එළකිරිය තුළ කලාතුරකින් හෝ හරවත් සංවාදයක් ජනන වනු දැක්ම සතුටකි. අවිවේකී ජීවිතය සමග සටන් කොට සසල හද වැනි වැඩසටහනක් ගෙන එන්නේ ඒ නිසා වෙනි.පේෂලා මෙන්ඩිස් ගායනා කරපු ඔය සින්දුවට මම කොච්චර ආදරේ කලාද කියනවනං මට තාම මතකයි ඔය සින්දුව නිසාම මමත් පුංචිකාලේ රෑට ගල් වැට උඩ වාඩිවෙලා අහස දිහා බලාගෙන හිටියා. ඒ තේරුමක් ඇතුව නෙමෙයි. ඒ සින්දුව නිසා. ඇත්තටම එදා එහෙම අහස දිහා බලාගෙන කල්පනා කරන්න දේවල් තිබුනේ නැහැ.. එත් ආසාවෙන් හිටියා සුරංගනාවියක් දකින්න. පුංචි කාලේ අප්පච්චි මාව ඔඩොක්කුවේ තියාගෙන ලස්සනම ලස්සණ රාජ කුමාරයෝ කුමාරියෝ සුරංගනාවියෝ ගැන කතා කියල දුන්න. අම්මා කිවුවා ගෙදර හැඩි කරන්න එපා. සත්තුන්ට හිංසා කරන්න එපා. බුදු සාදුට මල් තියන්න. බුදු සාදුගේ ගේ අතුගාන්න. එතකොට සුරංගනාවියෝ ඔයාව බලන්න එයි කියලා.
එදා ඇතිවූ ඒ පුරුද්ද අදටත් මට තියනවා. දවසක් බුදුන් වදින්න බැරිවුනත් ඒ ස්ථානය පිරිසිදු කරන එක නම් වරද්දන්නෙ නැහැ. ඒ වගේම රෑට නිදාගන්න කලින් මිදුලේ හාන්සි පුටුවක අලවෙලා පොඩි වෙලාවක් හරි අහස දිහා බලාගෙන ඉන්න එක.
එහෙම හිටියහම දවසේ සියලු දුක්ක දොමනස්නයන් ඉවර කරන්න පුළුවන්.![]()
පැරනි ළමා ගීත.

34ක් වූ ප්රමාණයක් එළකිරි සාමාජික කොස්&පොල් සොයුරා වෙත මවිසින් ලබාදෙන ලදුව, උඩුගත කර ඇත. අවැසි සුධීහු එතුමන් පෞද්ගලික පණිවුඩයක් මගින් බණවා බාගත කිරීමේ සබැදියාව ලබා ගනිත්වා.වැඩ අධික බැවින් යමි. කමත්වා!
ඉඩ ලද වහා එමි!!
