මේක හතර බීරී කථාවක්නේ............!!
"ඇත්තටම හතර බීරි කතාවට ඒ නම වැටුනෙ ඇයි? ඒකෙ ඉන්නෙ බීරො තුන්දෙනයි නෙ."
කවදාවත්ම මේ ප්‍රශ්නෙ ඔලුවට ආවෙ නැද්ද? කමක් නෑ, මේ පොඩි විස්තරය කියෙව්වම උත්තරේ ලැබෙයි.
මේ නාට්‍යයට ආගමික බලපෑමක් නැතිබව ඇත්ත. ඒත්, පරණ ජනකතා වලට සිංහල බෞද්ධ බලපෑම තිබ්බ බව කියන්න ඕන නෑනෙ.
කථාව පටන් ගන්නෙ "මගියෙකු" ගෙ ප්‍රශ්නයකින්. මේ මගියා තමයි සංසාර "ගමන" යන මනුස්ස ජීවිතය කියන "අම්බලමේ" නැවතිලා ඉන්න "මගියා"
මගියා අහනවා, "දොම්පෙට යන පාර කොහේද?" කියල.
දොම්පෙ = දොම්නස + පෙලන = දුක නැතිකරන තැන
යාළුවනේ, මගියා වක්‍රව අහන්නෙ "නිවන"ට යන පාර කොහෙද කියලා.
එතකොට මහළු අම්මා කියනව, 'පැදුර තාම වියල ඉවර නෑ, සායම් ටික දාල ඉවර නෑ' කියල. මෝඩ උත්තරයක් තමයි. ඒත් අම්මා ඇත්තටම කියන්න හදන්නෙ එයාට නිවන් යන්න බැරි වුණ හේතුව.
පැදුර වියල ඉවර නෑ = මම තාම එකතු කරන එක නවත්තල නෑ
සායම් ටික දාල ඉවර නෑ = මගේ ආශාවන් තාම තෘප්තිමත් වෙලා නෑ
කතාව ඇත්ත නෙ?
දුවගෙනුත් මගියා පෙර ප්‍රශ්නෙම අහනවා. එතකොට දුව කියන්නෙ, 'අම්මා, අප්පා දෙන්න කැමති නම් - කසාදයට බොහොම කැමති මං' කියලා.
අම්මා = බැඳීම් - තණ්හාව
අප්පා = මාන්නය
කසාදයට කැමතියි = මමත් ඔබ යන නිවන් මඟ එන්න කැමතියි
දුවත් සංකේත පාවිච්චි කරලා කියන්න හදලා තියෙන්නෙ අම්මා කියන්න හදපු දේම තමා.
තාත්තාගෙන් ඇහුවම දෙන උත්තරෙනුත් තාත්ත කියන්නෙ එකම කතාවම තමා. ඒක තමා ලෝක ධර්මතාවය. මගියා ඇහුවෙ නිවන් යන්නෙ කොහොමද? කියලා. එතකොට බීරි දෙමාපියනුයි, දුවයි කියන්නෙ "අපි මේ, මේ පාරවල් වල ගියපු නිසා තාම අතරමඟ. ඔබ ඒ පාරවල් වල යන්න එපා" කියලා.
කථාව උඩින් කියවගෙන ගියහම බීරො තුන්දෙනෙක් ඉන්න හොඳ හාස්‍යජනක නාට්‍යයක්. ඒත් ඇත්තටම මගියා නෙවේ ද ලොකුම බීරා? දැන් කතාව හතර බීරි කතාවක් වෙලා නේද?