කෝරා එකේ මේ ගැන තිබ්බ, ඉකොනොමි එක විවිධාන්ගීකරණය අඩුයි, විශේෂ සම්පත් නැහැ. වැඩි වශයෙන් ආර්ථික රැඳිලා තියෙන්නේ සර්විස් සෙක්ටර් එක මත. ඉතින් දේශපාලන අර්බුද නිසා සර්විස් සෙක්ටර් එක හොඳින් ක්‍රියාත්මක වෙන්නේ නෑ. කොවිඩ් වසංගත තත්වය නිසා විදේශ සේවා නියුක්තිකයන් එවන මුදල් අඩු වීම, සංචාරක කර්මාන්තයේ බිඳ වැටීම ආර්ථිකය තවදුරටත් දුර්වල කළා. රටේ ප්‍රමාණවත් රැකියා උත්පාදනය නෑ, අධික රාජ්‍යසේවකයන් පිරිසක් කිසිම ප්‍රයෝජනයක් නැති කාර්යයන් මත වැටුප් ලබාගැනීම. ඒ සඳහා රට පවත්වාගැනීමට අභ්‍යන්තර ණය ගැනීම, නොගෙවූ රාජ්‍ය ණය නිසා බැංකු බංකොළොත් වීම සහ දූෂණය. ඉතින් බැලුවම ලංකාව් කතාවම වගේ තමයි. අපිත් තව සුළු කාලයකින් ලෙබනන් රට වගේ වෙනවා