මේනකා_ලංකාවේ

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    ethulata ewilla balapanko machan othana kiyawannethuwa
    ලංකාවේ ඉපදී යුරෝපය පිනවන ඕලන්ද ජාතික ඔපෙරා ගායිකාව

    නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් අගනුවර වෙසෙන මේනකා සෙන් යුරෝපය පුරා සංගීත ලෝලීන් පිනවන තරුණ ඔපෙරා ගායිකාවක්.

    ශ්‍රී ලංකාවේ ඉපිද, නෙදර්ලන්තයේ හැදී වැඩුන ඇය මින් වසර 27 කට පෙර උපත ලබා තිබෙන්නේ රත්නපුරේ කුරුවිටවාසී තරුණ මවකගේ කුසයෙන්. ඇයට යාන්තමින් මාසයක් පිරෙද්දීම ඇය දරුකමට හදා ගැනීම පිණිස දුරු රටකට භාර දීමට මවට බලකරනු ලැබිණ.


    130506132113_meneka_senn_624x351_sarojpathirana.jpg


    "මගේ මුළු ළමා කාලයම ගෙවුනේ සංගීතයත් එක්ක: රටේ ප්‍රසිද්ධ සංගීත ශිල්පීන් එක්ක. ළමා කාලෙදිම මම වයලීනය වයන්න, පියානෝව වාදනය කරන්න ඉගෙන ගත්ත"
    "ඇත්තටම මාව අරන් හදාගත්ත අම්මයි, තාත්තයි ලංකාවට ඇවිල්ල තියෙන්නේ මාව එක්ක යන්න නෙවෙයි. ඒත් ඒගොල්ල ලංකාවට ආවම එයාලට ආරංචි වෙලා තියෙනවා ඒගොල්ල එක්ක යන්න හිටපු දරුවා හදාගන්න දෙන්නේ නෑ කියල ඒ දරුවාගේ දෙමාපියෝ තීරණය කරපු බව. ඉතින් ඊ ලඟට පෝලිමේ හිටියේ මම," මේනකා මා හා පැවසුවේ මඳ හසරැල්ලක් මුවට නගා ගනිමින්.

    පසුගිය අප්‍රේල් මාසයේ මා ඇම්ස්ටර්ඩෑම් නුවර චාරිකාවක නිරත වූ අවස්ථාවේදීයි, ඇය මට මුණ ගැසුණේ.

    දූෂණයට සහ ලිංගික අතවරයට ලක් වූ ශ්‍රී ලාංකික දැරියන්ට ආධාර කිරීම උදෙසා නෙදර්ලන්තයේ සිට ක්‍රියාත්මක වන නෝනා පදනමේ අටවැනි වාර්ෂික සංවත්සරයට එක්වීම පිණිසයි මා එහි සංචාරයක යෙදුනේ.



    අම්මා හමුවීම


    කොළඹදී මෙලොව එලිය දුටු මේනකාට සිය මව මුල්වරට මුණ ගැසුනේ මීට වසර දෙකකට ඉහතදී.

    ඒ මුල් හමුවීමේදීම අම්මා සිදුවූ සියල්ල නොවලහා හෙළි කිරීම ලාංකීය සංස්කෘතියට අනුව පුදුමය දනවන්නක් බව ඇය පවසන්නීය.

    "වෙලා තියෙන්නේ මේකයි, එයා කසාද බැඳලත් නැතිව බොහොම බාල වයසේදී ගැබ් ගැනීම ගැන මගේ සීයල, ආත්තම්මලා විරුද්ධ වෙලා තියෙනවා. එතකොට මගේ අම්මගේ වයස විස්සයි. අනික මගේ තාත්ත දුප්පත් පවුලක ඒගොල්ලන්ට 'ගැලපෙන්නේ නැති' කෙනෙක්ලු. ඉතින් අම්ම මාව හම්බ වෙන්න ඉන්න කොට ඒගොල්ල අම්මව කොළඹ එක්ක ගෙන ගිහිල්ල හංගල තියෙනව," මේනකා විස්තර කළාය.

    "ඉතින් මාව හම්බ වුනු ගමන්ම අම්ම අඬද්දීම එයාල මාව හදාගන්න බාරදීල තියෙනවා. ඊට පස්සේ මගේ අම්ම එයාගේ පවුලෙන් එහෙම පිටින්ම අයින් වෙලා තියෙනවා."

    තමා ඉපදී මාස හයක් ඇතුලත පියා මියගිය බවත් ඒ වනවිට අම්මා ඇගේ පවුලෙන් සම්පූර්ණයෙන්ම ඈත් වී සිටි බවත් මේනකාට ඒ හමුවීමේදී දැනගන්නට ලැබිණ. ඉන් අනතුරුව වෙනත් පුරුෂයෙකු සමඟ විවාහ වූ ඇයගේ අම්මා දැන් තවත් දරු තිදෙනකුගේ මවක්.


    සුන්දර ළමා කාලයක්

    උපන් ගමෙන් සැතපුම් දහස් ගණනක් ඈත දුරු රටක, තමාගේ පෙනුමට වඩා හාත්පසින්ම වෙනස් පෙනුමක් සහිත දෙමාපියන් සමඟ හැදී වැදුණු ළමා කාලය ගැනත් ඇය සිය මතකය අවදි කළාය.
    130505134205_meneka_senn_304x171_bbc_nocredit.jpg

    "ඇත්තෙන්ම මට ඉතාම සුන්දර ළමා කාලයක් තිබුනා. නමුත් එකම දේ තමයි මම මේ ලෝකෙට අයිති නෑ කියන හැඟීමත් සැරින් සැරේ මතුවුනා. ඇත්තටම ඒක මම අරන් හදාගත්ත දරුවෙකුට වඩා, මගේ හමේ පාට නිසා වෙච්ච දෙයක්. මොකද මම මගේ අම්මයි, තාත්තයි එක්ක යනකොට ම්ම්ම්ම්ම්ම්.... එයාල සුදුයිනේ? වගේ දෙයක් තමයි මිනිස්සුන්ගෙන් පළවුණේ," මේනකා පැවසුවේ තරමක් හැඟුම්බර වෙමින්.

    ඒත් ඒ සුන්දර ලෝකයේ සමහර අමිහිරි මතකයන්ද නොතිබුනා නොවේ.

    "උදාහරණයක් විදියට මගේ ප්‍රාථමික ඉස්කෝලේ කළු, දුඹුරු පාට දරුවෝ කවුරුවත් හිටියේ නෑ. සංගීත ලෝකය කියන්නෙත් එහෙම පිටින්ම සුද්ද්න්ගේ ලෝකයක්. ඒගොල්ලන් වෙනස්කම් කරන්නේ නෑ. නමුත් සුදු ජාතිකයෙක් නොවෙන කෙනෙක් විදියට අපිට සිද්දවෙනවා ඉදිරියට යන්න සීයට සීයට සීයක් නෙවෙයි, තමන්ගේ සීයට දෙසීයක්ම දක්ෂකම පෙන්නන්න."

    ඇය හදා වඩා ගත් නෙදර්ලන්ත ජාතික දෙමාපියන් එහි ජාතික සංගීත කණ්ඩායමේ සාමාජිකයන් වීම හේතුවෙනුයි ඇය සංගීත ක්ෂේත්‍රයට යොමුවුනේ.

    "මගේ තාත්ත රුඩොෆ් සෙන්. අම්ම හියුකෙයා පොස්ටල්. ඉතින් මගේ මුළු ළමා කාලයම ගෙවුනේ සංගීතයත් එක්ක: රටේ ප්‍රසිද්ධ සංගීත ශිල්පීන් එක්ක. මුළු ගෙදර පුරාම සංගීතය තිබුනා.
    ළමා කාලෙදිම මම වයලීනය වයන්න, පියානෝව වාදනය කරන්න ඉගෙන ගත්ත. ඊට පස්සේ මම රැඟුම් පාසලේ රඟපාන්න පටන් ගත්ත," ගායනයට මෙන්ම ඇය කතාබහටත් දක්ෂ බවයි, ඇය සමඟ දොඩමලු වූ මොහොතේ මට හැඟුනේ.

    ලංකාවේම හැදී වැඩුනේ නම්?

    මේනකා සෙන් දැන් යුරෝපය පුරා ගීතලෝලීන් සිය කටහඬින් මන්මත් කරවන ජනප්‍රිය ගායිකාවක්.

    තවමත් විශ්ව විද්‍යාලයේ සංගීතය හදාරන ශිෂ්‍යාවක නමුත් බාල දරු දැරියන් පිරිසකට සංගීතය උගන්වමින් සිටින බවත් ඇය පවසන්නීය.

    මීට වසර දෙකකට ඉහතදී මුල් වරට අම්මා හමුවූ අවස්ථාවේ ඔවුන් ඉදිරියේ වාදනය කිරීම සඳහා තමාගේ ගායනයක ගීත තැටියක් රැගෙන ගිය බවත් නිවසේ සියලු දෙනා එය හොඳින් රස විඳි බවත් මේනකා සඳහන් කළාය.

    ඒත් කිසියම් ලෙසකින් මේ තරුණිය ලංකාවේම හැදී වැඩුනේ නම් මෙතරම් දක්ෂ ගායිකාවක් වීමට ඇයට අවස්ථාව ලැබේවිද?

    "ඇත්තටම මමත් කාලයක් තිස්සේ ඕක ගැන හිතමින් ඉන්නවා. මට හිතාගන්න බෑ. එක පැත්තකින් මගේ අම්ම තාත්තව කසාද බැන්ද නම්, ඒගොල්ල පොහොසත් පවුලක් වුනානම් මට ලංකාවේදී වුනත් හොඳ අධ්‍යාපනයක් ලැබෙන්න තිබුනා. ඒත් ගායිකාවක්? ඔපෙරා ගායිකාවක් වෙන්න? මම හිතන්නේ නෑ," මේනකා අපේ කතාබහ අවසන් කළෙත් මුව පුරා නැගුනු හසරැල්ලකින්.
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කෙල්ලගේ පෙර පින, ලන්කාවේ හිටියනම් එක්කො ගාමන්ට් එකක, එහෙම නැතුව හොදට ඉගෙන ගත්තා නම් මෙලහට ලිප්ටන් සර්කල් එකේ බොඩ් ලැල්ලක් අල්ලන් දියව් දියව් කියනවා.. මම නම් කියන්නේ මෙයාගේ අම්මා සන්තොස වෙන්න ඔනා..
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    කෙල්ලගේ පෙර පින, ලන්කාවේ හිටියනම් එක්කො ගාමන්ට් එකක, එහෙම නැතුව හොදට ඉගෙන ගත්තා නම් මෙලහට ලිප්ටන් සර්කල් එකේ බොඩ් ලැල්ලක් අල්ලන් දියව් දියව් කියනවා.. මම නම් කියන්නේ මෙයාගේ අම්මා සන්තොස වෙන්න ඔනා..

    :yes::yes::yes::yes: