මේ අපරාදය කරපු එකා මට අහු වුනා නම් ඕකගේ ඇට කුඩු වෙන්න ගහනව

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    එදා මුගලන් මහරහතන්වහන්සේගේ ඇට ගුඩු වෙන්න ගහලා ඝාතනය කල (පිරිනිවන්පෑ )හොරු ටික කොසොල් රජතුමා විසින් අල්ලලා බෙල්ල ලඟට වෙනකන් වලලා ඇත්තු ලව්වා නගුලා දාල හාන්න කිව්වා බෙලි ගලවලා යන්න.
    එතකොට බුදු හාමුදුරුවෝ මොකද කිව්වේ? "රජතුමනි ඔය හොරු රැල ඔය වගේ ක්‍රියාවක් කලේ ඒගොල්ලොන්ගේම වැරැද්දෙන් නෙමෙයි, මීට කල්ප ගානකට පෙර මුගලන් මහරහතන් වහන්සේ එක්තරා අත්බැවක තම බිරිඳගේ කීමට තම අන්ධ දෙමව්පියන් කැලේක අතරමන් කරල මෙන්න හොරු ටිකක් අපිට ඇවිත් ගහනවා කියමින්" පොලු අරන් ගහල මරලා දාලා ආවා.
    එදා ඔතනින් ගිය පිරිසක් ඔය වයසක අන්ධ දෙමව්පියන්ගේ මලමිනි දැකලා කම්පා වෙලා "මේ අපරාදය කරපු එකා මට අහු වුනා නම් ඕකගේ ඇට කුඩු වෙන්න ගහනව" යනුවෙන් ද්වේෂයක් ඉපදෙව්වා.
    සසර ගමනක හැටි කියන්නේ, එදා ද්වේශයෙන් ගොඩ නගපු ගණුදෙනව පියව ගන්න කල්ප ගානකට පසු මේ පිරිස මුණ ගැසුනා.
    මුණ ගැසෙනකොට මේ පුද්ගලයා රහතන් වහන්සේ නමක්, අර පිරිස ආනන්තරීය පාප කර්මයක් කරගත්තා.
    පුදුම සසරක් මේක....
    අපි අද සුදනො වෙලා හැමෝටම චෝදනා කරන්නේ, වැරදි කියන්නේ අපි මේ අවුරුදු 30ක් 40ක් දන්න ටිකෙන් නේ. මේ හැමදේකම පිටි පස්සේ ලොකූ සාංසාරික ගණුදෙනුවක් තියෙනවා හැබැයි එක අපි දකින්නේ නෑ.
    ඒක නොදැක අහක යන සසර ගණුදෙනු වලට පැත්තක ඉඳන් ද්වේෂය උපදවගෙන නව ගණුදෙනවක් හදාගන්නවා.
    මෙහෙමත් අසාර ලෝකයක්.... නුවණින්ම තම තමන් වටහා ගනිත්වා!!!
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    තෙරුවන් සරණයි.....

    Venerable-Rajangane-Saddharathana-Thero.jpg
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    පාස්කු බෝම්බෙන් මැරිච්ච මිනිස්සු කොටි බෝම්බ වලින් මැරිච්ච මිනිස්සු කලින් ආත්ම වල ත්‍රස්තවාදියො වෙලා සමූලඝාතන කරන්න ඇති. ඒ පවින් තමා මේ ආත්මෙ බෝම්බ වලට අහුවෙලා මැරුනේ. සහරාන් ප්‍රබාකරන් එහෙම ලබන ආත්ම වල බෝම්බ වලට අහුවෙලා මැරෙයි.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    පාස්කු බෝම්බෙන් මැරිච්ච මිනිස්සු කොටි බෝම්බ වලින් මැරිච්ච මිනිස්සු කලින් ආත්ම වල ත්‍රස්තවාදියො වෙලා සමූලඝාතන කරන්න ඇති. ඒ පවින් තමා මේ ආත්මෙ බෝම්බ වලට අහුවෙලා මැරුනේ. සහරාන් ප්‍රබාකරන් එහෙම ලබන ආත්ම වල බෝම්බ වලට අහුවෙලා මැරෙයි.
    පුබ්බේකත හේතු වාදය - සියල්ල සිදුවන්නේ පෙර කර්මය නිසා බව පැවසීම බුද්ධ ධර්මය ට අනුව නිවැරදි නොවේ
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,370
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    රහතන් වහන්සේ නමක්, අර පිරිස ආනන්තරීය පාප කර්මයක් කරගත්තා.
    පුදුම සසරක් මේක....
    ඒක මහ යකාගෙ ලොජික් එකක් නෙ? මුගලත් හාමුදුරුවෝ තමුන් ගෙ දෙමවුපියන්ව ඒ ආත්මෙදි පොලු වලින් ගහල මරල දැම්මා නම් ඒකත් ආනන්තරීය පාපකර්මයක් නෙ? ආනන්තරීය පාපකර්මයක් කරපු කෙනෙක් රහත් උනේ කෝමද? :unsure:
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    පඤ්ච නියාම ධර්මයි.
    ‘උතුබීජ නියාමෝ ච - කම්ම ධම්ම නියාමතා
    චිත්තස්ස ච නියාමෝති - ඤෙය්‍යො පඤ්ච නියාමතා’
    එනම්..
    1 ) උතු නියාම,
    2 ) බීජ නියාම,
    3 ) කම්ම නියාම,
    4 ) ධම්ම නියාම.
    5 ) චිත්ත නියාමයි.
    විශ්ව ක්‍රියාකාරිත්වය පිළිබඳ ඉදප්පච්චයතා මූල ධර්මය අවබෝධවීමත් සමග හේතුඵල ධර්මතාවයට අනුව විශ්වයේ සියල්ල පටිච්ච සමුප්පන්නව සිදුවන ආකාරය බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාක්‍ෂියට ප්‍රත්‍යක්‍ෂ විය. ඒ දර්ශනය මගින් එතෙක් පැවති භාරතීය දෘෂ්ටි සිල්ල නිශ්ප්‍රභා විය. විශ්වයේ සියලු සිද්ධි නියාම ධර්ම පහක විධායකයට යටත් බව උන්වහන්සේට ප්‍රත්‍යක්ෂ විය. ඒ අනුව උතු, බීජ, ධම්ම, චිත්ත හා කම්ම යන නියාම ධර්ම පහ මගින් සියලු සිද්ධි අර්ථ දැක්විය හැකිය.
    කාලයෙන් නිරපේක්ෂ අවකාශය වනාහි නිරන්තර විපරිනාමයට පත්වන සිද්ධි සහ සංයුතිවලින් සැදුම් ලත් එකකි. එම සමස්තය නම් වූ විශ්වය පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ථ, රස, ඕජා යන ශුද්ධාෂ්ටයෙන් (ක්‍ෂුද්‍රාෂ්ටයෙන්) සමන්විත රූප ධාතුව වෙයි. රුප්පනය වීම හෙවත් අනවරත විපරිනාමය එහි ප්‍රධාන ධර්මතාවය යි. ඒ විපරිනාමය ඉදප්පච්චයතා න්‍යායට යටත් ය. ධම්ම නියාමයෙන් පැහැදිලි කෙරෙන, ස්වභාවයෙන් සිදුවන ඒ සියල්ල ස්වභාව ධර්මය යි. ජීව අජීව සියල්ල ඒ යටතට සංගෘහිත වේ. සතර මහා ධාතුන්ගේ සමවායෙන් සැදුම්ලත් ඒ සියලු දේ තුළ කර්කෂ බව හෙවත් තද - මොළොක් බව, ගලායන, කැටි කෙරෙන බව, වැඩෙන දිරන බව හා හැකිළෙන පිම්ඹෙන බව යන සර්ව සාධාරණ ගුණ අඩුවැඩි සම වශයෙන් ඇත.
    පස්, ගල්, කඳු ඇළ, දොළ, ගංගා, ඉර, සඳ තාරකා ආදී සියල්ල එක් ගොඩකටත්, ගස්වැල් හා සත්ත්ව සමූහය තවත් ගොඩකටත් ගෙන අජීව හා ජීව යන කොටස් දෙකකට මෙකී රූප ධාතු වලින් සැදුම් ලත් සමස්ත විශ්වය බෙදනු ලැබෙයි. ජීව හා අජීව දෙකේ වෙනස කුමක්ද? පස්, ගල්, ගංගා හා මැරුණු කොටස් ආදී සියලු අජීව අවිඤ්ඤාණක වස්තූන්හි අවස්ථා විපර්යාසයක් හා දිරායාමක් (ජරා) ප්‍රකට වුවත්, ඒවා සැදුම් ලත් රූප කලාපයන්ගෙන් නව රූප කලාපයන් බිහිවීමක් ප්‍රකට නොවේ. සංසේදජ සත්ත්ව උපත මේ ස්වභාවයට ප්‍රතිපක්ෂයයි කෙනෙකුට තර්ක කළ හැකිය. නමුත් එය විඤ්ඤාණයේ එළඹීමක් මත සිදුවන්නකි. එසේ නැතිව අජීව අවිඤ්ඤාණක වස්තුවල ස්වභාවයක් නොවේ. ගල් කැටයක් යම් තැනක තබා වර්ෂ ගණනාවක් ඉක්ම ගිය විට බැලූවොත් එහි, එය තුළින්ම ජනනය වන වැඩීමක් දැකිය නොහැකිය. පදාර්ථයන් ගේ ක්‍ෂය වීමක් පමණක් දැකිය හැකිය. ඊට බලපාන ධර්මතාවය කුමක්ද? එක්කෝ සෘතු විපර්යාසය නිසා විය හැකිය. නැතහොත් එහිම ඇති තේජෝ ධාතුවේ ධර්මතාවය වන දිරා යාමේ අනිත්‍ය ලක්ෂණය නිසා විය හැකිය. එනිසා අවිඤ්ඤාණක අජීව වස්තූන්ගේ විපරිනාමයට පාදක වන්නේ උතු හා ධම්ම නියාම ධර්මයන් පමණක් බව පෙනේ.
    අවිඤ්ඤාණක ජීව වස්තු ගණයට අයත් වන ගස් වැල් ආදියේ ස්වභාවය කුමක්ද? ඒවා කෙරෙහිද උතු හා ධම්ම නියාම ධර්මයන්ගේ බලපෑම පවතී. නමුත් අජීව වස්තුන්ගේ මෙන් නොව ඒවායේ රූප කලාපයන්ගේ් ක්‍ෂයවීමත්, ආහාර ප්‍රත්‍යයෙන් නව රූප කලාපයන් ගේ හට ගැනීමත් පවතී. යම් තැනෙක බීජයක් හෝ පැළයක් රෝපනය කළවිට, අනෙකුත් ප්‍රත්‍යයන් එළඹීමෙන් එහි වැඩීමක් හෙවත් නව රූප කලාපයන්ගේ හට ගැනීමක් ඇතිවෙයි. එය බීජ නියාම ධර්මතාවයයි. නමුත් මේ බීජ නියාම ධර්මය ඊට වඩා ගැඹුරු අර්ථයක් ඇති එකකි. මේ අනුව අවිඤ්ඤාණක ජීව වස්තූන්ගේ පැවැත්ම කෙරෙහි උතු, බීජ, ධම්ම යන නියාම ධර්ම තුනම බලපායි.
    ඊළඟට වැදගත්ම ප්‍රභේදය වන්නේ සියලුම සත්ත්වයින් අයත්වන සවිඤ්ඤාණක ජීව වස්තූන් ය. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස ඕජා ක්‍ෂුද්‍රාෂ්ටකයට සම්බන්ධ වන්නා වූ පස්වැනි බල ශක්තිය වන විඤ්ඤාණය සත්ත්වයෙකු නිර්මාණය කරයි. සත්ත්ව ශරීරයකින් විඤ්ඤාණය පහවූයේ ද එවිට එය අවිඤ්ඤාණක අජීව වස්තු ගණයට වැටෙයි. මළ සිරුරක් දිරාගිය දර කඩකට උපමා කෙරෙන්නේ එබැවිනි. කායානුපස්සනාවේ සයවැනි පබ්බයේ සිට දාහතරවැනි පබ්බය තෙක් වූ නව සීවථිකය (උද්ධුමාතක , විනීලක, විපුබ්බක ආදී අවස්ථා නවය) මගින් විස්තර කෙරෙන්නේ මේ ජරා ස්වභාවයයි. නිර්වාණ අවබෝධය පිණිස (නිබ්බානස්ස සච්ඡිකිරියාය) පවතින්නා වූ ඒකායන මාර්ගය (ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ) වන සතර සතිපට්ඨානයේ පළමුවැන්නද කායානුපස්සනාව යි. නව සීවථිකය අරබයා අනිත්‍ය දුක්ඛ, අනාත්ම වශයෙන් විපස්සනාව වඩන්නාට මළ සිරුරක් කෙරෙහි උතු හා ධම්ම නියාම ධර්මයන්ගේ හේතු ප්‍රත්‍යභාවය අවබෝධ වන්නේ්ය.
    දැන් අපට විමසා බැලීමට ශේෂව ඇත්තේ සවිඤ්ඤාණක සත්ත්වයාගේ ස්වභාවයයි. සත්ත්වයාගේ ඝන ශරීරය ද පෙර කී සියලු වස්තු මෙන්ම පඨවි ආදී ක්‍ෂුද්‍රාෂ්ටක සමවායෙන් වූ රූපකලාපයන්ගෙන් ම සෑදී ඇත. එබැවින් උතු, බීජ, ධම්ම යන නියාම ධර්මයන්ගේ බලපෑමට සත්ත්ව ශරීරය ද අයත් ය. එකී වස්තූන්ට සිදුවන සෑම විපරිනාමයක් ම සත්ත්ව ශරීරයට ද ඒකාන්තයෙන් ම සිදුවෙයි. ඒ අනුව සත්ත්වයාද ස්වභාව ධර්මයේ ම ඒකකයකි. මිනිසාද සත්ත්වයෙකි. මේ ශුද්ධ ධර්ම දර්ශනයට අනුව මිනිසා ද පෘථග්ජනයෙකු නොවේ. ස්වභාවයෙන්ම මිනිසා පෘථග්ජනයෙකුය යන අනිවාර්ය ලක්ෂණය ගනී නම් ඔහුට කවරදාකවත් පෘථග්ජන භාවයෙන් මිදිය නොහැකිය. නමුත් පෘථග්ජන කාණ්ඩයට මිනිසා (සත්ත්වයා) අද වැටෙන්නේ කුමක් නිසාද? සත්ත්වයා නිර්මාණය කරන පස්වැනි බලවේගය වූ විඤ්ඤාණය ඊට හේතු ප්‍රත්‍ය වෙයි. ඒ අනුව සියල්ලට ම පොදු වූ පෙර කී නියාම ධර්මයන්ගේ හේතු ප්‍රත්‍යතාවය ඉක්ම වූ ශක්ති සංස්කරණයක් විඤ්ඤාණය මගින් සිදුවන බව පැහැදිලිය. විඤ්ඤාණය මගින් සත්ත්වයා තවත් නියාම ධර්මයන් දෙකක පාලිතයෙකු බවට පත් කෙරයි. චිත්ත නියාමය හා කම්ම නියාමය යනු දෙකයි. මේ ධර්ම ද්වය අවිඤ්ඤාණක ජීව හෝ අජීව වෙනත් කිසිම වස්තුවකට බල නොපායි. චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය යන ප්‍රසාද රූප පහවෙත උපදින විඤ්ඤාණය, චෛතසිකයන් ගේ ප්‍රත්‍යයෙන් කර්ම සිත්, විපාක සිත් හා ක්‍රියා සිත් බවට පෙරළෙයි. ඒ ස්වභාවය ධම්ම නියාම ලක්ෂණයයි. සත්ත්වයා සංසාරගත කරවන්නේ කර්ම සිත් මගිනි. එය කර්ම සිත්වල ස්වභාවය යි. කර්ම සිත් මගින් සත්ත්වයා උත්පත්ති භූමි තිස් එකෙන් කුමකට හෝ පමුණුවයි. කර්ම සිත නම් වූ හේතු සිතට ඵල සිත වන්නේ විපාක සිතයි. ඒ අනුව කර්මය විපාකය පිණිස එළවන බලවේගය කම්ම නියාමයයි.
    ( 0 1 )
    ☸️
    උතු නියාම.
    උතු නියාම නම් ලෝකයේ පවතින.
    හේමන්ත ගිම්හාන වස්සානාදී ඍතු භේදයයි. එනම් දේශගුණය හා කාලගුණයයි. විශ්වයේ සියලු වස්තු නිරන්තරයෙන් චලනය වෙයි. අප වෙසෙන පෘථිවිය සූර්යයා වටා භ්‍රමණය වෙයි. පෘථිවිය ද පරිභ්‍රමණය වෙයි. පෘථිවියේ පරිභ්‍රමණය හේතුකොට රෑ දවල් සිදුවේ. එසේ නොවී එක දිගට සූර්යයා පැවතුනහොත් ජලය සිඳී ගොස් සියලු ගහ කොළ විනාශ වී සත්ත්වයාගේ පැවැත්ම අහෝසි වෙයි. එවිට පෘථිවිය යනු සතුන් ගහකොළවලින් තොර වස්තුවක් වෙයි. පෘථිවිය ඇතුළු ග්‍රහලෝක සූර්යයා වටා භ්‍රමණය වන්නේ ඉලිප්සයාකාර ගමන් මඟක ය. මේ ගමන ආරම්භ වූයේ කවදා ද අවසන් වන්නේ කවදා දැයි කාටවත් කිව නොහැකි ය. මේ වෙනස්වීම නිසා ඇතිවිය හැකි තත්ත්වයන්ය. සෘතු වෙනස් වීමෙන් මහා වර්ෂා පතිත වී, ගංවතුර ඇතිවේ. ස්වභාවික විපත් සිදුවිය හැකිය. එහිදී ගේ දොර යටවී, දේපළ විනාශ වී යා හැකිය. වංසගත රෝග උවදුරු හට ගත හැකිය. මේවා පෙර කළ කර්ම නොව සෘතු වෙනස් වීමෙන් වූ ප්‍රතිඵලයි. මෙසේ විවිධාකාර වෙනස්වීම්වලට භාජනය වෙමින් පවතී. ඒ උතු නියාමයේ ස්වභාවයයි. එහි මුල සෙවීමට උත්සාහ කිරීම නිෂ්ඵල ක්‍රියාවකි.
    ( 02 )
    ☸️
    බීජ නියාමය
    බීජ නියාමය නම් සත්ත්ව හා ශාක සන්තතියේ පැවැත්මයි. ඒ පැවැත්ම තහවුරු වන්නේ ඍතු භේදය අනුව ය. ඒ අනුව උතු නියාමය බීජ නියාමයට හේතු වෙයි. පටිච්ච සමුප්පාද වෙයි.
    සත්ත්වයන් අතරත් ශාක අතරත් වර්ග ප්‍රචාරණය නොකඩවා සිදු වේ. ඒ සඳහා ස්ත්‍රී පුරුෂ දෙවර්ගයක් වෙයි. ස්ත්‍රී පුරුෂ දෙවර්ගයේ එක්වීමෙන් සුදුසු කාලවකවානුවක දී සත්ත්වයන්ගේ ප්‍රභවය සිදුවෙයි. සතා සීපාවා තම වර්ගයා බෝකරන්නේ ඍතුවට සමානුපාතිකව ය. කුරුල්ලන් බිත්තර දමන්නේ අධික වර්ෂාවෙන් තොර පලවැලවලින් සශ්‍රීක කාලයක ය. තමා වසන ප්‍රදේශයේ එවැනි හිතකර පරිසරයක් නොවේ නම් සැතපුම් සිය ගණනක් ඈතට වුව පියාඹා යයි. මැසින්න (මාළුවා යන්නෙහි ස්ත්‍රී ලිංගය) බිත්තර දමන්නේ ගංවතුරක් ආසන්න කොට ය. බල්ලන්, බළලුන්, ගවයන් ආදී සතුන්ට ද ඒ සඳහා නියමිත කාල වකවානුවක් ඇත. එවැන්නක් නැත්තේ මිනිසාට පමණි. මිනිසා එම කාර්යය සිදු කරන්නේ තම වර්ගයා බෝකිරීමේ අවශ්‍යතාව මත නොව මානසික ප්‍රවේගය නිසා ය. බුදුරජාණන් වහන්සේ කාමයන්හි ආදීනව දේශනා කළේ එහෙයිනි. සතුන්ට මෙන් මිනිසාට ද එවැනි නියාමනයක් වී නම් එසේ දේශනා කරන්නට වුවමනාවක් නැත.
    සත්ත්ව සන්තතියේ පැවැත්ම ද එකිනෙකට වෙනස් ය. සමහර සතුන් ආහාරයට ගන්නේ මස් ය. මස් කන සිංහයා කොතරම් බඩගිනි වුවත් තණකොළ කන්නේ නැත. සමහර සතුන් ආහාරයට ගන්නේ ශාකයන් ය. අලියාට කොතරම් හැකියාව තිබුණත් සතකු මරා මස් කන්නේ නැත. ඇතැම් සතුන් ජීවත්වන්නේ ගොඩබිම ය. ඇතැම් සතුන් ජලයේ ය. ඇතැම් සතුන් අහසේ ය. එහෙයින් විශ්ව පරිසරය ඔවුන් අතර සමසේ බෙදීයයි. මේ නියාමනය වෙනස් කිරීමට කරන උත්සාහය ගැටලු සහගත ය. සත්ත්ව ලෝකයට නැති ගැටලු රාශියක් මිනිස් ලෝකයට ඇත්තේ එහෙයිනි. සත්ත්වයා තුළ මෙබඳු පැවැත්මක් ඇති නමුත් එහි මූලාරම්භය කිසිවෙකුටත් කිව නොහැකි ය.
    සත්ත්වයා පිළිබඳ ඉහත නියාමය භෞතික වාදයට ප්‍රමාණවත් වුවත් මේ භවයෙන් පමණක් අවසන් නොවන සත්ත්ව ප්‍රජාවට ප්‍රමාණවත් නො‍වේ. බීජ නියාමය පෘථිවියට පමණක් සීමා නොවේ. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක මෙන්ම නිරය දක්වා ද පැතිරෙයි. චිත්ත නියාමයට පාදක ‘යම් ප්‍රත්‍යයක් නිසා විඤ්ඤාණය හටගන්නේ ද ඒ අනුව නම් ලබයි. ඇස ද රූපය ද නිසා විඤ්ඤාණයක් හට ගනී. ඒ චක්ඛු විඤ්ඤාණයයි. කන ද ශබ්දය ද නිසා විඤ්ඤාණයක් හට ගනී. ඒ සෝත විඤ්ඤාණයයි. නාසය ද ගන්ධය ද නිසා විඤ්ඤාණයක් හට ගනී. ඒ ඝාන විඤ්ඤාණයයි. දිව ද රසය ද නිසා විඤ්ඤාණයක් හට ගනී. ඒ ජිව්හා විඤ්ඤාණයයි. කය ද ස්පර්ශය ද නිසා විඤ්ඤාණයක් හට ගනී. ඒ කාය විඤ්ඤාණයයි. මනස ද ධර්ම ද නිසා විඤ්ඤාණයක් හට ගනී. ඒ මනෝ විඤ්ඤාණයයි. විඤ්ඤාණය රූප, වේදනා, සඤ්ඤා,සංඛාර යන ප්‍රත්‍යයන් නිසා ඇති වන බව ද එයින් තොර ව නොපවත්නා බව ද බුදුන් වහන්සේ අංගුත්තර නිකායේ දී පැහැදිලි ලෙස ම වදාළහ. යමෙක් මෙම ප්‍රත්‍යයන්ගෙන් බැහැර විඤ්ඤාණයේ පැමිණීමක්, යාමක්, නැතිවීමක්, හට ගැනීමක්, වැඩීමක් දක්වන්නේ යැයි කියන්නේ නම් එය සිදුවිය නොහැක්කි.
    ‘(මහා තන්හා සංඛය සූත්‍රය, ම.නි.1606)
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ( 03 )
    ☸️
    කම්ම නියාම
    මනුෂ්‍යයෙකු දෙවියෙකු, බ්‍රහ්මයෙකු හෝ සතර අපාගත වූවෙකු නිර්මාණය වනනේ කම්ම නියාම ධර්මයේ බලපෑමෙනි. එම සංස්කරණය සංඛාර නම් වෙයි. කම්ම නියාම ධර්මයෙහි පාලිතයෙකුව සිටින තාක් සත්ත්වයා සාංසාරිකයෙකු වෙයි. යම් දවසක යම් මොහොතක කම්ම නියාම ධර්මය විජයග්‍රහණය කොට මුලිනුපුටා අහෝසි කිරීමට කෙනෙකුට හැකි නම් හෝ සසර ගමන නිම කළා වෙයි. මෙහිදී ක්‍ෂය කෙරෙන්නේ නියාම ධර්මය නොව ඒ ධර්මතාවය ඇති කරවන්නා වූ හේතු පද්ධතියයි.
    උපන් සියලු දෙනා මරණයට පත්වෙයි. මරණයට පත්වෙන ප්‍රමාණයට සාපේක්ෂව උපත් සිදුවෙයි. මරණය සිදු නොවන්නේ නම් ලෝකයේ ඉඩ නැතු ව යයි. උපත සිදු නොවූවහොත් සත්ත්ව සංහතිය අවසන් වෙයි. කම්ම නියාම නම් සත්ත්වයා ක්‍රියා කරන ආකාරයයි. බුදු දහම අනුව මේ ආත්මභවයේ දී කරන ක්‍රියාවක් පමණක් නොව අතීත ආත්මභවවල කළ ක්‍රියාකාරකම් ද මෙම නියාමයට අයත් වෙයි. පෙර ආත්මභවයේ දී අයහපත් දේ සිදු කළහොත් මේ ආත්මභවයේ දී එයට දුක් විපාක ලැබෙයි. යහපත් ක්‍රියා සිදු කළහොත් සැප විපාක ලැබෙයි. සත්ත්වයා අතර උස් පහත්කම් ඇති වන්නේ ඒ නියාමය පදනම් කොටගෙන ය.
    අතිතුම් චුල්ලකම්ම විභංග සූත්‍රධර්‍මය..
    මෙලොවදී ද සත්ත්වයෝ නොයෙක් ක්‍රියාකාරකම්වල(කර්ම) යෙදෙති. ජීවිතය පවතින්නේ ඒ ක්‍රියාකාරකම් අනුව ය. කුඹුරු වැපුරුවොත් අස්වැන්න ලැබේ. පාඩම් කළොත් විභාගය සමත් වේ. ලෝභය, ද්වේෂය, ඊර්ෂ්‍යාව ආදියෙන් හෝ කරුණා මෛත්‍රී ආදියෙන් යුක්ත ව ජීවත් වන පුද්ගලයාට එයට සාපේක්ෂ වන ආකාරයට මෙලොවදී ද සැප දුක් අත්විඳින්නට සිදු වෙයි. ද්වේෂය ඇති වී දඬු මුගුරු ගැනීම චිත්ත නියාමයයි. මේ අනුව අග්ගඤ්ඤ සූත්‍රයෙන් පඤ්ච නියාම පිළිබඳ ව පැහැදිලිව කියවෙයි.
    මහපොළොව විෂමාකාරය. සමහර තැන් උස් ය. සමහර තැන් පහත් ය. සමස්ත පෘථිවිය ම එකම මට්ටමේ වී නම් ජලයේ රඳා පැවැත්මක් නැත. ඉර හඳ සිය කාර්යය අඛණ්ඩ ව සිදු කරයි. එය දෙවියකු විසින් කරන්නක් නොව කම්ම නියාමය අනුව සිදුවන්නකි.
    කම්ම නියාමය යටතේ පෙර කරන ලද කර්මයන් අපේ ජීවිතයට බලපාන අන්දම විස්තර කෙරේ. සංසාරයේ බොහෝ ඉහත කළ කර්මයක් මේ භවයේ විපාක දීම සිද්ධ විය හැකිය. කර්මය වනාහි කුසල කර්ම හා අකුසල කර්ම ලෙස දෙආකාර වේ. මේ ආත්ම භවයේම ඇතැම් විට කර්ම විපාක දෙන්නේ නැති බවද සිහිකටයුතුය.
    අපගේ කුසල් අකුසල් සංසාර ගතව විපාක දෙමින් භවයෙන් - භවයට පැමිණෙන්නේය. ඒවා සඟවා තබන්නට අපට නොහැකිය. අපි අද කරන කුසල කර්මයන්ද සංසාරයේ එතෙර වීමට මඟ වියදම් ලෙස එකතුවන බව හැම විටම සිහි තබා ගත යුතුය. සම්බුද්ධත්වය ලැබීමෙන් පසු පළමුව ධර්ම ශ්‍රවණය කිරීමේ භාග්‍යය මනුෂ්‍යයන් හැටියට ලැබුවේ පස්වග තවුසෝය. පස්වග භික්ෂූන් වහන්සේලා ප්‍රථම ධර්ම දේශනාවට සවන් යොමු කිරීම සඳහා වරම් ලබාගෙන සිටි පිරිසකි. උන්වහන්සේලා පෙර පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී නොයෙකුත් පින් දහම් කුසල් කොට මතු බුද්ධ ශාසනයක ප්‍රථමයෙන් නිවන් අවබෝධ කර ගැනීමේ ප්‍රාර්ථනාව කළහ.
    මේ නිසාම ධර්ම එකක් අනිකක් හා බැඳී පවතින අතර එකක් හේතුකොට අනෙකක් පවතී. පඤ්ච නියාම ධර්ම නියතිවාදී ද නොවේ. ඒ හැම එකක් ම වෙනස් වෙයි. වෙනස් කළ හැකි ය.
    එසේ බරණැස ඉසිපතනාරාමයේදී ධර්මය අවබෝධ කළ පංච වග්ගීය භික්ෂූන් වහන්සේලා පෙර භවයක යක්ෂයන් පස් දෙනෙකුව ඉපිද වනාන්තරයක් අරක් ගෙන සිටින ලදී. මේ යක්ෂෙයා් වනයට යන සියලු දෙනා මරා ලේ බොමින් මස්ද කති.
    දිනක් අප බෝසතානණන් වහන්සේ දැව - දඬු කැපීම පිණිස මේ වනයට ගියහ. වනයේ ඇවිද යන බෝසතුන් එහි අතරමං වූහ. මොහොතකින් ඉහත කී යක්ෂයන් පස්දෙනාට හසු විය.
    පණ පිටින්ම බෝසතුන් බිම දමා බලනහරය විකා දැමූ යක්ෂයෝ ලේ උරා බොන්නට වූහ. ලේ උරා බොද්දී බෝධිසත්වයෝ ඉවසා සිටියේ සිනාමුසු මුහුණිනි.
    උඹ මොකද හිනා වෙන්නේ. අපට අසුවූ එකෙක්වත් මෙහෙම සිනා සී නෑ. සේරම උන් විලාප තියනවා, අඬනවා, කෑගහනවා. උඹට මේක සතුටක්දැයි’ යක්ෂයෝ විමසූහ.
    බෝසත්හු මෙසේ පිළිතුරු දුන්හ.
    ‘යක්ෂයිනි, මම අද ඔබලාට ජීවිතය පූජා කරන්නේ ලොවුතුරා බුද්ධත්වය පිණිසයි. ඒ ගැන හිතෙද්දී මහත් සතුටත් දැනෙනවා”
    ඒ අසා යක්ෂයෝ ලේ බීම නැවතූහ. බෝසතුන් වැඳ සමාව ගෙන බල නහරට බෙහෙත් දමා නැවත සැකසූහ.
    ඔබ තුමා අපට සමාව දෙන්න. ඔබ මතු බුදුවන ශාසනයේ ප්‍රථම ධර්ම දේශනය අපට අසන්නට සලස්වන්න’
    ඒ අය සසරේ අනෙක් ආත්ම භාවයන්හි නිවන් මඟ අපේක්ෂාවෙන් බොහෝ සීල, සමාධි, ප්‍රඥා වැඩූහ. ලෝකයේ සියලු දෙනාට මේ නිවන් මඟ අවබෝධ කළ නොහැකිය. ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා ඇති අයට පමණක් මේ නිවන් මඟ පහසුය.
    එහිදී ඡන්ද සෘධිපාද, චිත්ත සෘධිපාද, වීර්ය සෘධිපාද, විමංස සෘධිපාද යන සතර වැදෑරුම් ධර්මය සිත තුළ පහළ කර ගත යුතුය. දන්දීම, සිල් රැකීම, නෙක්ඛම්මය, ප්‍රඥාවන්ත වීම, උත්සාහවන්ත වීම, ඉවසීම, සත්‍යවාදී වීම, අධිෂ්ඨානය, මෛත්‍රී සහගත වීම, මධ්‍යස්ථ වීම යන කාරණා දියුණු කරගත යුතුය.
    නිර්වාණ මාර්ගයේ ප්‍රධාන අංගය නම් සම්මා දිට්ඨියයි. එය කොටස් හයකි.
    1. කම්මස්සකත සම්මා දිට්ඨිය
    2. ධ්‍යාන සම්මා දිට්ඨිය
    3. විපස්සනා සම්මා දිට්ඨිය
    4. මග්ග සම්මා දිට්ඨිය
    5. ඵල සම්මා දිට්ඨිය.
    6. චතු සච්ච සම්මා දිට්ඨිය
    මෙහි පළමු කාරණය වන කම්මස්සකත සම්මා දිට්ඨිය යනු කර්ම ඵලය විශ්වාස කිරීමයි.
    එයද දස වැදෑරුම්ව ධර්මයේ විස්තර කෙරෙයි.
    1. දුන් දෙයෙහි විපාක ඇත්තේය.
    2. මහා පූජාවන්හි විපාක ඇත්තේය.
    3. දෙන දානයෙහි විපාක ඇත.
    4. සත්වයා විසින් කරනු ලබන හොඳ නරකවල විපාකය ඇත්තේය.
    5. මෙලොවක් ඇත.
    6. පරලොවක් ඇත.
    7. මවට සැලකීමේ විපාක ඇත.
    8. පියාට සැලකීමේ විපාක ඇත.
    9. ඕපපාතික සත්වයෝ ඇත.
    10. ගුණ දියුණු කරන ශ්‍රමණ බ්‍රහ්මණයන් ඇත.
    නිවන් මාර්ගය අපේක්ෂා කරන බෞද්ධයෝ කම්මස්සකතා සම්මා දිට්ඨිය පිළිගත යුතුය. එසේ නොවුණහොත් ඔවුහු අන්‍යාගමිකයන්ගේ මිත්‍යා දෘෂ්ඨික කොටසට වැටෙති.
    ඒ අනුව බෞද්ධයන් වුවත් මිත්‍යා දෘෂ්ඨික හා සම්මා දෘෂ්ඨික අයද දෙආකාර කළ හැකිය.
    මිත්‍යා දෘෂ්ඨික බව තමන් බෞද්ධ වුණත් සසරේ අනන්ත දුක් ලබා දෙන පාප කර්මයක් වේ.
    කල්ප විනාශයේදී බොහෝ සත්වයෝ සුගතියේ උපදිති. නියත මිසදුටුවෝ පිටසක්වල අපායට වැටී දුක් විඳිති. මේ බව වටහා ගන්නා බෞද්ධයෝද - අබෞද්ධයෝද නිවන් මාර්ගයේ ගමන් කරති. මේ සඳහා තම තමන් ඇසුරු කරන අයට නිවැරදි මාර්ගය කියා දීම වැදගත්ය. එක් අයකු හෝ දුගතියෙන් ගොඩගැනීමට හැකි නම් එයම මහා පින්කමකි. ඊට උදව්කරන්නන් කල්‍යාණ මිත්‍රයෝ වෙති.
    දිනක් ආනන්ද හිමියන් බුදුරජාණන් වහන්සේ අමතා, ස්වාමීනි, මේ නිවන් මාර්ගයේ හරි අඩක්ම රැඳී තියෙන්නේ කල්‍යාණ මිත්‍ර සේවනය මත නේදැයි විමසූහ.
    ‘ආනන්දය, මේ නිවන් මාර්ගයේ හරි අඩක් නොව මාර්ගයම පවතින්නේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය මතය’ යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළහ.
    ඒ අනුව මේ බුද්ධෝත්පාද කාලයේ බුදුරජාණන් වහන්සේ ඔබගේ කල්‍යාණ මිත්‍රයා කර ගන්න. උන්වහන්සේ ඔබට මඟ පෙන්වූ ධර්මය සරණ යන්න. උන් වහන්සේගේ ගුණ සිහිපත් කරන්න. එය මෙලොව පරලොව දෙලොවටම යහපතට ෙහ්තු වේවි.
    ( 04 )
    ☸️
    ධම්ම නියාම
    මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා (ධර්මයන්ට මනස පෙරටුව සිටී. මනස ශ්‍රේෂඨ ය. ධර්මයෝ මනසින් උපදිති.) මෙහි ධර්ම යන්නෙන් අදහස් කරන්නේ කුසලාකුසල කර්මයන් ය. චිත්ත නියාමයෙන් සංස්කාරස්කන්ධය අදහස් කරයි. සංස්කාරස්කන්ධය පවතින්නේ අවිජ්ජාව නිසාය. කුසල් හෝ අකුසල් වූ ‍සචේතනික ක්‍රියා සියල්ල සංස්කාර ගණයට ඇතුළත් වේ.
    ධම්ම යන්න පාලියෙහි බොහෝ අර්ථයන්හි යෙදී ඇතත් මෙහි දී අදහස් කරන්නේ ස්වභාවයයි. ස්වභාව ධර්මය පවතින්නේ උතු නියාමයත් බීජ නියාමයත් නිසා ය. සූර්ය රශ්මිය නිසා ජලය වාෂ්ප වෙයි. වාෂ්ප වෙන ජලය වලාකුළු බවට පත් වී වැස්ස ලැබෙයි. මේ අඛණ්ඩ නියාමය ලෝකයේ පැවැත්මට හේතු වෙයි.
    ලෝක ධර්මතාව අපි සියල්ලන්ටම පොදුය. එසේම උරුමය. කාලයාගේ ඇවෑමෙන් වයසට යාම නියතය. වයසට යන විට දත් හැළී යාම, කෙස් සුදුවී සම රැළිවැටීම, කන් නොඇසී යාම, රෝගාබාධ ඇතිවීම, ශරීර වාරු නැතිවීම, පෙනීම දුබල වීම, ආහාරය වුව ශරීරයට නිසි සේ නොඇල්ලීම සිදුවිය හැකිය. මෙය ධම්ම නියාමය වන අතර පෙර කර්මයට යටත් නොවන්නකි
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ( 05 )
    ☸️
    චිත්ත නියාම
    මේ ක්‍ෂය කිරීම කෙරෙන්නේ කෙසේද? ඒ ක්‍රමවේදය පැහැදිලි කරනු ලබන්නේ චිත්ත නියාම ධර්මය මගිනි. විශ්වයේ ඇති අති ප්‍රබලතම නියාම ධර්මය එයයි. භව පැවැත්ම හෙවත් සංසාරය සහ භව නිරෝධය හෙවත් නිවන යන දෙකම අපට ඇති උරුම දෙකකි. කාය, වචී, මනෝ වශයෙන් සියලු සංස්කාර රැස් කරවනු ලබන්නේ සිත මගිනි.
    සිතට ඇති ඒ හැකියාව සර්වබලධාරී මැවුම් කරුවෙකුගේ බලපරාක්‍රමයෙන් ලත් එකක් නොව චිත්ත නියාම ධර්මයේ ස්වභාවයයි. සමථ විපස්සනා වශයෙන් සම්‍යක් වර්ධිත සිතකට සංස්කාර රැස්කිරීමේ ක්‍රියාවලිය මුළුමනින්ම නතර කිරීමේ හැකියාවද චිත්ත නියාම ධර්මයේ සුවිශේෂ බලයකි. කර්ම රැස් කිරීමේ ක්‍රියාවලිය සහමුලින්ම එමගින් නැති කළ විට එයට තවත් කරන්නට දෙයක් ඉතිරිව නැත. නමුත් කයක් නැතිව සිතට නොවිසිය හැකි ධර්මතාවයට අනුව, තත් භවයේ කාය නිරෝධය වනතුරු සිත සුවසේ වෙසෙයි. එම ස්වභාවයේ සිත් ක්‍රියා සිත් නම් වේ. ඒ සිත් දරා සිටින්නා රහතන් වහන්සේ ය.
    මනුෂ්‍යයා විසින් අධික ලෝභයෙන් සියලු සම්පත් එකවර පරිභෝජනය කරන්නට යාමෙන් දේශගුණය වෙනස් වෙයි. කාලගුණය වෙනස් වෙයි. ඕසෝන් ස්තරය සිදුරු වී ඇත. තමන්ට ඕනෑ හැටියට සත්ත්ව සන්තතිය පාලනය කොට තමා පමණක් ජීවත් විය යුතුය යන සංකල්පය හේතු කොට බීජ නියාමය අවුල් සහගත වී ඇත. මිනිස් සිතුවිලි මේ සියලු නියාමයන් වෙනස් කරන්නට බලපායි. දුෂ්ට සිතකින් බෝම්බයක් සක්‍රිය කළහොත් එකවර ලෝකය ම විනාශ කළ හැකි වෙයි. බෝම්බය සක්‍රිය කළ යුතු ද නැද්ද යන්න තීරණය කරන්නේ මනුෂ්‍ය චිත්තයයි. ඒ එසේ චිත්තයන්හී පහල වන කුසල අකුසල ශක්තිය අනුව විශ්ව පැවැත්ම සඳහා චිත්ත නියාමය ඍජුවම බලපාන්නක් බව පෙනේ.
    චිත්ත නියාම ධර්මය පිළිබඳ තවත් වැදගත් හෙළිදරව්වක් තථාගත ධර්මයෙන් අපට විවෘත කර දෙයි. ‘අසරීරං ගුහාසයං’ යනුවෙන් දැක්වෙන සිතට සමස්ත විශ්වයේ සියල්ල සමග සම්දන්ධ විය හැකිය. තවද අනෙකුත් සියලුම නියාම ධර්මයෙන් ස්වකීය පාලනයට ගත හැකි වීම චිත්ත නියාම ධර්මයේ සුවිශේෂ ලක්ෂණයකි. පරචිත්ත විජානන, දිබ්බසෝත, දිබ්බ චක්ඛු ආදී ඤාණ වශයෙන් දක්වා සිත් ගැන අප අසා ඇත. අවකාශය විනිවිද යන මෛත්‍රී චිත්ත ශක්තිය ගැන ධර්ම ස්පර්ෂය ලැබූ බෞද්ධයිනට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.
    එහෙත් ද්වේශ සිතට එසේ යාමට අවසරය නැත. මේ අනුව උතු ,බීජ ධම්ම, චිත්ත, කම්ම යන නියාම ධර්මයන් පහම සත්ත්වයාගේ පැවැත්මට හේතු ප්‍රත්‍යවෙයි. තවද චිත්ත කම්ම නියාම දෙකට අනුව භව චරනය සහ භව තරණය යන දෙකම සකස් කර ගත හැකි සත්ත්වයා මිනිසාය. මෙකී නියාම ධර්මතා සත්ත්වයා කෙරෙහි සමස්තයක් ලෙස බලපානවා මිස, ප්‍රතිශතයක් ලෙස ගෙන සියයට විස්සක් කර්ම නියාමයට වෙන් කර දැක්වෙන ගණිතමය පදනමකින් ඒවායේ ස්වභාවය ප්‍රමාණ කොට දැක්විය නොහැකිය යි සිතමි. එහෙත් සියල්ල කර්මයෙන් වේය යන්න බුදු දහම ප්‍රතික්ෂේප කරයි.
    බුදුන් දවස වඩාත් ප්‍රචලිත ව තිබූ ඉස්සර නිම්මාන වාදය,පුබ්බේකත හේතුවාදය, අහේතු අපච්චයවාදය හා නූතන දේවවාදී ආගම් සියල්ල මේ මඟින් ප්‍රතික්ෂේප වෙයි. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ ලෝකයේ පැවැත්ම පටිච්ච සමුප්පාදය හේතුකොට පවතින්නක් බවයි. පඤ්ච නියාම ධර්ම පවතින්නේ පටිච්ච සමුප්පාදය පාදක කොට ගෙන ය.මේ දෙක අෙන්‍යා්න්‍ය වශයෙන් එකට බැඳී පවතී.
    උතු නියාමය විවිධ හේතූන් මත වෙනස් වේ. මිනිස් ක්‍රියාකාරකම් ඉන් ප්‍රධාන ය. එහෙත් තමාට ඕනෑ පරිදි දේශගුණය හා කාලගුණය පාලනය කර ගැනීමට මෙතෙක් කිසිවෙකුට පුළුවන් වී ඇත. අතිශය බුද්ධිමත් දෙමව්පියන්ට මන්ද බුද්ධික දරුවන් උපදී. ඒ සමහර විටෙක මිනිස් ක්‍රියාකාරකමක ප්‍රතිඵලයක් විය හැකි ය. නැත්නම් කම්ම නියාමයේ බලපෑමයි. එහෙත් තිරිසනකුගෙන් මෙතෙක් මිනිසකු බිහි වී නැත. කම්ම නියාමයේ වෙනස්වීම් සිදු වී දැයි දැන ගැනීමට කර්ම ශක්තිය පිළිබඳ අපට අවබෝධයක් නැත. එහෙත් නිවන් දැකීමෙන් කර්මය ක්ෂය කළ හැකි ය. මරණය නතර කිරීමට කිසිවකුටත් නොහැකි ය. නිවන් ලැබීමෙන් සිදු වන්නේ මරණය නතර කිරීමක් නො ව නැවත උපතක් සිදු නොවීම ය.
    පහනක් දැක් වූ විට එහි දැල්ල, වර්ණය, ප්‍රමාණය, උණුසුම ආලෝකය යන සියල්ලම අපට අත් විඳිය හැකිය. පහත නිවී ගිය විට ඒ සියල්ලම අන්තර්ධාන වෙයි. එලෙසම බුද්ධ පරිනිර්වාණයේදී නොහොත් අනුපාදිශේෂ පරිනිර්වාණයේදී මෙකී නියාම ධර්මයන් සියල්ලම, පහන නිවී ගියා සේ, අහෝසි වෙත්.
    මූලාශ්‍ර...
    අතිතුම් චූලකම්ම විභංග සූත්‍රධර්‍මය සහ තද් අටුවා
    අතිතුම් තන්හාසංක්‍ය සූත්‍රධර්‍මය සහ එහි අටුවා ටීකා
    අතිතුම් නියාම ධම්මතා සූත්‍රධර්‍මය...
    මහා පධාන සූත්‍රධර්‍ම අට්ටකතාදිය...
    ධම්ම සංගනී අට්ඨකතා..
    අභිධම්මාවතාර පාළි සහ ටීකාදිය..
    මේ ආදී බොහෝ තැන්වල මෙකරුන ගැන
    සඳහන් වේ.
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,066
    9,378
    113
    Microsoft
    ඒක මහ යකාගෙ ලොජික් එකක් නෙ? මුගලත් හාමුදුරුවෝ තමුන් ගෙ දෙමවුපියන්ව ඒ ආත්මෙදි පොලු වලින් ගහල මරල දැම්මා නම් ඒකත් ආනන්තරීය පාපකර්මයක් නෙ? ආනන්තරීය පාපකර්මයක් කරපු කෙනෙක් රහත් උනේ කෝමද? :unsure:
    mugalan hamuduruwo apaye giya
     
    • Like
    Reactions: siri_ayya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,968
    113
    එකමත් එක රටක
    "රජතුමනි ඔය හොරු රැල ඔය වගේ ක්‍රියාවක් කලේ ඒගොල්ලොන්ගේම වැරැද්දෙන් නෙමෙයි, මීට කල්ප ගානකට පෙර මුගලන් මහරහතන් වහන්සේ එක්තරා අත්බැවක තම බිරිඳගේ කීමට තම අන්ධ දෙමව්පියන් කැලේක අතරමන් කරල මෙන්න හොරු ටිකක් අපිට ඇවිත් ගහනවා කියමින්" පොලු අරන් ගහල මරලා දාලා ආවා.
    ඔය ගොන් ලොජික් දාල ඕන වැරදි කාරයෙක් ව නිවැරදි කරන්න පුලුවන් බන්..

    අරන්තලාවේ හාමුදුරුවෝ පිරිසක් කපල කොටලා ගාතනය කරේ LTTE එකේ උන්ගේම වැරැද්දෙන් නෙවෙයි කියලත් අපිට හිතන්න පුලුවන් නේද ඔය විදියට ??
    ඒ හාමුදුරුවෝ සෙට් එක කලින් ආත්මේ කාවහරි කපල කොටල මරල.

    අනික කලින් ආත්මේ දෙමව්පියන්ව මැරුවේ ඒ පුතාගේ වැරැද්දෙන් නෙවෙයි, ඒ දෙමව්පියෝ ඊට කලින් කරපු පව් නිසා කියලත් කියන්න පුලුවන් නේ.
     
    • Like
    Reactions: Candid-B

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ඒක මහ යකාගෙ ලොජික් එකක් නෙ? මුගලත් හාමුදුරුවෝ තමුන් ගෙ දෙමවුපියන්ව ඒ ආත්මෙදි පොලු වලින් ගහල මරල දැම්මා නම් ඒකත් ආනන්තරීය පාපකර්මයක් නෙ? ආනන්තරීය පාපකර්මයක් කරපු කෙනෙක් රහත් උනේ කෝමද? :unsure:
    1) ආනන්තරීය පාපකර්මයක්ක ලාම ඊලන්ග ආත්මෙ අනිවර්යෙන් අපායෙ යනවා. ඊට අදාක කර්මය ගෙවෙනකන් අපා දුක් විදිනවා. ගොඩක් වෙලාවට කල්පයක්ම අපායෙ. අයෙ අපයෙන් ගලවිල තිරිසන් ලොකේ, මනුශ ලෝකෙ ඉපඩුනත් ඉතුරු කර්මය කොටස් ගෙවන්න වෙනව. එ කියන්නෙ ගොඩක් වෙලාවට මුගලන් හමුදුරුවො ආත් ගනනාවක් ගුටි කාල මරිල තියෙන්නවා. අන්තිමට නිවන් දෑක්ක ආත්මේත් පිරිනිවන් පෑමෙ ඊ විදිහටම
    ....
    2) ආනන්තරීය පාපකර්මයක්ක ලා කියල නිවන් දකින්න බෑරි කමක් නෑහ.


    ඔය ගොන් ලොජික් දාල ඕන වැරදි කාරයෙක් ව නිවැරදි කරන්න පුලුවන් බන්..

    අරන්තලාවේ හාමුදුරුවෝ පිරිසක් කපල කොටලා ගාතනය කරේ LTTE එකේ උන්ගේම වැරැද්දෙන් නෙවෙයි කියලත් අපිට හිතන්න පුලුවන් නේද ඔය විදියට ??
    ඒ හාමුදුරුවෝ සෙට් එක කලින් ආත්මේ කාවහරි කපල කොටල මරල.

    අනික කලින් ආත්මේ දෙමව්පියන්ව මැරුවේ ඒ පුතාගේ වැරැද්දෙන් නෙවෙයි, ඒ දෙමව්පියෝ ඊට කලින් කරපු පව් නිසා කියලත් කියන්න පුලුවන් නේ.
    ------ Post added on Jun 12, 2023 at 7:02 AM

    පාස්කු බෝම්බෙන් මැරිච්ච මිනිස්සු කොටි බෝම්බ වලින් මැරිච්ච මිනිස්සු කලින් ආත්ම වල ත්‍රස්තවාදියො වෙලා සමූලඝාතන කරන්න ඇති. ඒ පවින් තමා මේ ආත්මෙ බෝම්බ වලට අහුවෙලා මැරුනේ. සහරාන් ප්‍රබාකරන් එහෙම ලබන ආත්ම වල බෝම්බ වලට අහුවෙලා මැරෙයි.
    කැළණිතිස්ස රජතුමා, රහතන් වහන්සේ නමක් ව උණුතෙල් කටාරමක දාපු කතාව හැමෝම දන්නවනේ, ඒත් උන්වහන්සේ ට එහෙන විපාකයක් විඳින්න වුනේ ඇයි කියන එක ගැන නම් ගොඩක් අය දන්නේ නැතුව ඇති නේද? ඒ ගැන කියන්නයි මේ ලෑස්තිය. ම්ම්ම්...ඒත් ඊට කලින් මම අර කතාවත් කියලා ඉන්නම්කෝ. කැළණිතිස්ස රජතුමාට හිටියා සහෝදරයෙක් උත්තිය කියලා. මේ කුමාරයා අග බිසවත් එක්ක, ඒ කියන්නේ කැළණිතිස්ස රජතුමාගේ මෙහෙසියත් එක්ක අයථා සම්බන්ධයක් ඇති කරගෙන තිබුණා. කාලයක් රහසක් වෙලා තිබුණ මේ ආරංචිය කැළණිතිස්ස රජතුමාගේ කණට වටෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. මේකේ ප්‍රතිඵලය වුනේ උත්තිය කුමාරයා සිරභාරයට ගන්න කියලා රාජ නියෝගයක් නිකුත් වුන එක. ඒ බව ආරංචි වුන උත්තිය කුමාරයා හොරෙන් ම පැනලා ගිහින් හැංගුණා. කොහොම උනත් මේ තනිකම උත්තිය කුමාරයාට ඉවසන්න අමාරු උණා. ඒ නිසා ම කුමාරයා තීරණය කලා තමන්ගේ ප්‍රේමවන්තියට තමන්ගේ දුක කියලා හසුනක් යවන්න. මේ දූත කාර්යය බාර වුන තරුණයා කලේ රජ මැදුරේ දානයක් තියෙන දවසක් බලලා මහන වෙස් අරන් රජ මාළිගයට ගිය එක. භික්ෂූන් වහන්සේලා එක්කම දානේ එහෙම වළඳලා රහතන් වහන්සේ නමක් පසුපසින් එළියට ගමන් කරනවා. රාජ මෙහෙසිය බලාගෙන හිටිය වෙලාවක් බලලා අර උත්තිය කුමාරයාගේ හසුන ලිව්ව තල්පත බිමට දැම්මා දේවියට පෙනෙන්න. දේවිය මේ තල්පත අතට ගන්නවා රජතුමා දැක්කා. රජතුමා මේ තල්පත පරීක්ෂා කරලා බලද්දි අර රහතන් වහන්සේ ගේ අත් අකුරුත් මේ අත් අකුරුත් එක හා සමානයි ලු. ඒ නිසා මේ රහතන් වහන්සේ හා රජ මෙහෙසිය අතර සම්බන්ධයක් තියෙනවා කියලා නිගමනය කළ කැළණිතිස්ස රජතුමා, අර රහතන් වහන්සේ ව උණු තෙල් කටාරමක බහා මරණයට පත් කරන්න නියෝග කලා.

    මේ කතාව මහාවංශය, රාජාවලිය, රසවාහිනිය වගේ සාහිත්‍ය මුලාශ්‍ර වල ජනප්‍රිය කතාවක්. දැන් කියන්නම්කෝ අර රහතන් වහන්සේ ට උණු තෙල් කටාරමක පිරිනිවන් පාන්න වුනේ ඇයි කියලා. උන්වහන්සේ පෙර ආත්මයක ගොපල්ලෙක් වෙලා ඉපදිලා ඉද්දි මැස්සෙක් එක්ක කිරි මුට්ටියක් උණු කිරීමේ විපාක විදියට තමයි එහෙම වෙලා තියෙන්නේ. ඒ බව පුබ්බේ නිවාසානුස්සති ඤාණය උපදවා ගෙන හිටිය රහතන් වහන්සේට පුළුවන් වුනා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම උන් වහන්සේ පැහෙන තෙල් කටාරමේ වැඩ ඉද්දි ම ගාථා සීයක් දේශනා කරලා කරලා තියෙනවා ථේර කටාහ ගාථා නමින් මිනිස්සුන්ට අවවාද විදියට.....
    ------ Post added on Jun 12, 2023 at 7:05 AM

    කෙනෙක් අකුසල කර්මය ගෙවන අතර තවකෙක් අකුසල කර්මයන් රැස්කරයි..

    ------ Post added on Jun 12, 2023 at 7:10 AM
     
    • Like
    Reactions: NRTG