මේවා මතකද? දැන් බලන්නේ මොනවද?

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"

    අනේ මන්ද මචෝ, මුලු ලෝකෙම කැත දලබුවන්ගෙ ඉදල ලස්සන න් පරිනාමයවෙද්දි එදා ලස්සන
    න් විදිහට තටුසලපු රූපවහනී නාලිකාත් අද කැත දලබුවන් පරිනාමයවෙලා.......:rofl::P:oo:

    කඩුල්ල, වෙදහාමිනේ, චරිත තුනක්, ඉසිවර අසපුව, පලිගුමැනිකෙ, මැනික්නදිය ගලාබසී, දඩුබස්නාමානය, එකගේ කුරුල්ලෝ, මවකගේ ගීතය, ලාහිරු දහසක්, වගේ හරවත් නිර්මාන කරපු රටද මේක කියල හිතාගන්නත්බෑ.....:no::no::no:

    හිරුට මුවාවෙන්, සුසීමා, ගමන, ප්‍රමාද වැඩියි බෝඩිම වගේ සැහැල්ලු (ඉතා ඉහල ගනයේ නොවුනත්) එතේමාවන් යටතේ නිර්මානයවුනු නිර්මානත් ඉහලම රසක් පේක්ශකයන්ට පිරිනැමුව බව අවිවාදයෙන්ම පිලිගන්න ඕනෙ...!:yes::yes::yes:

    ඒත් අද කලාවත් නෑ, නලුවොත්නෑ (නලු-බට්ටොනම් වැහිවැහැලා ), නිර්මානත්නෑ...රසයකුත්නෑ....:no::frown::dull::rolleyes:

    මමනම් මේකටහේතුව වානිජකරනය විදිහට දකින්නෙනෑ...මොකද තනිකරම වානිජ අරමුනුවලින් (මුලු ලොව වටාම පෙන්වීම සදහා )නිපදවන හොලිවුඩ් TV Series වල (such as Prison Break,Game of Thrones, x-files, Millennium, homeland )කොතරම් ගන්නදේවල් තියනවද...? :cool::cool:කොතරම් නිර්මානසීලී නිර්මානයන් බිහිවෙනවද?

    මම හිතන්නෙ මෙයට මූලිකම හේතුව දැන් ඉන්න නිර්මානකරුවන් ඉහල සාහිත්‍ය කෘති ඇසුරුකර නොතිබීමයි, ඉහලගනයේ දේශීය-විදේශිය නිර්මාන අද්‍යනයකර නැතිවීමයි....

    දැන් ඉන්නෙ සල්ලිටිකක් අතගාපු නිර්මානකරයොයි , අර්දකාලීන නිලි-ගනිකාවොයි, පංචස්කන්දය විතරක් තියන රංගන අබ්බගාත නලුබට්ටොයි විතරයි.....
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    හිරුට මුවාවෙන්, සුසීමා, ගමන, බෝඩිම වගේ සැහැල්ලු (ඉතා ඉහල ගනයේ නොවුනත්) එතේමාවන් යටතේ නිර්මානයවුනු නිර්මානත් ඉහලම රසක් පේක්ශකයන්ට පිරිනැමුව බව අවිවාදයෙන්ම පිලිගන්න ඕනෙ...!:yes::yes::yes:

    ඒත් අද කලාවත් නෑ, නලුවොත්නෑ (නලු-බට්ටොනම් වැහිවැහැලා ), නිර්මානත්නෑ...රසයකුත්නෑ....:no::frown::dull::rolleyes:

    මමනම් මේකටහේතුව වානිජකරනය විදිහට දකින්නෙනෑ...මොකද තනිකරම වානිජ අරමුනුවලින් (මුලු ලොව වටාම පෙන්වීම සදහා )නිපදවන හොලිවුඩ් TV Series වල (such as Prison Break,Game of Thrones, x-files, Millennium, homeland )කොතරම් ගන්නදේවල් තියනවද...? :cool::cool:කොතරම් නිර්මානසීලී නිර්මානයන් බිහිවෙනවද?

    මම හිතන්නෙ මෙයට මූලිකම හේතුව දැන් ඉන්න නිර්මානකරුවන් ඉහල සාහිත්‍ය කෘති ඇසුරුකර නොතිබීමයි, ඉහලගනයේ දේශීය-විදේශිය නිර්මාන අද්‍යනයකර නැතිවීමයි....

    දැන් ඉන්නෙ සල්ලිටිකක් අතගාපු නිර්මානකරයොයි , අර්දකාලීන නිලි-ගනිකාවොයි, පංචස්කන්දය විතරක් තියන රංගන අබ්බගාත නලුබට්ටොයි විතරයි.....

    OYAGE KATAWA HARI.MEKA WENAS KARANNA INNA UNIT NODEKKA WAGE INNA AEKAI IWSAGENA INNA BERI
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,194
    113
    Ohio, USA
    මා කුඩා අවදියෙහි අප නිවසෙහි රූපවාහිනියක් නොතිබිණි. මගේ දෙමව්පියන්ට එවැන්නක් මිලදී ගැනීමට ආර්ථික ශක්තියක් නොතිබූ නිසා නොව අප සියල්ලන් සියලු වැඩ පසෙකලා එයටම ඇලී ගැලී සිටිනු ඇතැයි මගේ මවගේ විස්වාශය විය.මගේ මෑණියන් ගුරුවරියක් වූවාය. ඉගැන්වීම ඇයගෙ ‍රැකියාවකට වඩා වගකීමක් ලෙස සැලකූ අතර අප කුඩා කල අපට හමු වූ ගුරුවරුන්ගෙන් 99%ක්ම වාගේ එයම අනුගමනය කළ අය වීම අප ලද භාග්‍යයක්ම විය යුතුය.උපකාරක පංති කලාව කොළඹින් ඉතා දුර බැහර වූ මා උපන් ගම් පියසෙහි ඉතා ළදරු අවධියක පැවතිණ.

    අපට ඇති තරම් විනෝද වීමට කාලය තිබිණ. රූපවාහිනියක් නොතිබීම මහා ලොකු අඩුවක් ලෙස නොදැනුනේ මා හට සම වයසේ ඥාති සහෝදරයින්ගෙන්ද මගේ පවුලේම සහෝදර සහෝදරියන් තිදෙනෙකුගෙන්ද අඩුවක් නොතිබූ නිසාය. එහෙත් අහල පහල ගෙවල්වලට පැන රූප පෙට්ටියට නෙත් ඇලවීමටද අපි බසුබට නොවීමු. මේ ගැන නම් මගෙ මවගේ කැමැත්තක් නොවුනු හෙයින් අවසන් ප්‍රතිඵලය වූයේ රූපවාහිනියක් අප නිවසටද පැමිණීමය. රූප පෙට්ටිය අප නිවසට පැමිණියද එයට අප නිවස ආක්‍රමනය කිරීමට නොහැකිවූයේ ගෘහ මූලිකත්වය රූපවාහිනී සභාපතිතුමාට දීමට තරම් මගේ මව්පියන් මෝඩ නොවුනු හෙයිනි.

