මේ කොකා පෙන්නන්නේ කාටද?

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,741
    12,767
    113
    මේ කොකා පෙන්නන්නේ කාටද?

    බලය විත්ති 37 - රටක් පරිහානියට පත්වන ආකාරය සහ විදුළි වාහන සඳහා ලංකාවේ බදු, සහ මහජනතාවට කොකා පෙන්වීම.

    :dull:ලංකාව වැනි රටවල් දිනෙන් දින පරිහානියට යන හේතු මෙන්න මේවාය.:dull:



    නිමිත්ත
    http://www.lankadeepa.lk/latest_news/විදුලි-මෝටර්-රථ-ගණන-වසර-තුනකදී-4000-කින්-ඉහළට

    විදුලි මෝටර් රථ ගණන වසර තුනකදී 4000 කින් ඉහළට
    (රංජන් කස්තුරි)

    විදුලියෙන් ධාවනය වන මෝටර් රථ සංඛ්‍යාව 2014 දී 90ක්ව තිබූ නමුත් මේ වනවිට එම ප්‍රමාණය 4000 දක්වා වැඩිවී ඇතැයි ද විදුලි මෝටර් රථ සඳහා ආරෝපණ මධ්‍යස්ථාන 50ක් රටපුරා පිහිටුවීමට ද ප්‍රවාහන අමාත්‍යංශය පියවර ගෙන ඇත.
    :angry::angry::angry:

    Amila Thursday, 30 March 2017 04:41 AM

    මේ දක්වා ප්‍රවාහන අමාත්‍යාංශය විසින් විදුලි වාහන ක්‍ෂේත්‍රයේ ප්‍රගතිය වෙනුවෙන් කිසිම මැදිහත්වීමක් කර නැත. ආරෝපණ මධ්‍යස්ථාන 50 කතාව පට්ට පල් බොරුවකි.
    :yes::yes::yes::yes:



    17554052_10155661156556729_821739810650900207_n.jpg


    ලෝකයේ විදුළි වාහන භාවිතයේ ඉහළ යාම ඉතා සීඝ්‍රයෙන් සිදුවේ. උදාහරණයක් ආකාරයට එංගලන්තයේ තත්වය සලකා බලමු. 2013 වසරේ මේ වර්ගයේ වාහන 3500ක් ධාවනය වූ අතර, 2017 වසරේ වාහන 90,000 ක් ධාවනය වේ. මෙය අවුරුදු 4ක් තුල 25 ස් ගුණයක වැඩි වීමකි. දියුණු රටවල් වල විදුළි වාහනවල වැඩි වීම එක සේ නොනවත්වා වැඩි වන බව දැන් පැහැදිළිය.

    හීනෙන් කියනවා මෙන්, ආණ්ඩුවෙන් දැන් අමුතුම කතාවක් කියයි. එනම් අද දින පාරේ විදුළි වාහන 4000 ක් ඇති හෙයින්, විදුළි වාහන සඳහා අවශ්‍ය වන ආරෝපිත මධ්‍යස්ථාන වල තත්වය නිරීක්ෂණය කල යුතු බවය. එය කල යුතු දෙයකි. එහෙත් එය කියා තිබූ ආකාරය නම් මහජනයා නොමඟ යවන සුළු වේ. එනම් 2015 වසරේ වාහන 4000ක් තිබුනා නොකියා, අද වාහන 4000ක් තිබේ කීමය. හේතුව මෙය වේ.

    2014 වසරේ විදුළි වාහන 90ක්ද, ඉන් පසු ඉතා වේගයෙන් එය වැඩි වී, 2015 වසරේ අවසානයේ ලංකාවේ විදුළි මෝටර් රථ 4000 ක්ද ධාවනය වුනි. මෙය 44 ගුණයකින් වැඩි වීමක් විය. එය ඉතා හොඳ ප්‍රගමනයක් විය. ඒ ආකාරයට වැඩි වුනා නම්, අද දින පාරේ වාහන 50 ,000 කට වඩා ධාවනය වනු ඇත. ඒ එකකටවත් පෙට්‍රල් බිංදුවක් අනවශ්‍ය වනු ඇත.

    එහෙත් සත්‍ය කතාව මෙය වේ. 2015 දී එවකට විදුළි වාහනයකට තිබුණු 5% බද්ද, 50% කරන ලදී. මේ අසාධාරණ බදු වැඩි කිරීම නිසා ඉහත කී විදුළි වාහන වල වැඩිවීම එක වර නතර විය. මේ එලබ ඇත්තේ 2017 වසරයි. මේ කොකා පෙන්නන්නේ කාටද?

    ඉහත කී බද්ද මහජනතාවගෙන් රජයට අය වෙන බදු වේ. එහෙත් විදුළි වාහන වැඩි වීම නිසා ලංකාවට ෆොසිල ඉන්ධන ගෙන ඒමට වියදම් වන මුදල, එනම් රටෙන් එළියට යන විදේශ විනිමය වැයවීම ගැන සිතා නොමැති බවක් පෙනේ. මේ අතර විදුළි බල මණ්ඩලයෙන් කරන කෙණෙහිලි නිසා සූර්ය බල ශක්තිය සාමාන්‍ය මිනිසාට ලබා ගැනීමට අපහසුතාවයන් ඇතිවීම කව්රුත් දන්නා දෙයකි.

    කිලෝ වොට් පැය එකක් හෙවත් ‘යුනිට් එකක්’ රුපියල් දහය කියා උපකල්පනය කර ලංකාවට වැටෙන හිරු එළියේ මුළු අගය රුපියල් ට්‍රිලියන 3.25 ක් බව මින් පෙර ළිපියක ගණනය කර පෙන්වා ඇත. මෙය තවත් ආකාරයකින් කිවහොත්, පොදු ප්‍රවාහණය සඳහා පසුගිය අවුරුදු දහයක කාලය තුල ගිය මුදළ වේ...!
    මේ අතර සාමාන්‍ය මහජනතාවට, තවත් නොදැනෙන නොපෙනන දෙයකි.

    අල්පෙනෙත්ත පවා පිටරටෙන් ගන්නා ලංකාවට ඇති අති විශාලම සම්පත වන හිරු එළිය භාවිතා කර, රටේ විදේශ විනිමය පිටරටට ඇදීම නවත්වා ගැනීමට කොකු දාන්නේ, ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉගෙන ගත් ඉංජිනේරුවන් සහ, එමගින් ඉහළ ගිය නිළධාරීන් බව පැහැදිළිය. එහෙත් අනාගත ගල් අඟුරු බලාගාර තැනීමේ සැලසුම් වල සහ පරිසරය විනාශ කරන මිනි හයිඩ්රෝ තැනීමේ අවුලක් ඔවුන්ට නැත. මෙයට හේතුව කුමක්ද ?

    ලංකාව වැනි රටවල් දිනෙන් දින පරිහානියට යන හේතු මෙන්න මේවාය.

    https://www.facebook.com/groups/thulawa/permalink/1520022794688412/


     
    • Like
    Reactions: dath kimbula

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,141
    113
    EARTH
    කොකු දාන්නේ, ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉගෙන ගත් ඉංජිනේරුවන් සහ, එමගින් ඉහළ ගිය නිළධාරීන් බව පැහැදිළිය

    paka thamayi ithin. දේශපාලන ගල්බිල්ලො කැමති නැති එකයි ප්‍රශ්නෙ. උන්ට කොමිස් නැති වෙන නිසා. රාජ්‍ය සේවකයින්ට ඕන විදියටම යන රටක් නෙ මේක.
    lole lol