මේ කුමන වර්ගයේ දේශයක්ද ?

dabba1983

Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    මේ කුමන වර්ගයේ දේශයක්ද ?

    මේ කුමන වර්ගයේ දේශයක්ද ?

    මම නව නිපැයුම්කරුවෙකි. මට දැනට ශ්‍රී ලාංකික පේටන්ට් දෙකක් තිබේ. තව පේටන්ට් තුනක් සඳහා ඉල්ලුම් කර ඇත. දැනට ලෝකයේ සාදා ඇති සමහර උපකරණ වඩාත් වැඩි දියුණුකර අපට ඒ සඳහා පේටන්ට් ලබා ගත හැකිය. මගේ Multi Purpose Electric Fence Enagizer එක එවැන්නකි. https://vimeo.com/39816263 පුද්ගලික විදුලිවැටවල් 184ක් ලබාදී ගල්ගමුවේ වල්අලි ප්‍රශ්නය සෑහෙන දුරකට විසඳීමට මට හැකිවිය. දැන් ගල්ගමුවේ මිනිස්සු ටයර් පුච්චමින් පාරට එන්නේ නැත.
    https://www.youtube.com/watch?v=zk0HrgWHg4w&app=desktopලංකාව පුරා ගොවීන්ට අලින්, හරකුන් ඌරන් මොණරුන්,වැලිමුවන් ඉත්තෑවන්, වඳුරන් හා රිලවුන් වැනි වනසතුන්ගෙන් වගාව ආරක්ෂා කරගැනීම සඳහා විදුලිවැට එනජයිසර් 485 ක් මාවිසින් ලබාදී ඇත. කෘෂිකර්ම අමාත්‍යාංශයටද 25ක් දුන් නමුත් මාසතුනක් ගතවීත් මුදල් ගෙව්වේ නැත. වගාවන් විනාශවෙනවා දැක ජනපතිතුමා හඬාවැටෙයි. එයදුටු විට මටත් ඇඬෙයි.

    විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මගින් පවත්වනලද 2013 තරඟයේදී හොඳම වාණිජකරණය කරණය කරනලද නව නිපැයුමවූ Multi Purpose Electric Fence Enagizer එක සඳහා රන් පදක්කම සහ සහතිකය දිනා ගන්නා ලද්දේ මා විසිනි.ඒ සඳහා කිසිදු මුදල් ත්‍යාගයක් මාහට ලැබුණේ නැත. මෙම වසරේදී එම ත්‍යාගය සඳහාම රුපියල් ලක්ෂ අටක පමණ මුදලක් ලබාදුන් බව දැන ගන්නට ලැබුනි.

    2012 වර්ෂයේදී මිනිසුන් අනාරක්ෂිත රේල් ගේට්ටු වලදී අනතුරු වලට ලක්වී මිය යෑම වැළැක්වීම සඳහා සම්පූර්ණ ස්වයංක්‍රීය රේල් ගේට්ටුවක් මා විසින් නිපදවන ලදී. මේ සඳහා මගේ විශ්‍රාම පාරිතෝෂිකයෙන් ලැබුණු මුදලින් රුපියල් ලක්ෂ හතර හමාරක් පමණ මාවිසින් වැය කරන ලදී.
    දුම්රිය දෙපාර්තමේන්තුව මෙම ස්වයංක්‍රීය රේල් ගේට්ටුව පරීක්ෂා කිරීම සඳහා වත් භාරගත්තේ නැත. මගේ හිතවත් පොලිසියේ SSP මහතෙකුගේ උදව්වෙන් මෙය වවුනියාවේදී අත්හදා බලන ලදී. https://www.youtube.com/watch?v=4Z7KLt4GyQ0 . මා විසින් නාවික හමුදාව සඳහා නිපදවන ලද ස්වයංක්‍රීය බෝට්ටුව ඔබට නැරඹිය https://www.youtube.com/watch?v=YKDu347vfp4 හැකිය. මා විසින් නිපදවන ලද අරුම පුදුම බයිසිකලය https://www.youtube.com/watch?v=aSWBajv1cQA&t=46s
    අන්තිමේදී දුම්රිය දෙපාර්තමේන්තුව විසින් වීසි කරන ලද රේල් ගේට්ටුවේ බැරියර් දෙක කපා ගෙදර පාවිච්චිය සඳහා ඇලුමිනියම් ඉනිමගක් හැදුවෙමි.

    මගේ අලුත්ම නව නිපැයුම බෙහෙත් ද්‍රව්‍ය, එන්නත් වර්ග, රුධිරය, අක්මා වකුගඩු ආදී ශරීර කොටස් ගබඩා කර ඇති ශීතකරණ...විදුලිය බිඳ වැටීම්, ශීතකරණය අක්‍රියවීම වැනි අවස්ථා වලදී දුරකථන පණිවිඩයක් සහ SMS පණිවුඩයක් මගින් අදාළ නිලධාරීන්ට දැනුම් දෙන එකකි. එම SMS පණිවිඩයේ ශීත කරණයේ දැනට පවතින උෂ්ණත්වයද සටහන් වෙයි. විදුලිබලය යථාවත්වූ පසු එයද...දුරකථන පණිවිඩයක් සහ දැනට පවතින උෂ්ණත්වයද SMS පණිවුඩයක් මගින් දැනුම් දෙයි. ඒසඳහා මාවිසින් පේටන්ට් බලපත්‍ර අයදුම්කර තිබේ. මෙය අප්‍රිකාවේ හා තුන්වෙනි ලෝකයේ රටවලටද අපනයනය කළහැකි අන්දමට උසස් ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් තාක්ෂනය භාවිතාකර නිපදවා ඇත. මාතර ප්‍රාදේශීය සෞක්‍ය සේවා අධ්‍යක්‍ෂ තුමාගේ කාරුණික අනුග්‍රහයෙන් පරීක්ෂාව සඳහා එකක් මාතර පොල්හේන බෙහෙත් ගබඩාවේ සවිකර ඇත. එය හොඳින් ක්‍රියාකරයි. සෞක්‍ය දෙපාර්තමේන්තුවේ ශීතකරණ බාර ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ නිලධාරියාට එය පෙන්වීමට ගියවිට එය පරීක්ෂාකර බැලීමටවත් ඔහු උනන්දු වූයේ නැත. දේශීයව නිපදවන ප්‍රමිති සහතික නොමැති එවැනි උපකරණ පරීක්ෂාව සඳහාවත් බාරගත නොහැකිබව ඔහු අපට දැන්වීය. ප්‍රමිති සහතික නොමැති ජොනී බට්ටා... කකුල් දාහකටත් වඩා...ඉහලම ප්‍රමිතියෙන් කඩා දැම්මේය.
    බොහෝ MOH කාර්යාලවල ශීතකරණ සති අන්තයේදී අනාරක්ෂිතව තිබේ. විදුලිය බිඳවටීමකදී එය වහාම දැනුම්දීම නිසා කෝල්ඩ් පැක්ස් දමා එම එන්නත් වෙනත් ආයතනයක ශීතකරණයකට මාරු කර බේරා ගත හැකිය. දැන් කරන්නේ එම ලක්ෂගනනක් වටිනා එන්නත් වීසිකර දැමීමයි. මේ මහජන මුදල්ය. පිංවතුන් දන්දෙන රුධිරයද එසේ ඉවත දමන අවස්ථා ඇත. මෙම උපකරණ සඳහා අවශ්‍ය ප්‍රමිති සහතිකය සහ උපදෙස් ලබා ගැනීමට ශ්‍රි ලන්කා ප්‍රමිති ආයතනය, නවනිපයුම් කරුවන්ගේ කොමිසම, ජාතික විද්‍ය පදනම, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය යන ආයතන වලට ගියෙමු...පහත දැක්වෙන ආයතන එම අමාත්‍යාශයට අයත්ය.

    Industrial Technology Institute
    National Engineering Research and Development Centre
    National Institute of Fundamental Studies
    National Research Council
    National Science Foundation
    National Science and Technology Commission
    Sri Lanka Accreditation Board for Conformity Assessment
    Sri Lanka Inventors Commission
    Sri Lanka Standards Institution
    Sri Lanka Institute of Nanotechnology (pvt) Ltd (SLINTEC)


    නමුත් සියල්ල එකතුකලවිට උත්තරය බිංදුවය...
    නවනිපයුමක් පරීක්ෂාකර එයට සහතිකයක් දෙන්නට කෙනෙක් නැත...

