මේ කතාව ඇත්තද?

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    Fb එකේ තිබ්බ පෝස්ට් එකක් -

    අද පෝය
    අපි අශෝක අධිරාජයා ගැන කතා කරමු

    අශෝක අධිරාජයා ගැන අපි අහලා තියෙන කතාව කොහොම එකක්ද? එයා චණ්ඩාශෝක වෙලා හිටියා. කාලිංග යුද්දෙ මහා සංහාරයකට පස්සෙ එයා බුදු දහම වැළඳගන්නවා. ඊට පස්සෙ එයා අවිහිංසාවාදී වෙනවා. ගස් හිටවනවා. පන්සිල් රකිනවා. එයා ධර්මාශෝක විදිහට ප්‍රසිද්ද වෙනවා. ලංකාවට බුද්ධාගම ගේනවා.

    මේ කතාව අලි පචයක් වුනොත් කොහොමද? ඉතිහාස සාක්ෂි, ශිලා ලිපි ආදී සියල්ල වෙනත් කතාවක් කියද්දි අපිට ඉස්කෝලවල ඉඳන් මේ බොරුව දිගින් දිගටම කියලා දෙන උවමනාව පිටිපස්සෙ තියෙන්නෙ මොකක්ද? එහෙම එකක් හොයලා බලන්න අපි ලෑස්තිද?

    අපි දන්න කතාව හැටියට අශෝක කියන මහා අධිරාජයා කාලිංග කියන පුංචි රාජ්‍යය ආක්‍රමණය කරනවා. ඒත් කාලිංගයන් යටත් වෙන්නෙ නෑ. ඉතිං කාලිංග යුද්ධය ඇතිවෙනවා. මිනිස්සු ලක්ෂයක් මැරෙනවා. අවුරුදු 2000ට කලින් මිනිස්සු ලක්ෂයක් කියන්නෙ අදට සාපේක්ෂව ලොකු ගානක්.

    මේ හින්ද අශෝක ලොකු පශ්චත්තාපයකට යනවා. එයා බුදු දහම වැළඳගන්නවා. එයා අවිහිංසාවාදීව ඉතිරි ජීවිත කාලය බුදු දහම ප්‍රචාරය කරමින් ගත කරනවා. මේක තමයි අපිට ඉස්කෝල පොතේ උගන්නන කතාව. ඒත් අශෝකගෙ සෙල්ලිපිවල කතාව මේක නෙමෙයි.

    ඉස්සෙල්ලම බලමු කවුද මේ මහා ශ්‍රේෂ්ට අශෝක කියන්නෙ කියල. අශෝක කියන්නෙ චන්ද්‍රගුප්ත මෞර්ය ගේ මුනුපුරා. එයා තමයි මෞර්ය අධිරාජය හදන්නෙ. එයාගෙන් පස්සෙ එයාගෙ පුතා බින්දුසාර. එයාත් පාලනය හොඳට කරගෙන යනවා. ඇෆ්ගනිස්ථානයේ ඉඳන් බෙන්ගාලය දක්වා පැතිරුනු අධිරාජයක් මේක. බින්දුසාර මේ රාජ්‍යය තවත් විශාල කරනවා. ඉන්දියාවෙ අන්තිම දකුණු කෙලවර දක්වාම මෞර්ය අධිරාජයට යටත් කරගන්නවා. නමුත් බින්දුසාර කාලය හරිම සාමකාමී සහ සෞභාග්‍යමත් කියලයි සඳහන් වෙන්නෙ. එයාට ඉන්නවා 16ක් බිරින්දැවරු. 101ක් පුත්තු.

    අශෝකගෙ අම්මා ශුභාද්‍රන්ගි උපතින් රාජ කුමාරියක් නෙමෙයි. දුප්පත් බ්‍රාහ්මන පවුලක දරුවෙක්. අශෝක දක්ෂයෙක් වුනාට එයා ඔටුන්න හිමි කුමාරයෙක් නෙමෙයි. අශෝකගෙ කුඩම්මගෙ පුතා සුසීම තමයි ඔටුන්න හිමි කුමාරයා විදිහට හිටියෙ. ඔක්කොම හොඳට වෙනවා බින්දුසාරගෙ මරණය වෙනකල්.

    සුසීම උතුරුකරයෙ ඉඳන් පාලනය බාරගන්න එන්න කලින් අශෝක පාඨලීපුත්‍රයෙ බලය අල්ලගන්නවා. ඒක එයා කරන්නෙ ග්‍රීකයොන්ගෙ උදව්වෙන්. ඊට පස්සෙ එයා සුසීමව මරාදානවා. ඊට පස්සෙ අවුරුදු 4ක සිවිල් යුද්ධයක් ඇතිවෙනවා. අශෝක පවුලෙ සියලු පිරිමින්ව මරාදානවා. එහෙම මරලා ක්‍රි.පූ 274දි අධිරාජයා බවට පත්වෙනවා. බෞද්ධ ලේඛනවල හැටියට අශෝක සහෝදරයො 99ක් මරනවා. එයාගෙම සහෝදරයා වුනු තිස්ස විතරයි බේරෙන්නෙ. ඊට පස්සෙ අශෝක 500ක් රාජ්‍ය නිලධාරීන් මරාදානවා. අශෝක වෙනම වධකාගාරයක් ඉදිකරනවා. තමන්ට විරුද්ධව අරගල කරන අය වධයට පමුණුවන්න. ඒක පිටින් ඉතාම චමත්කාරජනකව ඉදිකරපු එකක්. ඇතුල තනිකරම අමු අපායක්. අශෝක නිරය කියලත් මේක හඳුන්වනවා.

    සියලු ඉතිහාස ලේඛනවලින් පෙන්වාදෙනවා අශෝකගේ රාජ්‍ය කාලය භීෂණය රජ කළ එකක් වග. එයා චණ්‍ඩාශෝක විදිහට හඳුන්වන්නෙත් ඒ හින්ද.

    මෙහෙම කෲර පාලකයෙක් වුනත් අශෝක තමයි මෞර්ය අධිරාජයේ දැවැන්තයා විදිහට සලකන්නෙ. ඒ අශෝක විසින් වෙන කාටවත් බැරි වුනු තරමට අධිරාජ්‍යයේ සීමාවන් පුළුල් කරපු නිසයි. ඔන්න ඊට පස්සෙ අශෝක කුඩා නමුත් බලවත් ‍පොහොසත් රාජ්‍යයක් වුනු කාලිංගය ආක්‍රමණය කරනවා. කාලිංගයන්ටත් ලොකු ප්‍රබල හමුදාවක් ඉන්නවා. චන්ද්‍රගුප්තටවත්, බින්දුසාරටවත් කාලිංගය යටත් කරගන්න පුළුවන් වුනේ නෑ. ඒ නිසාම අශෝකට කාලිංගය යටත් කරගැනීමේ උවමනාව ප්‍රබල වෙනවා.

    ‍ශිලාලේඛන අනුව මේ යුද්ධයේදී ලක්ෂයක් සොල්දාදුවො මැරෙනවා. එක්ලක්ෂ පනස්දාහක් දෙනා සිරකරුවන් විදිහට අශෝක විසින් අරගෙන එනවා.

    ඔන්න දැන් බොරුව පටන් ගන්නවා. අපිට කියන්නෙ අශෝක මේ කාලිංග යුද්ධයේ මිනිස් සංහාරය දැකලා පසුතැවීමට පත්වුනා කියලයි. ඊට පස්සෙ බුදුදහම වැළඳගෙන අවිහිංසාවාදී වුනා කියලයි. ඒත් සෙල්ලිපිවල කතාව වෙනස් එකක්.

    මේ වෙද්දි අශෝක සෙල්ලිපි 33ක් හොයාගෙන තියෙනවා. ඒවා වර්ග හතරකට බෙදලා අධ්‍යනය කරනවා. මහා සෙල්ලිපි, කුඩා සෙල්ලිපි, මහා ශිලා පුවරු, කුඩා ශිලා පුවරු හැටියට.

    එක කුඩා සෙල්පුවරුවක අශෝක මෙහෙම ලියනවා.
    ‘මං බුදුදහම වැළඳගෙන දැනට අවුරුදු දෙකහමාරක් වෙනවා. පළවෙනි අවුරුද්දෙ ඒ තරං වැඩක් වුනේ නෑ. ඒත් ඊළග අවුරුද්දකට වැඩි කාලෙදි මං ඒ පිළිවෙල තදින් වැළඳගත්තා’
    මේ සෙල්ලිපියෙ කරුනු රොමිලා තාපර් කියන ඉතිහාසවේදිනිය ඉතා නිවැරදිව පරිවර්තනය කරනවා. ඒත් අපිට උගන්නන්නෙ වෙන කතාවක්.

    අශෝක කසාද බඳින්නෙ ධනවත් බෞද්ධ ව්‍යාපාරිකයෙකුගේ දුවෙක්. ඒ අධිරාජයා බවට පත්වෙන්නත් කලින්. අශෝකගෙ බෞද්ධ සම්බන්දෙ එන්නෙ කාලිංග යුද්දෙට බොහෝ කලින් බව මේ කාරණාවලින් පැහැදිලියි.

    මෞර්යයන් බොහෝ විට වෙදික හින්දු දහම පුහුණු කළත් චන්ද්‍රගුප්ත මෞර්ය මහළු වියේදී ජෛනාගම වැළඳගන්නවා. ඒ වගේම බින්දුසාර අජ්රිකා නම් ආගමික ‍පිරිසගේ ඇසුරට යනවා. මේ කලවං ආගමික ස්වරූපය ඉන්දියානු සංස්කෘතියෙ අරුමයක් නෙමෙයි. ඉන්දියාවෙ සියලු ආගම් එකට පවතිනවා.

    අශෝකට වෙන්නෙ එයා බලයට ආපු විදිහෙ තියෙන නරක ස්වරූපය නිසා සීයා හෝ තාත්තා විසින් ගරු කළ ජෛන හෝ අජ්රිකවරුන්ගේ ඇසුරට යන්න බැරි වීමයි. සහෝදරයන් මරා දැමීම නිසා පවුලේ විරෝධයට අශෝක බදුන් වෙනවා. මේ විරෝධය පවුලේ අය ඇසුරු කළ ආගමික පාර්ශ්වවලිනුත් එල්ල වෙනවා. මෙන්න මේ නිසා මේ කාලෙදි නැගී ගෙන එන දහමක් වුනු බුදු දහමේ ආරක්ෂාව අශෝකට උවමනා වෙනවා.

    අශෝක බුදු දහම නොදන්නා කෙනෙක් නෙමෙයි. ඒ වගේම ලේ දැකීමෙන් කලබල වෙන විදිහෙ ළාමක සිත් ඇත්තෙකුත් නෙමෙයි. එයා තමන්ගෙම සහෝදරවරු මරාදාපු කෙනෙක්. වධකාගාර ඉදි කරපු කෙනෙක්. එහෙම කෙනෙක් කාලිංග යුද්දෙන් මැරුනු මිනිස්සු දැකලා කලබල වුනා කියන එක සිද්ධාර්ථ කුමාරයා සතර පෙර නිමිති දැකලා ගිහිගෙය අතෑරියා කියනවා වගේ බොළඳ කතාවක්.

    අපි කියමු අශෝක කාලිංග යුද්දෙට පස්සෙ වෙනස් වුනා කියල. එහෙනං අර වධකාගාරවල හිරකරපු 150,000ක් දෙනා නිදහස් කලේ නැත්තෙ ඇයි?

    කාලිංග යුද්දෙ ගැන පසුතැවිලි වුනා කියල දකින්න තියෙන සෙල්ලිපිවලත් ඒ ලියා ඇති දේ ස්වරූපය හරියට තේරුම් ගන්න ඕන. ටෝන් එක කියවන්න ඕන. ඒකෙ තියෙන්නෙ ඇත්තටම තර්ජනයක්. මහා සෙල්ලිපිවල මෙහෙම තියෙනවා.

    ‘ දෙවියන්ට ප්‍රිය වූ (දේවානම්පිය) අශෝක දේවයාණන් පිලිගන්නවා වැරදි කළ අයට සමාව දීම කළ යුතුයි කියල. ඒත් අශෝක දේවයාණන් අවවාද කරනවා මේ අයට තමන් සිදුවූ දේ ගැන පසුතැවිලි වුනත් බලය තමන් සතුබව දැනගන්න කියල. යටත් වුනේ නැත්තං මරාදමන වග දැනගන්න කියල. දේවයාණන් පිලිගන්නවා සියලු සත්වයෝ වධයෙන් නිදහස් විය යුතුයි කියල..’’
    අශෝක කියන්නෙ ඔය වගේ කතාවක්. අවිහිංසාව කියන්නෙ මර්දනයේ මෙවලමක් විදිහටයි අශෝක පාවිච්චි කරන්නෙ. මේක බුදුන් වදාල අවිහිංසාව නෙමෙයි කියන එක පැහැදිලියි.

    කාලිංග යුද්දෙ කරද්දිත් අශෝක බෞද්ධයෙක් තමයි. එතකොට කාලිංග යුද්දෙට පස්සෙ අශෝක අවිහිංසාවාදී වුනාද? නෑ අශෝක දිගටම ප්‍රචන්ඩ වධක අධිරාජයෙක් විදිහටයි කටයුතු කලේ. අශෝකවදනෙ පැහැදිලිව කියනවා 18000ක් අජ්රිකාවරුන්ව මරා දමන්න කියල. මේක වෙන්නෙ අශෝක ඔය කියන බෞද්ධ පරිවර්තනය වුනාට පස්සෙ.

    ඒ විතරක් නෙමෙයි අශෝක වදනෙ මෙහෙම කතාවකුත් කියනවා. පාඨලීපුත්‍රයෙ හිටපු ජෛනාගමිකයෙක් බුදුන් වහන්සේ විසින් ජෛන තීර්ථකයෙකුට නමස්කාර කරන රූපයක් චිත්‍රයට නගනවා. අශෝක කරන්නෙ ඒ ජෛනාගමිකයා සහ මුලු පවුලම ගින්නෙන් පුළුස්සා මරා දැමීම. ඒ වගේම ජෛනයෙකුගේ හිසක් ගෙනාවොත් කහවනුවක් ලබාදෙන බවට නිවේදනය කරනවා.

    අශෝකගෙ ප්‍රචන්ඩ ක්‍රියා නවතින බව පේන්නෙ තමන්ගෙම සහෝදරයා විටෂෝක බෞද්ධ භික්ෂුවක් වූ පසුවත් වැරදීමකින් මරාදැමුනට පස්සෙයි.

    මේ අශෝක තමයි අපේ රටට බුද්ධාගම එවන්නෙ. ඒ බුද්ධාගම තමයි අපි පුහුණු කරගෙන පවත්වාගෙන යන්නෙ. ඉතින් අශෝක විසින් ගෙන ගිය ප්‍රචන්ඩත්වය, බොරුව ආදියත් බුද්ධාගම දේශපාලන පලිහක් විදිහට පාවිච්චි කිරීමත් ඒ ධර්මාශෝක දූත මෙහෙවර සමගම එන උරුමයක්. ඒක මෑත කාලීන දේශපාලකයො විතරක් කරන දෙයක් නෙමෙයි.

    ඇත්තටම අශෝකලා දිහා බැලුවම මහින්ද රාජපක්ෂලා අපරාධ ලෝකෙ පොඩි ළමයි වගේ පේනවා. ඒ කියන්නෙ අශෝක මහා බෞද්ධ වීරයෙක් වුනා නම් රාජපක්ෂලා අනාගතයේදී කොයි තැනක තියලා ලියයිද කියන එක ඉතිහාස පාඩම් දිහා බැලුවම පේනවා.

    -chinthana darmadasa
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    සහෝදරයා විටෂෝක
    53d736f8-7831-41a1-9476-dfa1cb46fa3d-removebg-preview.png
     
    • Haha
    Reactions: vito and gamerlk

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අශෝක කොච්චර පින් කරත් මැරුනට පස්සෙ පිඹුරෙක් වෙලා ඉපදුන කියන්නෙ.

    ඊට පස්සෙ ලංකාවෙ ඉපදිල මහන වෙලා රහත් වෙලා පිරිනිවන් පෑව කියල කියනව.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මේ අශෝක තමයි අපේ රටට බුද්ධාගම එවන්නෙ. ඒ බුද්ධාගම තමයි අපි පුහුණු කරගෙන පවත්වාගෙන යන්නෙ. ඉතින් අශෝක විසින් ගෙන ගිය ප්‍රචන්ඩත්වය, බොරුව ආදියත් බුද්ධාගම දේශපාලන පලිහක් විදිහට පාවිච්චි කිරීමත් ඒ ධර්මාශෝක දූත මෙහෙවර සමගම එන උරුමයක්. ඒක මෑත කාලීන දේශපාලකයො විතරක් කරන දෙයක් නෙමෙයි.
    මේ ටික කියාගන්න නෙ මේක ලියපු එකා හෑල්ලක් දාගෙන තටමල තියෙන්නෙ :lol:

    Mahindath pansal gane gihin uge nama gahala gal set karala enawa
    පොර ගල් සෙට් කරනව
    සාදු ල ගල් කපනව

    අනේ කාලේ වනෙ වාසේ කිව්වලු
    ------ Post added on Dec 27, 2023 at 10:19 AM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    සිද්ධාර්ථ කුමාරයා සතර පෙර නිමිති දැකලා ගිහිගෙය අතෑරියා කියනවා වගේ බොළඳ කතාවක්.

