මේ අවුරුදු 19ම...ඕං එහෙනම් Part I
මං ඉපදිලා තියෙන්නෙ අනිත් එඋන් වගේ මාස 9ක් ඉඳලා නෙවෙයි, මාස 7න්. අපේ ආච්චී අම්මානම් කියන්නේ එහෙම ඉපදුන අයගෙ මුළු ඇඟේම මොලේ කියලා. මුළු ඇඟෙම කෙසේ වෙතත් "තමුසෙගෙ මොලේ කොහෙද තියෙන්නෙ" කියලා අහපු නැති ගුරුවරු ඉන්නේ දෙතුන් දෙනයි. ඒ වෙලාවට ඉතිං ආච්චී අම්මාව මතක් කරලා කියන්න හිතෙනවා මුලු ඇඟෙම කියලා...එහෙම කිව්වානම් උන් අපේ අම්මව මතක් කරනවනේ. ඒක හින්ඳා කට පියා ගෙන ඉන්නවා.
වෙන එඋන් වගේම අපේ අම්මත් මව මොන්ටිසෝරියකට ගිහින් දැම්මා. එත් එ මගුලට යද්දී හැමදාම දත් මදින්න ඕන නිසා මන් බර බරෙ දාල සති දෙක තුනකින් නැවතුනා. එ ගිය ටිකෙත් 8.30ට පටන් ගන්න එකට මං යන්නෙ 9.10ත් පොඩ්ඩක් පහු උනාට පස්සෙ. මුල් කාලෙ උගන්නපු බෝල ඇඳිල්ලයි ඉරි කෑලි ගැහිල්ලයි විතරය් මට එකේන් ඉගෙනගන්න පුලුවන් උනේ. ඊට පස්සේ එක වසරට දාන්න...එකනම් ඉතින් ෂේප් වෙන්න බෑ. රජයෙන්ම අනිවාර්යයිනෙ. මාව දැම්මේ අම්මා යන ස්කොලෙටමයි. එ මදිවට එකේ අපේ අක්කත් යන්වා. එපා වෙනව කෑල්ලක්වත් ටෝල්ක් කරන්න බෑ. මේ මං ගැන සැක හිතන්න එහෙම එපා...ඇත්තටම කිව්වොත් ඒක කොන්වන්ට් එකක්. හැබැයි පිරිමි ලමයින්ට 5 වසර වෙනකම් පුලුවන්. ඉතිං මාත් 5 වසර වෙනකම් විතරයි ගියෙ හොඳේ. මුලින්ම ගිය දවසෙ අක්කා කෙනෙක් රොස මලකුයි උම්මා එකකුයි දීලා මාව පිලිගත්තා. පිටස්තර කෙල්ලෙක් මට උම්මා එකක් දීපු පළමු හා එකම අවස්ථාව. මං ලැජ්ජාවෙන් බිම බලා ගත්තා මට අද වගේ මතකයි. අපි ගිය දවසෙම අපිට ඇති තරම් සෙල්ලම් කරන්න දුන්නා...ස්කොලේ ගියපුම දවස් වල චූ කරන්න යන්න හෙන ආසයි. ඇයි ගෙදර වගෙ නෙමෙයි බිත්තියෙ හයි කරලා තියෙන මල් පෝච්චි වගේ ඒවටනෙ දාන්න තියෙන්නෙ. කොහොම හරි මුලින්ම අ යන්න උගන්නනව කිව්වාම හැමොම ලම්යි අ යන්න ලියලත් ඉවරයි. මං ෂේප් එකේ එහා පැත්තෙ හිටපු කෙල්ලට පොත දීලා අ යන්න ලියා ගත්ත. කොහොම කොහොම හරි ස්කොලෙ ටිකක කල් යද්දි එපා උනා. උදේ පාන්දර දත් මදින එක තම්යි එපා වෙන්නෙ. උදේට අපේ ගෙදර ලිබියාව වගේ. එහා පැත්තේ ගෙදර උන් නැගිටින්නේ මං දත් මදින සද්දෙට. ස්කොලෙ යන එක ආපහු ආස කෙලෙ මගෙ මීටරෙට කෑල්ලක් වැටුනා. මං මුලින්ම් ආදරේ කරන්න පටන් ගත්තෙ 1 වසරෙදි, ඒ 2 වසරේ අක්කා කෙනෙක්ට. ඒකි දවසක් දා කොල්ලෙක් එක්ක අත් අල්ලගෙන කිරි කිරි බොලෙ කියල සින්දුවක් කිය කිය කැරකි කැරකි හිටිය. මට එදා තමයි තෙරුනෙ කෙල්ලො චපලයි කියලා. මං තීරණය කලා ඒ දෙන්නට සුභ පතලා පැත්තකට වෙන්න
මචන්ලා මේක කොහොන්වත් බ්ලොග් වලින් උස්සපු එකක් නෙවෙයි...තව ලියලා අළුත් ත්රෙඩ් එකක දාන්නම්....
මට මේ උදව්වත් කරපන් මචන්ලා...මෙ තියෙන්නෙ මගෙ fan page එක එකට like එකක් දාපල්ලා ෆිට් එකේ...හැබැයි මෙකෙනම් කතා නෑ...මේකෙ තියෙන්නේ මන් ගත්තු photographs....
http://www.facebook.com/monkeyfaceportfolio

Last edited: