යූටියුබ් අයතනයේ ශ්‍රී ලාංකිකයන් අපේ අම්මා චැනල් එකේ කමෙන්ට් අයින් කලා. තවමත් අයින් කරමින් සිටිනවා. වීඩියෝවට කමෙන්ට් කරාම කමෙන්ට් කරපු කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගේ ඒ වුනාට අපිට ඒ කමෙන්ට් පෙන්නන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ නිසා ඔබේ කමෙන්ට් එක තියෙනවාද කියා වෙනත් අකවුන්ට් එකකින් බලන්න. යුටියුබ් එක අපේ අම්මා චැනලයේ කමෙන්ට් ඩිලීට් කිරීම ගැන විස්තර මෙතනින් බලන්න
අපේ රටේ අමුතු ඇටේ මිනිස්සු ලෝකේ කොහේ හිටියත් ජම්ම ගතිය අරින්නේ නැහැ. දැන් අපි දාන කමෙන්ට් බලලා තව මොන මෙන ප්ලෑන් දානවාද දන්නේ නැහැ ඒ අය.
හරිම දුකයි ගුරුතුමිය ... ඔබගේ චැනලය ගොඩක් වටිනවා ... අපෙ දරුවන් පිට රට වල ඉන්නවා රැරැකියා වල් කරන .. එයාලා උයන්න දන්නෙ නැ ... අසරණ වෙනවා ... ඔයාගෙ යු ටියුබ් චනල් එකෙන් බලාල තමයි එයාලා උයාගෙන කන්නෙ
අවුරුදු 4කට කලින් අපේ අම්මාගේන් ඉගෙන ගත්ත රෙසිපීස් අලුතෙන් එන ගෑණු ලමයි උයලා අප්ලෝඩ් කරනවා. ඒවා අපි උයලා තියන නිසා අපි දන්නවා අපේ අම්මාගේම රෙසිපීස් තමයි මේ කියලා. හැබැයි ඒවා වලට ලයික් කමෙන්ට් ගොඩාක් වැටිලා තියනවා. එයාලාගේ වීඩියෝ වල අයට ටයිප් කරලා තියනවා ඔයාට තමයි මම කැමති, ඔයා තමයි හොඳට උයන්නේ කියලා. මේ වලට හිනා වෙනවා මිසක් වෙන කරන්න දෙයක් නැහැ.