මේජර් මානවඩු මරබියෙන් රට පනී.

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
මේජර් මානවඩු මරබියෙන් රට පනී.

මේජර් ජෙනරාල් මානවඩු රට පනී? දේශීය 2010 මාර්තු 03 වෙනි බදාදා, 13:01
Manawadu.jpg
කිසිදු චෝදනාවක් නැතුවද ජනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මේජර් ජනරාල් සුමිත් මානවඩු හදිසියේම විදේශ ගත වී ඇති බවට නිල නොවන ආරංචි මාර්ග පවසයි. මොහු විදෙස් ගත වී ඇත්තේ තමන්ගේ ජීවිතයට තර්ජනයක් ඇති බවට පවසමිනි.


ජනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම විසින් මානවඩුගෙන් ප්‍රකාශයක් ගැනීමට නියමිතව තිබූ අතර, මෙසේ ප්‍රකාශයක් ගැනීමට නියමිතව තිබියදී විදෙස් ගතවීම ගැටළු සහගත බවයි. මක් නිදසාද යත් ජනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙම මෙහෙයුමේදී නායකත්වය දුන් සුමිත් මානවඩු හැර අනෙකුත් සියලුම නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර අවසන් බැවිනි.

කෙසේ වෙතත් රජයේ ඉහළ නිලධාරීන්ගේ හා ජනාධිපති ලේකම් කාර්යාලයේ සහයෙන් ජනාධිපතිවරණය අවමන් වූ වහාම සුමිත් මානවඩුගේ පවුලේ පිරිස් විදෙස් ගත කළ අතර, පසුගිය කාලය පුරාම මේජර් ජනරාල් සුමිත් මානවඩු දැඩි ආරක්ෂා සහිතව කාලය ගත කළේය. මොහු සම්බන්ධයෙන් හමුදාවේ ඉහළ නිලධාරීන් ඇතුළු බොහෝ දෙ‍නෙකුගේ බලවත් කළකිරීමකට ලක්ව සිටි අතර, හමුදාවේ ඉහළ නිලධාරියෙකු "තමුසේ බලු පොලිස් ලොක්ක උඩුගම්පලටත් වඩා නීච වැඩක් කළේ" යනුවෙන් මුහුණම පවසා ඇත. මෙම සිදුවීමෙන් පසු සුමිත් මානවඩු තමන් වෙනුවෙන් දැඩි රැකවල් යොදා ගත් අතර, ඔහු හමුවීමට කිසිදු හමුදා හෝ සිවිල් පුද්ගලයෙකුට අවස්ථාව නොලැබෙන පරිදි කටයුතු කළේය.

කෙසේ වෙතත් තමන් වෙනුවෙන් ආරක්ෂාවට යොදා ගත් හමුදා නිලධාරීන් පිළිබඳවද සැක උපදවා ඇති මානවඩු තමන්ගේ ජීවිතය තර්ජනයක් ඇති බව පවසා ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ සහයෙන් විදෙස් ගත වී ඇති බව වැඩිදුරටත් වාර්තා‍ වේ.
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka


:shocked:

ආණ්ඩුවට මොනව වෙලාද මන්දා.
සාමාන්‍යයෙන් පිටුවහල් කරන්නෙ
දේශද්‍රෝහීන් නෙ







:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ෆොන්සේකා මහත්තයා මේ පාර අගමැති වෙනවානේ.... ඊට පස්සේ වැඩේ දේ කියලා බයට පනින්න ඇති... :lol::lol::lol:
     

    Similar threads