    කෘෂිකර්ම අමාත්‍යංශයට අයත් ආයතන
    Department of Agriculture
    Department of Agrarian Development
    Agricultural & Agrarian Insurance Board
    Hector Kobbekaduwa Agrarian Research and Training Institute (HARTI)
    Sri Lanka Council for Agricultural Research Policy(CARP)
    Institute of Post Harvest Technology (IPHT) J
    National Food Promotion Board
    Colombo Commercial Fertilizer Co.Ltd
    Ceylon Fertilizer Co.Ltd
    National Fertilizer Secretariat

    සියල්ල එකතුකලවිට උත්තරය බිංදුවය....
    අන්තිමේදී විකුණාගත නොහැකිව වට්ටක්කා ටික අලින්ට දන්දෙයි
    මා මෝටර් රථයෙන් ආවේ මාතර සිටය. බදාදා මහජන දිනයේත් නව නිපැයුම් කොමිසමේ ලොක්කා සීට් එකේ නැත. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ෆුල් ටයිම් සේවය කරන ආචාර්ය වරයකු බවත් මෙම කාර්යාලයේ සේවයට පැමිණෙන්නේ ඔහුට විවේක ඇති දිනවල පමණක් බවත් දැන ගන්නට ලැබුණි. අඳෝමැයි...දිනපතා සේවයට පැමිණෙන, නවනිපයුම් පේටන්ට් ලිවීම වාණිජ නීතිය ගැන දැනුමක් ඇති විශ්‍රාමික මහාචාර්ය වරයකු මේ තනතුර සඳහා සොයාගැනීමට රජය අසමත්ය. නිපැයුම් කොමිසමේ මේ දක්වා සිටි සියළුම කොමසාරිස් වරු පාට්ටයිම් කොමසාරිස් වරුම වූහ. පසුගිය රජයෙන් පත්කල කොමසාරිස් වරයාවූ මහින්ද පාතේගම නමැති ව්‍යාජ මහාචාර්ය වරයා ලෝක හොරෙකු බව පසුව ඔප්පු විය. ඔහු නව නිපැයුම් කොමිසම වෙත ඉදිරිපත්කල වෙනත් අයගේ නිර්මාණ තමන්ගේ නමට පේටන්ට් කරගෙන අසුවිය. රුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු නිපදවූ...ආප්ප තම්බන ස්වයංක්‍රීය මැෂිම ඉන් එකකි.
    දෙවෙනියාද කාමරයේ සිටියේ නැත...බොහෝ මේසවල පුටු වල කිසිවකු පෙනෙන්නට නැත. ලොක්කා ආයතනයේ නොමැතිවිට ඉල්ලංකාවේ රාජ්‍ය ආයතනවල සේවකයින් හැසිරෙන අන්දම ගැන අටුවා ටීකා ටිප්පණි අවශ්‍ය නැත .
    . සුවසිරි පාය, සෙත්සිරි පාය, ඉසුරු පාය වැනි රජයේ දැවැන්ත බිල්ඩින් ඇතුලේ AC සියගණනක් හෝ ගාලා වැඩය. මහදවාලෙත් ඇතුලේ ලයිට් දමා තිබේ. වාර්ෂික විදුලි බිල් ඉන්ධන වියදම්, ගොඩනැගිලි කුලී කෝටි ගනනිනි. මේ කාණු දිගේ ගලායන්නේ මහජනයාගේ බොටුව මිරිකා ගන්නා බදු මුදල්ය. සවස 3 වනවිට බොහෝ පුටු හිස්ව තිබේ.පිළිගැනීමේ නිලධාරියා ඇතුළු සේවකයින් ගෙන් බාගයක් පලා ගොසිනි. බොහෝ රජයේ කාර්යාලවල තත්වය ඕකය...බොරුනම් ගිහිං බලන්න.
    රජයෙන් දුන් ඩියුටිෆ්‍රී වාහනය ගාල්කර නිලරථයෙන් ගිය ලදාරීන් සමහරු ෆීල්ඩ් එකේය අනිත් අය කොන්ෆරන්ස් හෝ පිටරය.
    අන්තිමේදී පියන්ට පිංසෙන්ඩුවී ප්‍රමිති ආයතනයේ (SLS) පහල නිලධාරියෙකු හමුවීමට මට හැකිවිය. ඉලෙක්ට්‍රොනික් පර්යේෂණාගාරයක් හෝ නියමිත ඉංජිනේරුවන් නොමැතිනිසා...ඉලෙක්ට්‍රොනික් උපකරණ සඳහා එම ආයතනය ප්‍රමිති සහතික ලබා නොදෙන බවත්...වතුර බෝතල් සඳහා ප්‍රමිති සහතික දෙන බවත් ඔහු මට කිව්වේය. මේ 21වෙනි ශතවර්ෂයේ අපේ ප්‍රමිතිආයතනයයි...ඉතිං අපි ඉලෙක්ට්‍රොනික් උපකරණ නිපදවා වෙනත් රටවලට විකුණා විදේශ විණිමය සොයන්නේ කෙලෙසද ?. නවනිපයුම් කොමිසම මගින් වාර්ෂිකව පවත්වන තරඟයේදී බොහෝ නවනිපයුම් ප්‍රදර්ශනය කෙරේ මේවායින් 70% පමණ ඉලෙක්ට්‍රොනික නවනිපයුම්ය. ඒවාන් දිනන ඒවා ජිනීවාහිදී ප්‍රදර්ශණය කෙරේ. මේක බලන්නට එන සුද්දෝ සහ චීන්නු එම අදහස් ගෙඩිපිටින්ම හොරකං කරගෙන ගොස් වාණිජ මට්ටමින් සාදා ලෝකෙටම විකුණති. හදපු එකාට හුලංය. ප්‍රමිති සහතිකයක් නැති නිසා ලංකාවේවත් විකුණන්නට බැරිය. වාර්ෂකව ලක්ෂ ගණන් මහජන මුදල් ගිලින නව නිපැයුම් කොමිසම කරන සේවය ඕකය. අගමැති හා ජනාධිපති දේශීය කර්මාන්ත කරුවන් නගාසිටුවන අන්දම ගැන පොරටෝක් දෙන අන්දම අපි නිතර නරඹන්නෙමු. ශ්‍රීලංකාවේ නව නිපැයුම් කිරීම ස්වයංවින්දනයේ යෙදෙනවා වැනිය...මට පට්ටම ආතල්ය...අන්තිමේදී දනිස් පණ නැතිවෙයි.
    හිඟන අම්මලා අරාබියට විකුනමු....රුපියලට සාපේක්ෂව ඩොලරය පහත බසිමින්තිබේ...ඉල්ලංකාව ආසියාවේ ආශ්චර්යයි...ඔහොමයන්...

    Dr. Sarath Wimalasuriya
    Retired Lieutenant Commander of Sri Lanka Navy.


    43828321_10156621487929030_6238724435944144896_n.jpg
    43828321_10156621487929030_6238724435944144896_n.jpg

    43828321_10156621487929030_6238724435944144896_n.jpg

    43665200_10156621488459030_5357753040679993344_n.jpg
    43665200_10156621488459030_5357753040679993344_n.jpg


    43665200_10156621488459030_5357753040679993344_n.jpg
    43708935_10156621487389030_3205717062353682432_n.jpg
    43708935_10156621487389030_3205717062353682432_n.jpg


    43708935_10156621487389030_3205717062353682432_n.jpg
    43684225_10156621489164030_3150098554425442304_n.jpg
    43684225_10156621489164030_3150098554425442304_n.jpg


    43684225_10156621489164030_3150098554425442304_n.jpg
    43828516_10156622238369030_8227572169786261504_n.jpg
    44067977_10156627065849030_3254346275511861248_n.jpg


    43828516_10156622238369030_8227572169786261504_n.jpg
    44067977_10156627065849030_3254346275511861248_n.jpg
    43828516_10156622238369030_8227572169786261504_n.jpg


    44067977_10156627065849030_3254346275511861248_n.jpg
     
    Last edited:

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    උගතුන් රට අතහැර යාම පුදුමයක් නෙමෙයි.

    සිංහලුනේ,
    :rolleyes: අපිත් සෝමාලියාවට හරි පැන ගන්න බලමු. :oo:

     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    උගතුන් රට අතහැර යාම පුදුමයක් නෙමෙයි.

    සිංහලුනේ,
    :rolleyes: අපිත් සෝමාලියාවට හරි පැන ගන්න බලමු. :oo:


    ubada ban nawa nipayukaru?
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඕක කොයි ආණ්ඩුව ආවත් එකයි. නව නිපැයුම් වලට ඉඩක් නෑ. මිනිස්සුන්ගේ ප්‍රශ්න නොවිසදෙන තාක්කල් ආණ්ඩු කරන්න ලේසි
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    uba rata palayan ashik lanthatayata uben wadak natha... meka rata karawana unta athal gannata athi disnilanthayaki
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    උගතුන් රට අතහැර යාම පුදුමයක් නෙමෙයි.

    සිංහලුනේ,
    :rolleyes: අපිත් සෝමාලියාවට හරි පැන ගන්න බලමු. :oo:

    :yes::yes::yes: