Random කතා - Insurance ගැන මම දන්න/ඉගෙන ගත්ත දේවල් 😊😊

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    24,362
    3
    117,377
    113
    Gampaha
    හිටපු ගමන් කට්ටිය insurance ගැන අහන නිසා හිතුවා මම දන්න/ඉගෙන ගත්ත දේවල් ටික දාගෙන යන්න.

    කැමති උන් කියවලා අනිත් උන්ට වැදගත් වෙයි කියලා හිතෙනවානම් බම්ප් එකක් දාගෙන යන්න, අකමැති උන් ignore කරලා පලයන්.

    මුලින් තේරුම් ගන්න ඕනා insurance විකුනන එකා උඹේ යාලුවා වගේ ටොක් කලාට ඌට උඹව ඇත්තටම පෙන්නේ සල්ලි මිටියක් වගේ. ඌට උඹ දාන insurance එකේ premium එකෙන් 10%ක් විතර සෙට් වෙනවා. ඉතින් insurance එක ලොකු වෙන්න වෙන්න ඌට වාසි.

    වාහන insurance ගැන ලොකුවට කතා කරලා වැඩක් නෑ මොකද ඉතින් ඒක වාහනයක් තියෙන එකෙක් ගන්නම ඕන දෙයක්නේ. ඒත් සමහර අය හිතනවා, ඕකේ සල්ලි ටික බැංකුවෙ දාගෙන හිටියානම් ලොකු අවුලක් නොවුනොත් සල්ලි ඉතුරුයි කියලා. ඒක හරි කියන්න බෑ. මොකද insurance එක කියන්නෙ උඹේ risk එක බාරගන්න සීන් එකක්. නිකන් හිතපන්කො උඹේ වාහනේ කෝටියක් උනා කියලා, උඹට ඕකට අවුරුද්දකට ලක්ශෙකට විතර premium එකක් සෙට් වෙනවා. accident එකක් නොවුනොත් ගාන ඉතුරුයි, ඒත් හැප්පුනොත් අනිවා ලක්ශෙට වඩා සල්ලි යනවා හදන්න. ඉතින් අපිට අනාගතේ ගැන කියන්න බැරි නිසා full insurance එකක් දාගන්න එක ඇඟට ගුනයි (ගිය අවුරුද්දෙ මට ලක්ශ 6 පැනලා repair සෙට් උනා පොඩි ඇක්සිඩන්ට් 2ක් නිසා)

    දැන් බහිමු ලයිෆ් insurance එකට. මෙතනදි උඹලා මුලින්ම තේරුම් ගන්න මේක ගොඩක් වෙලාවට දන්නේ ඕනා උඹ මැරුනොත් උඹෙන් යැපෙන අයට සල්ලි දෙන්න. නැතුව උඹ ජීවත් උනොත් උඹට අවුරුදු 20 25ක් යනකන් ඕකෙන් වැඩක් නෑ. අනිත් කාරනයක් තමා insurance කාරයෝ ඕක නිකන් investment එකක් විදියට පෙනන්න හදනවා. ඒක අමුම අමු බොරු කතාවක්. හේතුව තමා ලංකාවෙ රුපියල වගේ depreciate වෙන currency එකක් නිසා ඔය දැන් ලොකු වගේ පේන ගාන ඒ අවුරුදු 20 25ක් යනකොට පට්ට පොඩි ගානක් වෙනවා. ඉතින් උඹ අන්තිමට කරල තියෙන්නෙ අවුරුදු 20ක් විතර insurance කාරයගෙ පඩිය ගෙවපු එක විතරයි. උඹට investment එකක් කරන්න ඕනම් වෙන විදියක් බලන එක තමා හොඳ. ඒ කියන්නෙ currency depreciation එක compensate වෙන එකක් හොයාගනින්.

    අනිත් දේ තම health insurance එක. මේක ගොඩක් වෙලාවට උඹට වැදගත් වෙනවා මොකද අසනීපයක් උනොත් private claim කරන්න පුලුවන් නිසා. උඹට සමහරවිට කම්පනි එකෙන් insurance එකක් දෙනවා වෙන්න පුලුවන්. ඒත් ඒක මදි වගේ පෙනුනොත් මේ වගේ එකක් දාන එක පාඩුවක් නෑ. හැබැයි මතක තියාගන්න outdoor ඒ කියන්නෙ clinic ගිහින් බෙහෙත් ගන්න ඒවාට ගෙවන්නෙ නෑ. අනිවා admit වෙලා ඉන්නම ඕනා.

    දැන් insurance වලට පොදු දේවල් ටිකක් බලමු.

    මුල් දේ තමා මේක බිස්නස් එකක්. උන්ට පිස්සු නෑ උඹලට නිකන් සල්ලි දෙන්න. ඉතින් ඔය හැම එකේම conditions තියෙනවා. ගොඩක් වෙලාවට විකුනන එකා ඒ condition උඹට කියන්නෙ නෑ මොකද ඒවා ඇහුවාම උඹට දෙගිඩියාවක් එන නිසා. උදා: health insurance එකක් ගත්තොත් සමහර ලෙඩ කවර් වෙන්නෙ නෑ, සමහර ලෙඩ කවර් වෙන්න උඹ අඩුම ගානෙ මාස 3ක් ඉන්න ඕනා දාපු දවසේ ඉඳන්, සමහර ලෙඩ වලට අවුරුද්දක් ගියාට පස්සෙ තමා කවර් එක active වෙන්නෙ
    ඉතින් කෙලවෙච්ච වෙලාවේ මේ දේවල් ගැන දැන ගන්නවට වඩා, දැනුවත් වෙලා insurance එක දාන එක තමා හොඳ.

    කලින් කිව්වා වගේ insurance කාරයා හදන්නේ උඹෙන් ගාන කඩන්න. ඉතින් ඌට හිතෙන හිතෙන ඒවා ඌ එකතු කරනවා, උඹ මොනාහරි අඩු කරන්න කිව්වොත් මූ උඹට ඒක reverse කරන තැනට තෙල ගහනවා. ඒක හරි ගියෙ නැත්තන් ඌ වෙන මොකක්හරි එක වැඩි කරනවා අර premium එකටම කිට්ටු වෙන්න (හේතුව ඌට එකෙන් 10%ක් වගේ සෙට් වෙනවා). ඉතින් negotiate කරද්දි වෙලාව අරන් කරන්න. උඹට හිතෙන scenarios උගෙන් අහන්න කොහොමද වෙන්නෙ කියලා තේරුම් ගන්න. එතකොට මම අර කලින් කියපු "හැංගුන condition" ටිකත් එලියට එනවා.

    Health insurance එකක් ගන්න කොට නාකි වෙන්න වෙන්න ගෙවන්න ඕන premium එහෙම වැඩි වෙනවා. ඉතින් කලින් දාගන්න එක ඇඟට ගුනයි. අනික තමා අවුරුදු 40ට අඩු වගේ නම් උඹට ඇත්තටම හාර්ට් කන්ඩිශන්, සීනි තිබ්බත් "ඒවා නෑ" කියලා insurance එකක් දාගන්න පුලුවන්. 40 පැන්නට පස්සෙ මම හිතන්නෙ health check එක අනිවා කරනවා.

    health insurance එකක උඹට මොකක්හරි pre condition එකක් තිබ්බොත්, උදා heart attack එකක් කලින් ඇවිත් තියෙනවානම්, still insurance එක දාන්න පුලුවන්. ඒත් උඹට ඒ condition එකට සබැඳිව එන ලෙඩ වලට claim කරන්න බෑ. ඕවත් hidden conditions. insurance එක දාන්න කලින් මොකක්හරි සීන් එකක් තියෙනවානම් agent කාරයත් එක්ක ශේප් එකේ කතා කරපන්. උන් ගොඩක් වෙලාවට කියන්නෙ දාන්න එපා, දන්නෙ නෑ වගේ හිටපන් කියලා. obvious දේවල් ඉතින් නොදා ඉන්න බෑනේ උදා: කකුලක් කපලානම් ඉතින් මාට්ටු වෙනවානේ. ඒත් සීන් වගෙ ඒවා හංගන්න පුලුවන්.

    health insurance වලදි agent සෑහෙන වැදගත් වෙනවා. හේතුව තමා උඹට සමහර ලෙඩ වලට cover නොවුනත් පොඩි ශේප්මන්ට් එකක් දාගන්න පුලුවන්. ඩොකා උගෙ diagnosis card එක ලියන විදියට තමා ඔක්කොම රඳන්නේ. ඉතින් agent කාරයට කලින් සීන් එක කිව්වොත් ඌ අදාල විදියට ඒක ලියයි. motor insurance වලත් agent ඕන වෙන්න පුලුවන්. ඒත් life එකටනම් එච්චර සීන් එකක් නෑ.

    උඹ motor insurance සීන් එකේදී කම්පනි දාල වාහන හදනවානම් පොඩි සීන් එකක් තියෙනවා owners contribution/owners account කියලා. ඒ කියන්නෙ වාහනේ අවුරුදු 5ට වඩා පරනයිනම් brand new කෑලි දැම්මොත් ඒ ගානෙන් 35 -40%ක් වගේ අපි අතින් ගෙවන්න ඕනා. ඕකත් ගොඩ දාන විදි තියෙනවා. කම්පනි එක කරන්නෙ insurance එකට එක බිලක් දීලා අන්තිමට උඹෙන් සල්ලි ගන්න කොට උඹට ලොකු discount එකක් දෙනවා උඹ ගෙවන ගාන සෑහෙන්න අඩු කරන්න.

    අන්තිමට කියන්න තියෙන්නෙ, හැම තිස්සෙම මතක තියාගනින් එක එකාගෙ sales pitch එකට ඇන්දෙන්නෙ නැතුව උඹට අහන්න තියෙන හැම ප්‍රශ්නෙම වෙලාව අරන් අහලා හරියට හොඳට තේරුම් අරන් අවසන් තීරනය ගනින්, උන් කලබල කලාට ගනන් ගන්න යන්න එපා. කම්පනි 2 3කින් quotation අරන් සංසන්දයන කරලා බැලුවත් කමක් නෑ. මොකද සල්ලි උඹේ, කෙල උනොත් කෙලවෙන්නෙත් උඹට තමා.
    ඉස්සරනං ටිකක් හිත නොරිදෙන්න කතා කරනව ඔය මිනිස්සුන්ට...
    දැන්නං නලවන්නෙ නෑ. කෙලින්ම "මට අවශ්‍ය නෑ" කියල පන්නල දානව...
    මළ වදයක් නැත්තං...
    වාහනේ ඉන්ශුවරන්ස් එක ගන්න යන යන සැරේට අරූගෙ බයිලාව අහන්න වෙනව, අවුරුද්දකට දෙපාරක්...
     
    • Haha
    Reactions: tharakaf

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,094
    5,488
    113
    Hell & Heaven (Kiribathgoda)
    opd charges cover wena health insurance nathda?

    තියෙනවා මචන් .

    පවුලේ දොස්තර ගෙන් ගන්න බෙහෙත් වලට ෆාමසි බිල ගෙවනවා .
    දත් සම්බන්ද දේවල් වලට ගෙවනවා.
    ඇස් කණ්ණාඩි ගන්න එකට ගෙවනවා
    full body checkup සහ testing වලට ගෙවනවා

    මේ හැම එකකම ගෙවන ගාන් තමන් ගන්නා policy එක අනුව වෙනස් වෙනවා.
    මම වැඩ කරන්නේ Softlogic insurance එකේ . මොනවා හෝ දෙයක් අහගන්න තියෙනවා නම් PM එකක් දාහන් මචං

    Dental insurance මොනවද ලංකාවෙ හොඳ ඒවා තියෙන්නෙ මචන්? මට හෙව්වට හම්බුනේ නෑ හරි එකක්.

    Softlogic insurance eke thiyenawa machan. mama wada karanne eke. e gana danaganna one nam mata PM ekak daahan
    ------ Post added on Jan 24, 2025 at 6:20 AM

    දැනට ගිය අව්රුද්දෙ වැඩිම medical Claims ගෙවලා තියෙන්නේ Softlogic Life Insurance. "10.2B Claims". අනිත් කිසිම company එකකට ළගටවත් එන්න බැරි වෙලා තියෙනවා. තව අළුතෙන් product වගයක් හදුන්වා දීලා තියෙනවා මේ අව්රුද්දෙ.

    ඉන්ෂුරන්ස් එකක් දාගන්න, සහ හැමදෙයක්ම දැනගෙන තමන්ට අවශ්‍ය පරිදි දාගන්න මට PM එකක් දාන්න. වැඩේ කරලා දෙන්නම්

    WhatsApp Image 2025-01-24 at 06.24.39_958ff066.jpg

    ------ Post added on Jan 24, 2025 at 6:36 AM
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    923
    942
    93
    Colombo
    Health Insurance withrak danne barida ban ? , mama comapany 2k 3k katha kalama unge thiyenne me retirement plan ekath ekka ena health insurance eka , mata eka oni na mata just health insurance withrai oni , ehema dena company thiyanawada ?
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    381
    469
    63
    PVT nam 24 hrs. Government nam 01 night . habai day Surgery thiyenawa ewata wenama gewanawa
    ඔන්න ඔය උත්තරේ තමයි ඕන .

    මචන් , උබම උඩ කොමෙන්ට් එකක දාල තියෙනවා 24 ඉන්න ඕන කියල . එතකොට ඒ පොලිසි එක ගත්ත කෙනා , gov හොස්පිටල් ඉදල නම් , පැය 24ට අඩු නම් එත් එක රැයක් ඉදල තියෙනවා නම් , ක්ලෙම් එක දාන්න එන්නේ නැහැ . ඒජන්ට් කියනවා පැය 24ක් ඉන්න ඕන කියල . හැබැයි , gov හොස්පිටල් නම් පැය 24ක් නෙමෙයි , දවසේ ගාන ගෙවන නිසා අදාළ වෙන්නේ නයිට් කීයක් ඉස්පිරිතාලේ හිටියද කියන එක . ඕක දෙකක් . හැබැයි , ඒජන්ට් කියන්නේ ඕකෙන් බාගයයි . spefically ඇහුවේ නැත්තම් කියන්නේ නැහැනේ බන් . අන්තිමට පොලිසි එක ගත්ත කෙනා කියන්නේ , හොස්පිටල් හිටියට ක්ලෙම් එක ගන්න උනේ නෑ කියල . කාගේද වරද ? ඉන්සුරන්ස් කොම්පැනිය කියයි , ක්ලෙම් එක දැම්මනම් ගෙවනවානේ කියල . හැබැයි , ඒජන්ට් කියනවා , පැය 24ක් ඉන්න ඕන කියල . :)

    අවබෝදයක් නැතිව ඒජන්ට් ලා කරන ගොබ්බ වැඩ හින්ද තමයි , මිනිස්සු ඉන්සුරවන්ස් වලට බනින්නේ . නැති දේ තියෙනවා කියල තෙල බෙදනවා . අන්තිමට , ක්ලෙම් එක එද්දී ඒජන්ට් හොයන්නත් නෑ .
     
    • Like
    Reactions: dj gamaya

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    6,256
    8,045
    113
    දැන්නම් මතක නෑ බන්. අවුරුදකට 550ක්ද කොහෙදෙ ගෙවනවා. investment සීන් එකක් එක්ක යන්නෙ. ඒ ඇරෙන්න ලයිෆ් cover එකක් තියෙනවා මට (සහ වයිෆ්ට තියෙනවද මතක නෑ). premium එක වැඩි වෙන්න එක හෙතුවක් තමා වයස. මට 35 පැනල. කවර් එක අවුරුදු 35ක්ද කොහෙද, ඒකට හේතුව තමා වයසට යද්දි අපිට ආයි covers ගන්න බෑ. මෙකෙන් ගොඩ දාන්න තමා හිතන් ඉන්නෙ.

    mona health isurence ekak wath Avurudu 75 n passe denne na mama danna tharamata,
    75 n passe leda una kiyanne mala thama :baffled:
     
    • Like
    Reactions: tharakaf

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,094
    5,488
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔන්න ඔය උත්තරේ තමයි ඕන .

    මචන් , උබම උඩ කොමෙන්ට් එකක දාල තියෙනවා 24 ඉන්න ඕන කියල . එතකොට ඒ පොලිසි එක ගත්ත කෙනා , gov හොස්පිටල් ඉදල නම් , පැය 24ට අඩු නම් එත් එක රැයක් ඉදල තියෙනවා නම් , ක්ලෙම් එක දාන්න එන්නේ නැහැ . ඒජන්ට් කියනවා පැය 24ක් ඉන්න ඕන කියල . හැබැයි , gov හොස්පිටල් නම් පැය 24ක් නෙමෙයි , දවසේ ගාන ගෙවන නිසා අදාළ වෙන්නේ නයිට් කීයක් ඉස්පිරිතාලේ හිටියද කියන එක . ඕක දෙකක් . හැබැයි , ඒජන්ට් කියන්නේ ඕකෙන් බාගයයි . spefically ඇහුවේ නැත්තම් කියන්නේ නැහැනේ බන් . අන්තිමට පොලිසි එක ගත්ත කෙනා කියන්නේ , හොස්පිටල් හිටියට ක්ලෙම් එක ගන්න උනේ නෑ කියල . කාගේද වරද ? ඉන්සුරන්ස් කොම්පැනිය කියයි , ක්ලෙම් එක දැම්මනම් ගෙවනවානේ කියල . හැබැයි , ඒජන්ට් කියනවා , පැය 24ක් ඉන්න ඕන කියල . :)

    අවබෝදයක් නැතිව ඒජන්ට් ලා කරන ගොබ්බ වැඩ හින්ද තමයි , මිනිස්සු ඉන්සුරවන්ස් වලට බනින්නේ . නැති දේ තියෙනවා කියල තෙල බෙදනවා . අන්තිමට , ක්ලෙම් එක එද්දී ඒජන්ට් හොයන්නත් නෑ .

    සාමාන්යෙන් බන් admit වෙන්න කලින් අනිවාර්යෙන් hotline කතා කරලා විස්තර ටික අරගෙන admit වෙන්න කියලා කියනවා. එතකොට ඔය විස්තරේ ඒ අය කොහොමත් දෙනවා. කලින් doctor චැනල් කරලා එයාගේ නිර්දේශය මත කරන operation එකක් නම් අපේ doctor panel එකට කලින්ම ඒ details යවලා approval එක ගන්නවා මචන්., එකෙන් හුගාක් ප්‍රශ්න මග හැරෙනවා.

    අනිත් එක Perday claim එකේදී රජයේ රෝහල් වල දවසක් එක රාත්‍රියක් විදියට ගත්තට ඒ claim එක ගන්න අවම රාත්‍රී දෙකක් ඉන්න ඕනේ. එක සම්පුර්ණ වෙලා සතියක් හිටියත් ඒ දවස් 7ට ගෙවනවා. උපරිම දවස් ප්‍රමාණයක් තියෙනවා ඒ වෙනකන් උපරිම ගෙවනවා. හැබැයි ඕක ගන්න PVT හිටියොත් 48hrs බලනවා, හේතුව bill එකේ ඇතුල් උන වෙලාව සහ පිටවූ වෙලාව සදහන් වෙනවා. රජයේ රෝහලේ diagnosis Card එකේ දවස විතරයි සදහන් වෙන්නේ. වෙලාවක් සදහන් වෙන්නේ නැහැ.

    මම customer service පැත්තේ වැඩ කරන නිසා client ට බොරු කියන්න බැහැ. මොකද හැමදේම අපි බැලන්ස් කරන්නේ. එක නිසා තේරුම් කරලා කියනවා හැමදේම. එක නිසා හුගක් ලේසි කට්ටිය handle කරන්න

    මොන ආයතනයෙන් ගත්තත් තමන් ගන්න policy එක සම්බන්දව ඕනෑම දෙයක් hotline එකෙන් අහගන්න පුළුවන්. අවශ්‍ය නම් සති දෙකක් හෝ මාසයක් ඇතුලත cancel කරන්නත් පුළුවන්.
     
    Last edited:
    • Love
    Reactions: ShiranthaG

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    381
    469
    63
    සාමාන්යෙන් බන් admit වෙන්න කලින් අනිවාර්යෙන් hotline කතා කරලා විස්තර ටික අරගෙන admit වෙන්න කියලා කියනවා. එතකොට ඔය විස්තරේ ඒ අය කොහොමත් දෙනවා. කලින් doctor චැනල් කරලා එයාගේ නිර්දේශය මත කරන operation එකක් නම් අපේ doctor panel එකට කලින්ම ඒ details යවලා approval එක ගන්නවා මචන්., එකෙන් හුගාක් ප්‍රශ්න මග හැරෙනවා.

    අනිත් එක Perday claim එකේදී රජයේ රෝහල් වල දවසක් එක රාත්‍රියක් විදියට ගත්තට ඒ claim එක ගන්න අවම රාත්‍රී දෙකක් ඉන්න ඕනේ. එක සම්පුර්ණ වෙලා සතියක් හිටියත් ඒ දවස් 5ට ගෙවනවා. උපරිම දවස් ප්‍රමාණයක් තියෙනවා ඒ වෙනකන් උපරිම ගෙවනවා. හැබැයි ඕක ගන්න PVT හිටියොත් 48hrs බලනවා, හේතුව bill එකේ ඇතුල් උන වෙලාව සහ පිටවූ වෙලාව සදහන් වෙනවා. රජයේ රෝහලේ diagnosis Card එකේ දවස විතරයි සදහන් වෙන්නේ. වෙලාවක් සදහන් වෙන්නේ නැහැ.

    මම customer service පැත්තේ වැඩ කරන නිසා client ට බොරු කියන්න බැහැ. මොකද හැමදේම අපි බැලන්ස් කරන්නේ. එක නිසා තේරුම් කරලා කියනවා හැමදේම. එක නිසා හුගක් ලේසි කට්ටිය handle කරන්න

    මොන ආයතනයෙන් ගත්තත් තමන් ගන්න policy එක සම්බන්දව ඕනෑම දෙයක් hotline එකෙන් අහගන්න පුළුවන්. අවශ්‍ය නම් සති දෙකක් හෝ මාසයක් ඇතුලත cancel කරන්නත් පුළුවන්.
    ඕක තමයි බන් එක්ස්කියුස් එකට කියන්නේ , කෝල් සෙන්ටර් කතා කරාම අහල දැනගන්න පුළුවන් කියල . ඒක හරිද බන් ,? මගේ පොලිසි එක අරන් මන් කෝල් සෙන්ටර් කෝල් එකක් අරන් , මේක මට ඔක්කොම කියවල තේරුම් කරලා දෙන්න කිව්වොත් කියල තේරුම් කරලා දෙයිද ? කොච්චර වෙලාවක් යයිද පොලිසි එක සමුර්නයෙන්ම කියවල , පැහැදිලි කරලා දෙන්න ,

    අනික බන් , ලෙඩක් හැදුනම ඉස්පිරිතාලෙට ගිහින් හොට්ලයින් ඇඩ්මිෂන් එක නොටිෆයි කරලා අදාල details ටික දෙනවා ඇරෙන්න , මේ පොලිසි ටර්ම් , කන්ඩිෂන් ගැන කියවන්නයි , ඒවා ගැන විස්තර පැහැදිලි කරගන්නයි පොලිසි එක අරන් යන්නේ නැහැනේ බන් . අනික එහෙම මානසික මට්ටමකුත් නෑ ඒ වෙලාවට .

    ඒක පැහැදිලිවම agent ගේ වගකීම , ඌට කොමිශන් එකක් ලැබෙන්නේ , ඒ කස්ටම්ර්ට සර්විස් කරනවට . ඌ දැනගන්න ඕන හරියට විස්තර ටික පැහැදිලි කරලා , විකුණන එකක් විකුනන්න . දන්නේ නැති දෙයක් නම් අදාල තැන් වලින් අහල පැහැදිලි කරලා දෙන්න .

    අන්න තව පොයින්ට් එකක් උබම කිව්වා , gov හොස්පිටල් සතියක් හිටියොත් දවස් පහකට ගෙවනවා කියල . ඉතුරු දවස් දෙකට මොකද වෙන්නේ එතකොට ? ඒ දෙකට ගෙවන්නේ නැද්ද ? කොන්ෆියුස් කරවනවනේ බන් උබත් . .
     
    sathiyata dawas 7i. 7 tama gewanawa.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    381
    469
    63
    sathiyata dawas 7i. 7 tama gewanawa.
    අන්න හරි , දැක්කද . උබත් ඉන්සුර්වන්ස් කොම්පැනියේ, කස්ටමර් සර්විස් එකේ වැඩ කරනවා , හොද සර්විස් එකක් දෙනවා කියල කිව්වට ඉස්සෙල්ල කිව්වේ සතියක් හිටියම දවස් 5කට ගෙවනවා කියල , ඉතිරි දවස් දෙකට මොකද උනේ කියල specify කරලා ඇහුවම කියනවා පහක් නෙවෙයි හතටම ගෙවනවා කියල . . ඔන්න ඕක තමයි ප්‍රශ්නේ . :)

    උබ අවුලක් ගන්න එපා , ඕක තමයි බන් මිනිස්සු ඉන්සුරන්ස් කරන ඒජන්තලා එක්ක ඔච්චර ඔරොප්පු . උන් කියන එක නෙවෙයි කරන්නේ . කස්ටමර් සර්විස් එකේ ඉන්න උනුත් වැඩි දෙනෙක් , ටර්ම්ස් ගැන ගැන ලොකු අයිඩියා එකක් නෑ . උන්ගේ ට්‍රේනින් වලදී කියල දෙන දේ , කොලේ තියෙනවද බලල ගිරවු වගේ උත්තර දෙන එක බහුතරයක් දෙනා කරන්නේ . ඉතාම අතලොස්සක් ඉන්නවා විෂයට අදාළ තාක්‍ෂණික දැනුම තියෙන . :)
     
    • Like
    Reactions: sandaru1rox

    SIC

    Well-known member
  • Dec 3, 2012
    9,406
    4,733
    113
    KALUTHARA
    good one. samahara awurudu awulak na. awul ewageth podi claim bn tibbe 20/30. welawakata hiteno onat na kiyala. eth itin dano . apita sure unata pare yana anik un sure nane
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,094
    5,488
    113
    Hell & Heaven (Kiribathgoda)
    අන්න හරි , දැක්කද . උබත් ඉන්සුර්වන්ස් කොම්පැනියේ, කස්ටමර් සර්විස් එකේ වැඩ කරනවා , හොද සර්විස් එකක් දෙනවා කියල කිව්වට ඉස්සෙල්ල කිව්වේ සතියක් හිටියම දවස් 5කට ගෙවනවා කියල , ඉතිරි දවස් දෙකට මොකද උනේ කියල specify කරලා ඇහුවම කියනවා පහක් නෙවෙයි හතටම ගෙවනවා කියල . . ඔන්න ඕක තමයි ප්‍රශ්නේ . :)

    උබ අවුලක් ගන්න එපා , ඕක තමයි බන් මිනිස්සු ඉන්සුරන්ස් කරන ඒජන්තලා එක්ක ඔච්චර ඔරොප්පු . උන් කියන එක නෙවෙයි කරන්නේ . කස්ටමර් සර්විස් එකේ ඉන්න උනුත් වැඩි දෙනෙක් , ටර්ම්ස් ගැන ගැන ලොකු අයිඩියා එකක් නෑ . උන්ගේ ට්‍රේනින් වලදී කියල දෙන දේ , කොලේ තියෙනවද බලල ගිරවු වගේ උත්තර දෙන එක බහුතරයක් දෙනා කරන්නේ . ඉතාම අතලොස්සක් ඉන්නවා විෂයට අදාළ තාක්‍ෂණික දැනුම තියෙන . :)
    mage typing mistake ekata mulu insurance field ekatama baninna one na.. mama eka dan hadala thiyenne.
     
    • Like
    Reactions: ShiranthaG