මේක වෛද්‍යවරුන් හට ලබාදුන් දීමනා වැඩිවීමක් නොවේ....

AllGood

Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    *****මේක වෛද්‍යවරුන් හට ලබාදුන් දීමනා වැඩිවීමක් නොවේ....
    අපි කැමති වුනත් අකැමති වුනත් රාජ්‍ය වැටුප් ව්‍යුහය තුල නිලධාරීන් වර්ගකර තිබෙනවා විධායක හා සමාන්තර ශ්‍රේණිය හා ව්ධායක නොවන ලෙස .. ඒ අනුව SL 1,2,3, ... ලෙස ජේශ්ඨත්වය වැඩිවන ආකාරයට...
    එහිදී SL 1 සහ සමාන්තර ශ්‍රේණි ලෙස සලකන්නේ ප්‍රාදේශීය ලේකම්වරුන් ,ASP, වැනිඅය ,මීට අමතරව ත්‍රිවිධ හමුදාවන්ගේ ලුතිනන් කර්නල් නිලයට සමාන නිලයන්...
    SL 2 ලෙස වෛද්‍යවරුන්,විශ්ව විද්‍යාල ආචාර්යවරුන් , SL 3 ලෙස consultants ලා සහ පරිපාලන සේවය උසස් නිලධාරීන් සලකනු ලබයි...
    මේ නිලධාරීන් ප්‍රවාහන පහසුකම් සදහා සුදුසුකම් ලබයි... ඒ අනුව SL1 සහ සමහර SL 2,3 නිලධාරීන් සදහා ප් 22/99 circular යටතේ ප්‍රවාහන පහසුකම් ලබාදේ... මෙහිදී නිල රථය,රියදුරු සහ දලවශයෙන් පෙට්‍රල් ලීටර් 120 කට ආසන්න සංඛ්‍යාවක් මාසිකව ලබාදේ... මේ වෙනුවෙන් රජයට එක් නිලධාරියෙක් වෙනුවෙන් මාසිකව 150000/= ක් පමණ වැය කරනු ලබයි...
    නමුත් රට තුල සිටින 20000ක් පමණ වූ වෛද්‍යවරුන් වෙනුවෙන් මෙවැනි වියදමක් රජයට දැරිය නොහැක... ඒ හේතුවෙන් ඔවුන් 22/99 circular එකට ඇතුලත් නොකොට... ඒවෙනුවෙන් DAT ලෙස සලකන ගෙවීමට මෙම දීමනාවද ඇතුලත් කර ගෙවීමට එකගවිය.. එය 2019 ට පෙර බොහෝ කාලයක් තිස්සේ 35000/= ක් විය.2019නැවත යාවත්කාලීන කිරීමේදී එය ගනනය කිරීම් වලට අනුව 150000ක් ලෙස සලකා..එවැනි මුදලක් රජයට දැරිඋඅ නොහැකි නිසා 2020 සිට එයින් භාගයක් ලෙස 70000 ක් ගෙවීමට අනුමත විය.. නමුත් රටේ ඇතිවූ කෝලාහල තත්වය සහ ආර්ථික ප්‍රශ්න මත එය ක්‍රියාත්මක වීම කල් දැමුනි...නමුත් 2022 සිදුවූ හදිසි රථවාහන මිල ඉහල නැගීම හා ඉන්ධන මිල වැඩිවීමට සමාන්තරව අනිකුත් විධායක හා සමාන්තර ශ්‍රේණි වලට සාපේක්ශව ට්‍රාන්ස්පෝට් පහසුකම මුදලක් ලෙස ලබාගන්නා වෛද්‍යවරුන් හට දැඩි අසාධාරණයක් සිදුවිය..
    නමුත් වෛද්‍යවරුන් ප්‍රමාණාත්මකව වැඩි නිසා ඔවුන් හට සාධාරණයක් සිදුකිරීමට රජයට නොහැකි විය... නමුත් මෑතක සිට සියලුදීමනාfull OTඇතුලු සියල්ල සමග grade 2 වෛද්‍යවරයෙක් හට ලැබෙන 200000/= ක පමන වැටුපට සහ රැකියාවට පයින්ගසා වාහනයක් වත් පාවිච්චි කිරීමට වත්කමක් නැතිවූ බොහෝ වෛද්‍යවරුන් රුපියල් වලින්
    ඕමානයේදී ලක්ශ 15
    සිංගප්පූරුවෙව්දී 20
    ඩෙන්මාර්කයේ දී ලක්ශ15- 20
    එංගලන්තයේ දී ලක්ශ 15-35
    ඕස්ට්‍රේලියාවේ දී ලක්ශ 25 - 50
    ඇමරිකාවේදී ලක්ශ 50 පමන වූ

    බදු ගෙවීමෙන් පසු ලැබෙන වැටුපට විදේශ ගතවීමට පටන්ගත්හ.. 2023 දී පමණක් 8000කට ආසන්න සංඛ්‍යාවක් විදෙස් රැකියා සදහා සුදුසුකම් සපුරා තිබුනි.
    මේ සමගම ඇති වෙන්නට ගිය ජේශ්ඨ වෛද්‍යවරුන්ගේ හිගය පිරවීමට රජයට නොහැක... එම නිසා මෙතෙක් කාලයක් නොගෙවා තිබූ වෛද්‍යවරුන්ගේ මෙමෙ දීමනාව රජය විසින් ලබාදීම අනුමත කෙරිනි...
    මෙමෙ දීමනාව සම්බන්ධයෙන් අනෙකුත් පාර්ශවයන් හට ප්‍රශ්න ඇතැයි නොසිතමි...මන්ද යත් මෙම දීමනාවට හිමිකම් කියන අනෙකුත් පාර්ශවයන් දැනටමත් 150000-200000 අතර ප්‍රතිලාභයක් ලබන බැවිනි... කෙසේ වෙතත් වැඩිවූ ජීවන වියදමත් සමග රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම වැටුප් වැඩිවීමක් අත්‍යවශ්‍යය...ඒ වෙනුවෙන් දිවිහිමියෙන් පෙනීසිටිමු...
    🙏


    www.facebook.com/rukshana.desilva/posts/pfbid04bLHdBzgz38qctGPg5mESiPWkYssMektUzuW8Te11hA3BKqJk2R7Xqp9pmA4AEJAl

    වැදගත් සටහනක් දැකපු නිසා ඒක එලකිරියට එකතු කරන්න හිතුනා.
     

    Antare 2.8

    Well-known member
  • Jan 13, 2024
    583
    279
    63
    Panadura
    Oya 35000k wadi karala adda pako.200,000 k wath wadi karanna ona.yako unta patta padune ohoma higana padiyata puka denne kawda.awama salary eka 5 lakh walata wath wenna hadanna ona.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඔච්චර ප්‍රවාහන ප්‍රශ්න නම් සල්ලි නොදී ක්වාටර්ස් දෙන්න තිබුනේ. එහෙනම් අනිත් සුළු සේවකයොත් ඇවිත් නවතින්නේ නැතෑ ඕන නම්