මේ කවුද? මොකද කරන්නේ?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    මේ කවුද? මොකද කරන්නේ?

    මේ කවුද? මොකද කරන්නේ?


    ContentBroker_contentid-c4ca7fa226004f74a7782c19824c1659.png




    සුගිය සිකුරාදා එනම් ඔක්තෝබර් 26 වැනි දා, කිසිවෙක් නොසිතු, නොපැතූ අමුතු දෙයක් සිදුවුණු බව නොරහසකි.
    2015, ජනවාරි 8 වැනිදා ට පෙර නයාට අඳුකොළ වගේ සිටි සිරි සහ මහින්ද එකතුව අමුතුම එකකි.
    නමුත් මා පුද්ගලිකව මෙම නාටකය හුදෙක් සිරිසේනගේ සහ මහින්දගේම මවා පෑමක් බව එදා ඉඳන්ම විස්වාශ කළේය. එය හරියටම හරිය.
    මහින්ද කුණු පිහදාගනීම, තමන්ගේ පවුල සුද්දකර ගැනීම මෙම කාලය තුල අපුරුවට කරගත්තේය.
    තවත් එයට අයිසින් වැටුනේ ජනතා ප්‍රසාදය තවත් වැඩි කරගනිමිනි.

    රනිල්ගේ දේශපාලනයට තිත මෙතැන් සිට වැටෙන්නේය. එම පක්ෂයට පිළිලයක් වූ ඔහු දැන් නිතැතින්ම නික්මයාමට මගපාදගත්තේය.

    නාටකයේ සෙසු චරිත අතර, ගොම ගාගත්ත වුන් අතර රාජිත කැපී පෙනෙන චරිතයක් වුනි. යන එනමන් නැතිවෙන කෙනෙක් හැටියට මොහුද ඉදිරියෙන් සිටි.

    කාලය එසේ සියල්ල සිදු කලද, ඉදිරියේ ඇති බාධක අතර, මහින්ද හොරුන්ට පට්ටන් දීම, තමන්ගේ පුතුන්ට නාඩකම් කිරීමට ඉඩ දීම වැනි දේ සිදුවුනොත් ජනප්‍රසාදය බින්දුවට බසින්නද වැඩිකාලයක් ගත නොවනු ඇත.

    ගොටභය මීළඟ අගමැති වෙන්නේද නුදුරු කාලයකදී බව මතක තබාගන්න.
     
    Last edited: