මේ කොන්දේසි වලට අපි යටත් විය යුතුද?

රජයේ තීරණය හරිද???

  • ඔව්. හරියටම හරි!!

    Votes: 9 47.4%
  • නෑ. අපෝ වැරදියි!!!

    Votes: 8 42.1%
  • අනේ අපි ඕවා දන්නෙ නෑ!!

    Votes: 2 10.5%

  • Total voters
    19
  • Poll closed .

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මේ කොන්දේසි වලට අපි යටත් විය යුතුද?

    EU.jpg
    ලංකාව විසින් මගින් යුරෝපා සංගමයේ රටවලටඅපනයනය කරනු ලබන ඇගලුම් ඇතුළු භාණ්ඩ වර්ග 7200කට හිමිවන ජී.එස්.පී. ප්ලස් බදු සහනය නැවත ලංකාවට ලබාදීම සදහා යුරෝපා සංගමය විසින් කොන්දේසි 15 ක් ඉදිරිපත් කර තිබේ. ජුලි 01 වැනි දිනට ප්‍රථම එම කොන්දේසිවලට ලිඛිතව එකඟවන්නේ නම් බදු සහනය තවදුරටත් දීර්ඝ කල හැකි බව යුරෝපා සංගමය දන්වා තිබේ.
    එම කොන්දේසි මෙසේය.

    1. අන්තර් ජාතික සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබද ප්‍රඥ්ඥප්තිය ආරක්ෂා කිරීම.
    2. 17වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම
    3. හදිසිනීතිය ඉවත් කිරීම
    4. ත්‍රස්තවාදයවැළැක්වීමේ පනත ඉවත් කිරීම
    5. මහජන ආරක්ෂක පනත අන්තර් ජාතික සිවිල් සහ දේශපාලන ප්‍රඥ්ඥප්තියට අනුව සංශෝධනය කිරීම
    6. සැකකරුවකු අත්අඩංගුවට පත් මොහොතේම ඔහුට නීතිඥයකු හමුවීමට ඉඩ සලසා දෙන ලෙස දණ්ඩ නීතිසංග්‍රහය සංශෝධනය කිරීම
    7. එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමට සහ එක්සත් ජාතීන්ගේ වධ හිංෂා පිළිබද සොයා බැලීමේ කොමිෂම වෙත පැමිණිලි කරන්නට ලංකාවේ පුරවැසියන්ට අයිතිය ලබා දීම
    8. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම විසින් පුද්ගලයන්ගේ කාරණා පිළිබද දී තිබෙන යෝජනා ක්‍රියාත්මක කිරීම
    9. බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද වුන් පිළිබද සොයා බලන එක්සත් ජාතීන්ගේ කමිටුවට, වධ හිංෂා පිළිබද සොයා බැලීමේ කොමිෂයේ ක්‍රියාධරයින්ට, විනිශ්චය කරුවන්ට සහ නීතිඥවරුන්ට ලංකාවට පැමිණිමට අවසර ලබාදීම.
    10. බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද වුන් පිළිබද සොයා බලන එක්සත් ජාතීන්ගේ කණ්ඩායමට ලැබී ඇති පැමිණිලි පිළිබදව ප්‍රතිචාර දැක්වීම
    11. 2008දීජනාධිපතිවරයා විසින් මානව හිමිකම් පිළිබඳ සොයා බැලීමට පත් කරන ලද කොමිෂමේසම්පූර්ණ වාර්තාව ප්‍රසිද්ධ කිරීම
    12. හදිසි නීති රෙගුලාසි යටතේ අත්අඩංගුවේසිටින එල්ටීටීඊ සැකකරුවන් සහ අනෙකුත් සැකකරුවන්ගේ නාම ලේඛනය ප්‍රසිද්ධ කිරීම
    13. මානවහිමිකම් සංවිධානවලට රැඳවුම් ස්ථාන බලන්න යන්න අවසර දීම
    14. ජාතික මානවහිමිකම් ක්‍රියාකාරී සැලැස්ම පාර්ලිමේන්තුව විසින් පිළිගැනීම
    15. මාධ්‍යකරුවන්ටහිංසනයෙන් තොරව කටයුතු කරන්නට ඉඩ දීම



    කෙසේ වෙතත් රජය මෙම කොන්දේසිවලට එකඟවීම මේවන විටත් ප්‍රතික්ෂේප කර තිබේ.


    රජයේ තීරණය හරිද??:yes::no::confused::growl:
     
    ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් ගරු කරනවා නම් මෙතන තියන සේරටම රජය එකඟවීමේ වරදක් පේන්නෙ නෑ.ඒත් ඒ මුවාවෙන් විදේශ අතපෙවීම්වලට කිසිම ඉඩක් නොදිය යුතුයි.:yes:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් ගරු කරනවා නම් මෙතන තියන සේරටම රජය එකඟවීමේ වරදක් පේන්නෙ නෑ.ඒත් ඒ මුවාවෙන් විදේශ අතපෙවීම්වලට කිසිම ඉඩක් නොදිය යුතුයි.:yes:

    විදේශ අතපෙවීම් සදහා ඔවුන් මෙය ආයුධයක් කරගන්න උත්සාහා කරන බවකුයි මට නම් පෙනෙන්නේ. GSP Plus යනු වෙළද සහ ආර්ථිකය සම්බන්ධ කටයුත්තකි. නමුත් ඔවුන් දමා ඇත්තේ දේශපාලන කොන්දේසි නේද??
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    විදේශ අතපෙවීම් සදහා ඔවුන් මෙය ආයුධයක් කරගන්න උත්සාහා කරන බවකුයි මට නම් පෙනෙන්නේ. GSP Plus යනු වෙළද සහ ආර්ථිකය සම්බන්ධ කටයුත්තකි. නමුත් ඔවුන් දමා ඇත්තේ දේශපාලන කොන්දේසි නේද??

    ඔව් ඔවුන්ගේ අපේක්ෂාව GSP+ වලට මුවා වී ඔවුන්ගේ දේශපාලනික අවශ්‍යතා මුදුන් පමුනුවා ගැනීමයි


    :angry::angry::angry::angry::angry::angry::angry: