මේක මොකක්ද කියලා හැමෝම දන්නවා

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේක මොකක්ද කියලා හැමෝම දන්නවා



    මේක මොකක්ද කියලා හැමෝම දන්නවා...:P

    මම රට වටේ යනවා :baffled:



    මහා මයිලෝ ජාතකය
    ===================

    යටැ ගිය දවසැ පොළොන්නරු නුවර ජාත්‍යන්තරයට අධිපති වූ, සංහිඳියාවට අධිගෘහිත වූ, සරලකමෙහි ප්‍රතිබිම්බය වූ, ශ්වේත වර්ණ වස්ත්‍රයෙන් බබලන්නා වූ, සිවුසැට ආභරණ පසෙක ලා උපැස් යුවලින් පමණක් සැරසුණා වු, වෛජයන්තී දේවීයට ස්වාමී වූ, දහම්සොඬ පුත් රුවනට හා චත්තාරිකා දු කුමරියට පීතෘ වූ , විජයකලාවන්ට සකල කලාවන් පාන්නා වූ, රුපුනොද එඩිය බිඳ, දෙසැට ලක්ෂයක් වෘෂභයන්ට දිව්‍ය රාජෝත්තමයා වූ, පොළවෙන් මතුවුණා වූ , මහානුභාව සම්පන්න මෙත්පල් නම් නිරිඳෙකු රාජ්‍ය විචාරණ්නට විය.

    මෙකල්හි රට වැසියෝ බොහෝ සැප සම්පත් වලින් යුක්තවැ දැහැමින් සෙමින් දිවි ගෙවන කල්හි මෙය දරාගත නො හී යක්ෂයන්ට අධිපති වු, ගෝත්‍රික බයි වැසියනට රජ වු, මහා තෙද බල පිරිබාහරන් ගේ ශීර්ෂය සතරකඩකට පැළුවා වූ , රන් කහවනු දහඅට කෝටියක් සොරාගෙන උතුරු කුරු දිවයිනේ සැඟෙව්වා වු මහේන්ද්‍ර නම් යක් තෙමේ ලෝක පාලන දෙවියන් හා මිත්‍රව රට වැසියා මධුමේහය ආදී අට අනූවක් ව්‍යාධි බාහුල්ලයන්ගෙන් පෙළනු වස් මයිලෝ නැමති පානයක් මවා රට වැසියා එය පානයට පොළඹවා ශරීරගත ශර්කාරා ප්‍රමාණය ඉහල දමන්නට විය.

    මෙත්පල් නිරිඳු මෙ කාරණා දෙසවන් වැකුණු මොහොතේ ක්ෂීරපථය සොලවා, වේරම්බ වාතයෙන් කලම්ඹා, අහස් මුදුන් තෙක් දුහුවිලි නංවා මහේන්ද්‍රයාණෝ පරසක්වල ගසන්නෙමි යි කුංචනාද කරන්නට විය.

    ඈත දූලීන් වැසී ගිය මෙත්පල් රජු ය...
    මෑත මයිලෝවක් අතින්ගත් මහේන්ද්‍රයෝ ය...
    ඈත කෝපයෙන් රත්ව ගිය යවට වන් මෙත්පල් රජු ය....
    මෑත ගත සිත පුබුදු කරන පානය ඇතැති මහේන්ද්‍රයෝ ය...
    ඈත බැලූ බැලූවන් හිටං යැයි කියවෙන මෙත්පල් රජු ය....
    මෑත දිව පිනවන පානය ගත් මහේන්ද්‍රයෝ ය...
    ඈත එබූ පයින් මහ පොළොව පලා යන මෙත්පල් රජු ය....
    මෑත රත් පැහැ සාටකයෙන් බබලන මහේන්ද්‍රයෝ ය....

    වෙන්නට යන මහා විපත දැක රජවාසලෙහි මොළයානන් වහන්සේ වන විකුම්සිහ තෙමේ මෙත්පල් නිරිඳු හා සතරකන් මන්ත්‍රණ පවත්වා ශර්කාරා පානය පිළිබඳව සොයා බැලීමට රජවාසලේ විශ්‍රාමික කේවට්ටයන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට උපදෙස් දෙන්නා හු ය.මෙය අසා කෝපයට මෙත්පල් තෙමේ ඒ යෝජනා අලුයම ලූ කෙළ පිඩක් සේ ඉවත දමා රට වැසි තෙමේ දෙස මහා කරුණා නෙත් යොමා මයිලෝවක් රැගෙන ගෙයින් ගෙට වැද හොත්තේ ය. ඉනික්බිති ඒ පාන පෙන්වා අනන්තාපරිමාණ අර්ථානර්ථ දක්වා ඒ වෙනුවට බීර පානය කරන ලෙස ආයාචනා කරන්නට වු හ. එ බස් අසා රට වැසියෝ මහත් සොම්නසට පැමිණැ මයිලෝ පාන ඉවත දමා මහා සිද්ධාර්ථ තෛලය වන් බීර පානය කිරීමට උත්සුක වු හ.

    ඉක්බිති රට වැසියෝ සෞඛ්‍යසම්පන්න බීර පානයට හුරු වී, අට අනූවක් වූ සියලු ව්‍යාධි බාහුල්ලයන්ගෙන් මිදී තෙද බලැති සිරුරැතිව යහපාලනගතව කල් යැවූ හ'යි මෙයින් දත යුතු.

    මහා මයිලෝ ජාතකය මෙතකින් නිමියේ වෙයි.


    copied...
    කරුණාකර සංවරව අදහස් දක්වන්න.
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සුවර් එකට ඔකට නරක් වෙච්ච මයිලො එකක් බිලා බඩ යන් ඇති වාඩුව ගන්නේ ඔය
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    රජවාසලෙහි මොළයානන් වහන්සේ වන විකුම්සිහ:lol::lol:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    anchor bacteria prashneta mokada une.maha rajage vachana thamai muge katin enne.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොනාද උබ කියන්නේ කෙටියෙන් කියපන් බලන්න


    ඕවා ස්ටේජ් වල කියව කියව ඉඳලා හරියන්නේ නෑ...
    ඕවාට ගොඩක් හොඳ පනතක් හැදුවානේ..
    රෙඩ්-ඔරන්ජ් විදියට කලරින් කෝඩ් දාලා.
    මේකෙ නැත්නම් ස්ටේජ් එකේ කියවන්නේ නැතුව.
    අදාළ අංශ ගෙන්නලා අරුන්ව යහමගට ගන්න ඕනේ..
    මෙවා සෙනිකව කරන්න ඕනේ..

    ඔව් ඔව්. මීට කලින් උනේ නෑ.. කලින් ඕවා ස්ටෙජ් එකේ නොකියා ඉන්නත් ගානක් කපාගන්න සීන් එකක්නේ තිබ්බේ... මයිත්‍රීට තවත් චාන්ස් දිදී ඉන්න බෑනේ ස්ටේජ් වල විතරක් කියවන ජන අධිපති වෙනවානම්.

    රට පාලනය කරන හැටි ඇහුවනම් කියා දෙනවනේ මුන්ට...:lol:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,950
    4,625
    113
    මය්ලෝ පැකට් එක පුකේ හිලේ බස්සන්න ඕන ගොන් මුසලයාගේ