මේ කියන ස්වාමියා කවුද?

Willl_Turner

Active member
  • Sep 12, 2015
    366
    123
    43
    මේ ලිපිය මා ලියන්නේ දෛවෝපගත දිනකය. පාර්ලිමේන්තුවේ එකඳු ආසනයක්වත් දිනාගත නොහැකි වූ පක්ෂයක පුද්ගලයෙක් රටේ විධායක ජනාධිපති ලෙස දිව්රුම් දෙන දිනයකය. සමහර විට දිගු කලකට මා ලංකාවේ දේශපාලනය පිළිබඳව ලියන අවසන් ලිපිය මෙය විය හැක.



    මා දන්නා බොහෝ දේ ලිවිය නොහැක. එයට හේතු ඇත. නමුත් ජනතා මෙහෙවරක් ලෙස මම සෑම විටම ඔබට යම් ඉඟියක් දීමට උත්සහ කලෙමි. එය කියවා ගැනීමට සමහර සහෘදයන් සමත් විය.

    රනිල්; ඔහු යන්නේ රාජපක්ෂලා සිතන ගමනවත් අරගලකරුවන් සිතන ගමනවත් නොවේ. රනිල්ට ස්වාමියෙක් ඇත. ඔහුගේ ගමන එම ස්වාමියා විසින් pre-program කරන ලද්දකි. ඒ සඳහා ඔහුට ජනතා ප්‍රසාදයක් හෝ පාර්ලිමේන්තුවේ බහුතරයක් අවශ්‍ය නැත. මන්ද ඔහු පත්වන්නේ මේ කිසිවක් නොමැතිවය. මේ නිසා ඔහු ජනතාවටවත් පාර්ලිමේන්තුවටවත් වග කිව යුතු නැත. එය රනිල්ගේ ගමනටම ඉඳිකළ ස්වර්ණමය මාර්ගයකි.

    මේ ගමනට මම පෞද්ගලිකව දැඩි ලෙස බිය වීමි. මේ නිසාම එයට එරෙහිව මට හැකි අයුරින් හඬ නැගුවෙමි. එම හඬ අද මම නිහඬ කරමි. අද ඇති දේශපාලන ගතිකය තුල රනිල්ගේ ගමනට බාධා කිරීම ලාංකිකයාට අතිශයින්ම භයංකාරය. මේ බව අරගලය තේරුම් නොගන්නා බව මට සහතිකය. එය ඔවුන් අනාගතයේදී දුෂ්කර මාර්ගයෙන් තේරුම් ගනු ඇත. යථාර්තය තේරුම් ගැනීමට තරුණ ජවය මැලිය. එය දැඩි අවාසනාවන්ත තත්වයකි.

    ඔබ වියට්නාමය සහ පිලිපීනය ගැන අධ්‍යනය කරන්න. මේ රටවල් දෙකේම නායකයන් ඇමරිකන් ගැති විය. වියට්නාම් ජාතිකයන් ඉතා ඉක්මනින් ඇමරිකන් ගැතිබාවය වැළඳ ගත් අතර පිලිපීන වැසියන් කොටසක් එයට දැඩි ලෙස විරුද්ධ විය. අද වියට්නාම් වැසියන් බොහොමයක් සතුටින් ජිවත් වෙයි. ඔවුන් තම සංස්කෘතිය සහ සාම්ප්‍රදායික ආගම (බුදු දහම) ඇමරිකන් ගැති බාවය වෙනුවෙන් අත හැරියේය. ඒ වෙනුවට ඔවුන්ට හොඳ ගෙවීමක් ලැබුණි. අද වියට්නාමය වේගයෙන් දියුණු වෙයි. ඔවුන්ට ඇමරිකන් විසා ලබාගැනීම පවා ඉතා පහසුය. පිලිපීනයේ තත්වය තරමක් වෙනස්ය.

    ඔබ 2500 මෙව්වා එක ගැන ආඩම්බර වුනා පමණකි. එයින් කිසිවක් උකහා ගැනීමට හෝ එම එඩියෙන් ඉදිරියට යාමට උත්සහ කලේ නැත. අද ඔබ පමා වැඩිය. කාලකන්ණි නායකයන් රොත්තක් මත බලාපොරොත්තු තබා ඔබ හිඟන්නන්ගේ තත්වයට පත්ව ඇත. තව දුරටත් ඔබට bargaining powers නැත. මේ බව අවබෝධ කරගන්න. රනිල් පසුපස යන්න. ඔබගේ 2500 ක ආඩම්බරය සහ සංස්කෘතිය අකුළා ඉන්දියන් සාගරයට දමන්න. ජීවත්වීමට මුල් තැන දෙන්න. සමහර විට ඔබගේ මී මුණුපුරන් නැවතත් ඔය අතීත ශ්‍රී විභූතිය ගැන සිතනු ඇත. ඔවුන් වෙනුවෙන් යමක් ලියා තබන්න.

    මෙතෙක් මා ලංකාවේ දේශපාලනය ගැන පැවසූ දේ කියවූ ඔබට බොහොම ස්තුතියි.
    - Chandima Gomes
     
    • Like
    Reactions: elajani