    එකල චන්ද්‍රිකා රූපවාහිනී සේවා හෝ කේබල් ටී වී සේවාවන් නොතිබූ අතර ජාතික රූපවාහිනිය හා ස්වාධීන රූපවාහිනිය හැරුනුවිට අනික් සේවාවන් කොළඹට පමණක් සීමාවිය.පෙර කී සේවාවන්ගෙන්ද අද තරම් කුණුකන්දල් ගලා ඒමක් නොවීය. මට මතක මා නැරඹූ පලමු ටෙලිනාට්‍ය "ලා හිරු දහසක්" විය. "යශෝ රාවය,පලිඟු මැණිකේ,දඬුබස්නාමානය,අකාල සන්ධ්‍යා,මානව වාරන,උතුරුකුරු සටන,කීටයා,කෝපි කඩේ,දූ දරුවෝ,නෑදෑයෝ,සූරියදරුවෝ,කඩවර..... වැනි ටෙලිනාට්‍ය අප නොවරදවා නැරඹුවද රූපවාහිනී සේවා දෙකක් හෝ එකක් පමණක් පැවතීම නිසා පවුලේ සමගියට මහා ලොකු බාධකයක් නොතිබිණ. මෙම ටෙලි නාට්‍ය අප සියල්ලන්ටම එකතු වී නැරඹීමට හැකි තත්වයක තිබූ අතර හවස් වරුවට "පිස්සු පූසා,දොස්තර හොඳ හිත,Zoro,මායා බන්ධන 1,2,රොබින් හුඩ්,....." වැනි අදටත් මතක වැඩසටහන් විකාශනය විය. රූපවාහිනියට වැයකල මුලු පැය ප්‍රමාණය පැය දෙකක් හෝ ඊට මදක් වැඩි වන්නට ඇති නමුත් එය ඉතා සාමාන්‍ය මට්ටමේ වූවක් විය.

    මා 10වන වසරේ හෝ 9වසරේ පමණ සිටින අවධියෙහි හිටි ගමන් සිරස නාලිකාව පෙනෙන්නට පටන්ගත්තේය.. එක කොටසක් බලා ඊලග කොටස බලන්නට සතියක් බලා සිටි අපට සතියේ දින පහක් බලන්නට අමුතු තාලයේ කතා පෙළක් ලැබිණ.. "ශාන්ති,ප්‍රගති,දාමිණී" වැනි ඉන්දියානුවන් සහ අඩක් ලාංකික ඉන්දියානුවන් පැමිණ ටිකින් ටික රූපවාහිනිය බදු ගන්නට පටන් ගත් නමුත් එහිද "Texas rangers,සූර පප්පා,කවුද බෝයි,හර්ක්‍යුලීස්," වැනි සිත්ගත් වැඩසටහන් විය. "9.05න් පටන් ගෙන කදමල්ල,තිත්ත ඇත්ත,පාර දිගේ,433333,Dark Room,චැලෙන්ජර්ස්..." වැනි සඟරාමය වැඩසටහන් වලට අමතරව "අන්තර්ජාලය ඔබේ නිවසට" වැනි නවමු ආකාරයේ වැඩසටහන්ද අපෛ ආසාවෙන් නැරඹූවෙමු.

    මෙයාකාරයට සෙමෙන් ගලාගිය කතාවේ හැරුම් ලක්ෂ්‍යය කොතැනද යන්න අදටත් මට නොතේරේ..එක්කෝ ඒ තරමටම අප රූපවාහිනිය තුල වල්මත්වී ඇත.එසේත් නැතහොත් රූපවාහිනිය නිරුවත් වීම සෙමෙන් සෙමෙන් අපට නොතේරෙන ආකාරයට සිදුවී ඇත. අද සියලු රූපවාහිනී නිරුවත් වී ඇති සෙයක් මට හැඟේ. රූපවාහිනියේ පෙනී සිටින්නන්ද නිරුවත් වී ඇත ඔවුන් දර්ශන තලයේ අඩ නිරුවතද ඉන් පිටත සම්පූර්ණ නිරුවතද විකුණත්. ටෙලි නාට්‍ය නිලියන් කිහිප දෙනෙක් ගණිකා වෘතියේ යෙදී අසුවී තවත් බොහෝ දෙනාට චෝදනා එල්ල වී ඇත.. පෙනී සිටින්නන් පමණක් නොව වැඩ සටහන් අන්තර් ගතයන්ද නිරුවත්ය..වෙනත් ලෙසකින් කියනවානම් රත්තරන් යැයි සරුව පිත්තල පෙන්නන කාලයක් පැමිණ ඇත. කට ඇරගෙන මව,පියා දූ දරුවන්, සිඟිත්තාගේ සිට මහල්ලා දක්වා සියල්ලෝ ඉන්දියානු අච්චුවේ රඟපාන ගණිකාවන් දෙස බලා සිටිත්.. ඉඳ හිට අස්වල් දර්ශන,අසවල් වචන(තමුසේ...) ඉවත් කරන්න නියෝග කර දේශපානඥයින් ලකුණු දාගනිති. එහෙත් ඊටත් වඩා අසැබි වදන් ඔවුන්ම රියැලිටි වැඩසටහන්වල විනිශ්චයට පැමිණ දොඩත්..වරක් එක් දේශපාලකයෙක් මෙවැනි වැඩසටහනකට පැමිණ තරඟ කාරියකට පැවසුවේ "මට ඔයාගෙ කුක්කු බොන්න හිතෙනවා.." යන්නයි. කුක්කු බීම ගැනනම් අපට ගැටලුවක් නැත.. අප මේ පා නගන ප්‍රපාතයේ ගැඹුර ගැන නම් මහා ගැටලුවක් ඇත.

    ලංකාව ඉන්දියාවට ඉතා ආසන්න වීම නිසා රාම රාවණා කාලයේ සිටම ඉන්දියානු ආක්‍රමණවලට ලක් වීමට අපට සිදු විය.. එදා පටන් අද දක්වා සිදුවූ ආක්‍රමන වලින් එක් ආක්‍රමණයක් පමණක් ඉතා සොඳුරු විය. එය මෙයට අවුරුදු 2500කට පමණ පෙර මහා බුද්ධ පුත්‍රයාණන් වහන්සේ කෙනෙකුගෙන් සිදු වූ අතර එයම අප ලැබූ මහා භාග්‍යයම විය..එයින් අප ලැබූ මහාර්ඝ සම්පත් ටිකින් ටික අද ඉන්දියානුවන්ම උදුරාගැනීම එක්තරා ආකාරයක සරදමක්ම වැනිය.. එදා අප බුදු දහමින් ලද පෝශණය කුමන ආක්‍රමනය හමුවේවත් වල ලෑමට අපි දීන නොවීමු..එහෙත් ඒ සියල්ල රූප පෙට්ටියෙන් එන සොරුන්ට සොරාගැනීමට ඉඩ දී අපි නිවටයින් ලෙස බලා සිටින්නෙමු.

    නිමල් ලක්ෂපතිආරච්චි පැමිණ Night Time TV නමින් වැඩිහිටියන්ට පමණක් සීමාවූ වැඩ සටහනක් ඇරඹූ අතර එය ඉතා අශාවෙන් ළමා පරපුරම බැලුවද කිසිදු වැඩිහිටියෙක් නැරඹීම තබා එවැන්නක් විකාශනය වූවාද යන්න අදටත් නොදනී. ඔහු එතැනින් නොනැවතී ජාතික රූපවාහිනියට පැමිණ ප්‍රවෘති කියන නිවේදිකාව අඩ නිරුවත් කර නෙස්ටමෝල්ට් පෙව්වේය.. කොතරම් නිර්මාණශීලී වුවත් කුණුගොඩවල් විකිනීමට පටන් ගැනීම මගේ අදහසට අනුවනම් පටන්ගත්තේ සිරස නාලිකාව මගිනි.. මේ කුණු වලට හොඳ ඉල්ලුමක් ආ අතර අනෙක් නාලිකාවන්ද කුණු ආනයනකර හෝ විකිනීමට පටන් ගත් අතර ආලින්දය පුරා දිවා රෑ නැතිවම කුණු දෝර ගලන්නට විය.. පෙර කී පරිදි සිඟිත්තාගේ සිට මහල්ලා දක්වා තරගයට මේ කුණු කති.. මේ කෑ කුණුවල ආනිසංස සුලු රෝග ලක්ෂණ ලෙස දැනට ටිකින් ටික පෙනෙන්නට තිබෙන අතර පිළිකාව තවමත් සු‍රැකිව තිබේ.

    අද රටේ භාගයක් ගායකයෝ හා නර්තන ශිල්පියෝ වෙති. දවසකට දෙකකට සුපිරි තරු වන මොවුන්ගේ ගීත සතියක් දෙකක් අසන අප නැවතත් 70,80,90 දශකයේ ගායකයින්ට මාරු වෙන්නේ නිරායාසයෙනි. අද නර්තනයේ විශිෂ්ඨතම අංගය වී ඇත්තේ ලිංගිකත්වයයි.. එය එදා ශෘංගාර රසය යනුවෙන් යම් යම් සීමවන්ට යටත්ව පෙන්වුවද අද කිසිදු හිරිකිතක් නැතිව හුදු ලිංගිකත්වයම විකිනේ.. අද ලාංකිකයෝ තමන්ගේම ආලින්දයේ අතරමංවී යන එන මං නැතුව සිටිති. මග සොයා යා හැකි මව සහ පියා (බොහෝ විට මව) තම දරුවන් පෙර‍ටු කරගෙන බැදි වලම රිංගති.. තරු පහේ කෑම හදන වැඩසටහන් දවස් පහක් නරඹන ගැහැනු එක දවසක් තම පවුලට රහට කෑම නොදෙත්. මව් වරු දූවරු තරගයට යෝගට්,අලිපේර මූණේ උලති. බිත්තර සාරු කෙස් ගල්වති... ඉස්සර අනුභව කළ දෑ මූනේ ගාගෙන අන්ධයන් මෙන් තණ කොල කති. තම දියණිය සුපිරි තරුවක් කරන්නට විනාඩියකට දෙකකට රූපවාහිනියේ මූණ දාගන්නට කියන ඕනෑම දෙයක් කරති.. අප සිතන්නේ යුරෝපීය ආරටය,අඳින්නේ යුරෝපීය ආරටය,වැඩ කරන්නේ යුරෝපීය ආරටය එහෙත් තවමත් හිත ලාංකිකය.. ගැටෙන්නේ මේ දෙකය.. ලොකයක් ලස්සන කරන්නටනම් පෙරමුණ ගතයුත්තේ මවයි.. අවුරුද්දක් හෝ ඊට වඩා මවුකිරි දරුවන්ට දීමෙන් පමණක් එය කළ නොහේ.. මව දුරස්තපාලකය ‍රැ‍ඟෙන පැය භාගෙන් භාගෙට කුණු කන විට පරම්පරාවක් ඉදිරියෙන් සිටින දරුවෝ පරම්පරාවක් ඉදිරියෙන් එන කුණු කති, ඒ අන්තර්ජාලය,ජංගම දුරකථනය ආදී අනේක මාර්ග වලිනි..

    පෙනෙන ආකාරයටනම් අපට මග වැරදී ඇත.. ඉදින් මග සොයාගත යුත්තේද අපමය.. "ටී වී එපා, රූපවාහිනිය සලු ඇඳගනු" වැනි ජනප්‍රිය වැකි සහිත බෝඩ් ලෑලි එල්ලාගෙන පිකටින් කර මග සොයාගත නොහේ.. මහින්ද මාමාට පොඩි එකා ලවා ලියුමක් ලියා හෝ කෝල් එකක් දී හෝ නැවැත් විය නොහැක.. මන්ද මේ සියල්ල පි‍ටුපස මුදල නැමැති සර්වබලධාරී දෙවියා සිටින හෙයිනි.. වල්මත් වී යන උන්ට යන්නට හැර හරි මග යන්නට මව් වරු පෙරමුණ ගත යුතුය.. එයට රූපවාහිනී යන්ත්‍රය පොළොවේ ගැසිය යුතුය වැනි මෝඩ ‍රැඩිකල් යෝජනාවකින් වැඩක් නැත.. මේ පිලිබඳව පුලුල් කතිකාවතක් ඇති විය යුතුය.. රූපවාහිනියට පවුලේ වාරණයක් අවශ්‍ය වී තිබේ.. ‍රැඟුම් පාලක මණ්ඩලයේ සභාපතිත්වය මවට හා පියාට හිමි විය යුතුය.. එයට ඇමතිගෙන් ලියුමක් නම් අවශ්‍ය නොවේ.. අමුතුවෙන් මුදලක්ද වියදම් නොවේ..

    උපුටාගැනීමකි
    Code:
     http://sudill12.blogspot.com/2011_08_01_archive.html
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113

    අනේ මන්ද මචෝ, මුලු ලෝකෙම කැත දලබුවන්ගෙ ඉදල ලස්සන න් පරිනාමයවෙද්දි එදා ලස්සන
    න් විදිහට තටුසලපු රූපවහනී නාලිකාත් අද කැත දලබුවන් පරිනාමයවෙලා.......:rofl::P:oo:

    කඩුල්ල, වෙදහාමිනේ, චරිත තුනක්, ඉසිවර අසපුව, පලිගුමැනිකෙ, මැනික්නදිය ගලාබසී, දඩුබස්නාමානය, එකගේ කුරුල්ලෝ, මවකගේ ගීතය, ලාහිරු දහසක්, වගේ හරවත් නිර්මාන කරපු රටද මේක කියල හිතාගන්නත්බෑ.....:no::no::no:

    හිරුට මුවාවෙන්, සුසීමා, ගමන, ප්‍රමාද වැඩියි බෝඩිම වගේ සැහැල්ලු (ඉතා ඉහල ගනයේ නොවුනත්) එතේමාවන් යටතේ නිර්මානයවුනු නිර්මානත් ඉහලම රසක් පේක්ශකයන්ට පිරිනැමුව බව අවිවාදයෙන්ම පිලිගන්න ඕනෙ...!:yes::yes::yes:

    ඒත් අද කලාවත් නෑ, නලුවොත්නෑ (නලු-බට්ටොනම් වැහිවැහැලා ), නිර්මානත්නෑ...රසයකුත්නෑ....:no::frown::dull::rolleyes:

    මමනම් මේකටහේතුව වානිජකරනය විදිහට දකින්නෙනෑ...මොකද තනිකරම වානිජ අරමුනුවලින් (මුලු ලොව වටාම පෙන්වීම සදහා )නිපදවන හොලිවුඩ් TV Series වල (such as Prison Break,Game of Thrones, x-files, Millennium, homeland )කොතරම් ගන්නදේවල් තියනවද...? :cool::cool:කොතරම් නිර්මානසීලී නිර්මානයන් බිහිවෙනවද?

    මම හිතන්නෙ මෙයට මූලිකම හේතුව දැන් ඉන්න නිර්මානකරුවන් ඉහල සාහිත්‍ය කෘති ඇසුරුකර නොතිබීමයි, ඉහලගනයේ දේශීය-විදේශිය නිර්මාන අද්‍යනයකර නැතිවීමයි....

    දැන් ඉන්නෙ සල්ලිටිකක් අතගාපු නිර්මානකරයොයි , අර්දකාලීන නිලි-ගනිකාවොයි, පංචස්කන්දය විතරක් තියන රංගන අබ්බගාත නලුබට්ටොයි විතරයි.....
    ඔබ කියා තියන දෙයට සාධාරණ පිළිතුරක් පෙරදින Elakiri රේඩ්යෝවේ "සසල හද විල් තෙර" නම් වූ ඒ සොදුරු දෙපැය අතරතුරදී "දත් කිබුළා" ලබාදුන්නා. එනම් අද සිදුකරන්නේ රසිකයාට කලාව-කලාකරුවා වින්දනය කිරීමට නිදහස ලබාදීම නොව බලයෙන් රසික සිත් තුලට මේ මහා කළා නිර්මාණයක්/මේ වර්තමාන පරපුරේ විශිෂ්ඨ රංගධරයෙක් යන්න බලෙන් එබ්බවීමයි (තව විදිහකින් කියනවා නම් මාකට් කිරීමයි).

    රබර් බෝලයක් දිය යට තබාගැනීමට දරන උත්සහයක් ලෙසයි මම නම් මෙය දකින්නේ.

    මෙහිදී තවදෙයක් කිව යුතුමයි. එදා බොහෝ නළු නිලියන්, රූපවාහිනී නාට්‍ය කලාවට සමගාමීව වේදිකා නාට්‍ය කලාවේ යෙදෙන්නන් වුනා.
    රූපවාහිනියේ නාට්‍ය වලට සම්බන්ධ වුණෙත් වේදිකාවේ සිටිය පිරිස්ම තමයි. මහාචාර්ය සරච්චන්ද්‍රලා, ගලප්පත්ති, ගුණසිංහ, සමරකෝන්, හෙන්රි ජයසේන, ධර්මසිරි බණ්ඩාරනායක, රන්ජිත් ධර්මකීර්ති වැනි ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීනයන්ගේ ඇසුර, අභාෂය සහ මග පෙන්වීම මතිනුයි ඔවුන් රූපවාහිනියට පිවිසියේ.

    වේදිකා නාට්‍ය කලාවත් රූපවහිනී ටෙලිනාට්‍ය කලාවත් අතර වෙනස ඔබට පැහැදිලි කර දීමට අවශ්‍ය යැයි මම නොසිතමි. දර්ශනයක වැරද්දක් යලිත්, යලි යලිත් රගපා සංස්කරණය කර රසිකයාට ඉදිරිපත් කරනවාට වඩා සජීවීව ප්‍රේක්ෂකයන් ඉදිරියේ තම රංගන කුසලතාව වැඩීම හා චරිතයට සිදුකරන සාධාරණය වේදිකා නාට්‍යකදී හාත්පසින් වෙනස්. එහිදී ඉතා සුළු හෝ වැරදීමක් තුලින් මුළු මහත් නාට්‍යම විකෘති වීමකට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන් දන්නවා ප්‍රේක්ෂකයාට දැනෙන්න, ප්‍රේක්ෂකයාගේ සංවේදී ස්නායු කම්පනය කරන්න, කොටින්ම කියනවනම් අදාළ නිලයට මරු පහරක් දෙන්න. එදා ඒ වේදිකාවෙන් දක්ෂතාවන් මොනවට ඔප් නංවාගත් කළා කරුවන් විසින් සිදුකරන ලද චරිත/නාට්‍ය අදටත් අප අතර ජීවමාන වන්නේ ඒ නිසයි. අපි ඒවාට ආදරය කරන්නේ, ගෞරව කරන්නේ අන්න ඒ නිසයි.

    ඉහතදී මා සදහන් කල එදා ඒ භාවපූර්ණ කලාකරුවෙක්, රංගධරයෙක් රසිකයාට රස වින්දනය ලබන නිලයට ගසනු ලැබූ ඒ මාරක පහර, අද වර්තමානයේ නළු-නිලියන් (ඔබේ වචනයෙන්ම කියනවානම් අර්දකාලීන නිලි-ගනිකාවොයි, පංචස්කන්දය විතරක් තියන රංගන අබ්බගාත නලුබට්ටෝ) තුලින් මා දකින්නේ නපුංසක පුත්ගලයෙක් විසින් පුත්ගලයෙකුට " ඔයා නෝටි සමනලයා..." යැයි කියමින් මුදු ලෙස ගසන අතුල් පහරක් මෙනි.

    නාට්‍යක් තුළින් දිය යුත්තේ පළමුව සෞන්දර්යය බවත්, දෙවනුව පණිවුඩය බවත් හඳුනා නොගැනීම තමයි මේ විනාශයට තවත් හේතුවක් වුනේ. අහම්බෙන් හෝ නැරබීමට ලැබෙන වර්තමාන කළා නිර්මාණයැයි කියාගන්නා ඊනියා ටෙලිනාට්‍ය තුල මට නම් අද පෙනෙන්නේ සෞන්දර්යය පසෙකලා ගෙඩි පිටින් පණිවිඩය දෙන්න ගිහින් අවසානයේ ඇන ගැනීමයි. ඒක හරියට නටපු තොයිලෙකුත් නෑ-බෙරේ පලුවකුත් නෑ වගේ. සෞන්දර්යයෙන් තොරව කලාව පවත්වාගෙන යන්න බෑ කියලයි මම විශ්වාස කරන්නේ.

    එදා අපි කලාවට මුල් පොත් තිබ්බේ (80/90 දශක වල) මාර්ටින් වික්‍රමසිංහයන්ගේ මඩොල් දූපත වැනි ග්‍රන්ථ පරිශීලනයෙන්. ඒ වෙනකොට ඇමරිකාවේ ටාසන්ලා හිටියත් පුංච් අපේ වීරයෝ උනේ උපාලි ගිනිවැල්ල. අවන්කවම අපිටත් ඕනි වුනා නේද එදා උපාලි ගිනිවැල්ල වගේ කෙනෙක් වෙන්න. ඊළගට ගම්පෙරලිය... හිරිමල් වයසට එනකොට ගොළු හදවත... (නම් ලියන්න ගියොත් පෝස්ට් එක පිරෙනවා) මේවා එදා අපේ අතට ආවේ පියවරෙන් පියවර. අපි මේ පොත් වල ජීවත් වුන චරිත සජීවීව රූපවාහිනියෙන් දකින කොට අපි ඔවුන්ව සිය වතාවක් කියවලා ඉවරයි.. ඔවුන් එක්ක අපිත් ජීවත් වෙලා ඉදලා තමයි අපි එදා රූපවාහිනිය ඉස්සරහට ගියේ.

    ගම්පෙරළියෙ එන සමාජ පරිවර්තනය හරි ම අව්‍යාජයි. (ඒ පරිවර්තනයට අපත් අහුවුණා නේද කියල ආපහු හැරිල බලනකොට මට හිතෙනවා.) යථාර්ථවාදී ටෙලිනාට්‍ය කලාව ගැන කතා කරන කොට ගම්පෙරළිය ඉහළින් ම තියන්න පුළුවන්. එහි එන සෑම චරිතයක් ම සැබෑ මිනිස්සු.කයිසාරුවත්තෙ මුහන්දිරම්, හාමිනේ, නන්දා, අනුලා, පියල්, තිස්ස පමණක් නෙමෙයි කත්තිරිනා ද එදා ගමේ සැබෑවටම ජීවත්වුණා. මනඞකල්පිත චරිතයක් ගම්පෙරළිය තුළ දක්නට නැහැ. කොටින්ම එදා මොළ ශෝදනයක් තිබුනේ නැහැ.

    ප්‍රතිභා පූර්ණ කලාකරුවෙක් හා ආර්ථිකය සහ ජීවන අරගලය කියල කාරණා දෙක තවත් ඛේදවාචකයක්... මීට මාස කිහිපයකට ඉහතදී මට දැනගන්න, කියවන්න ලැබුන දෙයක්... දුටුමතින් මා දෑසට කදුලක් පැමිණියා.

    සිය පාසල් සමයේ සිට රංගනයට එක්‌වී වේදිකා නාට්‍ය 100 කට, ටෙලි නාට්‍ය 200 කට හා චිත්‍රපට 20 කට ආසන්න කලා නිර්මාණවලට දායකව මුළුමහත් රටක්‌ දේශයක්‌ සැනසූ සම්මානනීය නළු රංගධර සුමින්ද සිරිසේන නිහතමානී කලාකරුවා (චරිත තුනක් - ඉසා) බරපතළ ලෙස අද රෝගීව පසුවෙයි. ලිපිකරුවා කියන විදිහට එදා මහත් ජවයකින් හා මනා පෞරුෂත්වයකින් හෙබිව සිටි ඒ මහා පුරුෂයා නොව, අතපය වාරු නැති හඳුනාගැනීමට පවා අපහසු රෝගී පුද්ගලයෙකි.

    මෙම ප්‍රතිභාපූර්ණ සම්භාවනීය කලාකරුවා වෙනුවෙන් රාජ්‍ය මැදිහත්වීමක්‌ හෝ කලා සංගම්වලින් යම් පිහිටක්‌ ලැබුණාදැයි අප ඔහුගේ බිරියගෙන් ඇසූ පැනයටද ඇය පිළිතුරු දුන්නේ ඉතා කලකිරීමෙන් යුතුවය.

    "රටේ නම ගිය ඉහළ පෙළේ කලාකරුවෙක්‌ කියල තියෙනව ජනාධිපතිතුමා වෙනුවෙන් වේදිකාවලට නැග්ගෙ නැති කෙනෙකුට අපි කොහොමද උදව් කරන්නෙ කියල." :angry::angry::angry::angry::angry::angry:

    මේවා ගැන ලියන්න කථා කරන්න ගියොත් දවසක් මදි...
     
    Last edited:

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ඔබ කියා තියන දෙයට සාධාරණ පිළිතුරක් පෙරදින Elakiri රේඩ්යෝවේ "සසල හද විල් තෙර" නම් වූ ඒ සොදුරු දෙපැය අතරතුරදී "දත් කිබුළා" ලබාදුන්නා. එනම් අද සිදුකරන්නේ රසිකයාට කලාව-කලාකරුවා වින්දනය කිරීමට නිදහස ලබාදීම නොව බලයෙන් රසික සිත් තුලට මේ මහා කළා නිර්මාණයක්/මේ වර්තමාන පරපුරේ විශිෂ්ඨ රංගධරයෙක් යන්න බලෙන් එබ්බවීමයි (තව විදිහකින් කියනවා නම් මාකට් කිරීමයි).

    සොයුර, :D

    ඔබේ පිලිතුර හා මමද එකගවේ! ඉලෙක්ට්‍රොනික රූපන කලාවන්ට තිබිරි ගෙයක් බදු වූ වේදිකාවේ ආබාශය අහිමිවීම හා ක්‍රමානුකූලව වර්දනය නොවූ ඉහල සාහිත්‍ය පරිශීලනය මෙවැනි හරසුන් ප්‍රකාශනයන් බිහිවීමට මූලික හේතුව ලෙස මම දකිමි. අපගේ අග්‍රගන්‍ය නලුනිලියන් සියලුදෙනාම පාහේ පැම්මින තිබුනේ වේදිකාව තුලිනි. තවද බටහිර සිනමාවේ පතාක යෝදයන් බදුවූ Marlon Brando,Laurence Olivier, Meryl Streep,Jack Nicholsonවැනි චරිතද පැමිනියේ වේදිකාව මතිනි. එමනිසාම වේදිකාවේ ඇසුර පෙර-අපර දෙදිගම රූපන කලාව ඉහල තලයකට ඔසවා තැබීමට හේතුවී ඇතිබව පැහැදිලිය..:yes::yes:

    ඔබමෙන්ම මාද 80, 90 දශකවල කුඩා දරුවෙක්, සිසුවෙක්, නවයවුවනයෙක් ලෙස අතට හසුවන සෑම පොතක්ම කියවූවෙමි..නමුත් අද දරුවන්ට අප ඒ සුන්දර 85-95 දශකයේ අප විදි නිදහසවත්, සාහිත්‍ය ඇසුරවත් උවමනාවවත් එලෙසම තිබේදැයි සැක සිතේ....:rolleyes:

    මුලදී වැඩිහිටියන් කියාදුන් කතා ඇසූ අප පසුව ලමාපොත් එක හුස්මට කියවූවෙමු. දැදිගම වී රුදිර්ගු හා පත්මහර්ශ කුරනගේ සූරීන්හු හට පින්සිදුවීමට නවයොවුන්වියේදී සාගරයක්බදු රුසියන් සාහිත්‍ය කිමිදුනෙමු.:D මේ අතර නොරිකොසන්ට පෙම් බදින්නටද:love: විරාගයේ අරවින්ද හා උපේක්ශාවෙන් ලෝකය දෙස බලන්නටද:nerd: අමතක නොකලෙමු.. බාශා දැනුම දියුනුවීමත් සමග සරල වේගවත් ඉංගිසි නවකතාවලසිට ගැබුරුව සියුම් මානව හැගීම් ස්පර්ශ කරන්නවූ "වදරිං හයිට්ස්" වැනි කෘතීන් කියවා පුදුමවූවෙමු.....:D

    එමනිසාම මෙවැනිම අද්දැකීම් ඇති ඔබවැනි සහෝදරයෙක් හා අපේ අතීතය මතක්කර සතිටුවීමටහෝ අපට හැකිය...එහෙත් පරිගනකතුල සිරවී අධ්‍යාපන තරගයේ අතරමන්වී හෙම්බත්වී සිටින අද දරුවන්තුලින් හරවත්දෙයක් හෙටදිනවත් බිහිවේදෝ යන්න සැකසහිතය....
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මම අන්තිමට ආසාවෙන් බැලුවේ තක්සලාව සහ ඇබෑර්තු ඇත කියන ටෙලි නාට්‍ය දෙක. ඒ මීට අවුරුදු දෙක තුනකට විතර කලින්.......:yes:
    මම හිතුව වගේම ඒ අවුරුද්දේ හැම සම්මාන උළෙලකම 90% ක්ම සම්මාන හම්බුනේ මේ ටෙලිනාට්‍ය දෙකට තමයි.....:cool:
    ඊට පස්සෙනන් ටෙලි නාට්‍යක් හරියට බැලුනේ නෑ.....:no:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    සොයුර, :D

    ඔබේ පිලිතුර හා මමද එකගවේ! ඉලෙක්ට්‍රොනික රූපන කලාවන්ට තිබිරි ගෙයක් බදු වූ වේදිකාවේ ආබාශය අහිමිවීම හා ක්‍රමානුකූලව වර්දනය නොවූ ඉහල සාහිත්‍ය පරිශීලනය මෙවැනි හරසුන් ප්‍රකාශනයන් බිහිවීමට මූලික හේතුව ලෙස මම දකිමි. අපගේ අග්‍රගන්‍ය නලුනිලියන් සියලුදෙනාම පාහේ පැම්මින තිබුනේ වේදිකාව තුලිනි. තවද බටහිර සිනමාවේ පතාක යෝදයන් බදුවූ Marlon Brando,Laurence Olivier, Meryl Streep,Jack Nicholsonවැනි චරිතද පැමිනියේ වේදිකාව මතිනි. එමනිසාම වේදිකාවේ ඇසුර පෙර-අපර දෙදිගම රූපන කලාව ඉහල තලයකට ඔසවා තැබීමට හේතුවී ඇතිබව පැහැදිලිය..:yes::yes:

    ඔබමෙන්ම මාද 80, 90 දශකවල කුඩා දරුවෙක්, සිසුවෙක්, නවයවුවනයෙක් ලෙස අතට හසුවන සෑම පොතක්ම කියවූවෙමි..නමුත් අද දරුවන්ට අප ඒ සුන්දර 85-95 දශකයේ අප විදි නිදහසවත්, සාහිත්‍ය ඇසුරවත් උවමනාවවත් එලෙසම තිබේදැයි සැක සිතේ....:rolleyes:

    මුලදී වැඩිහිටියන් කියාදුන් කතා ඇසූ අප පසුව ලමාපොත් එක හුස්මට කියවූවෙමු. දැදිගම වී රුදිර්ගු හා පත්මහර්ශ කුරනගේ සූරීන්හු හට පින්සිදුවීමට නවයොවුන්වියේදී සාගරයක්බදු රුසියන් සාහිත්‍ය කිමිදුනෙමු.:D මේ අතර නොරිකොසන්ට පෙම් බදින්නටද:love: විරාගයේ අරවින්ද හා උපේක්ශාවෙන් ලෝකය දෙස බලන්නටද:nerd: අමතක නොකලෙමු.. බාශා දැනුම දියුනුවීමත් සමග සරල වේගවත් ඉංගිසි නවකතාවලසිට ගැබුරුව සියුම් මානව හැගීම් ස්පර්ශ කරන්නවූ "වදරිං හයිට්ස්" වැනි කෘතීන් කියවා පුදුමවූවෙමු.....:D

    එමනිසාම මෙවැනිම අද්දැකීම් ඇති ඔබවැනි සහෝදරයෙක් හා අපේ අතීතය මතක්කර සතිටුවීමටහෝ අපට හැකිය...එහෙත් පරිගනකතුල සිරවී අධ්‍යාපන තරගයේ අතරමන්වී හෙම්බත්වී සිටින අද දරුවන්තුලින් හරවත්දෙයක් හෙටදිනවත් බිහිවේදෝ යන්න සැකසහිතය....
    ඇත්තෙන්ම ඔබේ පිළිතුරත් සමග මා මහත් අමන්දානන්දයට, පත්වූයෙමි. ඔබ නිවැරදිය. මා කුඩා කල රස විඳි ළමාගී බොහෝවිට එදා තිබු ප්‍රථම පටිගත කිරීමට සමානව හෝ සමානව මා තවමත් රස විදින්නෙමි. (ඒ එළකිරි සමාජයට පිං සිදුවන්නටය. විශේෂයෙන් යලිත් මා දත් කිබුළානන්ට විශේෂ ස්තුතියක් පිරිනමන්නෙමි)

    දැනුදු ළමා ගී ශවනය කරනවා යන්න යම් කෙනෙකුට විහිළුවකට/මුවට සිනහ නංවන කාරණයක් විය හැකිය. නමුත් එයින් මා හට දැනෙන සුවය සැබවින්ම මගේ හඳ මඩල පුරවා දමනු ලබන්නේ අතීතය හා සබැඳුණු මනෝමය චිත්තරූපයන් යලි ජීවමාන කරවමිනි. එය මා තුළ නිර්ව්‍යාජ චමත්කාරජනක සිතිවිල්ලක් ද ජනිත කරවයි. ඒ හැඟීම ඔබට ද සාධාරණ වෙනු ඇතැයි මම සිතමි. මේ වන විට මා/ඔබ අප සැම දෙන ජීවිතයේ විවිධ අභියෝගත් හමුවේ විටෙක සතුටින් ද විටෙක දොම්නසින් ද කල් ගෙවයි. එවැනි මොහොතක අප කුඩා කල රසවිඳි ළමා ගීතයක් හරහා මතුවන සුවදායක සතුට හා මුසුවූ සියුම් ශෝකය අපව වෙනත් ලොවකට රැගෙන ගොස් ඒ තුළ අපගේ යටගිය මතකය යළි හාරා අවුස්සයි. එයින් මතුවන චමත්කාරය මා තව තවත් ජීවත් කරවයි.

    මේ සම්බන්ද සිදුවීමක් මා විසින් දත් කිබුලා සොයුරාගේ "හද විල කලබන ගී... සුන්දර ගීයක ඇරබුම 2" හූයේ අමුණා ඇත.

    අවංකවම මා අද වර්තමාන දරු පරපුර ගැන දුක් වන්නෙමි. මාගේ කල්‍යාන මිතුරාගේ පුතනුවන්ගේ 4වන උපන්දිනයට මා පිරිනැමූ ඒ එදා ළමා ගී පෙළ නොව ඔහු මුමුනන්නේ "රම්බරි කියපන් උබේ නොම්බරේ..." යනුවෙනි. මා ප්‍රාණසම, උපාධිදාරී මගේ මිතුරා, ගුරු දෙමාපියන් යුවලකට දාව සුන්දර උඩුදුම්බර ප්‍රදීශයේ හැදී, වැඩි ගැමි සුවද විදි මගේ මිතුරා ඒ කුඩා දරුවාගේ ලිබරල් ප්‍රශ්න කිරීම් හමුවේ අසරණවන ආකාරය දුටුවිට තවමත් අවිවාහක මා අවංකවම සිතුවේ උපත් පාලනය පිලිබදව පුළුල් දැනුමක් ලබාගැනීම නුවනට සුදුසු කරුණක් වන බවයි.

    යලිත් හමුවෙමු...
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මිදුලේ වැලි මාලිගාවෙ සක්විති පදවිය ලබන්න

    දැනුදු ළමා ගී ශවනය කරනවා යන්න යම් කෙනෙකුට විහිළුවකට/මුවට සිනහ නංවන කාරණයක් විය හැකිය. නමුත් එයින් මා හට දැනෙන සුවය සැබවින්ම මගේ හඳ මඩල පුරවා දමනු ලබන්නේ අතීතය හා සබැඳුණු මනෝමය චිත්තරූපයන් යලි ජීවමාන කරවමිනි. එය මා තුළ නිර්ව්‍යාජ චමත්කාරජනක සිතිවිල්ලක් ද ජනිත කරවයි. ඒ හැඟීම ඔබට ද සාධාරණ වෙනු ඇතැයි මම සිතමි.

    යලිත් හමුවෙමු...

    ඔබ පවසා ඇති අතීත සැමරුම් ඉතාමත් මිහිරිය.., ආස්වාද ජනකය!!! :D:yes:

    අපේ ළමාකාලයේ අපරසවිදි ගීත ගැන ඔබ මහත් උනන්දුවෙන් සහ ප්‍රීතියකින් සදහන් කර ඇතිනිසා දහසක් වචන නොලීවත් පහත සදහන් ගී පද දෙකින් පමනක් එම අතීතය මටද ආගන්තුක නොවන බව හැගෙනු ඇතැයි සිතමි....ලියු නොලියු සියලුම කාරනා මෙහි ගැබ්ව ඇතිබව හැගෙනු ඇතැයිද විස්වාසකරමි...:yes::yes:

    :Dමිදුලේ වැලි මාලිගාවෙ සක්විති පදවිය ලබන්න... ගල්වැට උඩ වාඩිවෙලා හද පායන හැටි බලන්න..//

    පෙශලා මෙන්ඩිස්ගෙ මේ වගේ ගීත කිහිපයක්ම තිබුනා...එතුමිය තවමත් ගීත ගායනා කරනවද ?
    :confused:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇත්තටම මචෝ රූපවාහිනී ආපු මුල් කාලයෙදි මොන තරම් ලස්සන ටෙලි නාට්‍ය බිහිවෙලා තියෙනවද..? මං ඒ කාලෙ ඉපදිලා හිටියෙ නැති වුණත් ඒ හැම එකක්ම බලලා තියෙනවා.. ඒ කතා නම් කොච්චර බැලුවත් එපා වෙන්නෑ.. ඒකට දැන් කාලෙ ටෙලි නාට්‍ය බල්ලෙකුට බලන්න පුළුවන්ද.. අනික බිහිවෙන හැම ටෙලි නාට්‍යයක්ම මෙගා රැල්ලට යන්නෙ.. පටන්ගත්ත දවසෙ බලලා ආයෙම මාස හතරකින් පහකින් බැලුවත් කතාව එකම තැන යන්නෙ.. මම නම් දැන් කාලෙ යන එක ටෙලි නාට්‍යයක්වත් බලන්නෑ බං.. වෙලාවකුත් නෑ.. අනික පවුඩර් බබාලා උඩ පනින ඒවා බලලා ඇති වැඩකුත් නෑ.. කලින් කෝපි කඩේ නම් බැලුවා.. දැන් ඒකත් ගූ හැත්තෑවයි..

    උඹ බලලා තියෙද ඉන්ගම්මාරුව..? ඒකත් මං පට්ටම ආස කරන ටෙලිනාට්‍යයක්.. හැම කොටසකින්ම සමාජයට යමක් දෙන්නයි උත්සාහ කරන්නෙ ඒ කතාවෙ..

    ඒ වගේම බෝඩිම, සෙනුරි, බැද්දෙ ගෙදර, ඉසුරුයෝගය, මැණික් නදිය ගලා බසී, කන්දේ ගෙදර, සූරිය දරුවො, සුදු පරවියෝ, කුමාරයාණෙනි, දු දරුවෝ, වෙද හාමිනේ, රතු රෝස, ගමන, ඇල්ල ළඟ වලව්ව, නිසල දිය සසල විය, ලා හිරු දහසක්, පහන් කනුව, ගංගා සහ නිස්සංක, ගං දෑල නිසලයි, තොන්ඩුව, එතුමා, යශෝරාවය, අඹ යාළුවො, කඩුල්ල, දඬුබස්නාමානය, ගිරය, හිරුට මුවාවෙන්, කැලෑ සන්නිය, දෙකොණ ගිණි, පලිගු මැණිකේ (ජැක්සන් ඇන්තනී කරලියට ආවෙ මේ ටෙලි නාට්‍යයෙන් තමා..) ඒ වගේම ලංකාවෙ මුල්ම ටෙලි නාට්‍ය දිමුතු මුතු ඔය හැම ටෙලි නාට්‍යයක්ම මං බලලා තියෙනවා.. ඒත් ඔතන තියෙන ගොඩක් ටෙලි නාට්‍ය විකාශය වෙනකොට මං ඉපදිලාවත් නෑ..:D

    මෙතන තියෙනවා මචෝ සුසීමා සම්පූර්ණ ටෙලි නාට්‍ය
    Code:
    http://www.youtube.com/watch?v=jN_9eqbyYwo&list=PL0929BBBECCE16B3B

    බෝඩිම සම්පූර්ණ ටෙලි නාට්‍ය
    Code:
    http://www.youtube.com/watch?v=Pi4nT47E_NE&list=PLbWORj2PRRxQuUQxrm_SMrsH6fH2TQtck

    බැද්දෙ ගෙදර සම්පූර්ණ ටෙලි නාට්‍ය
    Code:
    http://www.youtube.com/watch?v=xDLMJOBGw_k
    
    http://www.youtube.com/watch?v=x05j-H-s8gk

    සුදු හාමිනේ සම්පූර්ණ ටෙලි නාට්‍ය
    Code:
    http://www.youtube.com/watch?v=8SwZGmGx2P4&list=PL2A9E72C7A815E599

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම අන්තිමට ආසාවෙන් බැලුවේ තක්සලාව සහ ඇබෑර්තු ඇත කියන ටෙලි නාට්‍ය දෙක. ඒ මීට අවුරුදු දෙකතුනකට විතර කලින්.......:yes:
    මම හිතුව වගේම ඒ අවුරුද්දේ හැම සම්මාන උළෙලකම 90% ක්ම සම්මාන හම්බුනේ මේ ටෙලිනාට්‍ය දෙකට තමයි.....:cool:
    ඊට පස්සෙනන් ටෙලි නාට්‍යක් හරියට බැලුනේ නෑ.....:no:

    ගල් පිළිමය සහ බොල් පිළිමය බලලා තියෙද..? වැඩි පරණ කතාවක් නෙමෙයි.. අලුත් එකක්.. ඒක නම් මාරම ලස්සනයි..:yes:

    http://www.youtube.com/watch?v=wSqjfbgfJJ8&list=PL9DBB9B599786BF8B

    බලලා නැත්තං බලපං..
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඔබ පවසා ඇති අතීත සැමරුම් ඉතාමත් මිහිරිය.., ආස්වාද ජනකය!!! :D:yes:

    අපේ ළමාකාලයේ අපරසවිදි ගීත ගැන ඔබ මහත් උනන්දුවෙන් සහ ප්‍රීතියකින් සදහන් කර ඇතිනිසා දහසක් වචන නොලීවත් පහත සදහන් ගී පද දෙකින් පමනක් එම අතීතය මටද ආගන්තුක නොවන බව හැගෙනු ඇතැයි සිතමි....ලියු නොලියු සියලුම කාරනා මෙහි ගැබ්ව ඇතිබව හැගෙනු ඇතැයිද විස්වාසකරමි...:yes::yes:

    :Dමිදුලේ වැලි මාලිගාවෙ සක්විති පදවිය ලබන්න... ගල්වැට උඩ වාඩිවෙලා හද පායන හැටි බලන්න..//

    පෙශලා මෙන්ඩිස්ගෙ මේ වගේ ගීත කිහිපයක්ම තිබුනා...එතුමිය තවමත් ගීත ගායනා කරනවද ?
    :confused:
    පේෂලා මෙන්ඩිස් ගායනා කරපු ඔය සින්දුවට මම කොච්චර ආදරේ කලාද කියනවනං මට තාම මතකයි ඔය සින්දුව නිසාම මමත් පුංචිකාලේ රෑට ගල් වැට උඩ වාඩිවෙලා අහස දිහා බලාගෙන හිටියා. ඒ තේරුමක් ඇතුව නෙමෙයි. ඒ සින්දුව නිසා. ඇත්තටම එදා එහෙම අහස දිහා බලාගෙන කල්පනා කරන්න දේවල් තිබුනේ නැහැ.. එත් ආසාවෙන් හිටියා සුරංගනාවියක් දකින්න. පුංචි කාලේ අප්පච්චි මාව ඔඩොක්කුවේ තියාගෙන ලස්සනම ලස්සණ රාජ කුමාරයෝ කුමාරියෝ සුරංගනාවියෝ ගැන කතා කියල දුන්න. අම්මා කිවුවා ගෙදර හැඩි කරන්න එපා. සත්තුන්ට හිංසා කරන්න එපා. බුදු සාදුට මල් තියන්න. බුදු සාදුගේ ගේ අතුගාන්න. එතකොට සුරංගනාවියෝ ඔයාව බලන්න එයි කියලා.

    එදා ඇතිවූ ඒ පුරුද්ද අදටත් මට තියනවා. දවසක් බුදුන් වදින්න බැරිවුනත් ඒ ස්ථානය පිරිසිදු කරන එක නම් වරද්දන්නෙ නැහැ. ඒ වගේම රෑට නිදාගන්න කලින් මිදුලේ හාන්සි පුටුවක අලවෙලා පොඩි වෙලාවක් හරි අහස දිහා බලාගෙන ඉන්න එක.

    එහෙම හිටියහම දවසේ සියලු දුක්ක දොමනස්නයන් ඉවර කරන්න පුළුවන්.:yes:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    :love::love:
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    me drama 1 godak lassanai lu..mamat ahala thiynwa.bt mathaka na hariyatama drama 1 gana nam. rathu rosa,dadubasnamanaya,dadabima,diyasuliya wage lassana dramas a kale giya. ada a wage lassana 1 drama1k hoyaganna na. okkoma maha naadagam drama thama dan yanne.:angry: lagadi giya dramas walin hoda "swayanjaatha", "karuwala gedara" wage drama witharai.:yes:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    කාටද මේක මතක? :D

    එතකොට මේක....

    මොකද කියන්නේ... කට්ටියම පොඩ්ඩක් යමුද අතීතයට?:D:D
     
    Last edited:

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    කාටද මේක මතක? :D

    එතකොට මේක....

    මොකද කියන්නේ... කට්ටියම පොඩ්ඩක් යමුද අතීතයට?:D:D

    කාටද අමතක .....??;););)

    පලවෙනි එක "රේඛා" ටෙලිනාට්‍යයේ නේද? (නම හරිද දන්නෙනෑ) අපි ගෙඩක් පුන්චිකාලෙ බැලුවෙ....මට මතකවිදිහට මේ සින්දුවතමා චන්ද්‍රලෙඛාගෙ මුල්ම ප්‍රසිද්ද ගායනය....

    දෙවෙනි එක ගන්ගා හා නිස්සන්ක.... 90 -94 කාලෙවගේ නේද? තව සමිතා රගපාපු ලාදුරැ රෝගියෙක් ගැන කියන කතාවත් මේකමද? ...මට හරියට මත් මතකනෑ................ ඉරපායා../// ගීතය තිබුනෙ....
    :confused::confused:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    කාටද අමතක .....??;););)

    පලවෙනි එක "රේඛා" ටෙලිනාට්‍යයේ නේද? (නම හරිද දන්නෙනෑ) අපි ගෙඩක් පුන්චිකාලෙ බැලුවෙ....මට මතකවිදිහට මේ සින්දුවතමා චන්ද්‍රලෙඛාගෙ මුල්ම ප්‍රසිද්ද ගායනය....

    දෙවෙනි එක ගන්ගා හා නිස්සන්ක.... 90 -94 කාලෙවගේ නේද? තව සමිතා රගපාපු ලාදුරැ රෝගියෙක් ගැන කියන කතාවත් මේකමද? ...මට හරියට මත් මතකනෑ................ ඉරපායා../// ගීතය තිබුනෙ....
    :confused::confused:
    :yes: :yes: :yes: