මේෂ ලග්නයෙන් උපන් අය ගැනයි මේ..

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මේෂ ලග්නයෙන් උපන් අය ගැනයි මේ..

    මේෂ ලග්නය

    Aries1.jpg

    මේෂ ලග්නය නියෝජනය කරන ග්‍රහයා වනුයේ රක්ත වර්ණය හිමි කුජ ග්‍රහයා වේ.කිපෙනවිට ඉතා තදින් කෝප වීම ,උරණ වීම ,විරසක වීමත් එඩිතර බව ,නිර්භීත බව, කරන කාර්යේ ශූර බව මේෂ ලග්නයෙන් උපන්නුන්ගේ උප්පත්ති උරුමකම් වේ.මේෂ ලග්නයෙන් උපන් අය සතුව මේෂ ලග්නය හිමි කුජ ග්‍රහයාගේ ධනාත්මක ප්‍රථිපල (positive things from the mars) හිමිවන අතර කුජ ග්‍රහයා හිමි අනෙක් ලග්නය වන වෘෂ්චික ලග්නයට හිමිවන්නේ කුජ ග්‍රහයාගේ දුර්වල ප්‍රථිපල (dark side of the Mars) වේ.

    මේෂ ලග්නය හිමි පුද්ගලයන්ගේ ඇති සුවේශේශී දක්ෂතා අතර කණඩායම් නායකත්වය බාර ගැනීම,වගකීම භාර ගැනීම සහ අදාල ඉලක්කයන් වෙත අදාල පිරිස සාර්ථකව මෙහෙයවීම ආදී පරිපාලන හැකියාවන් පවතී.එමෙන්ම ඔවුන් බලාපොරොත්තු වන්නේද මෙවන් ක්‍රියාකාරකම් සහ එම අංශයේ රැකියාවේ.බොහෝවිට ඔහු හැඟීම් , අනුකම්පාව රහිත පුද්ගලයෙකු ලෙස හැසිරෙයි.ඔහුට දුක්වේදනා ඇසීමට විඳීමට හෝ ඒ ගැන කතාබහ කිරීමට අවශ්‍ය නැත.ඒ සඳහා කාලය මිඩංගු කිරීම නිෂ්පල දෙයක් ලෙස ඔහු සලකන බැවිනි.මේ නිසාම විශාල ඉලක්කයක් වුවද නියමිත දින නියමිත වේලාවට අවසන් කිරීමේ දක්ෂ හැකියාව ඔහු සතුය.මේෂ ලග්න හිමියන් බොහෝ විට තර්කාණුකූලව සිතාබලා කටයුතු කරන අතර ඉදිරිපත් වීමේ ගතිලක්ෂනද බෙහෙවින් පෙන්නුම් කෙරේ.මේෂ ලග්න හිමියාගේ තිබෙන ප්‍රධාන දුර්වලකම නම් නිවැරදිවීමට තිබෙන අකමැත්තයි.ඔහු විසින මෙහෙයවන හෝ පාලනය කරන ක්‍රියාවලය කෙතරම් වැරදි සහ අවුල්සහගත වුවත් එය පිළිගැනීමට ඔහු නොපෙළඹෙන අතර අඩුම තරමෙන් තමුන් විසින් කුමක් කරන්නේදැයි අනුන් වෙත ප්‍රකාශ නොකිරීමද , හිතුවක්කාර සහ ආත්මාර්තකාමී ගතියද ඔහුගේම දියුණුවේ බාධකයන් වේ.මේ නිසාම ඔවුන් තමාගේම ස්වයන් ව්‍යාපාර වලදී හෝ තමාගේම නායකත්වය යටතේ පවතින රැකියාවලට සුදුසු වේ.උදාහරණයක් ලෙස තමාගේම ව්‍යාපරයක හෝ ආයතනයක සභාපති , ප්‍රාදේශීය ලේකම් ,කළමනාකාර , පොලිස් ප්‍රධානී,විදුහල්පති ආදී තනතුරුවලට ඔබින වේ.

    මේෂ ලග්නයෙන් උපන්නවුන් මුදල් ඉපයීමේ ව්‍යාපාර වලදී ඉතා දක්ෂ ලෙසට තම හැකියාවන් පෙන්නුම් කරන අතර රාජ්‍ය අංශයේ පරිපාලනය පැමිණි විටදී කෙසේ හෝ මුදල් ඉපයීමේ ඇති බලවත් කැමැත්ත නිසා රැකියාවේ සහ තනතුරේ කීර්තිනාමය විනාශ කරගන්නා අවස්ථාද වේ.

    මේෂ ලග්න හිමියන්ගේ ගෘහ ජීවිතය තරමක් දුක් කම්කටොලු සහගතය.ඒ බෝහෝවිට පවුල් ජීවිතයේදී වැදගත් වන ප්‍රේමය සහ ඉවසීම අඩුවන බැවිනි.

    අවසරයකින් තොරව කොපිකිරීම තහනම්..
    pawusi (RAH):love:
     

    gama22

    Well-known member

  • කුම්භ ලග්නෙ එවුන්ට මේෂ ලග්නෙ එවුන් ඇලෙන්නේ කාන්දම වගේ.ඕක හැටියක්මයි.
    .:P
    apoooooo machan hoda parippuwa thama kanawa eth thawa tika kalayai okath ohe kanawa ban lagadima athakata yanna wenawa .......:P:P:D rep denna bahalu machan..
     
    Last edited: