මේවා දැකලා එපා වුනා බන් කසාද

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,852
    799
    113
    @Thusithaya
    මේවා දැකලා එපා වුනා බන් කසාද

    මචංලා මගේ යාලුවෙක් ඉන්නවා ඉස්කොලේ කාලේ ඉදන් බොක්ක ලගදි වුව ආයෙත් සෙට් වුනා මු හැන්ඩියා මුට ඒ කාලේ ඉදන්ම කැලි සෙට් වෙනවා

    ඉතිං මේ කැලි සින් එකක් නෙමේ මු වැඩ කරන තැන මුට වඩා වයස ගැනියෙක් ඉදලා තියෙනවා ඉතින් මු ඒකට රුම් ගෙනහිල්ලා දවස් දෙකක් තියාගෙන වැඩ;) දරැවකුත් ඉන්නවා :(මහත්යා රට:)

    ඉතිං උ අද පෙන්නුවා ඒකි ෆේස් බුක් එකේ බලන්න ඕන මහත්යාගේ අතේ පැටලිගෙන දරැවත් එක්ක ඉන්නවා නිකන් පත්තිනි අම්මා වගේ :frown:

    අනේ මම දන්නෙ නෑ මේ ගැනු හින්දා වෙන දේවල් මම හිතන්නෙ අපේ සංසාරේ දික් වෙන් වෙන්නෙ මේ ගෑනු සින් නිසා කියලා බන් මමත් යෝජිත විවාහයකින් බදින්න බලන්නෙ:dull: අනේ මන්දා හිත අස්සෙ අමුතු බයකුත් තියෙනවා:oo: ඔක්කොම ගෑනුත් මේ වගේ නෙමයි :cool:මේකත් බලපල්ලා මම යනවා .........


    http://www.divaina.com/2015/11/01/feature02.html

    හැම අනියම් සම්බන්ධයක්‌ම
    කෙළවර වන්නේ ලේ විලකින්ද?
    අපරාධකරුවකුගේ හෘදය සාක්‍ෂිය

    අපරාධ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
    උදය කුමාර අමරසිංහ මහතා



    අනියම් සබඳතාවක්‌ නිසා සිය වටිනා ජීවිතය පෝරකයට සින්න කළ එක්‌තරා හමුදා සාමාජිකයකුගේ හෘද සාක්‍ෂිය පසුගිය දිනක මට අසන්නට ලැබිණි. එය ඉතා කනගාටුදායක මෙන්ම අවාසනාවන්ත කතාවකි. එම සිදුවීමේ පසුබිම වසර 25 ක්‌ තරම් අතීතයකට දිවයයි.

    ඒ 80 දශකය අවසානයේ මෙරට කැළඹූ භීෂණයේ පශ්චාත් කාලයයි. කොළඹ සිට කිලෝ මීටර් දෙසියයකට වඩා ඈත දුෂ්කර පළාතක පිහිටි හමුදා කඳවුරක ඔහු සේවය කරමින් සිටියේය. ඔහුගේ රාජකාරි ස්‌වභාවයත් එකල පැවැති වාතාවරණයත් මත ඔහුට එම හමුදා කඳවුර අයත් ගමේ වැසියන් සමඟ ළඟින් ඇසුරු කිරීමේ ඉඩක්‌ ලැබිණි. ගැමියන්ද ඔහු සමඟ ඇසුර ප්‍රිය කළේ කඩවසම් පෙනුමෙන් යුතු මේ නිලධාරියා සැම විටම කාටත් මුව සිනහවකින් සරසාගෙන හිතෛෂීවන්තකම පාන බැවිනි. නමුත් කාලය ගතවත්ම රාජකාරි කටයුතු සඳහා නිතර ගමට යන එන මේ හමුදා සාමාජිකයාගේ සිත ඔහුටත් හොරාම අල්ලා ගන්නේ ඒ ගමේම ජීවත් වූ සිත්ගන්නා පෙනුමෙන් යුතු තිදරු මවකි. ඔහු මුලදී ඇය සමඟ හිතවත්කමක්‌ ගොඩනඟා ගැනීමට සමත් වෙයි. ඒ හිතවත්කම මත කල්යත්ම ඔහු රාජකාරි කටයුත්තක්‌ පරිද්දෙන් තමන් ප්‍රිය කරන කාන්තාවගේ නිවසට නිතර පැමිණ තිබේ. ඒ ආගිය ගමන්වල කෙළවර වන්නේ ඔවුන් දෙදෙනා අතර ඇතිවන රහස්‌ ප්‍රේම සබඳතාවකි.

    නමුත් සැම විටම අසල්වැසියා කන බොන කරන කියන දේ ගැන ඇස ගසා සිටින ගැමියන්ගේ ගැමි පුරුද්දට ඒ රහස වසන් කළ නොහැකි විය.

    එහෙත් ලෝකයාට ප්‍රසිද්ධ රහසක්‌ වූ එය මේ කාන්තාවගේ ස්‌වාමි පුරුෂයාට ඒ වන විටත් එය රහසක්‌ම පමණි. ඒ නිසාම අහිංසක ගොවියකු වූ ඔහුට නිවසට නිතර යන එන මේ පුද්ගලයා තමන්ගේ කුළුපග මිතුරෙකි.

    නමුත් මේ සියල්ල වැසි සහිත කාලයක නිසොල්මන්ව ගලා බසින ගංගාවක්‌ පරිද්දෙන් ගලා නොයයි. ප්‍රේමය ආශාවන් බවට පෙරළී ජීවිතය එයම පමණක්‌ බව සිතන විට ඔවුන් අවට ඇති ලෝකය මේ දෙදෙනාටම නොපෙනේ. අද මරණ දඬුවමට කැපවූ පසුතැවෙමින් හිඳින ඒ සිරකරුගේ (හමුදා සාමාජිකයා) හෘද සාක්‍ෂියට අනුව එක්‌තරා මොහොතක එම කාන්තාව ඔහුට මෙවැනි යෝජනාවක්‌ කරයි.

    ඒ තවදුරටත් මේ සබඳතාව පවත්වාගෙන දෙදෙනාට සතුටින් ජීවත් වීමට නම් තමන්ගේ සැමියා ඝාතනය කළ යුතු බවයි. ඒ සඳහා තමන්ට ඉතා විශ්වාසවන්ත තවත් පුද්ගලයකුගේ සහාය ලබාගත හැකි බවද ඇය ඔහුට පවසා තිබේ.

    කාන්තාවගේ යටි සිතේ වන සැලසුම මේ පුද්ගලයා ලවා සිතැඟි පරිදි සිදුකර ගන්නේ අනතුරුවයි. ඒ සැලසුම අනුව මේ කාන්තාව සැමියා ඝාතනය කරවීම සඳහා කිසිවකුගේ අවධානයට ලක්‌ නොවන නිවසක්‌ තෝරා ගනී.

    එම නිවස අයත් නිවැසියන් කලක සිට ප්‍රදේශයෙන් ඉවත්ව ගොස්‌ ඇති අතර නිවස රැකබලා ගැනීමේ වගකීම ඒ වන විට සිදුකර ඇත්තේ මේ කාන්තාව සහ ඇයගේ සැමියායි. එම නිසා ඇතැම් දිනවල රාත්‍රි කාලයේ මේ කාන්තාව සහ සැමියා එම නිවසේ ගත කිරීම සාමාන්‍ය සිදුවීමකි. එවැනි එක්‌ රාත්‍රියක එම නිවසට මුහුණු වසාගෙන පැමිණෙන පුද්ගලයන් දෙදෙනෙක්‌ මේ කාන්තාවගේ සැමියා පැහැරගෙන ගොස්‌ ඝාතනය කර පොහොර උරයක දමා තිබියදී පසුදා ගම්මුන් විසින් සොයා ගනිති. එදිනම පොලිසියට ගොස්‌ පැමිණිල්ලක්‌ කරන මේ කාන්තාව ප්‍රකාශ කරන්නේ පෙර දින රාත්‍රියේ මුහුණු වසාගත් පුද්ගලයන් දෙදෙනෙක්‌ පැමිණ සැමියාව පැහැරගත් බවත් ඉන් එක්‌ පුද්ගලයෙක්‌ හැඳිනගත හැකිය කියාත්ය.

    මේ පුද්ගල ඝාතනයේ කුමන්ත්‍රණකාරී ස්‌වරූපය දිගහැරෙන්නේ පොලිසිය ඇයගේ කටඋත්තරය මත ඇය සමඟ අනියම් සබඳතාව පැවැත්වූ හමුදා සාමාජිකයා අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නඩු පැවරූ පසුවයි. එහිදී ඇය අධිකරණය ඉදිරියේ සාක්‍ෂි ලබාදෙන්නේ හමුදා සාමාජිකයාට එරෙහිවයි. සැමියා ඝාතනය කිරීමට පැහැර ගැනීම සඳහා වන "ඇසින් දුටු සාක්‍ෂිය" මත පදනම්ව කළ පරීක්‍ෂණවලින් පසු ඝාතනය සම්බන්ධයෙන් හමුදා සාමාජිකයා අධිකරණයේදී වරදකරු බව සාධාරණ සැකයකින් තොරව පසුව ඔප්පු වෙයි. එහෙත් ඔහු සමඟ සිටි පුද්ගලයා පිළිබඳ හමුදා සාමාජිකයා හෝ කිසිවෙක්‌ සාක්‍ෂි නොදීම නිසා එම කාන්තාවගේ විශ්වාසවන්ත පුද්ගලයා වන තැනැත්තා එම වරදෙහි කොටස්‌කරුවකු බවට පත් නොවී තිබේ.

    මේ සියලු සිදුවීම්වලින් විසිපස්‌ වසරකට පසු මේ ඝාතනය පිළිබඳ කළ අධ්‍යයනයකදී අනාවරණය වන්නේ මේ කාන්තාව දැන් මරණ දඬුවමට ලක්‌ව සිරබත් කන හමුදා සාමාජිකයා සමඟ අනියම් සබඳතාව පවත්වන අතරතුරේම පෙර කී ඇයගේ විශ්වාසවන්ත පුද්ගලයා සමඟද සබඳතාවක්‌ පවත්වා ඇති බවකි. සැමියා ඝාතනය වී ඊට වරදකරු වූ හමුදා සාමාජිකයා එල්ලුම් ගසට නියම වූ පසු මේ දෙදෙනා කිසිවක්‌ නොවූ ලෙස අලුතෙන් පවුල් ජීවිතයක්‌ අරඹා අදටත් ඔවුන් දෙදෙනා එලෙසම ජීවත් වෙති.

    ඉහත සිද්ධිය අනියම් සබඳතා හේතුවෙන් සිදුවූ පුද්ගල ඝාතන සම්බන්ධයෙන් වන සුවිශේෂ සිදුවීමකි. බොහෝ අනියම් සබඳතාවල අවසානය ආරවුලක්‌ හෝ මෙවැනි පුද්ගල ඝාතනයකි. සමාජයේ අඩු අධ්‍යාපනයක්‌ ඇති පහළ ස්‌ථරවල මෙන්ම ඉහළ ස්‌ථරවලද මෙවැනි අනියම් සබඳතා පවතින බව මතයක්‌ පවතී. එහෙත් පහළ ස්‌ථරවල සිදුවනවා සේ මෙවැනි සිද්ධිවලදී ප්‍රචණ්‌ඩත්වයෙන් ඒවා කෙළවර නොවේ. ඔවුහු ඒවා තමන්ගේ තරාතිරම, අධ්‍යාපන මට්‌ටම, සමාජ තත්ත්වය මත එම ප්‍රචණ්‌ඩත්වය පාලනය කරගති. පුද්ගල ඝාතන සම්බන්ධයෙන් වරදකරුවන්ව සිටින වැඩි පිරිසක්‌ ඉතා අඩු අධ්‍යාපනයක්‌ සහිත වූවන් බවද ඒ පිළිබඳ සොයා බැලීමේදී අනාවරණය වේ.

    තිස්‌ස ගුණතිලක
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මටනම් කොහොමත් කසාද බඳින්ඩ අයිඩියා නෑ..මෙහෙමයි බන් හැම ගෑනිමත් ඔහොම නෑ..ඔය වගේ පට්ට @%& හිඳා තමා සේරම..පලන්ඩ ඕනි ඔකුන්ගෙ අහවල් එක
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,852
    799
    113
    @Thusithaya
    මම බෙනා;19217968 said:
    මටනම් කොහොමත් කසාද බඳින්ඩ අයිඩියා නෑ..මෙහෙමයි බන් හැම ගෑනිමත් ඔහොම නෑ..ඔය වගේ පට්ට @%& හිඳා තමා සේරම..පලන්ඩ ඕනි ඔකුන්ගෙ අහවල් එක

    ඒත් බැදපන් මමත් ඔහොම හිතුවා කාලෙක බට් අපිට තනිකඩව ඉන්න බෑ නැත්තම් මහණ වෙයන් :)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Loke wiwidakara minissu inne..kohoma wunath thaman adahana agamata Anuwa kenek jiwithe geniyanawanan pasuthawenne nathuwa jiwath wenna puluwan..kisima kenekta apiwa waradata polwabawanna ba apen yanthan Hari anubalayak naththan..thaman wapurana de thamai kata wunath nela ganna wenne anthimata..thaman kisima dawasaka waradak karala naththan baya wenna hethuwak na mama hithanne..karana kalata paw mihiriya me se...windina kalata duk Dadi Wei gini se..:yes::)
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,852
    799
    113
    @Thusithaya
    Loke wiwidakara minissu inne..kohoma wunath thaman adahana agamata Anuwa kenek jiwithe geniyanawanan pasuthawenne nathuwa jiwath wenna puluwan..kisima kenekta apiwa waradata polwabawanna ba apen yanthan Hari anubalayak naththan..thaman wapurana de thamai kata wunath nela ganna wenne anthimata..thaman kisima dawasaka waradak karala naththan baya wenna hethuwak na mama hithanne..karana kalata paw mihiriya me se...windina kalata duk Dadi Wei gini se..:yes::)

    hariyata hari akke :)