මේවා කරේ කවුරුන්ද ?
යන්න ඔබ දැන සිටියාද ? සමහරුන්ට මේවා වැදගත් නොවෙන්න පුළුවන් ඒ කොහොම උනත් මේ දේවල් ගැන ජ්‍යත්යන්තරයෙන් පවා අඩුවෙනුයි දන්නවා ඇත්තේ මේවට පුළුල් ප්‍රචාරයක් දෙන්න කවුරුත් නැති එකයි ප්‍රශ්නේ වෙලාවක් තියේ නම් කියවලා බලන්න
https://en.wikipedia.org/wiki/List_of_people_assassinated_by_the_Liberation_Tigers_of_Tamil_Eelam
https://balawegaya.wordpress.com/2011/04/27/the-list-of-massacre-by-tamil-tigers/
https://en.wikipedia.org/wiki/List_of_attacks_attributed_to_the_LTTE
http://www.internationallawbureau.c...-List-of-LTTE-attacks-on-civilian-targets.pdf
තමිල්නාඩු පොලිසියෙන් පාඩම් උගනිමු
ලංකා පොලිසියට නොහැකිදේ තමිල්නාඩු පොලිසිය කරන බව පෙනේ. ලංකාවේ පොලිසියට හොරු ඇල්ලිය හැක. මිනීමරුවන් ස්‌ත්‍රී දූෂකයන් අත්අඩංගුවට ගත හැකිය. තමිල්නාඩු පොලිසියටත් මෙය කළ හැකිය. නමුත් ලංකා පොලිසියට මැයි 18 වැනිදා කොටි සැමරුම් කළ කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට බැරිවිය. ඒ සඳහා ඔවුන් හට නියෝග ලැබී නොතිබිණි. ලංකාවේ තහනම් සංවිධානයක සාමාජිකයන් සැමරීම ත්‍රස්‌තවාදීන් සැමරීම බරපතළ වරදකි. නමුත් මේ සියල්ල සිදුවෙද්දී ධර්මයේ හැසිරීමට හෝ භාවනා කිරීමට උතුරේ පොලිස් නිලධාරීන්ට සිදුවිය. එහෙත් තමිල්නාඩු පොලිසියනම් ලංකාවට ආදර්ශ ලබා දෙමින් එරට මරිනා වෙරළ තීරයෙහි ප්‍රභාකරන් සැමරීමට කටයුතු කළ පන්සිය පනස් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. අපේ පොලිසියට පන්සියයක් තබා පස් දෙනෙක්‌වත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ ඊනියා සංහිඳියාව නිසාද? ලංකාවේ මෙන්ම ඉන්දියාවද කොටි සංවිධානය තහනම් කර ඇත. කොටි තහනම ලංකා පොලිසියට අමතක වුවත් ඉන්දීය පොලිසියට අමතක නැත. තමිල්නාඩුවේ කෝටි හයකට අධික දෙමළ ජනතාවක් වාසය කළද ප්‍රභා සැමරුම්වලට ඉඩ නොලැබේ.
ඇත්තෙන්ම ලංකා පොලිසියට අණ දෙන්නේ මධ්‍යම ආණ්‌ඩුවද නැත්නම් උතුරු පළාත් සභාවද යන ප්‍රශ්නය අප තුළ පැන නඟී. එය මේ රටේ බහුතර කොටි විරෝධී ජනයා තුළ කැකෑරෙන ප්‍රශ්නයකි. කැබිනට් ප්‍රකාශකයා විසින් කොටි සාමාජිකයන්ද දරුවන් ලෙස හැඳින්වූ නිසා පොලිසියට නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූවේද? එසේනම් පසුගිය 18 වැනිදා මුල්ලිවයිකාල්හිදී මියගිය දරුවන් වෙනුවෙන් මුණුපුරු මිනිපිරියන් විසින් සිදුකළ සැමරුම්වලට බාධා පැමිණවීමට ශ්‍රී ලංකා පොලිසියට කිසිවක් කළ නොහැකිය. එහෙත් මේ පොලිස් නිලධාරීන්ද සිය අතීතය සිහිකර ගත යුතුය. මීට වසර 28 ට ඉහතදී තිරුක්‌කෝවිල්හිදී තම සහෝදර නිලධාරීන් හයසියයක් අමු අමුවේ වෙඩි තබා මරා දැමූවන් උතුරේ මෙන්ම නැගෙනහිරදී සමරනු ලැබූ බවය. නමුත් තිරුක්‌කෝවිල්වලදී වෙඩි තබා මරා දැමුණු පොලිස් නිලධාරීන් හයසියය සමරන්නේ කවුරුද ඔවුන් දරුවන් නොවේද? නොදරුවෝද? ඉතිහාසය අමතක වීම බරපතළ ප්‍රශ්නයකි. එය සුවකළ නොහැකි රෝගයක් බවට පත්වී හමාරය. ලංකා පොලිසිය තමිල්නාඩු පොලිසියෙන් පාඩම් උගත යුත්තා සේම වසර විසිඅටකට පෙර මියගිය තම සහෝදර නිලධාරීන්ද අමතක කළ යුතු නැත.
1990 ජුනි 11 වැනිදා තිරුක්‌කෝවිල් කැලෑවට ගෙනයනු ලැබූ පොලිස් භටයන් හයසියය දැත් බැඳ වෙඩි තබා මරා සිරුරු පුළුස්‌සා දමා තිබිණි. මෙම මහා සංහාරය සිදුවූ ස්‌ථානය හිටපු විශේෂ කාර්ය බළකා නිලධාරියකු වූ ජනෙත් විමල මහතා විසින් සොයාගෙන එහි විශේෂ ස්‌මාරකයක් ඉදිකිරීමට නියමිත බව ඊයේ "දිවයින" මගින් වාර්තා කර තිබිණි. මේ ස්‌මාරකය අද ඊයේ නොව බොහෝ කාලයකට පෙර ඉදිකළ යුතුව තිබිණි. නමුත් දශක තුනකට පසුව හෝ සමරුවක් ඉදිවීම මියගිය නිලධාරීන්ට සිදුකරන උපහාරයකි. ඉතිහාසය යළි යළිත් පුනුරුච්ඡාරණය වන බව අමතක නොකළ යුතුය.

Last edited: