මේ අපරාදය කරපු එකා මට අහු වුනා නම් ඕකගේ ඇට කුඩු වෙන්න ගහනව

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ඔය ගොන් ලොජික් දාල ඕන වැරදි කාරයෙක් ව නිවැරදි කරන්න පුලුවන් බන්..

    අරන්තලාවේ හාමුදුරුවෝ පිරිසක් කපල කොටලා ගාතනය කරේ LTTE එකේ උන්ගේම වැරැද්දෙන් නෙවෙයි කියලත් අපිට හිතන්න පුලුවන් නේද ඔය විදියට ??
    ඒ හාමුදුරුවෝ සෙට් එක කලින් ආත්මේ කාවහරි කපල කොටල මරල.

    අනික කලින් ආත්මේ දෙමව්පියන්ව මැරුවේ ඒ පුතාගේ වැරැද්දෙන් නෙවෙයි, ඒ දෙමව්පියෝ ඊට කලින් කරපු පව් නිසා කියලත් කියන්න පුලුවන් නේ.
    නිවැරදි කරලා නැහැ යකෝ කාවවත් :lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,186
    1
    58,552
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    . රාජ මෙහෙසිය බලාගෙන හිටිය වෙලාවක් බලලා අර උත්තිය කුමාරයාගේ හසුන ලිව්ව තල්පත බිමට දැම්මා දේවියට පෙනෙන්න. දේවිය මේ තල්පත අතට ගන්නවා රජතුමා දැක්කා. රජතුමා මේ තල්පත පරීක්ෂා කරලා බලද්දි අර රහතන් වහන්සේ ගේ අත් අකුරුත් මේ අත් අකුරුත් එක හා සමානයි ලු.
    ඒ කාලේ ගෑනු අකුරු කියවන්න ඉගෙනගත්ත කියල සාක්ෂි තියෙනවද?
     
    • Haha
    Reactions: Candid-B

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,062
    167,948
    113
    එකමත් එක රටක
    නිවැරදි කරලා නැහැ යකෝ කාවවත් :lol:
    ඔය මූ කියලා තියෙන්නේ ඒ මරපු උන්ගේම වැරැද්දෙන් නෙවෙයි කියලා වැරැද්ද මැරිච්ච මුගලන් හාමුදුරුවන්ට දාල තියෙන්නේ.

    එතකොට බුදු හාමුදුරුවෝ මොකද කිව්වේ? "රජතුමනි ඔය හොරු රැල ඔය වගේ ක්‍රියාවක් කලේ ඒගොල්ලොන්ගේම වැරැද්දෙන් නෙමෙයි,
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ඔය මූ කියලා තියෙන්නේ ඒ මරපු උන්ගේම වැරැද්දෙන් නෙවෙයි කියලා වැරැද්ද මැරිච්ච මුගලන් හාමුදුරුවන්ට දාල තියෙන්නේ.
    එහෙම බුදුහාමුදුරුවෝ කියලා නෑ බං මේ මු ට්‍රාන්ස්ලේට් කරද්දී අතින් දාන්න ගිහින් නේ 🤦‍♂️🤦‍♂️
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,620
    6,377
    113
    ඒක මහ යකාගෙ ලොජික් එකක් නෙ? මුගලත් හාමුදුරුවෝ තමුන් ගෙ දෙමවුපියන්ව ඒ ආත්මෙදි පොලු වලින් ගහල මරල දැම්මා නම් ඒකත් ආනන්තරීය පාපකර්මයක් නෙ? ආනන්තරීය පාපකර්මයක් කරපු කෙනෙක් රහත් උනේ කෝමද? :unsure:
    පින බලවත් වුනාම මනුසත් කුලවල ඉපදෙනවා එහෙම කියල පව පස්සෙන් එන එක නතර වෙන්නෙ නැ
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මෙම සිදුවීම නිසා ගොඩක් අය ද්වේශයක් ඇතිකර ගෙන අකුසල කර්ම රැස් කරගත්තා.මෙහි යථාර්ථ ස්වභාවය තමා මේ සත්වයා සංඅසාරයේ දී කළ අකුසල කර්මයක් මෙම අවස්ථාවේදී ගෙවීමට සිදුවීමය.සත්වයා කර්මය ගෙවන විට තවත් සත්වයන් කර්මය රැස් කරගත්තා.ඒ තමා ලෝක ස්වභාවය.මෙම වගේ සිදුවීම් දැක හෝ අසා මගේ යාලුවනේ ඔයාලා තවත් අකුසලකර්ම රැස් කර ගන්නෙ නැතුව ධර්මයට ගලපා බලන්න

    අපගේ බුදුරජාණන් වහන්සේ විසින් ආනන්තරීය පාප කර්ම 5 ක් පෙන්වා දී තිබෙනවා.

