මේක කියවලා හිතට එකඟව යමක් කියන්න !
කිරිලපන හංදිය, සුපර්මාකට් එක දොරකඩ.......
හිටි ගමන් ඇද හැලුන මහා වැස්ස...
වහිනවා... වහිනවා මුරුගසං වැස්ස වාගේමයි...
අහඹු සිදුවීමක්,
වසර ගනනාවකට පසු හමුවූ
එකම පංතියේ මිතුරන් තිදෙනෙක්.
බරපතල කතාවක්,
හේ..යි උඹ දැං මොන්ටෙරෝ එකෙන් නේ යන්නේ?
ඉතිං මොකෝ.....උඹත් හිටියේ මගේ පංතියේ නේ?
උඹලට ඉතිං, සල්ලි බාගේ යාන වාහන.........
අපිට කොරන්න ඉතිං ජේආර් වත් හිටියැයි.
පළයං බං යන්න,මම ගොඩ ගියා තමයි,
ඒ කාගෙ වත් ව්‍යවස්ථාවෙන් නෙවෙයි යකෝ....
ඔළුවෙ නහර ගැට ගැහෙනකං පාඩම් කරලා,කරලා...
මව්පියන්ට පව් නොදී මම මගේ ගේම ගැහුවා.
ඉතිං උඹට මොකද වුනේ.......?
වැඩක් නෑ බං කියලා.....දෛවය තමයි මචං,
එකක්වත් හරි ගියේ නෑ ඕයි..........මේ බලපං කරගැට.
අන්දොස් මචං....!
අඩෝ අපි ඕවට නෑ හරිය...!තිබ්බත් එකයි නැතත් එකයි.
උන්නත් දාහයි-මළත් දාහයි.අපි ගන්නේ දෙකටම එක්දාස් පන්සීයයි.මේ හිටියා-මේ මළා
මඤ්ඤංද ලොක්කා......
ඕන වුනොත් කියහං....වෙඩි වගේ අපි ඇති හරිය..!
(මෙය කවියක් හෝ නිසැඳැසක් නොවේ.මීට සුළු වෙලාවකට පෙර මා අභිමුව අත්විඳි සුදුවීමක්.එක දිගට ගලාගෙන ආ වචන එහෙම්ම පිටින්ම ලිව්වා-කලෙකින් හමු වූ මිතුරන් තිදෙනෙකුගේ කතා බහක්.බලන්නකෝ හිතන්න-ගන්න දෙයක් තියනවද කියලා)

Last edited: