මේ කෙසෙල් කොළයක් සීසන් කර ගන්නා හැටි.

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,927
    3,277
    113
    මේ කෙසෙල් කොළයක් සීසන් කර ගන්නා හැටි.

    මම මීට කලින් මේ post එක දැම්මා. නැවත වරක් දැම්මේ නොදැකපු අයව දැනුවත් කරන්නයි.

    අපි හැමෝම ආසයි කෙසෙල් කොළේ බත් කන්න. ඒත් කෙසෙල් කොළයක් කොහොමද හරියට පදම් කර ගන්නේ. කාලයක් තියා ගන්නේ කොහොමද. ප්‍රශ්න ගොඩාක් ඇති. මේ ඒ ප්‍රශ්න වලට පිළිතුරු .

    කෑම එතීමට ගන්නා කෙසෙල් කොළයක් පදම් කර ගන්නා හැටි හා කෙසෙල් කොළයේ කෑම කෑමෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද කියලා බලමු.

    කෙසෙල් කොළයෙන් ආහාර ගැනීමේ ඇති ප්‍රයෝජන;-

    1 ක්ලෝරෆිල් නැමැති සංඝටකය මගින් බඩවැල් වල ඇති වන තුවාල සහ සමේ ඇතිවන තුවාල සුවපත් කරයි

    2 රුධිරය පිරිසිදු කරනු ලබයි.

    3 ආහාර අරුචිය වඩවන අතර ආහාර දිරවීම පහසු කරයි.

    4 වකුගඩු වල සහ මුත්‍රාශයේ ගල් ඇති වීම වැලැක්වීම මෙන්ම රෝගයන් රැසකට වැටකඩොළු බැදීම සිදු කරයි.

    5 මානව ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කරයි.

    කෙසෙල් කොළය පදම් කර ගන්න ආකාරය ගොඩාක් අය දන්නේ නැහැ.

    කෙසෙල් කොළයක් පදම් කර ගන්නා හැටි:-

    ▪️කෙසෙල් කොළ කපාගෙන අළු පිසදාල සෝදාගන්න ඕනෑ.

    ▪️ඊළඟට නටන වතුරේ ඔබල ගන්න. තත්පර දෙක තුනයි.

    ▪️දැන් තද අව්වේ පැය දෙක තුනක්‌ හෝ මද පවනේ පැය 5 – 6 ක්‌ වේලාගන්න. දැන් මේවා භාවිත කරන්න පුළුවන්.

    ▪️ශීතකරණයක දාල තියා ගන්නවා නම් මේ ලන්ච්ෂීට්‌ මාස තුනක්‌ වුණත් තියාගන්න පුළුවන්”

    ජ්‍යොෂ්ඨ කථිකාචාරිනියක වන ආචාර්ය සුජාතා වීරසිංහ මහත්මිය විසින් හඳුන්වාදී ඇත.

    කෙසෙල් කොළ උණු වතුරෙන් පදම් කොට මේ ආදේශකය සකසා ගත් පසුව මාස 3ක් පමණ මේ ශීතකරණයක කල් තබා ගත හැකි බවත් මේ කොළය ගුළි කළත් ඉරෙන්නේ නැති භාවිතයෙන් පසු දින පහක් පමණ සෝදා යළිත් ප්‍රයෝජනයට ගත හැකි පරිසර හිතකාමී ආදේශකයක් බවත් ඇය පවසා තිබේ.

    කෙසෙල් කොළ වලින් කෑම පාර්සල් පෙට්ටි හදන හැටි පින්තුර වලින් පෙන්වා දී ඇත.

    මෙහි සම්පූර්ණ අයිතිය

    Garlic and Ginger group එක සතුයි.
    FB_IMG_1656045124291.jpg
    FB_IMG_1656045121407.jpg
    FB_IMG_1656045117985.jpg
    FB_IMG_1656045115338.jpg
    FB_IMG_1656045111982.jpg
    FB_IMG_1656045107725.jpg
    FB_IMG_1656045103160.jpg
    FB_IMG_1656045100485.jpg
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,067
    8,909
    113
    Cenon
    cenon.com
    කෙසෙල් කොළයක් පදම් කර ගන්නා හැටි:- :D

    ▪️කෙසෙල් කොළ කපාගෙන අළු පිසදාල සෝදාගන්න ඕනෑ.

    ▪️ඊළඟට නටන වතුරේ ඔබල ගන්න. තත්පර දෙක තුනයි.

    ▪️දැන් තද අව්වේ පැය දෙක තුනක්‌ හෝ මද පවනේ පැය 5 – 6 ක්‌ වේලාගන්න. දැන් මේවා භාවිත කරන්න පුළුවන්.

    ▪️ශීතකරණයක දාල තියා ගන්නවා නම් මේ ලන්ච්ෂීට්‌ මාස තුනක්‌ වුණත් තියාගන්න පුළුවන්”
     
    • Like
    Reactions: NRTG and B.Chat