    (1) මව මැරීම
    (2) පියා මැරීම
    (3) රහතුන් ඝාතනය කිරීම
    (4) දුෂ්ඨ සිතින් බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙහි ලේ සෙලවීම හෙවත් ලෝහිතුප්පාදය
    (5) සංඝභේදය

    මෙහිදී සංඝභේදය නම් ආනන්තරීය පාපකර්මය සිදුවන්නේ උපසම්පදා භික්ෂුවක් සමගිසම්පන්න සඟ පිරිසක් බිදුවා හතරනමකට වැඩි භික්ෂු පිරිසක් සමගින් වෙනම පොහොය කිරීම හා විනය කර්ම සිදුකිරීම තුලිනි. එම නිසා ගිහි අයට හෝ සාමණේර පැවිද්දන්ට එම සංඝභේද ආනන්තරීය පාපකර්මය සිදුවීමට ඉඩක් නොමැත. එමෙන්ම දුෂ්ඨ සිතින් බුදුරදුන්ගේ ඇඟේ ලේ සෙලවීමක් මෙකල සිදු නොවේ.

    වර්තමානයේ රහතන් වහන්සේ නමක් ඝාතනය කිරීමේ අකුසලය ද ප්‍රායෝගිකව සිදුවීමට ඉඩප්‍රස්ථාවක් නොමැත. සිදුවන්නේ නම් සිදුවීමට ඉඩ ඇත්තේ මව මැරීම සහ පියා මැරීම යන ආනන්තරීය පාපකර්ම දෙකයි. විශේෂයෙන් විදේශ රටවල මව්පියන්ට අසාධ්‍ය රෝග වැලඳුන විට වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත මව-පියා මියයෑම පිණිස එන්නත් විදීමට දරුවන් ක්‍රියාකරනු ලබයි. මෙය වළක්වා ගතයුතු බරපතල අකුසල කර්මයකි.

    යම් හෙයකින් ආනන්තරීය පාපකර්මයක් සිදුවූවෝතින් උපපජ්ජවේදනීය ලෙස කර්මානුරූපව නිරයේ උපතක් කරා යාමට සිදුවේ. එවන් අයෙකුට විසඳුම ලෙස ඇත්තේ පියා මැරූ අජාසත් රජතුමා පසුව කරුණු වටහාගෙන, තෙරුවන් සරණ ගොස්, පින් රැස්කරමින් ශාසනික කටයුතුවලට දායකත්වය ලබාදුන් අයුරින් ඉතිරි ජීවිත කාලය ධර්මයේ හැසිරීමයි. එවිට මතුභවයකදී හෝ සුගතිගාමීව, ධර්මාවබෝධ කිරීමේ අවස්ථාව සළසා ගත හැක. අජාසත් රජතුමා නිරයෙන් අතමිදුනු පසු පසේබුදුවරයෙකු බවට පත්වන බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබේ.
    ------ Post added on Jun 12, 2023 at 7:36 AM
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    පුබ්බේකත හේතු වාදය - සියල්ල සිදුවන්නේ පෙර කර්මය නිසා බව පැවසීම බුද්ධ ධර්මය ට අනුව නිවැරදි නොවේ
    Ithin meya ehemane kiyanne
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    රජතුමනි ඔය හොරු රැල ඔය වගේ ක්‍රියාවක් කලේ ඒගොල්ලොන්ගේම වැරැද්දෙන් නෙමෙයි

    මේක ආදේස කරන්න පුළුවන් දැන් මෙහෙ ඉන්න මිනීමරුවන්ට.
    එයාල මිනිමරලා තියෙන්නේ එයාලගේ වැරැද්දකට නෙවි පෙර ඇතමෙක කරපු අකුසලයක් නිසා



    50fe0bde-7606-4415-a341-3a1671b247ec.jpg


    ආගම් නේ ඕයි මේවා
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,499
    1
    62,293
    113
    Mother Earth
    රජතුමනි ඔය හොරු රැල ඔය වගේ ක්‍රියාවක් කලේ ඒගොල්ලොන්ගේම වැරැද්දෙන් නෙමෙයි

    මේක ආදේස කරන්න පුළුවන් දැන් මෙහෙ ඉන්න මිනීමරුවන්ට.
    එයාල මිනිමරලා තියෙන්නේ එයාලගේ වැරැද්දකට නෙවි පෙර ඇතමෙක කරපු අකුසලයක් නිසා



    View attachment 207488

    ආගම් නේ ඕයි මේවා
    අර කැකිල්ලේ රජ්ජුරුවෝ කුඹල්කරුවට දඬුවම් දුන්න වගේ වැඩක්. අන්තිමට දඬුවම් දෙන්නේ වෙන එකෙකුට.😁
     
    • Love
    Reactions: pavithra_uk

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,691
    68,057
    113
    Athithayak nattan.anagatgekuth nattan.warthamana mohotha witaranan tiyenne.sanasarayak or sathwayek athitaye hitiye koheda
     

    thilina chamara

    Junior member
  • Aug 14, 2008
    116
    14
    18
    ඔය ගොන් ලොජික් දාල ඕන වැරදි කාරයෙක් ව නිවැරදි කරන්න පුලුවන් බන්..

    අරන්තලාවේ හාමුදුරුවෝ පිරිසක් කපල කොටලා ගාතනය කරේ LTTE එකේ උන්ගේම වැරැද්දෙන් නෙවෙයි කියලත් අපිට හිතන්න පුලුවන් නේද ඔය විදියට ??
    ඒ හාමුදුරුවෝ සෙට් එක කලින් ආත්මේ කාවහරි කපල කොටල මරල.

    අනික කලින් ආත්මේ දෙමව්පියන්ව මැරුවේ ඒ පුතාගේ වැරැද්දෙන් නෙවෙයි, ඒ දෙමව්පියෝ ඊට කලින් කරපු පව් නිසා කියලත් කියන්න පුලුවන් නේ.
    සෑම සිදුවීමක්ම කර්ම නියාමය නිසා සිදු වන බව බුදුහාමුදුරුවෝ දේශනා කර තිබේද?
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ~කර්‍මය සත්ත්වයන් කෙරෙහි කොතෙක් දුරට කෙසේ බලපවත්වා ද?~

    කර්මය තරම් සත්ත්වයන් කෙරෙහි බලපවත්වන අනිකක් නැතැයි කියා යුතු ය. කර්මයෙන් සත්ත්වයන් නැවත නැවත ඒ ඒ ජාතිවල උපදවන බවටත්, සත්ත්වයන් උසස් බවටත්, පහත් බවටත්, රූපවත් බවටත්, විරූප බවටත්, නුවණැති බවටත්, මෝඩ බවටත්, දීර්ඝායුෂ්ක බවටත්, මන්දායුෂ්ක බවටත්, රෝගබහුල බවටත්, නිරෝගී බවටත්, පොහොසත් බවටත්, දුප්පත් බවටත් පමුණුවන බව තථාගතයන් වහන්සේ වදාළ සේක. කර්මයෙන් සත්ත්වයනට කීර්තියත් ප්‍ර‍ශංසාවත් නින්දාවත් වධයත් බන්ධනයත් ලැබෙන බව ද තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇත්තේ ය.

    සත්ත්වයකුට කර්මයෙන් සිදු කරන ප්‍ර‍ධාන දෙය මරණින් මතු යම්කිසි භවයක ඉපදවීම ය. සැම සත්ත්වයකු ම උපදින්නේ ඔහු විසින් අතීතයෙහි කළ කර්මයක් විපාක භවයට පැමිණීම් වශයෙනි. මරණයට ඉතා ළංව ඉන්නා පුද්ගලයා හට ඔහු විසින් අතීතයෙහි කොට යටපත් වී ඇති කුශලාකුශල කර්මයන් අතුරෙන් යම්කිසි කර්මයක් හෝ සිහි වේ. සමහර විට කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් හෝ ඔහු ගේ සිතට පෙනෙන්නට වේ. කර්ම නිමිති නම් විපාකදීමට මතුවී ඇවිත් ඇති, කර්මය කිරීමට උපකාර වූ හෝ උපකරණ වූ හෝ වස්තූහු ය. ගති නිමිත්ත නම් මතුවී ඇති කර්ම හේතුවෙන් උපදනා ස්ථානයෙහි ඇති දේවල් ය. මේවායින් කවරක් හෝ මරණාසන්න සත්ත්වයා ගේ සිතට වැටහිමෙන් පරණ වූ කර්මය එකෙණෙහි කරන ලද්දක් මෙන් අලුත් වේ. මැරෙන සත්ත්වයා ගේ ඒ භවයෙහි අන්තිමට උපදනා සිත ඉපද නිරුද්ධ වනු සමග ම මරණාසන්නයෙහි වැටහුණු කර්ම - කර්ම නිමිත්ත - ගති නිමිත්තයන් ගෙන් එකක් අරමුණු කෙරෙමින් ඒ එළඹ සිටි කර්මයාගේ විපාක වශයෙන් දෙවන භවයෙහි පළමුවන සිත පහළ වේ. එයට ‘ප්‍ර‍තිසන්ධිචිත්තය’ යි කියනු ලැබේ. ඒ ප්‍ර‍තිසන්ධිචිත්තය ඇතිවීම මළ සත්ත්වයා ගේ අලුත් භවයකට පැමිණීම ය. එයට මළ සත්ත්වයා ගේ නැවත ඉපදීමය යි ද කියනු ලැබේ.

    ප්‍ර‍තිසන්ධිචිත්තය නිරුද්ධ වීමෙන් පසු විපාක දුන් කර්මයා ගේ ශක්තියේ සැටියට කෙටි කලක් හෝ දික් කලක් හෝ අනික් සිතක් නැත්තා වූ සැම අවස්ථාවෙහි ම ඒ පුද්ගලයා ගේ සන්තානයෙහි ප්‍ර‍තිසන්ධි චිත්තයෙන් ගත් අරමුණ ම ගනිමින්, ප්‍ර‍තිසන්ධි චිත්තයට සමාන සිතක් ප්‍ර‍තිසන්ධිය ඇති කළ කර්මයා ගේ විපාක වශයෙන් නැවත නැවත උපදින්නේ ය. ඒ හේතුවෙන් ඔහු ගේ සිත් පරම්පරාව නො සිඳී පවත්නේ ය. සිත් පරම්පරාව සිඳී ගිය හොත් සත්ත්ව ජීවිතය කෙළවර වන්නේ ය. භවය එයින් කෙළවර වේ. සිත් පරම්පරාව සිඳී ගොස් භවය කෙළවර වන්නට නොදී ආරක්‍ෂා කරන්නේ ඒ සිත ය. එබැවින් එයට ‘භවාංගචිත්තය’ යි කියනු ලැබේ. එය සත්ත්වයා ගේ ප්‍ර‍කෘති සිත ය. මූල සිත ය. එබන්දක් ඇති බවක් අපට නො දැනේ. අපට නොයෙක් දේ දැන ගැනීමට උපකාර වන්නේ ඒ භවාංග චිත්තය ය. දැකීමට උපකාරවන ඇසට, ඒ ඇස නො පෙනෙන්නාක් මෙන් දැනීමට හෙවත් නොයෙක් දේ දැන ගන්නා සිත් ඇතිවීමට උපකාර වන භවාංග චිත්තය ඇති බව සැලකිය යුතු ය. මෙය හොඳට ම තේරුම් ගත හැකි වීමට නම් අභිධර්මය හොඳින් උගත යුතු ය. මේ භවාංගචිත්තයත් ප්‍ර‍තිසන්ධිය ගෙන දුන් කර්මයාගේ ම විපාකයෙකි. එබැවින් සත්ත්වයා භවයෙහි උපදින්නේත් උපන් භවය කලක් නො සිඳී පවත්නේත් යම්කිසි එක් කර්මයකින් බව දත යුතු ය.

    කුශල කර්මයකින් උපන් තැනැත්තාහට ඒ කර්මයේ ශක්තියේ සැටියට ඒ ජාතියේ දී බොහෝ වූ හෝ මඳ වූ හෝ සැපසම්පත් ඒ කර්මයෙන් ඇති කරනු ලැබේ. අකුශල කර්මයකින් උපන් සත්ත්වයාහට ද ඒ කර්මයේ ශක්තියේ සැටියට ඒ කර්මයෙන් බොහෝ වූ හෝ මඳ වූ හෝ දුක් කරදර ඇති කරනු ලැබේ. ඇට බොහෝ ගණනක් එක්වී මහත් එක් ගසක් ඇති නො කරන්නාක් මෙන්, කර්ම බොහෝ ගණනක් එක්වී එක් උත්පත්තියක් ඇති නො කෙරේ. සැම කල්හි ම එක් භවයක උත්පත්තිය සිදු කරන්නේ එක් කර්මයකිනි. සියලු ම සත්ත්වයන්ට කුශල් වූ ද අකුශල් වූ ද බොහෝ අතීත කර්ම ඇත්තේ ය. කුශල වූ හෝ අකුශල වූ හෝ යම් කිසි එක් කර්මයකින් උපන් සත්ත්වයකුට ඒ භවයේ දී ඒ ඒ අවස්ථාවල දී ඔහු විසින් අතීතයෙහි කළ බොහෝ කුශලාකුශල කර්මවල විපාක ද ලැබෙන්නේ ය.

    එක් කර්මයකින් උපන්නා වූ පුද්ගලයකුට ඔහු ගේ ජීවන කාලයේ දී තවත් කුශලාකුශල කර්මයන් ගේ විපාක ලැබෙන්නේ තවත් හේතූන් අනුව ය. වී ඇටයක තවත් වී ඇට ඇති කිරීමේ ශක්තියක් ඇත්තේ ය. එහෙත් වී ඇටයක් තවත් වී ඇට නමැති ඵල ඇති කිරීමට සමත් වන්නේ: උපකාරක හේතූන් ලැබීම ය, බාධක හේතූන් නො පැමිණීමය යන කරුණු දෙක අනුව ය. ජලය හා පෝර ඇති බිම, වී ඇටයකට ඵල ඇති කිරීමට උපකාරක හේතු ය. අධික වර්ෂාව - නියඟ ආදිය වී ඇටයට බාධක හේතු ය. ඵල ඇති කිරීම සඳහා වී ඇටයක ඇත්තා වූ බලය ඉතා සුළු ය. එබැවින් උපකාරක හේතු නො ලදහොත් එය ඵලය ඇති කිරීමට සමත් නො වන්නේ ය. උපකාරක හේතූන් ලද ද බාධක හේතුවක් පැමිණිය හොත් එකල්හි ද එය ඵලය ඇති කිරීමට සමත් නො වන්නේ ය. උපකාරක හේතූන් ලැබීමය, බාධක හේතූන් නො පැමිණීමය යන මේ කරුණු දෙක සම්පූර්ණ වුව ද, කාලයෙහි මිස අකාලයෙහි ඵල ඇති කිරීමට ද සමත් නො වන්නේ ය. එමෙන් ඉතාම බලවත් කුශලාකුශල කර්මයන් හැර සාමාන්‍ය කුශලාකුශල කර්මයන් තම තමා ගේ ඵල ඇති කරන්නේ උපකාරක හේතූන් ලැබීමය, බාධක හේතූන් නො පැමිණීමය යන මේ කරුණු දෙක අනුව ය.

    ගති සම්පත්තිය, උපධි සම්පත්තිය, කාල සම්පත්තිය, ප්‍රයෝග සම්පත්තිය යන මේ කරුණු සතර කුශල කර්මයන්හට තමන් ගේ විපාකය ඇති කිරීමෙහි උපකාරක හේතූහු වෙති. අකුශල කර්මයන් ගේ විපාක ඇති වීමට බාධක හේතූහු වෙති.

    ගති විපත්තිය, උපධි විපත්තිය, කාල විපත්තිය, ප්‍රයෝග විපත්තිය යන මේ කරුණු සතර අකුශල කර්මයන්හට ඒවායේ විපාක ඇති කිරීමෙහි උපකාරක හේතූහු ය. කුශල කර්මයන්හට ඒවායේ විපාක ඇති කිරීමෙහි බාධක හේතූහු ය.

    ‘ගති සම්පත්තිය’ යනු කුශල කර්ම බලයෙන් ලබන යහපත් ආත්මභාවය ය. මිනිසකු වීම හා දෙවියකු වීම ගති සම්පත්තිය ය. මිනිස්ව දෙවිව ඉපදීම් වශයෙන් යහපත් ආත්ම භාවයක් ලබා සිටින්නහුට ඒ ගතිසම්පත්තිය නිසා අතීතයෙහි කළ නොයෙක් කුශලයන් ගේ විපාක ලැබෙන්නට වන්නේ ය. ඒ ගති සම්පත්තිය නිසා ඔහුට ඇත්තා වූ අකුශල කර්මයන්හට විපාක දීමට ඒ කාලයේ දී ඉඩ නො ලැබෙන්නේ ය.

    ‘උපධි සම්පත්ති’ යනු හොඳින් වැඩුණා වූ අංග සම්පූර්ණ වූ ශෝභන ශරීරය ය. උපධි සම්පත්තිය ඇති කල්හි කුශල කර්මයන් විපාක දීම් වශයෙන් ගිය ගිය තැන දී සැලකිලි ලැබෙන්නේ ය. ඒ අවස්ථාවේ දී ඒ උපධි සම්පත්තිය නිසා අකුශල කර්මයන්හට විපාක දීමට අවකාශ නො ලැබේ.

    ‘කාල සම්පත්තිය’ යනු හොඳ ආණ්ඩුවක් ඇති, හොඳ මිනිසුන් ඇති, හොඳ සෘතු ගුණය ඇති, ධනධාන්‍ය සුලභ කාලය ය. එබඳු කාලයක උපන්නහුට ඒ කාල සම්පත්තිය නිසා දුබල වූ ද කුශල කර්මයන්ගේ විපාක ලැබෙන්නට වන්නේ ය. ඒ කාලයේ දී අකුශල කර්මයන් හට විපාක දීමට ඉඩ නො ලැබෙන්නේ ය.

    ‘ප්‍රයෝග සම්පත්තිය’ යන පව්කම්වලින් වැලකීම හා දානාදි යහපත් ක්‍රියා කිරීම ය. ප්‍රයෝග සම්පත්ති ඇති කල්හි ද ඒ නිසා දුබල වූ ද කුශල කර්‍මයන් ගේ විපාක ලැබෙන්නේ ය. පැවිද්දන්ට ගරුබුහුමන් ලැබෙන්නේ, පූජාසත්කාර ලැබෙන්නේ ඒ අය ගේ අතීත කුශල් නිසා ය. එහෙත් ඒවායේ විපාකය ලැබෙන්නේ සිල් රැකීම නමැති ප්‍රයෝග සම්පත්තිය නිසා ය. දැහැමින් කල් යවන යහපත් ක්‍රියා කරන ඇතැම් ගිහියන්ට ද නොයෙක් විට ඒ ප්‍රයෝග සම්පත්තිය නිසා පොදු ජනයාගෙන් හා රාජාදීන්ගෙන් නොයෙක් සැලකිලි ලැබෙන්නේ ය. ඒ සැලකිලි ප්‍රයෝග සම්පත්තිය නිසා ලැබෙන කුශල කර්ම විපාකයෝ ය. ප්‍රයෝග සම්පත්තිය ඇති කල්හි ඒ නිසා ඇතැම් අකුශලයන්ට විපාක දීමට ඉඩ නො ලැබෙන්නේ ය.

    ‘ගති විපත්තිය’ යනු අපාය භවය ය. තිරශ්චීන භවාදි අපායට අයත් භවයක උපන්නහුට ඒ අවස්ථාව අකුශල කර්මවලට විපාක දීමට හොඳ අවස්ථාව ය. එබැවින් අපායක උපන් සත්ත්වයාට ඒ අවස්ථාවෙහි දී දුබල වූ ද අකුශල කර්මයෝ විපාක දෙන්නාහ. ඔහුට බොහෝ කුශල් ඇතත් ඒ කාලයේ ඒවායේ විපාක නො ලැබෙන්නේ ය. ලැබෙතත් ලැබෙන්නේ බලවත් වූ කුශලයකින් ද ඉතා අල්ප විපාකයෙකි.

    ‘උපධිවිපත්තිය’ යනු ශරීරය යහපත් නො වීම ය. විරූප බව, අත්පා සුන් බව, කොර බව, අන්ධ බව, ගොළු බව, බිහිරි බව, පරංගි ලාදුරු ආදි දීර්ඝ කාලයක් පවත්නා රෝගයකින් පෙළෙන බව යනාදිය ය. බලවත් කුශල කර්ම ඇත ද උපධිවිපත්තියෙහි සිටියහුට උපධි විපත්තිය නිසා ඒවායේ විපාක නො ලැබෙන්නේ ය. රජ වීමට සුදුසු පින් ඇතිව රාජකුලයෙහි ඉපද සිටියත් සමහර විට උපධිවිපත්තිය නිසා රජකම නො ලැබී යන්නේ ය. උපධිවිපත්තියේ සිටියහුට දුබල වූ ද අකුශල කර්මයෝ විපාක දෙන්නාහ.

    ‘කාලවිපත්තිය’ යනු නරක කාලය ය. හොඳ පාලකයන් නැති කාල, යුද්ධ පවත්නා කාල, නරක මිනිසුන් අධික අපරාධ බහුල කාල, දුර්භික්ෂ කාලාදිය නරක කාලයෝ ය. නරක කාලවල ජීවත්වන්නහුට ආහාර පාන වස්ත්‍රාදි වස්තූන් ලැබීමට නිසි පින් ඇත්තේ ද කාලවිපත්තිය නිසා ඒවා නො ලැබෙන්නේ ය. ලැබෙතත් ලැබෙන්නේ අල්ප වශයෙනි. අතිප්‍ර‍ණීත භෝජනයක් ලැබීමට නිසි පිනෙන් සමහර විට විපත්ති කාලයේ දී ලැබෙන්නේ අල ටිකක් පලා ටිකක් වැනි අමනෝඥ භෝජනයෙකි. හොඳ කාලයේ දී විපාක දීමට තරම් ශක්තියක් නැති දුබල අකුශල කර්මයෝ ද කාල විපත්තියේ දී විපාක දෙන්නාහ.

    ප්‍රයෝග විපත්තිය යනු සූදුව මද්‍යපානය සොරකම කාමමිථ්‍යාචාරය යනාදි පව්කම්වල යෙදීම ය. ශරීරය හා ජීවිතය පරෙස්සම් නො කිරීමත් ප්‍රයෝග විපත්තිය ය. ප්‍රයෝග විපත්තියෙහි සිටියහුට අතීත කුශල බලයෙන් ලැබිය හැකිව තිබෙන උසස් තනතුරු ගරුබුහුමන් ආදිය නොයෙක් විට නො ලැබී යන්නේ ය. ධනවත් වීමට සුදුසු පින් ඇත්තේ ද දිළිඳු වන්නේ ය. දීර්ඝායුෂ්ක වීමට පින් ඇත්තේ ද, අල්පායුෂ්ක වන්නේ ය. ප්‍රයෝග විපත්තියෙහි සිටි තැනැත්තා දුර්වල වූ ද අතීත අකුශල කර්මවලින් දිළිඳු බවටත් රෝගී බවටත් මරණයටත් පමුණුවනු ලබන්නේ ය. තත්ත්වයෙන් පිරිහෙළනු ලබන්නේ ය.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    පාස්කු බෝම්බෙන් මැරිච්ච මිනිස්සු කොටි බෝම්බ වලින් මැරිච්ච මිනිස්සු කලින් ආත්ම වල ත්‍රස්තවාදියො වෙලා සමූලඝාතන කරන්න ඇති. ඒ පවින් තමා මේ ආත්මෙ බෝම්බ වලට අහුවෙලා මැරුනේ. සහරාන් ප්‍රබාකරන් එහෙම ලබන ආත්ම වල බෝම්බ වලට අහුවෙලා මැරෙයි.
    dan me post eke kothanada ehema thinne?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,691
    68,057
    113
    When sunrise everybody gets it.when rain everybody gets it.when killing only you gets it :oo: its a collective mechanism.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    කර්මයෙන් හැමදේම වෙන්නේ කියල පිලි ගන්නේ නිගන්ට ආගමේ අය

    බෞද්ධ අය මේක බලන්න නැත් නම් කියවන්න MN 101: Devadaha Sutta: At Devadaha.

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    ඒක මහ යකාගෙ ලොජික් එකක් නෙ? මුගලත් හාමුදුරුවෝ තමුන් ගෙ දෙමවුපියන්ව ඒ ආත්මෙදි පොලු වලින් ගහල මරල දැම්මා නම් ඒකත් ආනන්තරීය පාපකර්මයක් නෙ? ආනන්තරීය පාපකර්මයක් කරපු කෙනෙක් රහත් උනේ කෝමද? :unsure:
    කල්ප ගානක් විපාක ගෙවන්න ඇති.