මේ අසරණ මාතාවට පිහිට වන්න

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මේ අසරණ මාතාවට පිහිට වන්න


    මම මේ නිවුස් එක දැක්කෙ ගොසිප් සයිට් එකකින්, ලෝකෙ දුර්ලභ ලෙඩකට මුහුණ දෙන්න උන ලංකාවේ වයසක අම්ම කෙනෙක් ගැන තියෙන්නෙ ඒක එලකිරි එකේ පෝස්ට් කරන්නම් රිපෝස්ට් නම් සොරි ස්පෑමින්ග් නෙවේ කැමති අයට ආධාර කරන්න අකවුන්ට් නම්බර් එකත් දාන්නම් ( මේ ඔක්කොම විස්තර ගත්තෙ මෙතනින් )




    ආධාර ලබා දෙන්න කැමති අයට ...

    බැංකු ගිණුම් තොරතුරු පහතින් බලන්න

    Name: G. G. S. Amarasinghe
    Account Number: 5853124
    Bank: Bank of Ceylon
    Branch: Galewela
    SWIFT Address : BCEYLKLX




    karunawathi-amma-news.jpg



    ගලේවල ගලපාමුල වාසය කරන ඇම්.ඞී. කරුණාවතී මහත්මිය මෑතක් වනතුරු සාමන්‍යය ජිවිතයක් ගත කලත් හිටි හැටියේ ලොව ඉතා දුලභ ගනයේ රෝගයකට ගොදුරු වීමට අවාසනාවන්ත විය. ඇයට වැළඳී තිබුනේ මස් දියවී යාමේ රෝගයක් වන අතර දැනට මෙවැනි රෝගීන් සිටින්නේ ඉතා සීමිත පිරිසක් බවද වාර්තා වේ.

    කරුණාවතී මාතාවට පිහිටවීමට වෙබ් අඩවියක් දියත්කොට තිබු අතර ඇතැමුන් අපෙන් විමසා සිටියේ මෙය ඇත්තක්ද යනුවෙනුයි.එය එතරම් විරල ගනයේ රෝගයකි.

    මුහුණේ එක අර්ධයක සම්පුර්ණයෙන් මස් දියවී යාමෙන් අසරණ වූ කරුනාවතිගේ පිහිටට හිටියේ ඇගේ එකම දරුවා වූ සුසන්ත අමරසිංහ නම් වූ 26 හැවිරිදි කොළඹ විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අංශයේ උපාධිධාරි තරුණයාය.
    susantgha-and-karunawathi.jpg
    තම මවගේ අසනීපය වෙනුවෙන් නිවසට වී හිඳ උපකාර පන්ති කරමින් මුදල් උපයමින් තම මවට අමාරුවෙන් උවැටන් කල සුසන්ත මේ පිළිබඳව කියා සිටින්නේ මෙවැන්නක්.

    "මගේ තාත්තාගේ රැකියාව කුලී වැඩ. අම්මාත් කුලී වැඩ කරලා මට කන්න බොන්න දුන්නා. ඉගැන්නුවා. උපාධියක් ගන්නවා කියන දැඩි අධිෂ්ඨානයක් තිබුණා. ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ සමත් වුණේ ඒ-2 බී-1 යි 2006 දී කොළඹ විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අංශයට ඇතුළු වුණා. 2008 අවුරුද්දේ දී තාත්තා මිය ගියා.


    2010 සැප්තැම්බර් 8 වැනිදා මගේ අවසාන විභාගය. අම්මා අසනීප වෙලා රෝහල් ගත කළා. විභාගය ඉවරවුණු ගමන් මම කුරුණෑගල රෝහලට ගියා. අම්මා දැඩි වේදනාවකින් කෑ ගැසුවා. වේදනා නාශක දුන්නත් වැඩක් නැහැ. දවස් දෙකක් ගතවෙද්දී අම්මාගේ මුහුණේ එක පැත්තක් ඉදිමුණා. නිල් පැහැ ගැන්වුණා. අම්මා කොළඹ මහ රෝහලට යැව්වා. අම්මාගේ මුහුණේ එක් පැත්තක මස් දිය වුණා. කටේ තියෙන දත් පෙනුණා.

    කොළඹ රෝහලේදී ශල්‍ය කර්ම දෙකක් කළා. අන්තිමේදී ටිකට් කපලා ගෙදර එව්වා. වෛද්‍යවරු නොකියා කිව්වා අම්මා ජීවත් වෙන්නේ තව දවස් කීපයක් කියලා. අම්මා ගෙදර ගෙනාපු මම අම්මට උපස්ථාන කළා. අන්තිමේදී අම්මාගේ තුවාලෙට ඉහඳයෝ (පණුවෝ) ආවා. දඹුල්ල රෝහලට ගෙන ගියා. එහිදී නැවත ශල්‍යාගාරයට ගෙනිහිල්ලා අම්මාගේ තුවාලයට බෙහෙත් දැම්මා. අපි ඉන්න අසරණ තත්ත්වය දැකලා දින කීපයකට බෙහෙත් දුන්නා.

    මේ අතර දවසක් මගේ යහළුවෙක් අපේ ගෙදර ආවා. මමත් අම්මාත් විඳින දුක දැක්කා. එයා අපි විඳින දුක එයාගේ යාළුවෙකුට කියලා. ඒ යාළුවා කොහුවල විහාරයේ වලස්මුල්ලේ ජිනරතන හාමුදුරුවන්ට කියලා තියෙනවා. ජිනරතන හාමුදුරුවෝ දවසක් හදිසියේම අපේ ගෙදර ආවා. තොරතුරු ඇහුවා. දවස් කීපයකට පස්සේ මේසන් බාස්වරුන් කට්ටියක් එක්ක ඇවිත් ගේ හදලා දුන්නා.

    ගිලන් රථයක් ගෙනැල්ලා අම්මා කෙළඹ ජාතික රෝහලට අරගෙන ගියා. ප්ලාස්ටික් සැත්කම් ඒකකයට ඇතුළත් කළා. වෛද්‍ය දිලීප් පෙරේරා මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය අපිට උපරිම සහාය දුන්නා. මරණය පෙනි පෙනී හිටපු අම්මා නැවත ජීවත් කළා. මගේ අම්මාගේ ජීවිතය බේරා දෙන්න ජිනරතන හාමුදුරුවෝ අති විශාල මුදලක් වැය කළා. අපි උන්වහන්සේට සදා ණය ගැතියි.

    මගේ අම්මාට පැය 14 ක ශල්‍ය කර්මයක් කළා. අම්මාගේ බඬේ හමෙන් කෑල්ලක් අරගෙන මුහුණට බද්ධ කළා. තවත් මාස 6 කින් තවත් ශල්‍යකර්මයක් කරන්න තියෙනවා".

    කරුණාවතී මවට උපකාර කලහැක්කේ කෙසේද?
    රෝගීව සිටින මව වෙනුවෙන් සටන් කරන සුසන්ත වෙනුවෙන් ඔබටද සුළු හෝ උපකාරයක් කිරීමෙන් ඔහුගේ ශක්තියට අත්වැලක් විය හැක.

    k1.jpg

    k2.jpg


    සැත්කම කර සිටියදී බැලීමට සහ ආධාර දීමට පැමිණි නලු නිලියන්.

    sangeetha.jpg


    asha.jpg





     
    • Like
    Reactions: udsic

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ


    තවත් දෙයක් කියන්න ඕනෙ

    තමන්ගෙ අම්මා තාත්තාව වැඩිහිටි නිවාස වල දාලා යන අලුුගුත්තේරු ළමයි ඉන්න කාලෙක් මූණ දිහා බලන්න අමාරු ( කතාවෙ හැටියට අස්ථි මතුවෙලා තිබ්බලු හමයි මසුයි දියවෙලා ගිහින් ) තත්ත්වෙක තියෙද්දිත් මේ අම්මට උපස්ථාන කරපු මේ පින්වත් පුතාට මේ පින් මහිමෙන් මේ ආත්මෙදිම නිවන් දකින්න ලැබේවා !

     

    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    අම්මට උපස්ථාන කරපු මේ පින්වත් පුතාට මේ පින් මහිමෙන් මේ ආත්මෙදිම නිවන් දකින්න ලැබේවා !

    B'day walata loko party dana, ara-star, me star lata sms yawana ayata, mewage pin wedak karanna (me ammata udaw karanna) hith palawewa..!!!
     
    • Like
    Reactions: smaldeniya

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy


    තවත් දෙයක් කියන්න ඕනෙ

    තමන්ගෙ අම්මා තාත්තාව වැඩිහිටි නිවාස වල දාලා යන අලුුගුත්තේරු ළමයි ඉන්න කාලෙක් මූණ දිහා බලන්න අමාරු ( කතාවෙ හැටියට අස්ථි මතුවෙලා තිබ්බලු හමයි මසුයි දියවෙලා ගිහින් ) තත්ත්වෙක තියෙද්දිත් මේ අම්මට උපස්ථාන කරපු මේ පින්වත් පුතාට මේ පින් මහිමෙන් මේ ආත්මෙදිම නිවන් දකින්න ලැබේවා !


    ඒ අම්මත් ලොකු පිනක් කරලා තියනවා ගිය ආත්මේ මේ වගේ පුතෙක් ලැබෙන්නත්. සැහෙන හිතට වදින දුක හිතෙන පුවතක්.
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මම මේක දැක්ක ITN එකේ වෙනස වැඩසටහනෙන්. පුදුම වේදනවක් දැනුනෙ. ඒ වගේම අර පුතා ගැන හරිම ආඩම්බරයි. මතු බුදුවෙන්න පෙරුම්පුරන පිංවත් දරුවෙක්. ඒ වගේම තමයි මෙයාලට නිවසක් හදල දීපු අර හාමුදුරුවො. නියම බුද්ධ පුත්‍රයෙක්. දින ගනනක් නැවතිල සියලුම වැඩ කටයුතු කරල දීපු පිනම ඇති.
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    අම්මට උපස්ථාන කරපු මේ පින්වත් පුතාට මේ පින් මහිමෙන් මේ ආත්මෙදිම නිවන් දකින්න ලැබේවා !

    B'day walata loko party dana, ara-star, me star lata sms yawana ayata, mewage pin wedak karanna (me ammata udaw karanna) hith palawewa..!!!

    සහතික ඇත්ත

    ඒ අම්මත් ලොකු පිනක් කරලා තියනවා ගිය ආත්මේ මේ වගේ පුතෙක් ලැබෙන්නත්. සැහෙන හිතට වදින දුක හිතෙන පුවතක්.

    :yes::yes:




    මම මේක දැක්ක ITN එකේ වෙනස වැඩසටහනෙන්. පුදුම වේදනවක් දැනුනෙ. ඒ වගේම අර පුතා ගැන හරිම ආඩම්බරයි. මතු බුදුවෙන්න පෙරුම්පුරන පිංවත් දරුවෙක්. ඒ වගේම තමයි මෙයාලට නිවසක් හදල දීපු අර හාමුදුරුවො. නියම බුද්ධ පුත්‍රයෙක්. දින ගනනක් නැවතිල සියලුම වැඩ කටයුතු කරල දීපු පිනම ඇති.

    ඇත්තටම මචන් ඒ හාමුදුරුවො නම් නියම බුද්ධ පුත්රයෙක් තමා