මේක බලන්න අනිවා
මේක Facebook එකෙන් ඉස්සුවේ
------------------------------------------------------------------------------------------
උපුටා ගැනීමකි

ලඟදි ගියා යාපනේ ට්‍රිප් එකක් අපේ නෑයෝ කට්ටියක් එක්ක.. Toyota Coaster අලුත් බස් එකක ගියේ.. ඉස්සරහ සීට් එකේ ගියපු නිසා බස් එකේ Driver මහත්තයා මාත් එක්ක ෆිට් උනා.. හොයල බලනකොට ඒ බස් එක අයිති කොම්පැනියට තෙල් බවුසර් 3ක් ම තියෙනවා ලු, මේ රියදුරු මහත්තයාගේ Full Time ජොබ් එක බවුසරේ ලු, එදා බස් Driver ට සනීප නැති නිසා තමයි මෑන්ස් ඇවිල්ල තිබ්බේ... මගදී ඩීසල් ගැහුවට පස්සේ මම මෙන්න මෙහෙම ප්‍රශ්න ටිකක් ඇහුවා..
1) Uncle මේ බස් එක ලඟදි නේද අරන් තියෙන්නේ?
ඔව් මහත්තය.. දැන් මාස තුනක් ඇති..
2) ඉතින් මේකේ තියෙන්නේ Common Rail එන්ජිමක් නේද, ඇයි Normal Diesel ගහන්නේ? අපරාදේ නේ Injectors ටික සවුත්තු වෙනවනේ? සුපර් ගහන්න ඕනේ කියල කොම්පැනියෙන් දන්නේ නැද්ද?
පිස්සු ද මහත්තය, සුපර් ගැහුවා කියල ඇති හොඳක් නැ.. එක කොම්පැනියෙන් දන්නවා..මාත් දන්නවා ( ඒ වෙලාවේදී තමයි මට මෑන්ස් කිව්වේ මෑන් බවුසර් Driver කෙනෙක් කියලා.. ඒක කිව්වට පස්සේ මම ඉතින් දිගටම ප්‍රශ්න කරා..)
3) ඒ උනාට uncle සුපර් එක හොඳට පත්තුවෙනවා නේ ? කාර්බන් එහෙමත් අඩුයි නේ?
කොහොමද මහත්තයෝ කාර්බන් අඩු වෙන්නේ, ඔය එකම තෙල් එකට නේ මීපැණි වගේ ඝනකම කෙමිකල් එකක් දාන්නේ ...
4) ඒ කියන්නේ Super Diesel කියල වෙනම ගෙන්නන්නේ නැද්ද ?
නෑ මහත්තයා, ශේඩ් එකෙන් සුපර් ඉල්ලුවම Normal Diesel එක පුරවාගෙන ඇවිල්ලා බව්සරේ උඩ පියන ඇරලා අර කෙමිකල් එකෙන් පොඩ්ඩක් දානවා ..එච්චරයි..සමහර වෙලාවට ඔය කෙමිකල් එක අපිටම දාන්න කියන වෙලාවලුත් තියෙනවා.. මගේ ගාව ගෙදරත් තියෙනවා, මහත්තයට ඕනේ නම් දෙන්නම්..එත් එකෙන් බින්දුවක් ටැංකියට දැම්මත් වැඩි නිසා මහත්තයට ඕක mix කරගන්න නම් බෑ..
5) එතකොට ඕක ප්‍රමිතියකට කවලම් කරන්නේ නැද්ද?
උඩින් හලපු ටික කවලම් උනාද නැද්ද අපි දන්නේ නෑ..කොච්චර දාන්න ඕනෙද කියල අපි දන්නෙත් නෑ, අපිට දෙන එක අපිට කැමති ප්‍රමාණයට අපි දානවා..
6) ඉතින් ඕක ඇත්තටම කෙමිකල් එක දාපු එකද නැති එකද කියල කියන්නත් බැරිද?
