රාජ භෝජන

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,137
    99,728
    113
    අපේ ආහාර - 17.

    සිංහල ආහාර සංස්‌කෘතියේ අරුත කියාදුන් රාජ භෝජනය.
    රාජ භෝජනයක්‌ කියන්නේ එසේ මෙසේ කෑම වේලක්‌ නම් නොවේ. රජෙක්‌ වාගේ කන්න ඕනෑ කිව්වම බොහෝ දෙනෙක්‌ තේරුම් ගත්තේ බඩ කට පිරෙන්න මහා බත් පිඟානක්‌ කනවා කියාය. නමුත් ඉතිහාසයේ එවන් වැකියක්‌ පට බැදී තිබෙන්නේ, ඖෂධීය ගුණයෙන් යුතු ශක්‌තිය වඩන නිරෝගිමත් කෑම වේලක්‌ නොකඩවා ආහාරයට ගන්නේ රජ්ජුරුවෝ පමණක්‌ම බවට මහජනතාව පිළිගත් සත්‍යයක්‌ව පැවතීම මතය.
    රාජ භෝජනය සැකසීම අපූරුය. සැබැවින්ම එය ඓතිහාසික ගාම්භීරත්වයක්‌ සහිත සංස්‌කෘතික ක්‍රියාවලියකි. මනා පෙළ ගැස්‌මකි. රාජ භෝජනාගාරයේ දෛනික වැඩපිළිවෙල කොපමණ නම් සංකීර්ණද යන්න මොනවට පැහැදිලි වන්නේ එක්‌ වේලක්‌ සැකසීම සඳහා පෙළ ගැසී සිටින සේවක පිරිසත් භෝජනය සැකසීමේ ක්‍රමවේදයත් පිළිබඳ සලකා බලන කලය. එහි යටගියාව අදටත් අපට පරිශීලනය කළ හැක්‌කේ, පුස්‌කොළ පොත් කියෑවීමෙනි. අදාළ පුස්‌කොළ පොතෙහි මූලික වෙළුම් දෙකක්‌ තිබී ඇති අතරම අදටත් එය ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රාචීන පුස්‌තකාලයේ සුරැකිව ඇත්තේය.
    එකල රාජ මාළිගාවේ රාජ භෝජනය සැකසීම මූලික සහ ප්‍රධානතම කාර්යය වූ අතර ඊට දායක වූ පිරිස ගණනින් සූසැටකි. ඉනුත් මුල් තැන ගත්තේ, සොලොසකි. බෙහෙත්ගෙයි මුහන්දිරම්, බත් වඩන නිළමේ, මුලගිනා, මඩප්පු නිළමේ, මඩප්පු රාළලා, පිහන රාළලා, දෙහි දොඩම් කාරයෝ, පැහිදුම්කාරයෝ, තටුකොළ පහින්දම්කරුවෝ, ඇතුළුව රාජෝත්තමයන්ගේ ආයු වඩන්නට දිවි කැප කළ පිරිස බොහෝය.
    රජ්ජුරුවන් උදෙසා වන ආහාර වේල් සැකසීමට වෙන් වෙන් වශයෙන් සේවක පිරිස්‌ සිට ඇත. දිවා ආහාරය සැකසීමට පෙළ ගැසෙන්නේ රජ්ජුරුවන් උදෑසන මළපහ කළ අවස්‌ථාවේ සිටය. අද මෙන් නොව එදා සියල්ල සිදුව ඇත්තේ කලටය. වෙලාවටය.
    රජු අවදිවූ මොහොතේ සිට ඒ අසල දැවටෙන්නේ බෙහෙත්ගෙයි මුහන්දිරම්ය. ඔහු රජුගේ මානසික තත්ත්වයත් පෙර දින නොවූ යම් වෙනසක්‌ වේද යන්න ගැනත් විමසිලිමත් වෙයි. මුව සෝදා පඩික්‌කමට හල කෙළ මුසු ජලයද, මුත්‍රා සහ මළපහද, හොඳින් පරීක්‌ෂා කරන බෙහෙත් ගෙයි මුහන්දිරම් එදින රජුගේ ශරීර සෞඛ්‍යයේ වත ගොත පිළිබඳව මුලුතැන්ගෙයි බත්වඩන නිළමේ වෙත දැනුම් දෙයි.
    බෙහෙත් ගෙයි මුහන්දිරම්ගේ සේවාව ගම්පොළ යුගයේද පැවැති බව සඳහන්ය. ජාත්‍යන්තර මට්‌ටමේලා සැලකෙන එම වෛද්‍ය ක්‍රමය වේගිරිය හා තදාසන්න ප්‍රදේශවල විසු වෛද්‍යවරු අතර ප්‍රචලිතව පැවැති බවත් ඉතිහාස කරුණු පෙන්වා දෙයි.
