මේ ඇවිලෙන්නේත් ගංගොඩවිල සෝම ඇවිලූ ගින්නම
සම්බුද්ධ පරිනිර්වාණයේදී දැඩි සංවේගයට පත් වූ එකම තැනැත්තා සේ වාර්තා වන්නේ තම මුළු ජීවිතයම ධර්ම භාණ්ඩාගාරික පදවියේ කටයුතු කිරීම නිසා ඒ වන විටත් පෘතග්ජන ස්වරූපයෙන් අත් නොමිදී සිටි ආනන්ද ස්ථිවිරයන්ය. උන් වහන්සේ ඒ අවස්ථාවෙහි කුඩා දරුවකු මෙන් ඉකි ගසා හැඬූ බව බෞද්ධ සාහිත්යායෙහි සඳහන්ය. ඒ හැරුණු විට ඒ ගැන අන් කිසිවකුට විශේෂ ශෝකයක් ඇති නොවූයේ සර්වඥයින් වහන්සේ ඒ වන විටත් සකල ලෝකවාසී සත්ත්වයා වෙනුවෙන් තම මෙහෙය ගුරු මුෂ්ටි නොඉතිරිකොට, ඉටුකොට තිබුණු බව ඔවුන් දැනසිටි නිසාත්, උන් වහන්සේගේ ධර්මය උන්වහන්සේ නැතිවත් ලෝක සත්ත්වයා දුකින් මුදවාලීම සඳහා ප්රෙමාණවත් බව ඔවුන්ට නිසි අවබෝධයක් තිබුණු නිසාත් විය හැකිය. බුද්ධ කාලයට සමාන්තර පුරාතන ග්රී්සියෙහි ආයු අපේක්ෂිතාව වසර තිහක් විය. භාරතයේ තත්ත්වය මීට වෙනස් නොවිය හැකි නිසා වසර අසූවක් දිවි ගෙවූ බුදුන් වහන්සේ සාමාන්යේ පුද්ගලයකුට උරුම පරමායුෂ ගෙවා නිමකොට, ගතින් ඉතා දුබලව, වයස්ගතව සිටියේයැයි උපකල්පනය කළ හැකිය. ගෞතමයන්ගේ මහා පරිනිර්වාණ අවස්ථාව වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ශ්රාඋවකයන් විසින් ස්වකීය ශාස්තෘවරයානන්ගේ ධර්මයට අනුගතව හැසිරුණු අවස්ථාවක් විය. "අනේ, අප අසරණ වෙලා වගේ දැනෙනවා බුදු හාමුදුරුවනේ" කියූවෝ නොවූහ. අන්තිම කට කැඩිච්චි කතාවක් කියූ සුභද්රුට එරෙහිව පවා පොළු මුගුරු එසවීමක් නොවීය.
ගංගොඩවිල සෝම හාමුදුරුවන්ගේ අපවත්වීම මීට ඉඳුරා වෙනස් කැළඹිලි සහිත පරිසරයක් නිර්මාණය කළේය. මෙය එක් අතෙකින් බුදුන් වහන්සේගේ ශ්රාපවකයන්ට සාපේක්ෂව සෝම හාමුදුරුවන්ගේ ශ්රා්වකයින් කොයි තරම් පහළ මානසික මට්ටමක සිටියේද නිරූපනය කරන්නකි. සම්බුද්ධ පරිනිර්වාණයට චුන්ද නම් ලෝකුරුවා විසින් සැදැහැ සිතින් පිළිගන්වන ලද 'සූකර මද්දව' නම් ආහාරයෙහි සම්බන්ධයක් ඇතැයි මම නොසිතමි. නමුත් චෝදනා කරන්නෙකුට "ඌරු මස් කන්න දීලා අපේ බුදුන් මරා ගත්තා" යි චුන්දට ඇඟිල්ල දිගු කිරීමේ හැකියාව සෝම හිමියන් උපාධි ප්රතදානෝත්සවයක් පිණිස ශීත ශාන්ත පීටර්ස්බර්ග් නගරයට කැඳවූ මහාචාර්ය ශාන්ත ජයසේකරට හෝ එපිණිස ගුවන් ටිකට් පතෙහි බරපැණ දැරූ ලලිත් කොතලාවලට ඇඟිල්ල දිගු කිරීමට වූ හැකියාවට වැඩි විය. චුන්ද එවන් අවමානයකට ලක්වූ වගක් බෞද්ධ සාහිත්යුයෙහි නොකියවෙන හෙයින් සම්බුද්ධ ශ්රානවකයින් බුද්ධ පරිනිර්වාණය ස්වාභාවික සිද්ධියක් සේ සැලැකූ බව පැහැදිළිය. සෝම හාමුදුරුවන් සම්බන්ධයෙන් මෙය ඉඳුරාම වෙනස් වූ බැව් අපි දනිමු. (මහාචාර්ය චන්ද්රුසිරි නිරිඇල්ල මහතා ඇතුළු කීර්තිමත්, පිළිගත් වෛද්යුවරුන් විසින් වෙන වෙනම පවත්වන ලද වෛද්යි පරීක්ෂණ තුනකදී උන් වහන්සේගේ අපවත් වීම ස්වාභාවික එකක් නොවේ යැයි සිතන්නට තුඩු දෙන එකදු හෝ කාරණයක් සොයා නොගැණුනු බව මෙහිදී සඳහන් වීම වැදගත්ය.)
රුසියාව ශීත රටකි. ඇටමිදුලු දක්වා අයිස් වන එහි ශීත කාලය ගැන අමුතුවෙන් කිවමනා නොවේ. දෙවන ලෝක යුද්ධයේදී ජර්මානු භටයින් මිලියන ගණනින්, බල්ලන් බළලුන් මෙන් නින්දේදීම මරුමුව පත්වූයේ රුසියානු ශීත සමය ඔවුනට දරා ගත නොහැකි වූ බැවිනි. අනෙක් අතට ඒ වන විට සෝම හාමුදුරුවන් හදවත් සැත්කම් දෙකකට ලක්ව, හදවතේ කුටීරයක යම් ලෝහ උපකරණයක්ද ඇතිව සිටි සේක. එවන් අයහපත් තත්ත්වයක් යටතේ ශීත සමයේ රුසියාවට යෑමේ අවදානම උන් වහන්සේගේ ශ්රා්වක පිරිසෙන් කවරකු හෝ උන්වහන්සේට කියා දිය යුතුව තිබිණි. සෝම හාමුදුරුවන්ගේ අපවත්වීම ගැන මහා ඝෝෂාවක් නැඟූ එකදු ශ්රාුවකයකුට හෝ මේ අවදානම පෙන්නා දී උන්වහන්සේගේ ජීවිතය ගලවා ගැනීමට උනන්දුවක් නොතිබුණු බවක්ය පෙණුනේ. උන් වහන්සේ අපවත්වූවායින් පසුව නම් බොහෝ දේ කියන්නට බොහෝ දෙනකු සිටි බව පෙණිනි. "ඔබ වහන්සේ ඉන්න තත්වෙ හැටියට ඔය ගමන යන එන භයානකයි හාමුදුරුවනේ" කියන්නට නම් කිසිවකුත් නොවීය.
සෝම හිමියන් අපවත් වූ තැන් පටන් මෘත දේහය සති ගණනාවක් කරවල කර ආදාහනයට ගෙන ගිය තැන් දක්වා හා ඉන් කාලයක් යනතුරුත් ඇති වූ විප්රගකාරය රහසක් නොවන නිසා එය පුනරුච්චාරණය අනවශ්යමය සිතමි. විශේෂයෙන් සඳහන් කළ යුත්තේ අපට මතක ලංකා ඉතිහාසයේ නම් කවර හෝ භික්ෂූන් වහන්සේ නමකගේ අපවත්වීම මේ තරම් දැවැන්ත කැළැඹීමක්, ජන සහභාගිත්වයක් ඇති නොකළ බවය. සෝම හිමියන්ගේ අදාහනෝත්සවයේදී පෙරමුණ ගෙන ක්රිගයා කළේද උන් වහන්සේ සමඟ ඉන් පෙර දැඩි සම්බන්ධයක් නොතිබුණු උඩුවේ ධම්මාලෝක, කොළොන්නාවේ සුමංගල හා එල්ලාවල මේධානන්ද වැනි භික්ෂූන් වහන්සේලා පිරිසකි. (මොවුන්ගේ යටි අරමුණු ඉන්පසු මාස කිහිපයේ ඔවුන්ගේ හැසිරීමෙන් පැහැදිළිය.)
1983 ජූලි මෙන් ජන වාර්ගික ගැටුමක් සෝම හිමියන්ගේ ආදාහනෝත්සවයෙන් අනතුරුව කිතුණුවන්ට එරෙහිව ඇති නොවීම නම් ප්රාමතිහාර්යයකි. ඒ අවස්ථාවේදී ඇති නොවූ කැළඹීම වසරකට පසු දෝංකාර දුන්නේ ෂාරුක් ඛාන් ප්රනසංගයේදී බෝම්බ ගැසීම තුළින් තරුණ පුවත්පත් කලාවේදියකුද ඇතුළුව තිදෙනකු මරු මුව පත්වීමෙනි. පැත්තක සිටි ෂාරුක් ඛාන්ට බෝම්බ ගසන්නට තරම් දැඩි වෛරයක් සෝම හිමියන්ගේ ශ්රා වකයින් තුළ පහළ වීමම උන් වහන්සේගේ අපවත්වීම ඔවුන් තුළ කොයි තරම් තියුණු මනෝ භාවයන් ඇතිකළේද යන්න පැහැදිළි කරයි.
මෙසේ වූයේ ඇයි? භික්ෂූන් වහන්සේ නමක් හැටියට සෝම හාමුදුරුවන් සතු වූ විශේෂත්වය කුමක්ද?
උන් වහන්සේගේ අන්ධ ශ්රානවකයින් නැවත කෝප වීමට ඉඩ ඇතද, මේ සාකච්ඡාවට වැදගත් නිසා අනිවාර්යයෙන්ම සඳහන් කළ යුත්තේ සෝම හාමුදුරුවන් කිසිසේත්ම විශේෂයෙන් ධර්මධරවූ භික්ෂූන් වහන්සේ නමක් නොවූ බවය. මහණ වීමට පෙර සෝමරත්න තරුණයා ඉගෙනීම අකාලයේ නතර කළ උඩහමුල්ල හන්දියේ කරවල කඩයක් දාගෙන සිටි අතිශයින් සාමාන්යක පුද්ගලයෙකි. ඔහු පැවිදි වීමට පෙර හෝ ඉන් පසුව විධිමත් හෝ අවිධිමත් අධ්යාඩපනයක් ලද බවට සාක්ෂි නොවේ. උන් වහන්සේගේ ධර්මය ගැන දැනීම සාමාන්ය් භික්ෂූන් වහන්සේ නමකගේ ධර්මඥාණය නොඉක්මවූ බව උන්වහන්සේගේ පත පොත කියැවූ කෙනකුට ඉබේම වැටහේ. මෙය පුදුමයකැයි නොසිතමි. උන් වහන්සේ ලබන්නට ඇත්තේද විශ්ව විද්යාේල අධ්යාිපනයක් නොව, සාමාන්යස භික්ෂුවක මෙන් පිරිවෙන් අධ්යාිපනයකි. උන් වහන්සේට මහාචාර්ය පදවියක් ලබා ගැනීමට හේතුභූත වී යැයි කියන 'බුද්ධ ස්තූප' නම් ග්රුන්ථය සාමාන්යරයෙන් ඕනෑම බෞද්ධ පුස්තකාලයකින් කරුණු එකතු කොට උසස්පෙළ කලා විෂයයන් හදාරන ශිෂ්‍ය කුට වුව අමාරුවකින් තොරව ලිවිය හැකි එකකි. එහි විශේෂ දැනුමක් නොවේ. රේරුකාණේ චන්දවිමල, ආනන්ද මෛත්රිිය යනාදී සංඝ පිතෲවරුන් මතු තියා පිටිදූවේ සිරිධම්ම වැනි සාපේක්ෂව ආධුනික භික්ෂූන් අතින් ලියැවුණු පත පොත පවා ඊට වඩා ශාස්ත්‍රී ය ගුණයෙන් යුක්තය. බර සාරය. (මේ සන්සන්දනය කරනේ මේ පොත් කියැවීමෙන් පසුවය.) පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ මෑත හැසිරීම ගැන ගැටළු ඇතත් ප්රැශ්නයක් මතු කළ කල්හි, ධර්ම පාඨ නිසි අයුරින් උපුටා දක්වමින් ඊට කෙළින් හා බෞද්ධ ග්ර්න්ඨ ආශ්‍රි තව පිළිතුරු දීමේ හැකියාව උන්වහන්සේ සතු විය. සෝම හාමුදුරුවන්ට එපමණෙකටම එවන් හැකියාවක් නොවීය. උන් වහන්සේ බොහෝ විට කීවේ පොතපතෙහි ඇති දේ නොව තමන්ගේ මතයයි.
