මේදය පිලිබඳ ඔබ දැනගත යුතු තොරතුරු

redhat

Well-known member
  • Aug 2, 2008
    3,126
    2,520
    113
    Redhat lab - Aukland
    මේදය පිලිබඳ ඔබ දැනගත යුතු තොරතුරු

    මේදය පිලිබඳ ඔබ දැනගත යුතු තොරතුරු

    factsaboutfats-2.jpg
    මේද වැඩිපුර අඩංගු ආහාර නිසා කෙනෙක් ස්ථුලතාවයට පත්වෙනවා විතරක් නෙවෙයි, වෙනත් ලෙඩ රෝග වලටත් ලක් වීමේ හැකියාව තිබෙන බව ඔබ අසා ඇති. නමුත් ඔබ දන්නවාද ශරීරයට සමහර මේද යම් පමණකින් අවශ්‍ය වන බව? සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා මේද යම් ප්‍රමාණයක් ආහාරයට එක කර ගැනීම සුදුදුයි. නමුත් සංතෘප්ත මේදය අඩංගු මේදය වැඩි ආහාර ගැනීමෙන් ඔබේ කොලෙස්ට්‍රෝල් මට්ටම වැඩිවන අතර එයින් හෘද රෝග අවදානමද වැඩිවේ.
    මොනවාද මේ සංතෘප්ත සහ අසන්තෘප්ත මේද?

    ආහාර වල ඇති මේද වර්ගයන් පිලිබඳවත් එම මේද වල ධනාත්මක සහ සෘනාත්මක් බලපෑම් සහ මේදය පරිභෝජනය කලමණාකරණය පිලිබඳව ඔබ දැන සිටීම වැදගත් වේ.

    • සංතෘප්ත මේදය
    සංතෘප්ත මේදය යනු මේද අණු වල ඇති කාබන් පරමාණු තනි බන්ධනයකින් බැඳී තිබෙන මේද වර්ග වලටය. සංතෘප්ත මේද සහිත ආහාර වැඩිපුර ගෙන ඇඟ වෙහෙසා වැඩ නොකරන සහ ව්‍යායාමවල නොදෙන විට එම මේද නිසා ශරීරයේ ඇති කොලෙස්ටරෝල් මට්ටම ඉහළ දැමීමේ හැකියාව තිබිය හැකි බව විද්‍යාඥන් පෙන්වා දෙනවා. ඉතින් සංතෘප්ත මේද අඩංගු ආහාර ගැනීම අවම තමයි නුවණට හුරු.

    • ට්‍රාන්ස් මේදය (Trans fat)
    මෙම මේදය අපට මස් සහ කිරි නිෂ්පාදන වලින් අඩු මට්ටමින් ස්වභාවිකව ලැබේ. නමුත් අප ආහාරයට ගන්නා කේක්, පේස්ට්‍රි වැනි ආහාර නිෂ්පාදනයේදී භාවිතා කරන්නේ එළවළු සහ වෙනත් ශාකමය තෙල් වර්ග වලට කෘත්‍රීමව හයිඩ්‍රජන් එක් කිරීමෙන්. ට්‍රාන්ස් මේදය, සංතෘප්ත මේදය මෙන් රුධීරයේ අහිතකර කොලෙස්ට්‍රෝල් මට්ටම වැඩි කරයි.

    • අසංතෘප්ත මේදය
    ඔබට හෘද රෝග වල අවදානම අඩුකිරීමට අවශ්‍ය නම්, ඔබ ගන්නා සමස්ත මේද ප්‍රමාණ අවම කිරීම සහ සංතෘප්ත මේදය වෙනුවට අසංතෘප්ත මේදය අඩංගු ආහාර ගැනීම අත්‍යවශ්‍ය වේ. අඩු අහිතකර කොලෙස්ට්‍රෝල් මට්ටමක් පවත්වාගෙන යාමට සංතෘප්ත මේදය වෙනුවට අසංතෘප්ත මේදය ගැනීම හොඳය.
    සුවබර දිවියකට

    සංතෘප්ත මේදය අඩංගු ආහාර අඩු කිරීමෙන් හෘද රෝග, අඝාතය සහ අනිකුත් හෘද රෝග අවදානම් අඩුවේ. ඕනෑවට වඩා ලුණු සහ සීනි ආහාරයට ගැනීම, තරබාරු වීම, දුම්පානය සහ අනිකුත් ශාරීරික ක්‍රියාකාරකම් නොමැතිවීම වෙනත් අවදානම් සාධක වේ. ඔබ හෘද සෞඛ්‍ය පිලිබඳව සැලකුවහොත්, මේදය සහ සීනි ලෙස තනි පෝෂ්‍ය පදාර්ථ පිලිබඳ නොසලකා ඔබේ සමස්ත ආහාර වේල සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වඩා යහපත් වේ. සමබර සහ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සඳහා යොමු වීම හෘද රෝග වර්ධනය වීමේ අවදානම අඩු කිරීමේ හොඳ ක්‍රමයක් ලෙස සැලකේ.
    සියළුම මේදයන් අහිතකර නැත

    සෞඛ්‍ය සම්පන්න සහ සමබර අහාර වේලකට මේදය කුඩා ප්‍රමාණයක් අත්‍යවශ්‍ය වේ. මේවා අසංතෘප්ත මේද ලැබෙන අහාර වලින් (අලිගැටපේර, රටකජු, එළවළු තෙල් වර්ග, සාඩින් ආදිය) ලබා ගැනීම සුදුසුයි.
    ඔමේගා 3 මේද අම්ලය මේදයේ ඇති ඉතා අත්‍යවශ්‍ය සංඝටකයක් වන අතර ඒවා ශරීරයේ නිෂ්පාදනය නොවන බැවින් මේදය කුඩා ප්‍රමානයක් ආහාරවේලෙහි තිබීම අත්‍යවශ්‍ය වේ. විටමින් A, D සහ E ශරීරයට අවශෝෂණය කිරීමට මේදය උදව් වේ. මෙම විටමින් සියල්ල, මේදයේ ද්‍රාවනය වීම නිසා මේදය උපකාරයෙන් පමණක් මේවා ශරීරයට අවශෝෂණය කල හැක.
    එනිසා ඔබේ ආහාරයට හිතකර මේද (අසන්තෘප්ත මේද) ස්වල්ප වශයෙන් එක් කර ගන්න අමතක කරන්න එපා. ඔමේගා 3 සහිත ආහාරත් වරින් වර ආහාරයට එක් කර ගන්න.
    තරමට වඩා මේද ආහාර ගත් විට…

    ඔබේ ආහාරයේ ඇති මේදය ආහාර දිරවීමේදී මේද අම්ල ලෙස කුඩා ඒකක වලට බිඳී යයි. ශරීරයේ ශක්තිය නිපදවීමට භාවිතා නොකල මේද අම්ල, මේදයට පරිවර්තනය වී ශරීරය තුල තැන්පත් වේ.
    ඒවාගේම භාවිතා නොකරන ප්‍රෝටීන් සහ කාබෝහයිඩ්‍රේට් සියල්ල මේදයට පරිවර්තනය වේ. සියළුම වර්ග වල මේදයන් ඉහළ ශක්ති මට්ටමක පවතී. ග්‍රෑම් එකක අසංතෘප්ත හෝ සංතෘප්ත මේදයක 9kcal (කිලෝග්‍රෑම් කැලරි) (කිලෝජූල් 37)ක් ඇති අතර කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීන් වල 4kcal (කිලෝජූල් 17)ක් ඇත.
    නිරන්තරයෙන් ඔබට අවශ්‍ය ශක්තියට වඩා ආහාර වන මේදය, කාබෝහයිඩ්‍රේට් හෝ ප්‍රෝටීන් ගැනීමෙන්, ශරීරය තරබාරු වීම හෝ බර වැඩිවන අතර කොලෙස්ට්‍රෝල් මට්ටමද වැඩිවේ.