මේක පිස්සන් කොටුවෙ කතාවක්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මේක පිස්සන් කොටුවෙ කතාවක්

    .......මේක පිස්සන් කොටුවෙ කතාවක්.......

    පිස්සන් කොටුවෙ තිබ්බලු වෝර්ඩ් එකක්. ඒකෙ හිටියෙ වාහන ගැන පිස්සු තියෙන පිස්සො විතරලු. දවසක් මේ වෝර්ඩ් එකට ආවලු අලුත් ඩොක්ටර් කෙනෙක්. චෙක්-අප් එකට ඩොකා එද්දි වෝර්ඩ් එකේ එක එක සද්දලු.

    සෙට් එකක් එකතු වෙලා ඇඳක් බස් එකක් විදිහට හදගෙන බස් පදිනවලු. එකෙක් ටිකට් කඩනවලු. තව 4 දෙනෙක් "ඩබල් දාල"වෝර්ඩ් එක වටෙට බයික් 1ක් පදිනවලු. තව පොරක් ජීප් එකෙ ඕෆ්-රෝඩ් යනවලු.

    ඩොකාටත් මාර ජොලිලු. ඇයි ඉතින් මාරම ආතල් එකක් මුන් ටික දෙන්නෙ. ඩොකත් දැන් එක එක පිස්සා දිහා බලාගෙන යනවලු.

    වෝර්ඩ් එකෙ පැත්තකට වෙන්න ඉන්නවලු එක පිස්සෙක් හොඳට පත්තරයක් දිග ඇරගෙන ඇඳ උඩට වෙලා. ඩොකා පොඩ්ඩක් මේකා දිහා බලන් හිටියලු මොකද මේකා කරන්නෙ කියල. බලද්දි මේකා හොඳට පත්තරේ කියවනවලු. ඩොකාට හිතුනලු මේකට නම් පිස්සු නෑ මේ ඉන්නෙ යසට පත්තරයක් බලාගෙන කියල.

    වැඩේ හරියටම දැනගන්න ඩොකා ඉතින් ගිහින් තට්ටුවක් දැම්මලු ඒ මනුස්සයට කතා කරන්න.

    මේක ඩොකා දිහාට හැරිල ඩොකා දැක්ක ගමන් එක පාරටම පත්තරේ නමලා ඇඳේ මෙට්ටෙ අස්සට දාල ඇඳේ හොඳට ඉඳගත්තලු. ඊට පස්සෙ මේක ඩොකාට කට පුරා හිනා වෙලා කිව්වලු "නගින්න මහත්තයා අද පලවෙනි හයර් එක... හයර් නැති නිසා පාර්ක් එකට වෙලා පත්තරේ පොඩ්ඩක් බැලුව.. කොහටද යන්න ඕනි?"