සෝම හිමියන්ගේ ධර්ම ඥාණයේ වූ දුබලතා වෙනත් බෞද්ධ ලේඛකයින්ගේ අප්ර්සාදයට හේතු වූ අවස්ථාද ඇත. ලාල් හෑගොඩ මහතාට අනුව සෝම හිමියන් දේශනා කළේ "බුදු බණ" නොව "සෝම බණය" ය. "නිවන" පොත් පෙළ කළ දයාරත්න රණසිංහ මහතා සෝම හිමියන්ගේ ධර්ම ඥාණයේ දුබලතා පෙන්වා දුන් තවත් ලේඛකයෙකි. නමුත් එහිමියන්ගේ ශ්රා්වකයින්ට මේවා ලොකු ගැටළු වූ බවක් නොපෙනේ.
සෝම හිමියන්ගේ ශ්රාාවකයින් වර්ග කිහිපයකට බෙදිය හැකිය. (මොවුන් බොහෝ දෙනකු උන්වහන්සේ ආමන්ත්රාණය කළේ "සෝම ස්වාමීන් වහන්සේ" ලෙස ගෞරව සම්ප්රඋයුක්තවය. "ස්වාමීන් වහන්සේ" යනු කිතුණු භක්තිකයින් විසින් දෙවියන් වහන්සේ හැඳින්වීම සඳහා පමණක් භාවිතා කළ, බෞද්ධයින් විසින් කවර හෝ කාලයක බුදුන් වහන්සේ, සැරියුත් මුගලන් අගසව් දෙනම හෝ අනුබුදු මිහිඳු හිමියන් හැඳින්වීම සඳහා භාවිතා නොකළ පදයක් බව ඔවුන් දැන සිටියාද සැකසහිතය.) එක අන්තයක් නම් උන් වහන්සේගේ සරල දේශනා ශෛලිය ප්රිනයකළ, අභිධර්මය වෙනුවට තමන්ට තේරුම් ගත හැකි බණක් කියන භික්ෂූන්ට කැමැති මහළු උපාසකම්මලාය. මින් පිරිසක් බොහෝ ධනවත් වුහ. සෝම හාමුදුරුවන්ම පවසන පරිදි උන් වහන්සේ ඔවුන් විසින් සපයන ලද විවේක ස්ථානයන්හි නතරව ලේඛණ, භාවනා කටයුතු කොට තිබේ. ඔවුනට දේශපාලන අරමුණු වීයැයි සිතීම අසීරුය. අනෙක් අන්තය වූයේ ආගමික අරමුණු වෙනුවට දේශපාලන අරමුණු මුලට ගත් තරුණ පිරිසය. ආගමික අන්තවාදය අද ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල තරුණ පිරිස් අතර සුලබව දැකිය හැකි දෙයකි. මොවුන් කරන්නේ මොනවාද ඔවුන්ම නොදනිති. සෝම හිමියන්ගේ අපවත්වීම හා සම්බන්ධ විප්රෝකාර තනිකරම මොවුන්ගේ නිර්මාණය.
සෝම හිමියන් අපවත් වූයේ, රටේ එක් කොටසක් අවිඥානකව එවැනි සිද්ධියක් ඉල්ලමින් සිටි මොහොතකය. කොටින් සමඟ සම්ප්ර්දායික ලෙස යුද්ධ කරනු වෙනුවට සාම සාකච්ඡා මාර්ගය තෝරාගත් හා ඉතාම නිවට ලෙස එම මාර්ගයේ ගමන්ගත් රනිල් වික්රාමසිංහගේ දුබල ආණ්ඩුව ගිලිහෙන්නට කිට්ටු දතක් මෙන් වැනෙමින් තිබුණේය. ඒ ආණ්ඩුවේ ක්රිරයා මාර්ග නිසා බැට කෑ පිරිස අතර කෝපයක් ඇති වීමට සාධාරණ හේතූන් විය. එදා එජාප ආණ්ඩුව වෙසක් සතියේදී විදුලිය අරපිරිමැසීමට අවශ්යආ යෑයි කියමින් තොරණවලට විදුලි පහන් දැල්වීමට අවසර දුන්නේ දින පහක් පමණි. එහෙත් නත්තල වෙනුවෙන් මුළු දෙසැම්බර් මාසය පුරාම විදුලි බල්බ එල්ලා සැරසිලි කරන්නැයි රට පුරාම පොලිසිවලට අභ්‍ය න්තර කටයුතු අමාත්යාංදශය හරහා දැනුම්දී තිබිණි. සිංහල මහජාතිය තුළ අප්‍රසාදයක් ගොඩ නැඟෙමින් තිබුණේ රජය සුළු ජාතීන්ට ලොකු හැන්දකින් බෙදතැයි ඔවුන් විශ්වාස කළ හෙයිනි. (මේ චෝදනාවේ ඇත්ත නැත්ත දැන් සෙවීම නිෂ්ඵලය. එවැනි විශ්වාසයක් සිංහලයන් හා බෞද්ධයින් තුළ තිබුණු බව පමණක් සඳහන් කිරීම සෑහේ.) රටේ බහුතරයක් වෙනසක් ඉල්ලා සිටි මොහොතක සෝම හාමුදුරුවන්ගේ අපවත් වීම යෝධ ගින්නක් අවුලන ගිනි පුපුරක් විය. එනිසා දීර්ඝ කාලීන වශයෙන් රටට හොඳ (උදා: යුද්ධය අවසාන වීම ) සේම නරකද (උදා: ජාතීන් අතර අවිශ්වාසය වර්ධනය වීම ) විය. මේ කිසිවක් කවරකු විසින් හෝ කලින් සැලසුම් කළ සිද්ධීන් නොවේ. නමුත් සිද්ධිය සිදු වීමෙන් පසුව අදාළ පාර්ශවයන් විසින් එය තම තමන්ගේ අරමුණු සාක්ෂාත් කිරීම උදෙසා උපයෝගී කර ගන්නා ලද්දේය. ඉන්පසු මින් බොහෝ දෙනක් සෝම හාමුදුරුවන් සම්පූර්ණයෙන්ම අමතක කර වෙනත් වීරයන් තෝරා ගත්තෝය. උන් වහන්සේ අවපත් වූ අවස්ථාවේ පුවත්පත් වල පිටු පුරාවට "ජාතියේ මාතාව" ලෙස නම් කරන ලද උන් වහන්සේගේ මහළු මෑණියන් දැන් කුමක් වීද කියා සිතා ගැනීමට නොහැකි තරමට අප්රරකට චරිතයක්ව ගොස් තිබේ. (ඒ මහත්මිය තවමත් ජීවමානය සිතමි. ඇයට දිගාසිරි වේවා!)
දැනුවත්ව හෝ නොදැනුවත්ව තමන්ගේ ශ්රාටවකයින් වයින් කිරීම පිළිබඳව එක්තරා හෝ වගකීමක් සෝම හාමුදුරුවන්ද ගත යුතුය සිතමි. මෙසේ වයින් වූ පිරිසට "සෝම බණ" බුදු බණට වඩා ගෝචර වී නම් එයද පුදුමයක් නොවේ. බුදු බණ සරල වුවත් පිළිපැදීම අතිශයින් අසීරු කාරණාවකි. සම්බුද්ධ දේශනාව නම් බෞද්ධයකු දිග සිරුරු ඇති සතුන්ද, මහත සිරුරු ඇති සතුන්ද, මධ්යබම ප්රවමාණයේ සතුන්ද, මිටි සතුන්ද, ද ඉතා සියුම් සතුන්ද, ස්ථුල සතුන්ද, ඇසට පෙනෙන සතුන්ද, ඇසට නොපෙනෙන සතුන්ද, ඉපදී සිටින සතුන්ද, ඉපදෙමින් සිටින සතුන්ද ඇතුළු සියළු සතුන්ට වෙනසක් නොකොට, මවක තම එකම දරුවාට මෙත් වඩන්නාක් සේ මෙත් වැඩිය යුතු බවයි. මේ මොන කරදරයක්ද? තමන්ට බෝම්බ ගහන්නට ඉන්නා ප්රතභාකරන්ගේ පුතා චාල්ස් ඇන්තනිට තමන්ගේ පුතාට සේ මෙත් වැඩීම ප්‍රා යෝගිකව කළ හැක්කක්ද? මෙනිසා මේ ශ්රානවක පිරිස ප්රාායෝගිකව අනුගමනය කරන්නට වඩා පහසු වූ "සෝම බණ" පිළිපදින්නට පටන් ගත්තෝය. කෙළින්ම නොකීවත් සෝම හිමියන් කීවේ සියළු සත්තවයන්ට මෙත් වැඩීම නරකක් නොවූවත් හම්බයන්ට, දෙමළුන්ට, බටහිරයන්ට මෙත් වැඩීමට පළමු "තමන්ගේ එකාට" මෙත් වැඩිය යුතු බවයි. මේ සඳහා උන් වහන්සේ මුස්ලිම් සමාජයෙන් උදාහරණ ගත්හ. උන් වහන්සේගේ දේශනාව වූයේ තමන්ගේ එකාට පණ දීමේ මුස්ලිම් සිරිත් සිංහලයන්ද ගුරු කොට ගත යුතු බවයි. බලූ බැල්මට ආකර්ෂණීය සේ පෙනුනද මෙවැනි පටු දේශනාවන් සමාජයට කරන ඍණාත්මක බලපෑම සුළුපටු නොවේ.
සෝම හාමුදුරුවගේ අපවත්වීමෙන් වසර අටකට පසුව (උන් වහන්සේ අපවත් වූයේ 2003 දෙසැම්බර් 12 වැනිදාය.) නැවත හැරී බලන අපට පෙනෙන්නේ සියළු දෙනාටම, උන් වහන්සේගේ අග්රප ශාවකයින්ද ඇතුළුව, උන් වහන්සේ අවැදගත් චරිතයක් බවට පත්වෙමින් සිටින බවය. දැන් කවරකුට හෝ උන් වහන්සේ මතක් වන්නේ නම් ඒ ඉතාම කලාතුරෙකිනි. උන්වහන්සේගේ අපවත්වීමම දඩමීමා කරගෙන ඇරැඹුණු "ජාතික හෙළ උරුමය" දැන් දෙකඩ, තුන් කඩ, සිව් කඩ, දස කඩ වී ගිහි චම්පික රණවකගේ නායකත්වයෙන් යුතු කුඩා පක්ෂයක් බවට පරිවර්තනය වී තිබේ. "සිහල උරුමය" භික්ෂූන් වහන්සේලාට පූජා කරනවා" කී චම්පික රණවක නම් පුද්ගලයා හෙළ උරුමයට සම්බන්ධ වූ සියළු භික්ෂූන් වහන්සේලා, දෙදෙනකු හැර, පශ්චාත් පෙදෙසට පයින් ඇණ පළවා හැර නැවත තම නායකත්වය තහවුරු කර ගෙන ඇත. පොරොන්දු වූ ධර්ම රාජ්ය්ය තබා අඩුගණනේ ඔවුන් කට මැත දෙඩවූ අන්යාගගමිකකරණ විරෝධී පනත වත් සම්මත කට ගැනීමට ඔවුන්ට හැකිවූයේ නැත. අන්යාෝගමිකරණය අදත් එදා සිදු වූ ආකාරයෙන්ම සිදුවේ. මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන්ට නැති සුවිශේෂී බලයක් අදත් කාදිනල් මැල්කම් රංජිත් මහතා සතු බව නොරහසකි. කාදිනල්තුමන් ප්රෂකාශයක් කළ විට ආණ්ඩුවම දෙදරා යයි. වගකිවයුත්තෝ තමන් අත වරද නැතත් එතුමන්ගෙන් සමාව ගන්නට පොර කති. මහනායක හිමිවරුන්ට එවන් සිවිල් බලයක් නැත. මොනවා කිසිවකුත් පයිසෙකට ගණන් නොගනිති. පුවත්පත් නිවේදන ලිපි වලින් ඉඳහිට සද්දයක් දානවා හැරෙන්නට හෙළ උරුමයට කළ හැකි දෙයක් නැත. සෝම හාමුදුරුවන් ජීවත් වූයේ නම් වහ කා අපවත් වන තරමට හෙළ උරුමයේ වර්තමාන ක්රිසයා කලාපය බෞද්ධයින්ට ලජ්ජාවකි.
සෝම හිමියන්ට සසර කෙළවර අමා මහ නිර්වාණය සාක්ෂාත් වේවායි ප්රාුර්ථනා කරන අතරම සුනන්ද කරුණාරත්න කවියා ලියූ පහත පැදි පෙළින් මේ සටහන නිමා කරන්නේ දුර දිග නොසිතා බලා කරන අකුසල කර්මයන්ට දීර්ඝ සෙවනැළි ඇති බව මතක් කර දෙනු පිණිසය. සුනන්ද කරුණාරත්න කවියා මේ ලියන්නේ සෝම හාමුදුරුවන්ගේ අපවත්වීමේ දෙවන සංවස්තරයට සමගාමීව පැවැත්වුණු ෂාරුක් ඛාන් ප්රසසංගයේදී කවුරුන් විසින් හෝ විසි කරන ලද අත් බෝම්බයකින් මරුමුව පත්වූ තිදෙනාගෙන් එක් අයකු වූ තම වෘත්තීය සගයකු ගැනය.
පත්තරේ ෆොටෝ වැටුනම ලකුණු කර
විස්තරේ ලියා අමුණා ෆයිල් කර
චක්කරේ, එකක් සීයයි ගණන් කර
මිත්තරේ හිටියෙ උඹ 'ෆ්රීණලාන්ස්' කර
මේ කැමරා කබලෙන් වැඩ ගන්ඩ බැරී
හොඳ හොඳ ලෙන්ස් නැතුව වැඩ පෙන්නන්ඩ බැරී
මොනරු හිඟ කලට හොඳ ලෙන්ස් ගන්ඩ බැරී
එහෙව් උඹේ 'ක්ලික්' කවරෙට නැතුව බැරී
රටේ කෙල්ලො හිටවා ෆොටෝ ඇරගෙන
රනේ රුවට පත්තරෙ දාපු උඹ වට
මලේ බඹරු මෙන් රතු කෙල්ලො රොද බැඳ
අනේ හිටිය හැටි තව මතකයි අපට
ආවත් අයියෙ 'ටොයියන්' කොච්චර ඇඟට
රස්සාවටයි මුල් තැන කෙල්ලෝ දෙකට
මට නැති 'ගටක්' බොට අවුරුදු විසි එකට
ආ හැටි මලේ 'මීටර්' වුණේ නෑ මට
අයියගෙ ඔය මොළේ මට තිබුණ නං දනී
මේ කොම්පැණිය නියපොත්තෙන් උඩ දමමී
එහෙම කියා තුටු රැව් දෙන උඹව පෙනී
අම්මා නොදුන් මල්ලිව උඹෙන් ඇන්දෙමී
මල්ලියෙ මං බඳින දවසට වරෙන් කියා
තවමත් කාඩ් එක ඇත උඹෙ නමට ලියා
ඒ ටික දොහට උඹ ඇවිදින් ඩියුටි කියා
කැමරාවත් අරන් ඉරණම් ගමන ගියා
ඈන්ගල් එකට ෂාරුක්ව හසු කර
ගන්නට ළඟට ගිය කැමරාව කුඩු කර
තණකොළ ගොල්ල එක සැනයකින් රතු කර
බෝම්බේ වැටු‚ අපෙ පපු කීතු කර
සිහිසන් නැතුව ඔක්කොම මාතර දිව්වා
ඒ දඬු නියර දිග දුරු කතරක් ගෙව්වා
ටකරං මඩුවෙ බාගෙට නැගි ගේ ගාවා
නින්දක් නිදාගෙන ඉන්නා හැටි දුටුවා
පවුල ගොඩ ගන්ඩ හිටි මල්ලි නැති වුණා
පොළොවේ හැපෙන අක්කා වැලහින්න වුණා
උඹේ හිනා සෙල්ලම් බස් ද සී වුණා
මුළු ගිං ගඟේ කඳුළුත් එදා මදි වුණා