මේ දවස්වල කොවිඩ් වසංගතය හිස එසවීමත් එක්ක ජංගම රුධිර කඳවුරු අවලංගු වෙමින් පවතිනවා. ඉතින් ලේ බැංකු තුළ සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකලව ලේ දන් දීම තමා එකම විකල්පය.
ඔබට හැකි නම් දිවයිනේ ප්‍රධාන රෝහල් සහ රුධිර මධ්‍යස්ථාන වලට ගොස් ලේ දන් දෙන්න මේ මොහොතේ එය විශාල ශක්තියක් සහ සහයෝගයක් !
විශේෂයෙන්ම රාගම, මහරගම, කුරුණෑගල සහ අනුරාධපුරය ලේ බැංකුවලට ගිහින් (උදේ 8 - 4 සවස) හෝ nbts.health වෙබ් එක හරහා පහසු වේලාවක් ලියාපදිංචි කරගෙන හෝ මේ මොහොතේ ලේ දන් දීම කරන්න කියා ඉල්ලන්නේ මේ නිසා. නාරහෙන්පිට රුධිර මධ්‍යස්ථානය උදේ 8 සිට සවස 6 තෙක් විවෘතව තියනවා.
යොවුන් ළමා තරුණ වැඩිහිටි , මේ හැම වයස් කාණ්ඩයකටම අයත් තැලසීමියා රෝගීන් ඉන්නවා. රාගම , කුරුණෑගල , අනුරාධපුරය කියන ලේ බැංකුවලට අනුයුක්ත පිරිස වැඩි නිසා ලේ ඕනෑකමත් වැඩියි.
ඒවගේම තමා ඔබ දෙන සෑම රුධිර පයින්ට් එකකින්ම රුධිර පට්ටිකා ඒකකයක්ම හැදෙනවා. ඒ සියල්ල එකතුකර මහරගම අපේක්ෂා රෝහල වෙත ලබා දෙනවා. එහි සිටින රෝගීන්ට රුධිර පට්ටිකා අවශ්‍යතාවය දැඩි ලෙස පවතිනවා. කොළඹ ජාතික රෝහල , හදිසි අනතුරු ඒකකය, රිජ්වේ ළමා රෝහල වගේ රුධිර පට්ටිකා අවශ්‍ය සෙසු රෝහල්වලටත් අනුරාධපුර, කුරුණෑගල රෝහල්වලින් රුධිරය සකස්කරද්දී සැක්සෙන පට්ටිකා ලබා දෙනවා.
දිගු කාලයක් තිස්සේ රුධිරය ශරීරගත කෙරෙන නිසා ඒ අයට අසාත්මිකතාද වැඩියි. ඒ හින්දා ඔවුන්ගේ රුධිර ඝණයෙන්ම, විශේෂිත හෙවත් සුදු රුධිරාණු ඉවත් කළ ලේ ඔවුන් වෙනුවෙන් සකස් කරන්නම ඕනේ. ඒවගේම ඔවුන්ට ලේ පරිත්‍යාගයෙන් 10-14 පමණ දින අතර ඇති ලේ දෙන්නත් ඕනෙ.
ඉතින් ඉදිරි සතියේ ඔබෙන් මේ අවශ්‍යතාවය ඉටුවේවා කියා අපි සැවොම ප්‍රාර්ථනා කරනවා
nbts.health වෙබ් අඩවියෙන් වේලාවක් වෙන්කරගත හැකියාව තිබේ. ඒ නැතත් ඔබට උදෑසන 8- සවස 4 දක්වා ඕනෑම රුධිර මධ්‍යස්ථානයක හෝ ප්‍රධාන පර්ෂද රුධිර බැංකුවක ලේ දන් දිය හැක.
ජාතික රුධිර පාරවිලයන සේවය
Source - https://www.facebook.com/nbts.srilanka/
