මේ වගේ සිද්ධියක් මට ඇත්තටම වුනා.දවසක් මම යාලුවෙක්ගේ ගෙදර ගියා.මිනිහගේ ගෙදර ලිඳක් තියෙන්නේ.ඉතින් පාන්දර ආපහු ගෙදර එන්න උදේ 5ට නැගිටලා මූන හෝදගන්න වත්ත පහල ලිඳට තනියෙන් යන්න බයයි.තනියෙන් යන්න බයයි කියලා ඒ ගෙදර අයට කියන්නත් ලැජ්ජයි.මොකද ඌට ලස්සන නංගිලා දෙන්නෙක් ඉන්නවා.ඉතින් මිනිහගේ ගෙදර ඉස්සරහ පාරේ ටැප් එකක් තිබුනා.එතන පාර නිසා බය නැතිව පොර වගේ ගිහිල්ලා මූන හෝදන්න පටන්ගත්තා.මෙන්න ටික වෙලාවකින් අමු හෙලුවෙන් නාකි ආච්චි කෙනෙක් පාරදිගේ එනවා.අඩි100ක් විතර ලඟට එනකම් දැක්කෙත් නෑ. බය උන පාර සබන් කෑල්ලයි, ටූත් බ්රෂ් එකයි දාලා කෑගහගෙන යාලුවාගෙ ගෙදරට දිව්වා.පස්සේ ගෙදර අයත් දුවගෙන ආවා.ඒත් අර නාකි ගෑනී අතුරුදහන් වෙලා නෑ.තාම පාරේ ඉන්නවා.පස්සේ එක්කෙනෙක් දුවලා ගිහින් පරණ රෙද්දක් ගෙනත් දුන්නා.මේ පිස්සු හැදුන නාකි ගෑනු කෙනෙක් ඒ ගමේ ඉන්න.