පුළුවන් මහත්තය.. කෙමිකල් එක හරියට වැටිලා නම් සුපර් එකේ පෙන එන්නේ නෑ, සුවඳත් වෙනස්..
7) අහ් ඉතින් එහෙනම් සුපර් කියලත් එකක් තියෙනවනේ, uncle ඔච්චර දන්න එකේ හොඳ තැනකින් සුපර් ගැහුවා නම් හරි නේ..
කොහෙද මහත්තයා හොඳ තැන් තියෙන්නේ ? ( පොර පොඩ්ඩක් හිනා උනා..) අපි බඩූ බාන ෂෙඩ් වලින් කරන වැඩ දැක්කම....
8) ඒ මොකද uncle ඒ ?
ෂෙඩ් එකකට පෙට්රෝල් ඩීසල් ලීටරයකට තියෙන්නේ සත ගානක්.. උන් අපිට normal ඕඩර් කරලා.. සුපර් ටැංකියට බාන්න කියනවා.. මටයි ගෝලයටයි එහෙම කරනවට රුපියල් 2000 ගානේ දෙනවා.. අපිටත් මොකෝ අපි බානවා.. එතකොට උන්ට profit ලීටරයට රුපියල් 10කුත් සත ගානක් කෙලින්ම..බවුසරෙටම කොහොම ගානක් ද කියල හිතන්නකෝ..
9) ඉතින් uncle ඕක මාට්ටු වෙන්නේ නැද්ද ?
ඕක ඉතින් ලොක්කෝ නොදන්නවා නෙවයි.. එයාලට ගාන යන්නේ වෙනවම..
10) පෙට්‍රල් වලටත් ඔය වැඩේ වෙනවද ?
මොකෝ නැත්තේ.. පෙට්රෝල් නම් වැඩේ තවත් ලේසී.. කොහොමත් පෙන එන්නේ නැනේ.. සුවඳ නම් එකමයි.. ඇයි මහත්තයාගේ කාර් එකට ගහන්නෙත් 95 ද ?
අපෝ නෑ.. මම ගහන්නේ 92..
අහ් එහෙනම් හරි.. නැත්නම් අපරාදේ රුපියල් 10ක් ලීටයට.. IOC නම් ගහන්නම එපා මහත්තයා.. උන් ලෝක හොරු..
11) IOC උන්ගේම පැට්‍රොල් නේද විකුනන්නේ ?
නෑ, සමහර වෙලාවට උන් අපෙනුත් ගන්නවා.. උන්ගේ හොර වැඩ ගොඩයි.. ඔය Extramile අරක මේක කියල දෙන්නේ එකමයි..
තව පොඩි පොඩි දේවල් කතා උනා.. වැදගත් ටික තමයි ඔය කිව්වේ.. මේ මනුස්සයට මට බොරු කියන්න උවමනාවක් තිබ්බේ නෑ.. එකෙන් එයාට ලැබෙන දෙයක් නැනේ.. ගොඩක් අය වාහනේට 95 ගහන්නේ එකට තියෙන ආදරේට මිසක් අමාරුවකට නෙවෙයි.. එත් අන්තිමට වෙලා තියෙන්නේ 95 ගාන දීල 92 ගහපු එක වීමයි දුක.
මේ දේවල් මට ඔප්පු කරන්න සාක්ෂි නෑ, එත් මට මේ දේවල් හරි වෙන්න ඇති කියල හිතන්න පුළුවන් එකම සාක්ෂිය තමයි අපි ඉන්නේ ලංකාවේ කියන එක.. පුළුවන් නම් 95 ඉවරයි 92 විතරයි තියෙන්නේ අද.. හවසට බවුසරේ අවම 95 දෙන්නම් කියන ෂෙඩ් එකක් හොයාගන්න.. මට නම් අද වෙනකන් හම්බ වෙලා නෑ.. එක්කෝ දෙකම ඇත.. නැත්නම් දෙකම නැත.. ඒකම මදිද හිතාගන්න වෙන්නේ මොකද්ද කියලා ??
---------------------------------------------------------------------------------------

::