ත්‍රෙඩ් එක මිස් උනේ කොහොමද කියලා කල්පනා කරලා අන්තිමට පොස්ට් එකක් දාන්න හිතුනා
IT Field එකට එන්ටර් වුනේ කොහොමද?
APIIT CS
මොනවද ඉස්සෙල්ලම කරන්න පටන් ගත්තේ?
UI/UX ,Web, Wordpress
දැනට Expertise වෙලා ඉන්න Skills මොනවද?
වැඩ කරන ෆීල්ඩ් එකට අදාලව අවශ්‍ය දේ දන්නවා
Improve කරගන්න හිතන් ඉන්න Skills මොනවද?
business consultancy
Intern හෝ Trainee කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවද? ඒ කොහෙද?
Yes. NatWest Group
ඒ Skills improve කරගන්න දායක වුනේ Formal Education ද නැත්නම් Informal Education ද?
Both
ඔන්ලයින් ජොබ් එකක් (ෆ්‍රීලෑන්ස්, රිමෝට් ජොබ්ස්) හරි ඔන්ලයින් බිස්නස් (ඊමනි, KPO, BPO) එකක් හරි කරනවා නම් හෝ කලින් කරා නම් ඒක පටන් ගත්තේ කොහොමද?
කරා සහ අද මම ඉන්න තැන ඉන්නෙත් එක නිසා අදුරගත්ත කන්ටක්ට් වලින්. පටන්ගත්තේ කැම්පස් ෆයිනල් ඉයර් එකේදී (2011 බැච්මෙට් කෙනෙක් සෙට් කරපු වැඩකින් අදුරගත්ත ක්ලයන්ට් කෙනෙක්ගෙන්. ( පොර අයිරිෂ් ඩයල් එකක් මම මුලින්ම කියලා වෙබ් එකක් හදලා දුන්න ඩයල් එක. දැන් පොරගේ පුතා මගේ බිස්නස් පාට්නර් )
ඒ ආදායම් මාර්ගයෙන් දැනට උපයන මාසික ආදයම කීයද?
ගාන සදහන් කරන්න අකමැතියි.
කොවිඩ් වලින් මොනවා හරි නෙගටිව් හෝ පොසිටිව් බලපෑමක් වුනාද?
හොද හා නරක දෙකම වෙලා තියෙනවා.
හොද - හිතපු නැති විදියේ බිස්නස් opportunities ලැබුනා. කවදාවත් ගන්න බෑ කියලා හිතන් හිටපු ෆොරින් contract එකක් සෙට් උනා
නරක - විශේෂයෙන් මුකුත් උනේ නෑ හැබැයි ලගම හිටපු දෙතුන් දෙනෙක් ගැන හොදටම දැනගත්තා ඒ කාලේ. දඩාර පොල්ලක් වැදුනා. එක බිස්නස් එකක් එහෙම්ම කෙල වෙලා ගියා. ( ලොකුම අවුල උනේ ගෙදර අයට කොරෝනා හදුනා වෙලේ ලග ඉන්න බැරි උනා. මාස 6ක් රට හිරවෙලා හිටිය එන්න විදියක් නැතුව ).
දැනට ලබාගත්ත ලොකුම achievement එක මොකක්ද?
achievements 3k තියේ.
1. යුරෝප් රටක සහ ඇමරිකාවේ ඔෆිස් දෙකක් පටන් ගන්න පුළුවන් උනා & තව ඔෆිස් එකක් දාන්න ප්ලෑන් කරන යනවා.
2. කොරෝනා කලේ යුරෝප් රටක government contract එකක් ලැබුනා මගේ බිස්නස් පාට්නර් හරහා.
3. dual citizenship ගත්ත එක
IT Base වුන රස්සාවක් කරන එක ගැන දැන් මොකද හිතන්නේ?
හොදයි ඉතින්. දැන් නම් වැඩක් කරන්නෙම නෑ. කන්සල්ටින් වැඩ මිසක්
Wife ඔබ කරන රැකියාවට සපොර්ටිව් ද?
ow
Financial Freedom කියන ස්ටේටස් එකේ ඉන්නවා කියලා කියන්න පුළුවන් තැනට එන්න පුළුවන් වුනාද?
Yes
ජොබ් එකට හෝ බිස්නස් එකට මෑත කාලයේදි ඇති වූ හෝ ඉදිරියේදි ඇති විය හැකි අභියෝග හෝ වෙනස්කම් මොනවාද?
කොරෝනා කාලේදී වෙච්ච දේවල් තමා ඉතින්. එක ඉන්කම් සෝර්ස් එකක් එහෙම පිටින්ම නැතිවෙලා ගියා. ( ලක්ෂ 150ක් විතර ඒ වැඩේට ඉන්වෙස්ට් කරලා තිබ්බේ ඒ වෙද්දී. තාමත් හරි හමන් ඉන්කම් එකක් එන්නේ නෑ එතනින් මොකද හිතන තරම් ටුවරිසම් හරි ගිහින් නැති නිසා රටේ.)
කොරෝනා කාලේ ලගම හිටපු හිතවතෙක් විශ්වාස කරලා කෝටි ගානක ඉඩමක් නැතිකරගත්තා. ( ඌට මුකුත් කියන්නත් බැ ආණ්ඩුවට ඉඩම පවරාගෙන තිබ්බ නිසා )
අලුතින් employee outsourcing වැඩක් පටන් ගන්න ඉන්නේ. බෙල්ජියම් & ජර්මන් රටවල් වල companies 3k එක්ක agreement ගහලා. ඒ වැඩේ හරි ගියොත් ලංකාවේ සෙට් එකක් ගොඩ දාගන්න පුළුවන් වේවි.