    කෝ මේ ICCPR :D
     
    • Haha
    Reactions: gamerlk

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    Fb එකේ තිබ්බ පෝස්ට් එකක් -

    අද පෝය
    අපි අශෝක අධිරාජයා ගැන කතා කරමු

    අශෝක අධිරාජයා ගැන අපි අහලා තියෙන කතාව කොහොම එකක්ද? එයා චණ්ඩාශෝක වෙලා හිටියා. කාලිංග යුද්දෙ මහා සංහාරයකට පස්සෙ එයා බුදු දහම වැළඳගන්නවා. ඊට පස්සෙ එයා අවිහිංසාවාදී වෙනවා. ගස් හිටවනවා. පන්සිල් රකිනවා. එයා ධර්මාශෝක විදිහට ප්‍රසිද්ද වෙනවා. ලංකාවට බුද්ධාගම ගේනවා.

    මේ කතාව අලි පචයක් වුනොත් කොහොමද? ඉතිහාස සාක්ෂි, ශිලා ලිපි ආදී සියල්ල වෙනත් කතාවක් කියද්දි අපිට ඉස්කෝලවල ඉඳන් මේ බොරුව දිගින් දිගටම කියලා දෙන උවමනාව පිටිපස්සෙ තියෙන්නෙ මොකක්ද? එහෙම එකක් හොයලා බලන්න අපි ලෑස්තිද?

    අපි දන්න කතාව හැටියට අශෝක කියන මහා අධිරාජයා කාලිංග කියන පුංචි රාජ්‍යය ආක්‍රමණය කරනවා. ඒත් කාලිංගයන් යටත් වෙන්නෙ නෑ. ඉතිං කාලිංග යුද්ධය ඇතිවෙනවා. මිනිස්සු ලක්ෂයක් මැරෙනවා. අවුරුදු 2000ට කලින් මිනිස්සු ලක්ෂයක් කියන්නෙ අදට සාපේක්ෂව ලොකු ගානක්.

    මේ හින්ද අශෝක ලොකු පශ්චත්තාපයකට යනවා. එයා බුදු දහම වැළඳගන්නවා. එයා අවිහිංසාවාදීව ඉතිරි ජීවිත කාලය බුදු දහම ප්‍රචාරය කරමින් ගත කරනවා. මේක තමයි අපිට ඉස්කෝල පොතේ උගන්නන කතාව. ඒත් අශෝකගෙ සෙල්ලිපිවල කතාව මේක නෙමෙයි.

    ඉස්සෙල්ලම බලමු කවුද මේ මහා ශ්‍රේෂ්ට අශෝක කියන්නෙ කියල. අශෝක කියන්නෙ චන්ද්‍රගුප්ත මෞර්ය ගේ මුනුපුරා. එයා තමයි මෞර්ය අධිරාජය හදන්නෙ. එයාගෙන් පස්සෙ එයාගෙ පුතා බින්දුසාර. එයාත් පාලනය හොඳට කරගෙන යනවා. ඇෆ්ගනිස්ථානයේ ඉඳන් බෙන්ගාලය දක්වා පැතිරුනු අධිරාජයක් මේක. බින්දුසාර මේ රාජ්‍යය තවත් විශාල කරනවා. ඉන්දියාවෙ අන්තිම දකුණු කෙලවර දක්වාම මෞර්ය අධිරාජයට යටත් කරගන්නවා. නමුත් බින්දුසාර කාලය හරිම සාමකාමී සහ සෞභාග්‍යමත් කියලයි සඳහන් වෙන්නෙ. එයාට ඉන්නවා 16ක් බිරින්දැවරු. 101ක් පුත්තු.

    අශෝකගෙ අම්මා ශුභාද්‍රන්ගි උපතින් රාජ කුමාරියක් නෙමෙයි. දුප්පත් බ්‍රාහ්මන පවුලක දරුවෙක්. අශෝක දක්ෂයෙක් වුනාට එයා ඔටුන්න හිමි කුමාරයෙක් නෙමෙයි. අශෝකගෙ කුඩම්මගෙ පුතා සුසීම තමයි ඔටුන්න හිමි කුමාරයා විදිහට හිටියෙ. ඔක්කොම හොඳට වෙනවා බින්දුසාරගෙ මරණය වෙනකල්.

    සුසීම උතුරුකරයෙ ඉඳන් පාලනය බාරගන්න එන්න කලින් අශෝක පාඨලීපුත්‍රයෙ බලය අල්ලගන්නවා. ඒක එයා කරන්නෙ ග්‍රීකයොන්ගෙ උදව්වෙන්. ඊට පස්සෙ එයා සුසීමව මරාදානවා. ඊට පස්සෙ අවුරුදු 4ක සිවිල් යුද්ධයක් ඇතිවෙනවා. අශෝක පවුලෙ සියලු පිරිමින්ව මරාදානවා. එහෙම මරලා ක්‍රි.පූ 274දි අධිරාජයා බවට පත්වෙනවා. බෞද්ධ ලේඛනවල හැටියට අශෝක සහෝදරයො 99ක් මරනවා. එයාගෙම සහෝදරයා වුනු තිස්ස විතරයි බේරෙන්නෙ. ඊට පස්සෙ අශෝක 500ක් රාජ්‍ය නිලධාරීන් මරාදානවා. අශෝක වෙනම වධකාගාරයක් ඉදිකරනවා. තමන්ට විරුද්ධව අරගල කරන අය වධයට පමුණුවන්න. ඒක පිටින් ඉතාම චමත්කාරජනකව ඉදිකරපු එකක්. ඇතුල තනිකරම අමු අපායක්. අශෝක නිරය කියලත් මේක හඳුන්වනවා.

    සියලු ඉතිහාස ලේඛනවලින් පෙන්වාදෙනවා අශෝකගේ රාජ්‍ය කාලය භීෂණය රජ කළ එකක් වග. එයා චණ්‍ඩාශෝක විදිහට හඳුන්වන්නෙත් ඒ හින්ද.

    මෙහෙම කෲර පාලකයෙක් වුනත් අශෝක තමයි මෞර්ය අධිරාජයේ දැවැන්තයා විදිහට සලකන්නෙ. ඒ අශෝක විසින් වෙන කාටවත් බැරි වුනු තරමට අධිරාජ්‍යයේ සීමාවන් පුළුල් කරපු නිසයි. ඔන්න ඊට පස්සෙ අශෝක කුඩා නමුත් බලවත් ‍පොහොසත් රාජ්‍යයක් වුනු කාලිංගය ආක්‍රමණය කරනවා. කාලිංගයන්ටත් ලොකු ප්‍රබල හමුදාවක් ඉන්නවා. චන්ද්‍රගුප්තටවත්, බින්දුසාරටවත් කාලිංගය යටත් කරගන්න පුළුවන් වුනේ නෑ. ඒ නිසාම අශෝකට කාලිංගය යටත් කරගැනීමේ උවමනාව ප්‍රබල වෙනවා.

    ‍ශිලාලේඛන අනුව මේ යුද්ධයේදී ලක්ෂයක් සොල්දාදුවො මැරෙනවා. එක්ලක්ෂ පනස්දාහක් දෙනා සිරකරුවන් විදිහට අශෝක විසින් අරගෙන එනවා.

    ඔන්න දැන් බොරුව පටන් ගන්නවා. අපිට කියන්නෙ අශෝක මේ කාලිංග යුද්ධයේ මිනිස් සංහාරය දැකලා පසුතැවීමට පත්වුනා කියලයි. ඊට පස්සෙ බුදුදහම වැළඳගෙන අවිහිංසාවාදී වුනා කියලයි. ඒත් සෙල්ලිපිවල කතාව වෙනස් එකක්.

    මේ වෙද්දි අශෝක සෙල්ලිපි 33ක් හොයාගෙන තියෙනවා. ඒවා වර්ග හතරකට බෙදලා අධ්‍යනය කරනවා. මහා සෙල්ලිපි, කුඩා සෙල්ලිපි, මහා ශිලා පුවරු, කුඩා ශිලා පුවරු හැටියට.

    එක කුඩා සෙල්පුවරුවක අශෝක මෙහෙම ලියනවා.
    ‘මං බුදුදහම වැළඳගෙන දැනට අවුරුදු දෙකහමාරක් වෙනවා. පළවෙනි අවුරුද්දෙ ඒ තරං වැඩක් වුනේ නෑ. ඒත් ඊළග අවුරුද්දකට වැඩි කාලෙදි මං ඒ පිළිවෙල තදින් වැළඳගත්තා’
    මේ සෙල්ලිපියෙ කරුනු රොමිලා තාපර් කියන ඉතිහාසවේදිනිය ඉතා නිවැරදිව පරිවර්තනය කරනවා. ඒත් අපිට උගන්නන්නෙ වෙන කතාවක්.

    අශෝක කසාද බඳින්නෙ ධනවත් බෞද්ධ ව්‍යාපාරිකයෙකුගේ දුවෙක්. ඒ අධිරාජයා බවට පත්වෙන්නත් කලින්. අශෝකගෙ බෞද්ධ සම්බන්දෙ එන්නෙ කාලිංග යුද්දෙට බොහෝ කලින් බව මේ කාරණාවලින් පැහැදිලියි.

    මෞර්යයන් බොහෝ විට වෙදික හින්දු දහම පුහුණු කළත් චන්ද්‍රගුප්ත මෞර්ය මහළු වියේදී ජෛනාගම වැළඳගන්නවා. ඒ වගේම බින්දුසාර අජ්රිකා නම් ආගමික ‍පිරිසගේ ඇසුරට යනවා. මේ කලවං ආගමික ස්වරූපය ඉන්දියානු සංස්කෘතියෙ අරුමයක් නෙමෙයි. ඉන්දියාවෙ සියලු ආගම් එකට පවතිනවා.

    අශෝකට වෙන්නෙ එයා බලයට ආපු විදිහෙ තියෙන නරක ස්වරූපය නිසා සීයා හෝ තාත්තා විසින් ගරු කළ ජෛන හෝ අජ්රිකවරුන්ගේ ඇසුරට යන්න බැරි වීමයි. සහෝදරයන් මරා දැමීම නිසා පවුලේ විරෝධයට අශෝක බදුන් වෙනවා. මේ විරෝධය පවුලේ අය ඇසුරු කළ ආගමික පාර්ශ්වවලිනුත් එල්ල වෙනවා. මෙන්න මේ නිසා මේ කාලෙදි නැගී ගෙන එන දහමක් වුනු බුදු දහමේ ආරක්ෂාව අශෝකට උවමනා වෙනවා.

    අශෝක බුදු දහම නොදන්නා කෙනෙක් නෙමෙයි. ඒ වගේම ලේ දැකීමෙන් කලබල වෙන විදිහෙ ළාමක සිත් ඇත්තෙකුත් නෙමෙයි. එයා තමන්ගෙම සහෝදරවරු මරාදාපු කෙනෙක්. වධකාගාර ඉදි කරපු කෙනෙක්. එහෙම කෙනෙක් කාලිංග යුද්දෙන් මැරුනු මිනිස්සු දැකලා කලබල වුනා කියන එක සිද්ධාර්ථ කුමාරයා සතර පෙර නිමිති දැකලා ගිහිගෙය අතෑරියා කියනවා වගේ බොළඳ කතාවක්.

    අපි කියමු අශෝක කාලිංග යුද්දෙට පස්සෙ වෙනස් වුනා කියල. එහෙනං අර වධකාගාරවල හිරකරපු 150,000ක් දෙනා නිදහස් කලේ නැත්තෙ ඇයි?

    කාලිංග යුද්දෙ ගැන පසුතැවිලි වුනා කියල දකින්න තියෙන සෙල්ලිපිවලත් ඒ ලියා ඇති දේ ස්වරූපය හරියට තේරුම් ගන්න ඕන. ටෝන් එක කියවන්න ඕන. ඒකෙ තියෙන්නෙ ඇත්තටම තර්ජනයක්. මහා සෙල්ලිපිවල මෙහෙම තියෙනවා.

    ‘ දෙවියන්ට ප්‍රිය වූ (දේවානම්පිය) අශෝක දේවයාණන් පිලිගන්නවා වැරදි කළ අයට සමාව දීම කළ යුතුයි කියල. ඒත් අශෝක දේවයාණන් අවවාද කරනවා මේ අයට තමන් සිදුවූ දේ ගැන පසුතැවිලි වුනත් බලය තමන් සතුබව දැනගන්න කියල. යටත් වුනේ නැත්තං මරාදමන වග දැනගන්න කියල. දේවයාණන් පිලිගන්නවා සියලු සත්වයෝ වධයෙන් නිදහස් විය යුතුයි කියල..’’
    අශෝක කියන්නෙ ඔය වගේ කතාවක්. අවිහිංසාව කියන්නෙ මර්දනයේ මෙවලමක් විදිහටයි අශෝක පාවිච්චි කරන්නෙ. මේක බුදුන් වදාල අවිහිංසාව නෙමෙයි කියන එක පැහැදිලියි.

    කාලිංග යුද්දෙ කරද්දිත් අශෝක බෞද්ධයෙක් තමයි. එතකොට කාලිංග යුද්දෙට පස්සෙ අශෝක අවිහිංසාවාදී වුනාද? නෑ අශෝක දිගටම ප්‍රචන්ඩ වධක අධිරාජයෙක් විදිහටයි කටයුතු කලේ. අශෝකවදනෙ පැහැදිලිව කියනවා 18000ක් අජ්රිකාවරුන්ව මරා දමන්න කියල. මේක වෙන්නෙ අශෝක ඔය කියන බෞද්ධ පරිවර්තනය වුනාට පස්සෙ.

    ඒ විතරක් නෙමෙයි අශෝක වදනෙ මෙහෙම කතාවකුත් කියනවා. පාඨලීපුත්‍රයෙ හිටපු ජෛනාගමිකයෙක් බුදුන් වහන්සේ විසින් ජෛන තීර්ථකයෙකුට නමස්කාර කරන රූපයක් චිත්‍රයට නගනවා. අශෝක කරන්නෙ ඒ ජෛනාගමිකයා සහ මුලු පවුලම ගින්නෙන් පුළුස්සා මරා දැමීම. ඒ වගේම ජෛනයෙකුගේ හිසක් ගෙනාවොත් කහවනුවක් ලබාදෙන බවට නිවේදනය කරනවා.

    අශෝකගෙ ප්‍රචන්ඩ ක්‍රියා නවතින බව පේන්නෙ තමන්ගෙම සහෝදරයා විටෂෝක බෞද්ධ භික්ෂුවක් වූ පසුවත් වැරදීමකින් මරාදැමුනට පස්සෙයි.

    මේ අශෝක තමයි අපේ රටට බුද්ධාගම එවන්නෙ. ඒ බුද්ධාගම තමයි අපි පුහුණු කරගෙන පවත්වාගෙන යන්නෙ. ඉතින් අශෝක විසින් ගෙන ගිය ප්‍රචන්ඩත්වය, බොරුව ආදියත් බුද්ධාගම දේශපාලන පලිහක් විදිහට පාවිච්චි කිරීමත් ඒ ධර්මාශෝක දූත මෙහෙවර සමගම එන උරුමයක්. ඒක මෑත කාලීන දේශපාලකයො විතරක් කරන දෙයක් නෙමෙයි.

    ඇත්තටම අශෝකලා දිහා බැලුවම මහින්ද රාජපක්ෂලා අපරාධ ලෝකෙ පොඩි ළමයි වගේ පේනවා. ඒ කියන්නෙ අශෝක මහා බෞද්ධ වීරයෙක් වුනා නම් රාජපක්ෂලා අනාගතයේදී කොයි තැනක තියලා ලියයිද කියන එක ඉතිහාස පාඩම් දිහා බැලුවම පේනවා.

    -chinthana darmadasa
    ඔය කියලා තියන වගේ මතයකුත් තියනව. මිනිස්සුන්ගේ . පාලකයන්ගේ හැටි බැලුවාම මේ කතාව අපේ සුරන්ගනා කතාවට වඩා practical.
    මොනවා උනත් ඉතිහාසේ හරියටම මෙගෙමයි කියලා කියන්න බෑ. හැබයි ආගම් අහල පහල රට වලට යවන්නේ තමන්ගේ බලය පැතිරීමේ සන්කේතයක් විදියට. නැතුව පියතිස්සගේ pen pal හින්දා ආදරෙට එව්වා වෙන්න බෑ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    සැර පරුෂ චන්ඩි චරිත ගැන කියවනකොට ගෝටාබේ මාත්තයව මතක්වෙනව. පස්සෙ එයා රෙද්දෙ ගූ ගිහින් දිව්ව කෙනෙක්නෙ කියල මීටර් වෙනකොට හිතට ලොකු වේදනාවක් දැනෙනව
     
    • Haha
    Reactions: dayt0na and vito

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    සිද්ධාර්ථ කුමාරයා සතර පෙර නිමිති දැකලා ගිහිගෙය අතෑරියා කියනවා වගේ බොළඳ කතාවක්
    ඔය හෑල්ල ලිව්ව කෙනාට අනුව සිද්ධාර්ථ ගිහිගෙය අතෑරලා තියෙන්නෙ depression වැඩිවෙලාද? :unsure:
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907
    113
    -Chinthana Darmadasa
    ඔන්න ඕක උඩින්ම තිබ්බා නම් කියවන්නෙත් නෑ. නම කියවපු ගමන් හිතා ගන්න පුළුවන් හෑල්ල කොයි වගේ ද ඉවර වෙන්නේ කියලා.

    මෙයාගෙ අවුරුදු ගානක ඉතිහාසය ප්‍රබන්ධයක් කියලා ඉස්කෝලෙ යාළුවෝ කියද්දී හිටියේවත් නැති කාලෙක කතා ගැන හෑලි ලියන එක තමයි ලොකුම විහිළුව.