මට ගිය අගහරුවාදා උන ගත්තා මචන්ලා.ඊට පස්සෙ ඇඟේ ඇටකටු ඇතුලෙන්ම එන කැක්කුමක් වගේ තිබුනා දවස් තුනක් විතර,පොඩි වියලි කැස්සක් එක්ක.දැන් නම් ඒ ඇඟට තියන අමාරුව නෑ.ඉදලා හිටලා වියලි කැස්ස තියනවා.ඔක ලොකුවට ගනන් ගත්තෙ නෑ ඩොකෙක්ට කීවම කීවෙ මේ දවස් වල වයිරස් උනක් තියනවා.ඒක වෙන්ම ඇති කියලා.දැන් පොඩි අවුලක් තියනවා බන්.ගද සුවද දැනෙන්නෙ නෑ කියපන්කො.උගුරට හෙනයක් වත් නෑ.අනික රස දැනෙනවා.අපේ ලොකු පුතා මම එක්ක නිදාගන්නෙ.අද උදේ ඉදලා එයත් කුනු කුනු ඔලුව රිදෙනවා කියලා.බලවන්න වෙයිද බන්