Random කතා - Insurance ගැන මම දන්න/ඉගෙන ගත්ත දේවල් 😊😊

tharakaf

Well-known member
  • Oct 19, 2020
    28,252
    54,597
    113
    හිටපු ගමන් කට්ටිය insurance ගැන අහන නිසා හිතුවා මම දන්න/ඉගෙන ගත්ත දේවල් ටික දාගෙන යන්න.

    කැමති උන් කියවලා අනිත් උන්ට වැදගත් වෙයි කියලා හිතෙනවානම් බම්ප් එකක් දාගෙන යන්න, අකමැති උන් ignore කරලා පලයන්.


    මුලින් තේරුම් ගන්න ඕනා insurance විකුනන එකා උඹේ යාලුවා වගේ ටොක් කලාට ඌට උඹව ඇත්තටම පෙන්නේ සල්ලි මිටියක් වගේ. ඌට උඹ දාන insurance එකේ premium එකෙන් 10%ක් විතර සෙට් වෙනවා. ඉතින් insurance එක ලොකු වෙන්න වෙන්න ඌට වාසි.

    වාහන insurance ගැන ලොකුවට කතා කරලා වැඩක් නෑ මොකද ඉතින් ඒක වාහනයක් තියෙන එකෙක් ගන්නම ඕන දෙයක්නේ. ඒත් සමහර අය හිතනවා, ඕකේ සල්ලි ටික බැංකුවෙ දාගෙන හිටියානම් ලොකු අවුලක් නොවුනොත් සල්ලි ඉතුරුයි කියලා. ඒක හරි කියන්න බෑ. මොකද insurance එක කියන්නෙ උඹේ risk එක බාරගන්න සීන් එකක්. නිකන් හිතපන්කො උඹේ වාහනේ කෝටියක් උනා කියලා, උඹට ඕකට අවුරුද්දකට ලක්ශෙකට විතර premium එකක් සෙට් වෙනවා. accident එකක් නොවුනොත් ගාන ඉතුරුයි, ඒත් හැප්පුනොත් අනිවා ලක්ශෙට වඩා සල්ලි යනවා හදන්න. ඉතින් අපිට අනාගතේ ගැන කියන්න බැරි නිසා full insurance එකක් දාගන්න එක ඇඟට ගුනයි (ගිය අවුරුද්දෙ මට ලක්ශ 6 පැනලා repair සෙට් උනා පොඩි ඇක්සිඩන්ට් 2ක් නිසා)

    දැන් බහිමු ලයිෆ් insurance එකට. මෙතනදි උඹලා මුලින්ම තේරුම් ගන්න මේක ගොඩක් වෙලාවට දන්නේ ඕනා උඹ මැරුනොත් උඹෙන් යැපෙන අයට සල්ලි දෙන්න. නැතුව උඹ ජීවත් උනොත් උඹට අවුරුදු 20 25ක් යනකන් ඕකෙන් වැඩක් නෑ. අනිත් කාරනයක් තමා insurance කාරයෝ ඕක නිකන් investment එකක් විදියට පෙනන්න හදනවා. ඒක අමුම අමු බොරු කතාවක්. හේතුව තමා ලංකාවෙ රුපියල වගේ depreciate වෙන currency එකක් නිසා ඔය දැන් ලොකු වගේ පේන ගාන ඒ අවුරුදු 20 25ක් යනකොට පට්ට පොඩි ගානක් වෙනවා. ඉතින් උඹ අන්තිමට කරල තියෙන්නෙ අවුරුදු 20ක් විතර insurance කාරයගෙ පඩිය ගෙවපු එක විතරයි. උඹට investment එකක් කරන්න ඕනම් වෙන විදියක් බලන එක තමා හොඳ. ඒ කියන්නෙ currency depreciation එක compensate වෙන එකක් හොයාගනින්.

    අනිත් දේ තම health insurance එක. මේක ගොඩක් වෙලාවට උඹට වැදගත් වෙනවා මොකද අසනීපයක් උනොත් private claim කරන්න පුලුවන් නිසා. උඹට සමහරවිට කම්පනි එකෙන් insurance එකක් දෙනවා වෙන්න පුලුවන්. ඒත් ඒක මදි වගේ පෙනුනොත් මේ වගේ එකක් දාන එක පාඩුවක් නෑ. හැබැයි මතක තියාගන්න outdoor ඒ කියන්නෙ clinic ගිහින් බෙහෙත් ගන්න ඒවාට ගෙවන්නෙ නෑ. අනිවා admit වෙලා ඉන්නම ඕනා.

    දැන් insurance වලට පොදු දේවල් ටිකක් බලමු.

    මුල් දේ තමා මේක බිස්නස් එකක්. උන්ට පිස්සු නෑ උඹලට නිකන් සල්ලි දෙන්න. ඉතින් ඔය හැම එකේම conditions තියෙනවා. ගොඩක් වෙලාවට විකුනන එකා ඒ condition උඹට කියන්නෙ නෑ මොකද ඒවා ඇහුවාම උඹට දෙගිඩියාවක් එන නිසා. උදා: health insurance එකක් ගත්තොත් සමහර ලෙඩ කවර් වෙන්නෙ නෑ, සමහර ලෙඩ කවර් වෙන්න උඹ අඩුම ගානෙ මාස 3ක් ඉන්න ඕනා දාපු දවසේ ඉඳන්, සමහර ලෙඩ වලට අවුරුද්දක් ගියාට පස්සෙ තමා කවර් එක active වෙන්නෙ
    ඉතින් කෙලවෙච්ච වෙලාවේ මේ දේවල් ගැන දැන ගන්නවට වඩා, දැනුවත් වෙලා insurance එක දාන එක තමා හොඳ.

    කලින් කිව්වා වගේ insurance කාරයා හදන්නේ උඹෙන් ගාන කඩන්න. ඉතින් ඌට හිතෙන හිතෙන ඒවා ඌ එකතු කරනවා, උඹ මොනාහරි අඩු කරන්න කිව්වොත් මූ උඹට ඒක reverse කරන තැනට තෙල ගහනවා. ඒක හරි ගියෙ නැත්තන් ඌ වෙන මොකක්හරි එක වැඩි කරනවා අර premium එකටම කිට්ටු වෙන්න (හේතුව ඌට එකෙන් 10%ක් වගේ සෙට් වෙනවා). ඉතින් negotiate කරද්දි වෙලාව අරන් කරන්න. උඹට හිතෙන scenarios උගෙන් අහන්න කොහොමද වෙන්නෙ කියලා තේරුම් ගන්න. එතකොට මම අර කලින් කියපු "හැංගුන condition" ටිකත් එලියට එනවා.

    Health insurance එකක් ගන්න කොට නාකි වෙන්න වෙන්න ගෙවන්න ඕන premium එහෙම වැඩි වෙනවා. ඉතින් කලින් දාගන්න එක ඇඟට ගුනයි. අනික තමා අවුරුදු 40ට අඩු වගේ නම් උඹට ඇත්තටම හාර්ට් කන්ඩිශන්, සීනි තිබ්බත් "ඒවා නෑ" කියලා insurance එකක් දාගන්න පුලුවන්. 40 පැන්නට පස්සෙ මම හිතන්නෙ health check එක අනිවා කරනවා.

    health insurance එකක උඹට මොකක්හරි pre condition එකක් තිබ්බොත්, උදා heart attack එකක් කලින් ඇවිත් තියෙනවානම්, still insurance එක දාන්න පුලුවන්. ඒත් උඹට ඒ condition එකට සබැඳිව එන ලෙඩ වලට claim කරන්න බෑ. ඕවත් hidden conditions. insurance එක දාන්න කලින් මොකක්හරි සීන් එකක් තියෙනවානම් agent කාරයත් එක්ක ශේප් එකේ කතා කරපන්. උන් ගොඩක් වෙලාවට කියන්නෙ දාන්න එපා, දන්නෙ නෑ වගේ හිටපන් කියලා. obvious දේවල් ඉතින් නොදා ඉන්න බෑනේ උදා: කකුලක් කපලානම් ඉතින් මාට්ටු වෙනවානේ. ඒත් සීන් වගෙ ඒවා හංගන්න පුලුවන්.

    health insurance වලදි agent සෑහෙන වැදගත් වෙනවා. හේතුව තමා උඹට සමහර ලෙඩ වලට cover නොවුනත් පොඩි ශේප්මන්ට් එකක් දාගන්න පුලුවන්. ඩොකා උගෙ diagnosis card එක ලියන විදියට තමා ඔක්කොම රඳන්නේ. ඉතින් agent කාරයට කලින් සීන් එක කිව්වොත් ඌ අදාල විදියට ඒක ලියයි. motor insurance වලත් agent ඕන වෙන්න පුලුවන්. ඒත් life එකටනම් එච්චර සීන් එකක් නෑ.

    උඹ motor insurance සීන් එකේදී කම්පනි දාල වාහන හදනවානම් පොඩි සීන් එකක් තියෙනවා owners contribution/owners account කියලා. ඒ කියන්නෙ වාහනේ අවුරුදු 5ට වඩා පරනයිනම් brand new කෑලි දැම්මොත් ඒ ගානෙන් 35 -40%ක් වගේ අපි අතින් ගෙවන්න ඕනා. ඕකත් ගොඩ දාන විදි තියෙනවා. කම්පනි එක කරන්නෙ insurance එකට එක බිලක් දීලා අන්තිමට උඹෙන් සල්ලි ගන්න කොට උඹට ලොකු discount එකක් දෙනවා උඹ ගෙවන ගාන සෑහෙන්න අඩු කරන්න.

    අන්තිමට කියන්න තියෙන්නෙ, හැම තිස්සෙම මතක තියාගනින් එක එකාගෙ sales pitch එකට ඇන්දෙන්නෙ නැතුව උඹට අහන්න තියෙන හැම ප්‍රශ්නෙම වෙලාව අරන් අහලා හරියට හොඳට තේරුම් අරන් අවසන් තීරනය ගනින්, උන් කලබල කලාට ගනන් ගන්න යන්න එපා. කම්පනි 2 3කින් quotation අරන් සංසන්දයන කරලා බැලුවත් කමක් නෑ. මොකද සල්ලි උඹේ, කෙල උනොත් කෙලවෙන්නෙත් උඹට තමා.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    6,580
    8,523
    113
    වාහන insurance ගැන ලොකුවට කතා කරලා වැඩක් නෑ මොකද ඉතින් ඒක වාහනයක් තියෙන එකෙක් ගන්නම ඕන දෙයක්නේ. ඒත් සමහර අය හිතනවා...

    වාහනේ අවු 5 ට වඩා පරන නන් හම්බෙන්නෙ ක්ලේම් එකෙන් 75-% යි කොහොමත්, මම ඉස්සර දැම්ම ෆුල්, අන්තිම අවුරුදු දෙකේ දිව්වෙ 3ර්ඩ් පාටි, අවුරුද්දට ලක්සෙකට කිට්ටු ඉතුරුයි අවුරුද්දකට
    පොඩි පොඩි හීරෙන එව්ව හදන්නෙ නෑ, විකුනන්න කිට්ටුව හදල විකුනන්න හිතන් ඉන්නව
    උඹ කිව්ව වගේ කන්ඩෙම් වෙන්න හැප්පුනොත් ඉවරයි,අවදානම තමා

    දැන් බහිමු ලයිෆ් insurance එකට. මෙතනදි උඹලා මුලින්ම තේරුම් ගන්න මේක ගොඩක් වෙලාවට දන්නේ ඕනා උඹ මැරුනොත් උඹෙන් යැපෙන අයට...

    ලයිෆ් දාල නෑ, පෙන්ශන් ප්ලෑන් එකක් දාල ගෙවන් යනව, ලයිෆ් එකක් දානවට වඩා එන රිටන් එක ටිකක් වැඩියි, අනික අනිවා මට ඒක කන්සියුම් කරන්න පුලුවන්, කරුමෙට හරි නාකි වෙනකන් උන්නොත් මාසෙට මොකක් ම හරි ගානක් අතට එනව, සල්ලි ඉතුරුවක් කරන්නෙම නැති එකෙක් මෙහෙම හරි කරාට කමක් නෑ

    අනිත් දේ තම health insurance එක. මේක ගොඩක් වෙලාවට උඹට වැදගත් වෙනවා මොකද අසනීපයක් උනොත් private claim කරන්න පුලුවන් නිසා.

    පොඩි උන් ඉන්න නිසා මේක ටිකක් ලොකුවට දාල තියෙනව , අනිවා අවුරුද්දට ගෙවන ගානට වඩා ක්ලේම් එකක් සෙට් වෙනව, ඕන කේස් එකකට බය නැතුව හොඳ තැනක ඇඩ්මිට් වෙලා බේත් ගන්න පුලුවන්,
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    28,252
    54,597
    113
    වාහනේ අවු 5 ට වඩා පරන නන් හම්බෙන්නෙ ක්ලේම් එකෙන් 75-% යි කොහොමත්, මම ඉස්සර දැම්ම ෆුල්, අන්තිම අවුරුදු දෙකේ දිව්වෙ 3ර්ඩ් පාටි, අවුරුද්දට ලක්සෙකට කිට්ටු ඉතුරුයි අවුරුද්දකට
    පොඩි පොඩි හීරෙන එව්ව හදන්නෙ නෑ, විකුනන්න කිට්ටුව හදල විකුනන්න හිතන් ඉන්නව
    උඹ කිව්ව වගේ කන්ඩෙම් වෙන්න හැප්පුනොත් ඉවරයි,අවදානම තමා



    ලයිෆ් දාල නෑ, පෙන්ශන් ප්ලෑන් එකක් දාල ගෙවන් යනව, ලයිෆ් එකක් දානවට වඩා එන රිටන් එක ටිකක් වැඩියි, අනික අනිවා මට ඒක කන්සියුම් කරන්න පුලුවන්, කරුමෙට හරි නාකි වෙනකන් උන්නොත් මාසෙට මොකක් ම හරි ගානක් අතට එනව, සල්ලි ඉතුරුවක් කරන්නෙම නැති එකෙක් මෙහෙම හරි කරාට කමක් නෑ



    පොඩි උන් ඉන්න නිසා මේක ටිකක් ලොකුවට දාල තියෙනව , අනිවා අවුරුද්දට ගෙවන ගානට වඩා ක්ලේම් එකක් සෙට් වෙනව, ඕන කේස් එකකට බය නැතුව හොඳ තැනක ඇඩ්මිට් වෙලා බේත් ගන්න පුලුවන්,
    අලුතින් ගත්ත වාහනනම් හොඳම දේ ඔක්කොම repair ටික ගනන් ගියත් කම්පනි දාල හදන එක. නැත්තන් ආයි විකුනද්දි එක එකාගෙ කතා අහලා ගනන් අඩු කරන්න ඔනා. මටනම් දෙපාරම පිටිපස්ස බෆර් එක කෙල වෙච්ච repair සෙට් උනෙ. රිස්ක් එක ගන්න බැරි නිසා ෆුල් දාල දුවන්නෙ.

    පෙන්ශන් ප්ලෑන් එකත් අවුලක් නෑ. ඒත් ඉතින් අර depreciation සීන් එක කවර් වෙන්නෙ නෑ. ඒකයි අවුල.

    health එකනම් මම දැම්මෙ මට දැනට එකක් නැති නිසා. එකෙන් වයිෆ්/පොඩි එකාත් කවර් වෙනවා. මට ඕක දාපන් කිව්වෙ දන්න ඩයල් එකක්. ඌට හොඳ ලැට් එකක් සෙට් උනා කාලෙකට කලින් අසනීප වෙලා.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    8,612
    6,911
    113
    මෙන්න මෙතන...
    අලුතින් ගත්ත වාහනනම් හොඳම දේ ඔක්කොම repair ටික ගනන් ගියත් කම්පනි දාල හදන එක. නැත්තන් ආයි විකුනද්දි එක එකාගෙ කතා අහලා ගනන් අඩු කරන්න ඔනා. මටනම් දෙපාරම පිටිපස්ස බෆර් එක කෙල වෙච්ච repair සෙට් උනෙ. රිස්ක් එක ගන්න බැරි නිසා ෆුල් දාල දුවන්නෙ.

    පෙන්ශන් ප්ලෑන් එකත් අවුලක් නෑ. ඒත් ඉතින් අර depreciation සීන් එක කවර් වෙන්නෙ නෑ. ඒකයි අවුල.

    health එකනම් මම දැම්මෙ මට දැනට එකක් නැති නිසා. එකෙන් වයිෆ්/පොඩි එකාත් කවර් වෙනවා. මට ඕක දාපන් කිව්වෙ දන්න ඩයල් එකක්. ඌට හොඳ ලැට් එකක් සෙට් උනා කාලෙකට කලින් අසනීප වෙලා.
    Puluwan nam ubata wenama ekak and wife/babata wenama ekak dapan..e kiyanne policy 2k..eken labena benefits wadiy saha podi wasi tikak tynwa
     
    • Like
    Reactions: NRTG and tharakaf