මේන්න මේ ප@ය අල්ලලා.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,280
    21,190
    113

    Little Hearts නම ව්‍යාජව භාවිත කරමින් මුදල් ගැරූ සැකකරුවන් අල්ලයි


    පිළිකා අරමුදලට ආදාර පිණිස Little Hearts අරමුදලේ නම ව්‍යාජව භාවිත කරමින් මහජනතාවගේ මුදල් ගැරූ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සේනාධීරලාගේ දුලාන් මහේෂිත හා 23 හැවිරිදි පාලවිය ප්‍රදේශයේ පදිංචි මානිකුගේ සඳරුවන් සිල්වා යන අය ය.

    මේ අතරින් සේනාධීරලාගේ දුලාන් මහේෂිත යන සැකකරු සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන අතර ඔවුන් දෙදෙනා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතය.

    අද (15) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශයක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සිද්ධිය සම්බන්ධව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවය.

    එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ අදාළ සැකකරුවන් විසින් රුපියල් ලක්ෂ 29ක මුදලක් පරිත්‍යාගශීලීන්ගෙන් ලබා ගනිමින් ඔවුන්ගේ පරිහරණය සඳහා යොදා ගෙන තිබූ බවත් පොලිස් විමර්ශනයේදී අනාවරණය වූ බවය.

    දහස් ගණනක් හදවත් රෝගී දරුවන්ට නිරෝගී අනාගතයක් උරුමකරදීම සඳහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය, දෙරණ මාධ්‍ය ජාලය සමඟ එක්ව 2016 වසරේදී Little Hearts ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පියවර ගත්තේය.

    එහිදී යම් පාර්ශ්වයක් විසින් එම ව්‍යාපෘතියේ නම අවභාවිත කරමින් ජනතාවගෙන් මුදල් කොල්ලකෑමේ ජාවාරමක් ක්‍රියාත්මක කරන බවට අද දෙරණ උකුස්සා ට පසුගියදා තොරතුරු අනාවරණය විය.




     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,155
    6,607
    113
    East Blue (Goa Kingdom)
    මූ කොහෙද නම පාවිච්චි කරලා තියෙන්නේ කිසිම දෙයක් පැහැදිලි නැහැ .

    %@@!@!@ news එක ලියල තියෙන විදිහට එකට මිනිස්සු සල්ලි දෙන්න දෙපාරක් හිතන ගානට ලියල තියෙන්නේ .

    NEWS එක ලියල තියෙන විදිහ 100% අපැහැදිලි .
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,344
    166,713
    113
    එකමත් එක රටක
    Little Heart එකට යන සල්ලි මූ කොහොමද උස්සන්නේ ?

    මූ රජයේ ආයතනයක ලොක්කෙක්ද ? accountant කෙනෙක්ද ?

    මේ පොන්නයෝ NEWS එක ලියල තියෙන විදිහ 100% අපැහැදිලි .
    ඌ ඒ නම පාවිච්චි කරලා වෙන එකක් හදාගෙන ද කොහෙද
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,209
    7,723
    113
    Little Heart එකට යන සල්ලි මූ කොහොමද උස්සන්නේ ?

    මූ රජයේ ආයතනයක ලොක්කෙක්ද ? accountant කෙනෙක්ද ?

    මේ පොන්නයෝ NEWS එක ලියල තියෙන විදිහ 100% අපැහැදිලි .
    ne mu e lagin yana namak dagena wenama karapu wadak meka

     
    • Like
    Reactions: Ysa Karu

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,655
    1
    51,395
    113
    ප*යාගල
    sorry.com
    බල්ලො මraලා උනත් සල්ලි හම්බ කරන අවදාන බඩුව " සේනාධීරගේ දුලාන් මහේෂිත නොහොත් (දුලාන් සේනාධීර) හා ඔහුගේ බිරිඳ වන අබේගොඩ ලියනගේ ඉසුරි භාග්‍යා මධුවන්ති යන අඹු සැමි යුවල විසින් සිදුකරන ලද හඳවත් රෝගී දරුවන් විකුණන් කාපු Little Heart වංචාව,

    දහස් ගණන් හදවත් රෝගී ලමයින්ගෙ අනාගතය හදන්න පටන් ගත්තු Little Heart කියන සමාජ සත්කාරයෙ නම විකුණලා සල්ලි ගරලා මේ වෙද්දි මාට්ටු වෙලා තියෙනවා වගෙම විස්තර එලියට ඇවිත් තියෙනවා.

    "උපුටා ගැනීම"

    🛑
    මොකක්ද මේ Dulan Senadheera ගෙ Little Heart වංචාව?

    Edited btw kohomada kohedida use karala thiyenne ,
    2023 වර්ශයේ මැයි මස 26 දින දුලාන් සේනාධීර හා ඔහුගේ බිරිඳ විසින් සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ PV-00277179 යටතේ,
    [ Little Hearts(PVT)LTD ] No:- 15/A,පොල්හේන්ගොඩ ටෙරස්,කොළඹ -05 ව්‍යාජ ලිපිනය යොදා,
    සමාගම් අධ්‍යක්ෂක ලෙස අඹේගොඩ ලියනගේ ඉසුරි භාග්‍යා මදුවන්ති(199852210657) යන අයවලුන් හා සමාගමේ ලේකම් ලෙස සේනාධිරගේ දුලාන් මහේශිත(199624401084) යන අය විසින් ව්‍යාජ සමාගමක් නිර්මාණය කර තිබෙනවා.


    ඉහත කී සමාගම ව්‍යාජ ලෙස නිර්මාණය කිරීමෙන් අනතුරුව පහත සඳහන් ගිණුම් අංක සහිතව ලංකා බැංකුව නාරාහේන්පිට ශාඛාවේ සහ වෙන්නප්පුව ශාඛාවේ අවස්ථා දෙකකදී ව්‍යාජ ගිණුම් සකස් කොට ඒ සඳහා මුදල් බැර කර ගැනීම මොවුන්ගේ ජාවාරමේ එක් කොටසකි.

    2023 ජුනි මස 02 දින ලංකා බැංකුවේ නාරාහේන්පිට ශාඛාවේ ගිණුම් අංක 90830917 Little Hearts නමින් ගිණුමක් විවෘත කර ඇත.වංචා සහගත ලෙස මුදල් එම ගිණුමට බැර කර ගැනීමෙන් අනතුරුව 2023 ජූලි මස 03 දින එම ගිණුම වසා ඇත

    පසුව 2023 දෙසැම්බර් මස 08 වැනි දින නැවතත් ලංකා බැංකුව වෙන්නප්පුව ශාඛාවේ ගිණුම් අංක 92005131 යටතේ නැවතත් ගිණුමක් විවෘත කර ඇති අතර එය 2025 ජනවාරි මස 11වැනි දින මේ මොහොත වන විටත් ක්‍රියාකාරී මට්ටමක පවතී.

    🛑
    මොවුන් දෙදෙනා ඉහත කී ගිණුම් සදහා මුදල් බැර කර ගන්නේ කෙසේද?

    ඉහත කී ලංකා බැංකුවේ ගිණුම් අංක 90830917 මුදල් බැර කර ගනු ලබන්නේ ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා අනුග්‍රාහක දැන්වීම් පලකරමින් විවිධ උත්සව හා සැණකෙළි Little Hearts අරමුදලට ආධාර පිණිස සංවිධානය කරන බව ව්‍යාජ දැන්වීම් මගින් ප්‍රචාරය කර එම අරමුදල මගින් සංවිධානය කරන බව වෙළඳුන් හා එම ක්ෂේත්‍රයේ සිටින පුද්ගලයින් දැනුවත් කර වෙලදකුටි ලබා දෙන බව පවසා වංචනික ලෙස මුදල් ඉහත කී ගිණුමට බැර කර ගැනීමෙන් අනතුරුව ඔවුන් භාවිතා කළ දුරකථන අංක පවා ඉවත් කර දමයි.


    "උපුටා ගැනීම අවසන්"

    කාලයක පටන් ආදායම් මාර්ගයක් ලෙස කක්කි සුදාලා එක්ක Ushan Vlogs වගෙ ගලි ෆෝම් කරපු අවදාන බඩුවගෙ තවත් හෙලුවෙක් එසේය.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    සේනාධීරලාගේ දුලාන් මහේෂිත හා 23 හැවිරිදි පාලවිය ප්‍රදේශයේ පදිංචි මානිකුගේ සඳරුවන් සිල්වා

    කො තම්බි? අපි ඔහොම පහාතට වැටෙන්නෙ නෑ ඩොහ්
     
    • Haha
    Reactions: Jihadi john

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,008
    113
    34
    Kalutara
    ඌ පොලිසියට අහුවෙන්න කලින් උගේ චැනල් එකේ සේරම වීඩියෝ වල කමෙන්ට් දාන්න බැරි වෙන්න ඕෆ් කරලා ගිහිල්ලා තියෙන්නේ... 🤣🤣🤣

    බලද්දී සේරම සුදු ඇඳගෙන එන්නේ කළු චරිත....
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,994
    113
    මූ කොහෙද නම පාවිච්චි කරලා තියෙන්නේ කිසිම දෙයක් පැහැදිලි නැහැ .

    %@@!@!@ news එක ලියල තියෙන විදිහට එකට මිනිස්සු සල්ලි දෙන්න දෙපාරක් හිතන ගානට ලියල තියෙන්නේ .

    NEWS එක ලියල තියෙන විදිහ 100% අපැහැදිලි .
    ඌ ඒ නම පාවිච්චි කරලා වෙන එකක් හදාගෙන ද කොහෙද
    එකම නමට ලෝගෝ 2ක්. මම දන්න විදියට උඹට එහෙම කම්පනි 2ක් register කරන්න බෑ. ඒත් මුන් මම හිතන්නෙ register නොකර තමා ගේම ගහල තියෙන්නෙ.

    ඕක නෙවී මෙතන ලොකුම අවුල, මූ ඉස්සර අනිත් උන්ට හොරා හොරා කියලා ගේම ඇද්දා. දැන් උන් සෙට් එක මූ හොරා අපේ නම කෑවා තරහට කියලා අරකටත් වැඩියෙන් හොරාකාල සිංහලුන්ට පුකේ අරිනවා.
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,828
    2,733
    113
    මේකේ එකෙක් මූ වෙනුවෙන් ත්රෙඩ් එකකුත් දැම්ම ගුන කියල :lol: