන් මට ආතල් එකක් නෑ.. 🤣
    එක දවසෙ ආතල් එකට දවස් තුනක් නිදි මැරුව හුත්ත
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ගහල තියෙනවා බං ඉතින් සෑහෙන පාරක්, දෑන් කොහොමත් පාටියක් කියන්නෙ ඔය ටික එනවමනෙ, මට නම් එක පාරක් වත් සෙට් උනේ නෑ, නින්ද යන්නෙත් නෑ කන්නත් නෑ,
    කෑම වල රස දෑනෙන්නෙත් නෑ,
    එක දවසක් දවල් ඉදන් කෑට ගහලා හෑම දාම යන රෙස්ටොරන්ට් එකකට ගියා ඩිනර් එකට, සුපුරුදු පරිඩි ලෝන්ග් අයිලන්ඩ් අයිස් ටී කොක්ටේල් ඕඩර් කරා යකො වතුර වගේ, අපරාදේ 4500 ලොන්ග් අයිලන්ඩ් 4ක්, වෙයිටර්ටත් ගේම ඈදලා, මෑනේජරුත් ගෙන්නලා, බාර්මනුත් ගෙන්නලා ගේම ඉල්ලුවෙ, උන් කියනව අව්ලක් ම නෑල්ලු, අපි ගේම ඉල්ලනාවා මේකේ වතුර තියෙන්නෙ කියලා.

    උදේ තමයි මිටර් උනේ අරවා ගහලා ගිහින් රස දෑනිලා නෑ කියලා, විලිලෑජ්ජාවයි, ආයේ ගියේ නෑ ඒකට,

    සාමන්යෙන් බන් ඈයිස්, චාලි, මෑන්ඩි, කීෆ්, හෑශ්, කුශ්, ස්ටෑම්ප්, පිල් ඔක්කොම ගහලා ඈති ඕන තරම්,
    ඒත් මම නම් ආස අරක්කු ටිකක් බීලා සිගරට් එකක් ගහන් ඉන්න එකට, මට අරවා හෙන බොරින්,
    අරක්කු ටිකක් බීලා බඩු බහින්න බහින්න ලොකල් ජොයින්ට් පාරක් ගහලා, ලොකුම පාටියක් නම් පිල් කෑල්ලක් විතරක් දාලා නටන්න තියෙනවා නම් මට එ ඈති,

    ස්තූතියි
     
    • Like
    Reactions: NRTG and SiEHRA

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Ice gahana un attatama oya photo wala inna wdyamai. Un karannr kyanne monada dannaha, matakayak naha. Ekaparata marila yanawa. Kochchara hoda lifeekak gewana ekek unat ekaparak try kalama aye u parata watenakanma salli walin ice gahanawa nunstop. Be careful l. Try karannawat epa.
     
    • Like
    Reactions: NRTG and SiEHRA

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,309
    113
    Narcissistic Sociopath Manipulator
    Methamphetamine නං ෆිල්ටර් කරලා ගැහුවත් වැඩක් නැහැ, කොහොමත් විනාස වෙනවා. මෙත් Stimulant එකක් නිසා Dopamine, Norepinephrine, Serotonin අසාමාන්‍ය විදිහට වැඩි කරලා ඇඟ/මොළේ ඕවර්ඩ්‍රයිව් කරනවා.

    1 - Methamphetamine කෑම රුචිය අඩු කරලා, Metabolism වැඩි කරනවා. ඒ නිසා බර අඩු වෙනවා. මස් පිඩු බහිනවා.
    2 - කට නිතර වේලෙන නිසා දත් වල ප්‍රශ්න, විදුරු මස් වල ගැටළු ඇති වෙනවා.
    3 - මෙත් නිසා බ්ලඩ් වෙසල් හීනි වෙලා ටිෂු වලට ඔක්සිජන් යන ප්‍රමාණය අඩු වෙලා හමේ ප්‍රශ්න ඇති වෙනවා.
    4 - සමහරු Hallucinations නිසා කසන්න ගන්නවා. ටිෂු වලට ඔක්සිජන් ෆ්ලො එක මදි නිසා තුවාල හොඳ වෙන්නෙ නැහැ.
    5 - Collagen, Elastin ඩැමේජ් වෙලා හැම රැලි වැටෙනවා වයස පාට පේන්න ගන්නවා.
    6 - නින්ද යන්නෙ නැති නිසා/ ඇක්ටිව් ගතිය වැඩි නිසා බොඩි එක රෙපෙයාර් වෙන්න වෙලාවක් හම්බෙන්නෙ නැහැ.

    Heroin ගහන උන්වත් Meth ගහන උන් ළඟ ඉන්න කැමති නැහැ. උන්ගෙ Hygiene අන්තිමයි. හෙරොයින් ගැහුවට මෙත් තරම් ශාරීරිකව/ මානසිකව බලපෑමක් ඇති වෙන්නෙ නැහැ. ෆිල්ටර් කරලා ඉන්ජෙක්ට් කරනවා නං බොහොම අඩුයි. උපරිම Vein Damage තමා. Hygiene හොඳයි. නාල කරලා, කාල බීලා, නිදියල උදේට වැඩට යන්න පුළුවන් මනුස්සයෙක් වගෙ. සතියක් දෙකක් යද්දී හෙරොයින් වලින් ක්ලින් වෙලා Antidepressant එකක් බීලා ඉන්න පුළුවන්. එකම අවුල ඉතිං නගින්නෙ නැහැ.