    බත්වඩන නිළමේ නොහොත් මුලුතැන්ගෙයි ප්‍රධානියා බෙහෙත්ගෙයි මුහන්දිරම්ගේ පණිවුඩයට පසුව රජුගේ දිවා භෝජනය ගැන සැලකිලිමත්ව ඊට සුදුසු නුසුදුසු ආහාර වට්‌ටෝරු සකසයි. බොහෝවිට දෛනිකව උදෑසන හය හෝ ඊට ආසන්න වේලාවක සිට දිවා ආහාරය සැකසීම අරඹයි. බත් වර්ග හතක්‌ මස්‌ මාළු වර්ග තිහක්‌ සහ කොළ එළවළු වර්ග තිහක්‌ ද කැවිලි වර්ග පනස්‌ පහක්‌ද ගිතෙල් වෙඬරු හෝ කිරි ආශ්‍රිත ආහාර ද ඖෂධීය ශාක වර්ග ඇසුරින් සකසන ලෙය්‍ය වර්ග ද හීනටි හාල් අතුරුපසද කිරි පැණිද බුලත් විටද ඇතුළත්ව රාජ්‍ය දිවා භෝජන වට්‌ටෝරුව සැකසේ.
    එකල දිනපතා සැකසෙන රාජ භෝජනය නිත්‍ය රටාවක්‌ම බැවින් මුලුතැන්ගෙයි සේම ඒ අවට සේවය කළ උදවිය සිය ඒකාකාරි බව පලවා හරිනු වස්‌ කවි කීහ. ඒ අතර උන් ඇතැම්හු හිටිවන කවි තැනූහ. ඇතැම්හු උසුළු විසුළු පිණිසද කවි තැනූහ. ආහාර පිසින්නෝද සිය කාර්යය කවියට පෙරළා ගායනා කළෝය.

    මුංපියලි නැලිය ක
    සහල් ගනු තුන් නලිය ක
    කෙටූපිටි විතර ක
    උයාවී කිරිලා පදම්දැ ක
    පත්පැර වියල නු
    අත්සුනු සකුරු මෙහිල නු
    ඉසඉස බැද ග නු
    ඊට මුතුලාල යයි නම් ද නු
    .....ආදි ලෙස ගායනා කර තිබේ. යටවර නමැති කිවිදු රාජ භෝජන ආහාර වට්‌ටෝරු කවි තුන්සිය හතලිස්‌ හතරකින් පුස්‌කොළ පොතෙහි ලියා ඇති අතර පසු කාලීනව පුංචි බණ්‌ඩාර සන්නස්‌ගල පුස්‌කොළ පොතෙහි කවි සංස්‌කරණය කොට කෑම වට්‌ටෝරු එකසිය විස්‌සක්‌ පමණ ග්‍රන්ථාරූඪ කර ඇත.
    රාජ කෑම වට්‌ටෝරුවේ බත් වර්ග හත, සිරෝවල්ලි සම්බා, බාස්‌මතී, සුවදැල්, ඇතුළු අග්‍රගණ්‍ය සහලින් සමන්විතය. මහනුවර යුගයේ වාසලට දෛනික සහල් සැපයූවේ පැණිදෙණිය, ගුරුදෙණිය අටුවලින් බවද සඳහන් වේ.
    බත් වඩන නිළමේගේ ආහාර වට්‌ටෝරුව මඩප්පු නිළමේගේ අධීක්‌ෂණය යටතේ මඩප්පු රාළලාගේ කැපවීමෙන් රසවත් වේ. සාදා නිමකරන සෑම අහරක්‌ම ආරක්‌ෂා කරන්නේ පිහන රාළලා විසිනි. සෙසු කටයුතන්හිදී සේම දෙහි දොඩම්, පොල්, තුනපහ, දර, කෙසෙල් කොළ, පැණි හකුරු, ආදී සියලු අමුද්‍රව්‍යය මාළිගා මුලුතැන්ගෙට සපයන්නේ ඒ ඒ රාජකාරියේ නියුතු උදවිය විසිනි. අරක්‌කැමියා හෙවත් මුලගිනා ලුණු ඇඹුල් නොබලා, යස පදමට රස ගලපන්නේ සිය පලපුරුද්ද පෙරදැරිවය. මාළු පිනි හැටද කැවිලි පනස්‌ පහද සෙසු සියලුම ආහාරද පිසිනුයේ උදෑසනමය. පෙරදා සැකසූ කිසිවක්‌ රාජභෝජනයට කැප නොවේ. පිසින ලද සියලුම ආහාර රස බැලීමේ වරම් ඇත්තේ, අගුබලන්නාට පමණි. ඔහු සියලු ආහාර ගෙන සිංහල පැයක්‌ පසු වූ තැන බෙහෙත්ගෙයි මුහන්දිරම් ඔහුව පරීක්‌ෂා කොට, අනතුරුව රජ්ජුරුවන්ට කෑමට ආරාධනා කරයි.
    රජු ආහාර ගන්නේ, කෑම ශාලාවක නොවේ. මාළිගයේ හිස්‌ ශාලාවක කිසිවෙකුටත් නොපෙනෙන මුලුගැන්වූ ස්‌ථානයක සිටය. බුමුතුරුණක්‌ මත එරමිණිය ගොතා හිද ගන්නා රජ තෙමේ ඔඩොක්‌කුව මත රන් සළුවක්‌ එලනු ලබයි. දිය වඩන නිළමේ පැමිණ රන්තලියක වතුර බහා අත සෝදවා තෙත මාත්තු කොට ඉවත්ව යයි. අනතුරුව බත්වඩන නිළමේ පැමිණ රන්තැටියක්‌ තබා, බත් හැන්දක්‌ එක්‌ ව්‍යංජනයක්‌ බැගින් වරින් වර බෙදනු ලබයි. ව්‍යංජන අතරේ තිරිවානා හොද්ද විශේෂ වන්නේ එය වාජීකරණය සඳහා වරා පොතු සහ තිරිවානා ගල් උපයෝගි කොට සකසන ලද්දක්‌ බැවිනි. බත් හා ව්‍යංජන ඇතැයි රජ සැලකල පසුව, කැවිලි ද, කිරිවලින් තැනූ අහරද, හීනටිහාල් අතුරුපසද, කිරි පැණි ද, ආහාරයට ගනී. අනතුරුව රාජකීය වෛද්‍යවරයා නොහොත් බෙහෙත්ගෙයි මුහන්දිරම් සැකසූ ලෙය්‍ය වර්ග අහරට ගනී.
    මේවා තලියක දමා පිළිගන්වද්දී රජ එය ලෙවකෑ යුතුය. නිසි ඖෂධීය ගුණ සිරුරට ලැබෙනුයේ එවිටය.
    රාජ භෝජනය ඓතිහාසික වූයේ, සූප කලා සාහිත්‍යය හරහාය. නිරෝගිමත් ජීවිතයක්‌ උදෙසා එවන් සාහිත්‍යයක හරය අදටත් වැදගත් වන බව සිතීමද වැදගත්ය..
    උපේක්‌ෂා
    ඇසුර දිවයින
    උපුටා ගැනීම පරමා පිටුවෙන්.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    වස විඅස නැති ගුණ කෑම ඉස්සර. නමුත් හැමෝටම හොදට කන්න තිබිල නෑ. ගොඩක් දුප්පත් අය සාගතෙන් මැරෙන්වලු ඉස්සර. රජාට නම් අවුලක් නැ ඉතින් හැමදාම සුපිරි කෑම කන්න පුළුවන්.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,443
    113
    වස විඅස නැති ගුණ කෑම ඉස්සර. නමුත් හැමෝටම හොදට කන්න තිබිල නෑ. ගොඩක් දුප්පත් අය සාගතෙන් මැරෙන්වලු ඉස්සර. රජාට නම් අවුලක් නැ ඉතින් හැමදාම සුපිරි කෑම කන්න පුළුවන්.
    ඒ උනාට දකුණු ලග ගාලු මුහුද තීරයේ නැවුම් මාළු ඇඹුල් තියල්, පොල් සම්බෝල එක්ක රතු කැකුළු බත් කන්නේ නැතුව ඇයි මැදපෙරදිග මුස්ලිම් ගැහැනුන්ගේ කාම ආශාව සංසිදවමින් , මුස්ලිම් ගැහැණුන්ගේ සැමන් කන්නේ හෝටල් සේවකයා?
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    බෙහෙත්ගෙයි මුහන්දිරම්, බත් වඩන නිළමේ, මුලගිනා, මඩප්පු නිළමේ, මඩප්පු රාළලා, පිහන රාළලා, දෙහි දොඩම් කාරයෝ, පැහිදුම්කාරයෝ, තටුකොළ පහින්දම්කරුවෝ
    අහෝ පොන්න ජීවිත
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,729
    1
    60,371
    113
    Mother Earth
    මරු. ඉස්සර රජවරු මරු ආතල් එකක් ගන්න ඇත්තේ. හිතුන ගමන් ඕන එකක් කරන්න පුළුවන්. 😍
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,137
    99,728
    113
    මරු. ඉස්සර රජවරු මරු ආතල් එකක් ගන්න ඇත්තේ. හිතුන ගමන් ඕන එකක් කරන්න පුළුවන්. 😍
    එහෙම බෑ වැසියෝ කැරලි ගහලා එලවනවා. එක්කෝ ඇමැතිල.
     
    • Wow
    Reactions: Candid-B