මේවා කෑවොත් අම‍ාරුවේ

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    මේවා කෑවොත් අම‍ාරුවේ

    සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශයට අනුව දිනකට නිරෝගී පුද්ගලයෙකු ලබාගතයුතු සීනි ප්‍රමාණය තේ හැඳි 6කි (සීනි තේ හැන්දක බර ග්‍රෑම් 05කි). නමුත් වෙළඳ පොලේ ඇති ක්ෂණික ආහාරවල අධික සීනි ප්‍රමාණයක් අඩංගු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කරන ලද සමීක්ෂණයකින් සොයාගෙන තිබෙනවා. මේ එම පානයන් ග්‍රෑම් 100ක් තුළ අඩංගු සීනි ග්‍රෑම් ප්‍රමාණයයි.

    පැණි බීම (කාබනී කෘත බීම) - ග්‍රෑම් 13
    යෝගට් පාන ග්‍රෑම් - 17
    සීත කෝපි ග්‍රෑම් - 10
    මිශ්‍ර පළතුරු බීම ග්‍රෑම් - 9

    දිනකට නිරෝගී පුද්ගලයෙකු ලබාගතයුතු ලුණු ප්‍රමාණය තේහැඳි 01කි. පහතින් දක්වා ඇත්තේ අදාල ආහාරයේ ග්‍රෑම් 100ක අඩංගු ලුණු ග්‍රෑම් ප්‍රමාණයයි.

    බයිට් පැකට් (කඩල, මුරුක්කු, කජු...) ග්‍රෑම් - 1-5
    සුප්කැට ග්‍රෑම් - 45
    ක්ෂණික නූඩ්ල්ස් (රසකාරක පැකැට්ටුව ග්‍රෑම් - 15-30)

    එබැවින් මෙම ආහාර ගැනීමේදී සැළකිළිමත් නොවුවහොත් ඔබ සහ ඔබේ පවුලේ සාමාජිකයින් නොයෙක් රෝග තත්වයන්ට මුහුණ දියහැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ (පාරිභෝගික කටයුතු සහ තොරතුරු) එච්.ඩී. චන්ද්‍රිකා තිලකරත්න මහත්මිය පවසනවා.