මේ .... ඒ පාපතර මිනිසාගේ කතාවයි.
මේ ... අප වෙනුවෙන් වසර 4ක් දුක් විඳි මිනිසාගේ කතාවයි.
මේ .... දහසක් චෝදනා නොරටින් හා රටතුළින් ම අසමින් මුලු රටටම ස්ථිරසාර සාමය ගෙන එන්නට වීරිය දැමූ මිනිසාගේ කතාවයි.
මේ .... බලපෑම් කරන්නට ලත් වෑයම අසාර්ථක වූ තැන ආර්ථිකයට සෘජු හා වක්‍ර බලපෑම් කරමින් ඇද දමන්නට තැත් දැරූ රටකට ආර්ථික සමෘද්ධිය, ස්ථාවරත්වය ගෙන ආ මිනිසාගේ කතාවයි.
මේ .... ලෝකය කඩා වැටෙද්දී තෙල් මිළ අහස උසට නගිත් දී රටේ පොදු ප්‍රවාහනයට අවම බලපෑමක් වන පරිදි එය පාලනය කරන්නට වෙර දරමින් ලොව බලවත් රටවල් වල බලපෑම හේතුවෙන් ස්ථිරසාර සබඳතා පවත්වන්නට මැලි වන ඉරානය වැනි රටවල් සමඟ රටේ පොදු යහපත වෙනුවෙන් නව මිතුදම් අරඹා ආර්ථිකය කඩා නොවැටී ස්ථාවරව තබා ගත් මිනිසාගේ කතාවයි.
මේ .... ආර්ථික කළමණාකරණයේ දුර්වලකම් ගැන සිව් දෙසින් ඇසෙද්දී මග දිගට ඇස් පනා පිට පෙනෙන සංවර්ධනයක් සැබෑ යුද්ධයක් හා ලෝක ආර්ථික අර්බුදයක් හමුවේ ඔබට ලඟා කර දුන් මිනිසාගේ කතාවයි.
මේ .... තමන් අතදුන් මිනිසුන් පිටට පිහියෙන් අනින්නට යන බව දැන දැන ඔවුන්ව නීතියේ යදමින් (ෆොන්සේකා) විලංගු දමා ඒ ගමන වළකාලුයේ නැති මිනිසාගේ කතාවයි.
මේ .... තම මුලු ජීවිත කාලයම මේ රට තුළ ගත කර තම සොහොයුරන් සේම දරුවන් ද තමන් කරන සමාජ කටයුතු වලට දායක කර ගනිමින් මේ පොළොවේ මුල් ඇති මේ පොළොවේ පය ගසා සිටි මිනිසාගේ කතාවයි.
මේ .... කොතෙකුත් දූෂණ චෝදනා පැමිණියත් ලොව ඕනෑම රටක දූෂිත පාලකයන් අයථා මුදල් සෙවීම සඳහා මුලටම ගන්නා උපකරණය වූ මහජනයා සතු රාජ්‍ය දේපල එකකුදු විකුණා නොදැමූ මිනිසාගේ කතාවයි.
මේ .... බොහෝ හමුදා නායකයන්ගේ පවා දරුවන් විදෙස් රටවල ස්ථිර පුරවැසියන් වී එහි පදිංචිකරුවන් වී සිටියදී තම සොහොයුරන් හා දරුවන් යුද්ධයට සැබෑ ලෙසම දායක කරන්නට ඔවුන් සිටි රටවලින් තම රටට ගෙනවිත් සොහොයුරන් මරණය අභියසටම යවන්නට කටයුතු කළ මිනිසාගේ කතාවයි.
මේ .... දෙමළ ජනතාව ඔවුන් බැඳී සිටි දහසක් දුක් පීඩා වලින් ගලවා ගත්, අවසාන සටන් බිමේදී පවා ඔවුන්ගේ ජීවිතාරක්ෂාව ගැන විමසිල්ලෙන් ඔවුන්ව ආරක්ෂා කරගනිමින් සිට, හැම විටකදීම ත්රස්තවාදියා හා සාමාන්‍ය දෙමළ වැසියා වෙන්කර සලකමින් ඔවුන් යුද්ධයෙන් මුදවා ගත් පසු දෙමළ ජාතියේම පොදු සතුරා බවට පත්ව සිටින එකදු දෙමළ ඡන්දයක් වත් ලැබෙනවාට සැක මිනිසාගේ කතාවයි.
මේ .... කොටි කටේ සිටිමින් ඔවුන්ගේ තුවක්කු බලයට යටවෙමින් මියැදෙමින් සිටි මුස්ලිම් ජනයා ඉන් සදාකාලිකව මුදවාගෙන ඔවුන් ද මේ බිමේ සමාන උරුම කරුවන් බව ලොවටම පෙන්වූ නමුත් එකදු මුස්ලිම් ඡන්දයක් වත් ලැබීම සැකසහිත මිනිසාගේ කතාවයි.
මේ .... සිංහලයන්ට ලෝකයේ ඇති එකම භූමියේ ඒකීය භාවය හා භෞමික අඛණ්ඩතාවට (මේ වදන් සරදමක් වූ යුගයක් ද විය.) රැකදුන් ඔවුන්ට ලෝකයේ ගෞරවනීය ජනවර්ගයක් ලෙස අහිමිව තිබූ ස්ථානය නැවත අත්පත් කර දීමෙන් පසු දෙපිළකට බෙදී ඔවුන්ගෙන් දහසක් චෝදනා අසන්නට වී ඇති මිනිසාගේ කතාවයි.
මේ .... අපේ රටේ ජනතාව මතම විශ්වාසය තබා දූෂණ වලින් තොර මැතිවරණ පවත්වමින් ඔවුන් පිරිනමන්නක් පමණක් ගන්නට ඔවුන් කිසිදිනෙක තමන් අතහැර නොයන බව ඇදහූ මිනිසාගේ කතාවයි.
මේ .... හෙට අනිත්දා අප දංගෙඩියට දක්කන්නට සිටිනා මහා දූෂිත අපරාධකරුගේ කතාවයි.
මේ .... ඒ පාපතර මිනිසාගේ කතාවයි.
ඔහුව කුරුසියේ තබා ඇණ ගසාලන්නට සියල්ල සූදානම් කර ඇත. ඔහු සමග ඔහුගේ සොයුරන් පවුලේ සාමාජිකයන් සියල්ල ඇණ ගසාලනු ඇත.
[Got it from - http://lankanthoughts.blogspot.com/]
(මේ පොස්ට් එකට හොඳ ප්‍රතිචාර නොලැබෙන බව දනිමි. නමුත් මෙය කෙතරම් සාධාරණද, යන්න ඔබ මධ්ය්ස්ථව කල්පනා කොට බලන්න.)