මේ ඔබේ වාරයයි...................

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
මේ ඔබේ වාරයයි...................

2005 මහින්ද වෙනුවෙන් පෙනී නොසිටි, නැතහොත් රනිල් වෙනුවෙන් පෙනී සිටි බොහෝ බලවේග මහින්ද වටා රොක් වී තිබේ. රටේ බොහෝ විද්වත්හු මහින්දගේ ජයග්‍රහණය වෙනුවෙන් අද එළිපිටම කතා කරති. ඊට හේතු කිහිපයකි.
අප සිතන පරිදි පළමුවැන්න මේ රට පකිස්ථානයක්, බංගලිදේශයත්, මියන්මාරයක් වනු දකින්නට ඔවුන් තුළ ඇති අකමැත්තයි. ප්‍රජාතන්ත්‍රවාදය වළ දමා මර්දනකාරී හමුදා පාලනයක් තුළ එකී රටවල මිනිසුන් ගතකරන ඛේදනීය ජීවිත අප උරුම කර ගත යුතු නැත යන මතවාදයේ ඔවුහු සිටිති.

එමෙන් ම යම් යම් අඩුපාඩු යටතේ වුව 2005 සාපේක්ෂව රට ඉදිරි ගමනක යෙදෙයි. ඒ පිළිබඳ සාධනීය ස්ථාවරයක ඔවුහු සිටිති. 2005 ඇ.ඩො. 1 000ට අඩු ඒක පුද්ගල ආදායම අද ඇ.ඩො. 2000කි. 2005 පෙර බටහිර රටවල් පස් පාගන්න එපා යැයි සිය රටවල සංචාරකයින්ට අවවාද කළ ලංකාව අද ලොව වඩාත් සංචාරයට හිතකර පාරාදීස 30 අතරින් අංක එක යැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත කියයි. ඉන් නොනවතින ඔවුහු මේ හිතකර තත්ත්වය උදා වූයේ මහින්ද රාජපක්ෂගේ පාලන ක්‍රමය නිසා බව ද කියන්නට නිර්ලෝභි වූහ.

එපමණක් ද ලොව අංක දෙකේ කොටස් වෙළඳපොළ ලංකාවේ ය. ආසියාවේ අංක එක ලංකාවය. ඉකොනොමිස්ට් සඟරාව පවසන පරිදි ලොව වඩා වේගයෙන් වර්ධනය වන ආර්ථිකයකි; , ලංකාව. ලොව මහ බලවත්තු කඩා වැටෙද්දි අප මෙසේ ඉදිරියට යාමට රටක් ලෙස අප අනුගමනය කළ දේශීයත්වයට නැඹුරු අර්ථ ක්‍රමය පිටුවහල් වූ බව නොරහසකි.

මේ සියල්ල මෙන්ම මහින්ද රටේ සියලු ජනවර්ගවල විශ්වාසය දිනාගත් නායකයා බවට පත්ව තිබේ. සිංහල දෙමළ මුස්ලිම් ඈ විවිධ ජන වර්ගවල නායකයෝ ඔහු වටා සිටිති. ඩග්ලස්, කරුණා, පිල්ලෙයාන්, ෆෙරියල් අෂ්රොෆ්, තොණ්ඩමෑන්, ෆවුසි ඒ පදනම මැනවින් පෙන්වයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය දෙමළ බසින් ඇමතූ ප්‍රථම නායකයා මහින්ද ය. ඔහු උතුරට ගොස් ඒ ජනතාව සිය බසින් ඇමතුවේ ය. ප්‍රභාකරන්ගේ මරණ වරෙන්තුව ඉරා විසි කර ඒ ජනතාවට නිදහස දුන්නේ ඔහුය.

මේ කරුණු සලකා මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, මහාචාර්ය මැන්ඩිස් රෝහණධීර,මහාචාර්ය ජගත් වික්‍රමසිංහ, මහාචාර්ය ජයසේන කොට්ටේගොඩ, කථිකාචාර්ය ආරියරත්න කළුආරච්චි, කථිකාචාර්ය ධම්ම දිසානායක, පණ්ඩුල ඇඳගම, ගුණදාස අමරසේකර, ආදී විද්වත්හු මහින්ද දිනවා රට සුරකින්නට පෙළ ගැසී සිටිති. ජැක්සන් ඇන්තනී, මාලනි ෆොන්සේකා, රෝහණ බැද්දගේ, එඩ්වඩ් ජයකොඩි, සේනක විජේසිංහ, ශ්‍රියන්ත මෙන්ඩිස්, අවීන්ද්‍ර රන්දෙනිය, රෝහණ වීරසිංහ සමස්ත කලාකරුවන්ම මෙවර මහින්ද වටා පෙළ ගැසී සිටිති.

එකල එජාපයේ මහබලකොටුවක් වූ හුණුපිටිය ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ මහින්ද දිනවිය යුත්තේ ඇයි ද යන කරුණ විග්‍රහ කරමින් ඉරිදා ලංකාදීපයට ලිපියක් ලියා තිබිණි. එකල එජාපය වෙනුවෙන් පෙනී සිටි රූකාන්ත ගුණතිලක, සනත් නන්දසිරි, අබේවර්ධන බාලසූරිය, උපුල් ශාන්ත සන්නස්ගල අද ඔවුන් වෙනුවෙන් පෙනී නො සිටියි. සමන් ද සිල්වා ප්‍රසිද්ධියේ ම මහින්ද වෙනුවෙන් පෙනී සිටියි.

මේ සියල්ලන්ගෙන්ම නියෝජනය වන්නේ ලංකීය ජන මනසයි. සැබෑ ශ්‍රී ලාංකීය හදවතේ රිද්මයයි. එහෙයින් මහින්ද ජයග්‍රහණය ඉරහඳ මෙන් විශ්වාසය. ඔබ ක්‍රියා කළ යුත්තේ එය විජයග්‍රහණයක් කිරීමට ය. 2005 අප ලද ජයග්‍රහණය සහතික කරගැනීමේ සාඩම්බර පංගුකාරයෙක් වන්නට ය. එහෙයින් 2005 ජනාධිපතිවරණයෙන් රනිල් sms ජනපති කළ සිරස නාලිකාව පන්නයේ කෙප්පවලට ඔබ හසුවිය යුතු නැත. අවමංගලගේ කටකතා කුණු ලොරියට ඔබ හසුවිය යුතු නැත. එසේ රැවටී ඔබේත් රටේත් අනාගතය අපායක් කරගත යුතු නැත.
2002 මුදල් අමාත්‍යංශ ලේකම් චරිත රත්වත්තෙගේ 16 වන චක්‍රලේඛයට අනුව රජයේ කම්කරු තනතුරක් දීම තහනම් කළ එජාපයේ ආර්ථික පිළිවෙත ඉදිරියට ගෙන යන්නට සපථ කර සිටින පුද්ගලයාට ඔබ හසුවිය යුතු නැත. 2004 අයවැයේ යෝජනාවේ කොටසක් මෙසේ ඔබ වෙනුවෙන් සටහන් කරමි.

'අපගේ ඉලක්කය වන්නේ රාජ්‍ය අංශයේ මධ්‍යම හා පහළ ආදායම් ශ්‍රේණිවල සේවකයන් අතරින් 100 000ක් 2004 වන විට ද තවත් 200 000ක් 2006 වන විට ද අඩු කිරීමය. (2004 අයවැය කතාව - 34 පිටුව)'

එදා මෙසේ විනාශ කරහරින්නට උත්සාහ කළ රාජ්‍යය සේවයේ අද ලක්ෂ 12ක් සිටී. 2003 බිලියන 93ක් වූ වැටුප් වැය අද බිලියන 269කි. 2006 රු. 1000ක් වූ ජීවන වියදම් දීමනාව අද 5250කි. 2003 බිලියන 31ක් වූ විශ්‍රාම වැටුප් බිල අද බිලියන 89කි. ඉතින් ඔබ තවත් සිතිය යුතුද? මව්බිම දිනවමු. රට සුබ අනාගතයකට රැගෙන යමු.
 
May 17, 2006
3,632
90
0
අපි අපෙ ඡන්දය ගෑන බලා ගන්නම්...උබ හිතුවද අපි මොඩයො කියලා....වෙන උන් කියන එවා පිලිඅරගෙන ඡන්දය දෙන්න....
 

kkddkanna

Active member
  • Jul 19, 2007
    366
    214
    43
    අපි අපෙ ඡන්දය ගෑන බලා ගන්නම්...උබ හිතුවද අපි මොඩයො කියලා....වෙන උන් කියන එවා පිලිඅරගෙන ඡන්දය දෙන්න....

    sirawatama :lol:
     

    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    අපි අපෙ ඡන්දය ගෑන බලා ගන්නම්...උබ හිතුවද අපි මොඩයො කියලා....වෙන උන් කියන එවා පිලිඅරගෙන ඡන්දය දෙන්න....
    තමන්ගෙ මතය වෙනුවෙන් පෙනී හිටින්න ඕනම කෙනෙක්ට අයිතිය තියනවා. ඔබට ශක්තියක් හා දැනුමක් තියේනම් මේවා බොරුයි කියල පෙන්වන්න. Forum එකක් කියන්නේ ඒකටයි
     
    May 17, 2006
    3,632
    90
    0
    තමන්ගෙ මතය වෙනුවෙන් පෙනී හිටින්න ඕනම කෙනෙක්ට අයිතිය තියනවා. ඔබට ශක්තියක් හා දැනුමක් තියේනම් මේවා බොරුයි කියල පෙන්වන්න. Forum එකක් කියන්නේ ඒකටයි

    උබ මොනාද කතා කරන්නෙ මම මෙතන කිව්වද බොරු කියලා....උබ නෑට්ට පාගෙන හිටියට මට කරන්න දෙයක් නෑහෑ,,,,මම කියන්නෙ අපෙ ඡන්දය අපිට ඔන විදිහට අපෙ බුද්දියෙන් ඩෙන්නම් කියලා...නෑතුව...කලා කාරයොවත්/ක්‍රිඩකයොවත්/උගත් මිනිස්සුවත් කියන එවා අහලා නෙවි.....ඡන්දය අපෙ අයිතියක් එක අපි තිරනය කරන්නම් කියලා කිව්වෙ.....