( 03 )
කම්ම නියාම
මනුෂ්‍යයෙකු දෙවියෙකු, බ්‍රහ්මයෙකු හෝ සතර අපාගත වූවෙකු නිර්මාණය වනනේ කම්ම නියාම ධර්මයේ බලපෑමෙනි. එම සංස්කරණය සංඛාර නම් වෙයි. කම්ම නියාම ධර්මයෙහි පාලිතයෙකුව සිටින තාක් සත්ත්වයා සාංසාරිකයෙකු වෙයි. යම් දවසක යම් මොහොතක කම්ම නියාම ධර්මය විජයග්‍රහණය කොට මුලිනුපුටා අහෝසි කිරීමට කෙනෙකුට හැකි නම් හෝ සසර ගමන නිම කළා වෙයි. මෙහිදී ක්‍ෂය කෙරෙන්නේ නියාම ධර්මය නොව ඒ ධර්මතාවය ඇති කරවන්නා වූ හේතු පද්ධතියයි.
උපන් සියලු දෙනා මරණයට පත්වෙයි. මරණයට පත්වෙන ප්‍රමාණයට සාපේක්ෂව උපත් සිදුවෙයි. මරණය සිදු නොවන්නේ නම් ලෝකයේ ඉඩ නැතු ව යයි. උපත සිදු නොවූවහොත් සත්ත්ව සංහතිය අවසන් වෙයි. කම්ම නියාම නම් සත්ත්වයා ක්‍රියා කරන ආකාරයයි. බුදු දහම අනුව මේ ආත්මභවයේ දී කරන ක්‍රියාවක් පමණක් නොව අතීත ආත්මභවවල කළ ක්‍රියාකාරකම් ද මෙම නියාමයට අයත් වෙයි. පෙර ආත්මභවයේ දී අයහපත් දේ සිදු කළහොත් මේ ආත්මභවයේ දී එයට දුක් විපාක ලැබෙයි. යහපත් ක්‍රියා සිදු කළහොත් සැප විපාක ලැබෙයි. සත්ත්වයා අතර උස් පහත්කම් ඇති වන්නේ ඒ නියාමය පදනම් කොටගෙන ය.
අතිතුම් චුල්ලකම්ම විභංග සූත්‍රධර්‍මය..
මෙලොවදී ද සත්ත්වයෝ නොයෙක් ක්‍රියාකාරකම්වල(කර්ම) යෙදෙති. ජීවිතය පවතින්නේ ඒ ක්‍රියාකාරකම් අනුව ය. කුඹුරු වැපුරුවොත් අස්වැන්න ලැබේ. පාඩම් කළොත් විභාගය සමත් වේ. ලෝභය, ද්වේෂය, ඊර්ෂ්‍යාව ආදියෙන් හෝ කරුණා මෛත්‍රී ආදියෙන් යුක්ත ව ජීවත් වන පුද්ගලයාට එයට සාපේක්ෂ වන ආකාරයට මෙලොවදී ද සැප දුක් අත්විඳින්නට සිදු වෙයි. ද්වේෂය ඇති වී දඬු මුගුරු ගැනීම චිත්ත නියාමයයි. මේ අනුව අග්ගඤ්ඤ සූත්‍රයෙන් පඤ්ච නියාම පිළිබඳ ව පැහැදිලිව කියවෙයි.
මහපොළොව විෂමාකාරය. සමහර තැන් උස් ය. සමහර තැන් පහත් ය. සමස්ත පෘථිවිය ම එකම මට්ටමේ වී නම් ජලයේ රඳා පැවැත්මක් නැත. ඉර හඳ සිය කාර්යය අඛණ්ඩ ව සිදු කරයි. එය දෙවියකු විසින් කරන්නක් නොව කම්ම නියාමය අනුව සිදුවන්නකි.
කම්ම නියාමය යටතේ පෙර කරන ලද කර්මයන් අපේ ජීවිතයට බලපාන අන්දම විස්තර කෙරේ. සංසාරයේ බොහෝ ඉහත කළ කර්මයක් මේ භවයේ විපාක දීම සිද්ධ විය හැකිය. කර්මය වනාහි කුසල කර්ම හා අකුසල කර්ම ලෙස දෙආකාර වේ. මේ ආත්ම භවයේම ඇතැම් විට කර්ම විපාක දෙන්නේ නැති බවද සිහිකටයුතුය.
අපගේ කුසල් අකුසල් සංසාර ගතව විපාක දෙමින් භවයෙන් - භවයට පැමිණෙන්නේය. ඒවා සඟවා තබන්නට අපට නොහැකිය. අපි අද කරන කුසල කර්මයන්ද සංසාරයේ එතෙර වීමට මඟ වියදම් ලෙස එකතුවන බව හැම විටම සිහි තබා ගත යුතුය. සම්බුද්ධත්වය ලැබීමෙන් පසු පළමුව ධර්ම ශ්‍රවණය කිරීමේ භාග්‍යය මනුෂ්‍යයන් හැටියට ලැබුවේ පස්වග තවුසෝය. පස්වග භික්ෂූන් වහන්සේලා ප්‍රථම ධර්ම දේශනාවට සවන් යොමු කිරීම සඳහා වරම් ලබාගෙන සිටි පිරිසකි. උන්වහන්සේලා පෙර පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී නොයෙකුත් පින් දහම් කුසල් කොට මතු බුද්ධ ශාසනයක ප්‍රථමයෙන් නිවන් අවබෝධ කර ගැනීමේ ප්‍රාර්ථනාව කළහ.
මේ නිසාම ධර්ම එකක් අනිකක් හා බැඳී පවතින අතර එකක් හේතුකොට අනෙකක් පවතී. පඤ්ච නියාම ධර්ම නියතිවාදී ද නොවේ. ඒ හැම එකක් ම වෙනස් වෙයි. වෙනස් කළ හැකි ය.
එසේ බරණැස ඉසිපතනාරාමයේදී ධර්මය අවබෝධ කළ පංච වග්ගීය භික්ෂූන් වහන්සේලා පෙර භවයක යක්ෂයන් පස් දෙනෙකුව ඉපිද වනාන්තරයක් අරක් ගෙන සිටින ලදී. මේ යක්ෂෙයා් වනයට යන සියලු දෙනා මරා ලේ බොමින් මස්ද කති.
දිනක් අප බෝසතානණන් වහන්සේ දැව - දඬු කැපීම පිණිස මේ වනයට ගියහ. වනයේ ඇවිද යන බෝසතුන් එහි අතරමං වූහ. මොහොතකින් ඉහත කී යක්ෂයන් පස්දෙනාට හසු විය.
පණ පිටින්ම බෝසතුන් බිම දමා බලනහරය විකා දැමූ යක්ෂයෝ ලේ උරා බොන්නට වූහ. ලේ උරා බොද්දී බෝධිසත්වයෝ ඉවසා සිටියේ සිනාමුසු මුහුණිනි.
උඹ මොකද හිනා වෙන්නේ. අපට අසුවූ එකෙක්වත් මෙහෙම සිනා සී නෑ. සේරම උන් විලාප තියනවා, අඬනවා, කෑගහනවා. උඹට මේක සතුටක්දැයි’ යක්ෂයෝ විමසූහ.
බෝසත්හු මෙසේ පිළිතුරු දුන්හ.
‘යක්ෂයිනි, මම අද ඔබලාට ජීවිතය පූජා කරන්නේ ලොවුතුරා බුද්ධත්වය පිණිසයි. ඒ ගැන හිතෙද්දී මහත් සතුටත් දැනෙනවා”
ඒ අසා යක්ෂයෝ ලේ බීම නැවතූහ. බෝසතුන් වැඳ සමාව ගෙන බල නහරට බෙහෙත් දමා නැවත සැකසූහ.
ඔබ තුමා අපට සමාව දෙන්න. ඔබ මතු බුදුවන ශාසනයේ ප්‍රථම ධර්ම දේශනය අපට අසන්නට සලස්වන්න’
ඒ අය සසරේ අනෙක් ආත්ම භාවයන්හි නිවන් මඟ අපේක්ෂාවෙන් බොහෝ සීල, සමාධි, ප්‍රඥා වැඩූහ. ලෝකයේ සියලු දෙනාට මේ නිවන් මඟ අවබෝධ කළ නොහැකිය. ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා ඇති අයට පමණක් මේ නිවන් මඟ පහසුය.
එහිදී ඡන්ද සෘධිපාද, චිත්ත සෘධිපාද, වීර්ය සෘධිපාද, විමංස සෘධිපාද යන සතර වැදෑරුම් ධර්මය සිත තුළ පහළ කර ගත යුතුය. දන්දීම, සිල් රැකීම, නෙක්ඛම්මය, ප්‍රඥාවන්ත වීම, උත්සාහවන්ත වීම, ඉවසීම, සත්‍යවාදී වීම, අධිෂ්ඨානය, මෛත්‍රී සහගත වීම, මධ්‍යස්ථ වීම යන කාරණා දියුණු කරගත යුතුය.
නිර්වාණ මාර්ගයේ ප්‍රධාන අංගය නම් සම්මා දිට්ඨියයි. එය කොටස් හයකි.
1. කම්මස්සකත සම්මා දිට්ඨිය
2. ධ්‍යාන සම්මා දිට්ඨිය
3. විපස්සනා සම්මා දිට්ඨිය
4. මග්ග සම්මා දිට්ඨිය
5. ඵල සම්මා දිට්ඨිය.
6. චතු සච්ච සම්මා දිට්ඨිය
මෙහි පළමු කාරණය වන කම්මස්සකත සම්මා දිට්ඨිය යනු කර්ම ඵලය විශ්වාස කිරීමයි.
එයද දස වැදෑරුම්ව ධර්මයේ විස්තර කෙරෙයි.
1. දුන් දෙයෙහි විපාක ඇත්තේය.
2. මහා පූජාවන්හි විපාක ඇත්තේය.
3. දෙන දානයෙහි විපාක ඇත.
4. සත්වයා විසින් කරනු ලබන හොඳ නරකවල විපාකය ඇත්තේය.
5. මෙලොවක් ඇත.
6. පරලොවක් ඇත.
7. මවට සැලකීමේ විපාක ඇත.
8. පියාට සැලකීමේ විපාක ඇත.
9. ඕපපාතික සත්වයෝ ඇත.
10. ගුණ දියුණු කරන ශ්‍රමණ බ්‍රහ්මණයන් ඇත.
නිවන් මාර්ගය අපේක්ෂා කරන බෞද්ධයෝ කම්මස්සකතා සම්මා දිට්ඨිය පිළිගත යුතුය. එසේ නොවුණහොත් ඔවුහු අන්‍යාගමිකයන්ගේ මිත්‍යා දෘෂ්ඨික කොටසට වැටෙති.
ඒ අනුව බෞද්ධයන් වුවත් මිත්‍යා දෘෂ්ඨික හා සම්මා දෘෂ්ඨික අයද දෙආකාර කළ හැකිය.
මිත්‍යා දෘෂ්ඨික බව තමන් බෞද්ධ වුණත් සසරේ අනන්ත දුක් ලබා දෙන පාප කර්මයක් වේ.
කල්ප විනාශයේදී බොහෝ සත්වයෝ සුගතියේ උපදිති. නියත මිසදුටුවෝ පිටසක්වල අපායට වැටී දුක් විඳිති. මේ බව වටහා ගන්නා බෞද්ධයෝද - අබෞද්ධයෝද නිවන් මාර්ගයේ ගමන් කරති. මේ සඳහා තම තමන් ඇසුරු කරන අයට නිවැරදි මාර්ගය කියා දීම වැදගත්ය. එක් අයකු හෝ දුගතියෙන් ගොඩගැනීමට හැකි නම් එයම මහා පින්කමකි. ඊට උදව්කරන්නන් කල්‍යාණ මිත්‍රයෝ වෙති.
දිනක් ආනන්ද හිමියන් බුදුරජාණන් වහන්සේ අමතා, ස්වාමීනි, මේ නිවන් මාර්ගයේ හරි අඩක්ම රැඳී තියෙන්නේ කල්‍යාණ මිත්‍ර සේවනය මත නේදැයි විමසූහ.
‘ආනන්දය, මේ නිවන් මාර්ගයේ හරි අඩක් නොව මාර්ගයම පවතින්නේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය මතය’ යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළහ.
ඒ අනුව මේ බුද්ධෝත්පාද කාලයේ බුදුරජාණන් වහන්සේ ඔබගේ කල්‍යාණ මිත්‍රයා කර ගන්න. උන්වහන්සේ ඔබට මඟ පෙන්වූ ධර්මය සරණ යන්න. උන් වහන්සේගේ ගුණ සිහිපත් කරන්න. එය මෙලොව පරලොව දෙලොවටම යහපතට ෙහ්තු වේවි.
( 04 )
ධම්ම නියාම
මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා (ධර්මයන්ට මනස පෙරටුව සිටී. මනස ශ්‍රේෂඨ ය. ධර්මයෝ මනසින් උපදිති.) මෙහි ධර්ම යන්නෙන් අදහස් කරන්නේ කුසලාකුසල කර්මයන් ය. චිත්ත නියාමයෙන් සංස්කාරස්කන්ධය අදහස් කරයි. සංස්කාරස්කන්ධය පවතින්නේ අවිජ්ජාව නිසාය. කුසල් හෝ අකුසල් වූ සචේතනික ක්‍රියා සියල්ල සංස්කාර ගණයට ඇතුළත් වේ.
ධම්ම යන්න පාලියෙහි බොහෝ අර්ථයන්හි යෙදී ඇතත් මෙහි දී අදහස් කරන්නේ ස්වභාවයයි. ස්වභාව ධර්මය පවතින්නේ උතු නියාමයත් බීජ නියාමයත් නිසා ය. සූර්ය රශ්මිය නිසා ජලය වාෂ්ප වෙයි. වාෂ්ප වෙන ජලය වලාකුළු බවට පත් වී වැස්ස ලැබෙයි. මේ අඛණ්ඩ නියාමය ලෝකයේ පැවැත්මට හේතු වෙයි.
ලෝක ධර්මතාව අපි සියල්ලන්ටම පොදුය. එසේම උරුමය. කාලයාගේ ඇවෑමෙන් වයසට යාම නියතය. වයසට යන විට දත් හැළී යාම, කෙස් සුදුවී සම රැළිවැටීම, කන් නොඇසී යාම, රෝගාබාධ ඇතිවීම, ශරීර වාරු නැතිවීම, පෙනීම දුබල වීම, ආහාරය වුව ශරීරයට නිසි සේ නොඇල්ලීම සිදුවිය හැකිය. මෙය ධම්ම නියාමය වන අතර පෙර කර්මයට යටත් නොවන්නකි