මේ තැන් වල උබලත් බීලා තියනවද?
මේ වනතෙක් ලියා නැති කිසි පොතපතක
පෙළගස්වමි හිතේ ඇති විසුරුණු මතක
මනරම් අගනුවර එහෙ මෙහෙ ගිය අතක
තොලගෑ සුන්දරත්වය අපි මධුවිතක
නුගේගොඩ අවට මුල්වරටම බිව්වේ
යන ලෙස ගෙදර සමහරු ඒ වෙත දිව්වේ
අද ඒ තැන නැතත් අපි එහි ළග නැව්වේ
"ඩොමීනියන්" කියලයි ඒකට කිව්වේ
රෑ වී ගියත් යන සැමගේ දුක නිවන
ගනුදෙනුකරුවන්ට හොදහැටි දෙන සවන
පැන්නම ටයිම් වැඩිවෙයි ගාණද ගෙවන
පාගොඩ නුගේගොඩ ලිපිනයෙ "අඹ සෙවන"
යනවිට නුගේගොඩ නම් නගරයේ සිට
පේනව ජුබිලි කණුවට කලියෙන් අපට
තැන "සංහිද"යි හඳුනන අපෙ දෙතොල කට
බිව්වා මිසක් නෑ ගොස් පුද සිරිත් කොට
නුගේගොඩ තවත් තැනකිය "මේත්‍රා"
පියාගෙන ගහයි සමහරු නේත්‍රා
ටිකෙන් ටික ඉහළ දමමින් මාත්‍රා
කරති දනෝ මධුවිත තුළ යාත්‍රා
නාරාහේන්පිට හෝ ඒ ළග වේලී
හිටියොත් සිහිවුණෙම රන්වන් "රන්දෝලී"
බැස්සලු ඉස්සරත් එහෙ මරු බඩු කෑලී
සමහරු ලෙජන්ඩරි පොරවල් මධුලෝලී
කිව්වම "මචං" නම රට තුළ පරසිද්ද
ගියොතින් "මචං දියවන්නාව"ට සුද්ද
කොච්චර පන්නිපිටියෙත් සෙට්වී ඇද්ද
දැන් නෑ "මචං නාවල" අම්මගෙ රෙද්ද
නිතරම බොහෝ අය මේ තැන වෙත ආවෝ
ඉස්සර අපිත් ගොස් හරි හරියට බීවෝ
දැන් නම් කාලෙකින් යන්නට බැරිවූවෝ
ඒ නම් මහරගම පරසිඳු "සින්තාවෝ"
නැතුවට මහා කළඑළියට හැඩවැඩද
ඇති ඒ පන්නිපිටියේ මැද පොඩි ඉඩද
අමතක නොවේ "බෝ සෙවනෙන්" ආ හඬද
මට එහි හමුවුණා වික්‍රම බෝගොඩද
දෙහිවල ගල්කිස්ස හා එහි වට අවට
"ස්ටේෂන්"ද"බැරකියුඩා" "සිංහ කට"
තියෙනව මැරින් ඩ්‍රයිවරයෙද තැන් සැපට
අපි ගොඩවැදුණු ස්ථානම නහුතෙකට
මතකයි "ගිහන්ස්" කිව්වම ඇති නම් දරලා
ඉස්සර දවල්ටත් එහි දොරවල් ඇරලා
කොහුවල විජේරාමෙදි සව්දිය පුරලා
මේ තැන්වලත් තියෙනව අපි නිදිමරලා
තැන පොල්හේන්ගොඩ හංදියෙ නම "වළ"ය
ඕනම දිනෙක මේ තැන හරි කලබලය
නම ලියවී තියෙන්නේ බිව් අය තුළය
ඉස්සර ඉදන් කාටත් හුරු මධු පොළය
පුරහල අසල සිට වැඩි දුරකුත් නැතිය
කිව්වම "සලාකා" සමහරු හෙණ බැතිය
කරටිය කැඩුණු අය ගියෙ අඩුවෙනි සතිය
එහි ඇති කාඩ පෙනුමෙත් ඇත වෙරි ගතිය
පබ්ලික් ලයිබ්‍රියෙ සිට පැන්නම පාර
තිබුණා තැනක් හදලා බොන්නම බීර
එහි නම "සමර් ගාර්ඩ්න්ස්" කිව්වම මාර
දැන් එය කඩා බිඳ දා ඇත ලෙස කෘෘර
"ඊ.ඒ.පී." "ඇපෙක්ස්" "ඩියුරෝ" ටවුම වටේ
මධුලෝලියෝ ගොස් එහි දෙන අයුරු බැටේ
එහි යන එන පිරිස දෙන පනිවුඩය රටේ
නැති සැප හතෙත් ඇති බවදෝ කොළඹ අටෙි
අදිමුද බොරැල්ලෙන් අපි මරදාන වෙත
එහි ඇති තැන් වගේ තැන් තව ලොවෙත් නැත
අන්අයිඩින්ටිෆයු ප්ලේසුත් එමට වෙත
මරදානෙන් නොබිව් මිනිහෙක් මොටද පුත
හිටගෙන වගෙම ඉදගෙන මේසෙක පුටුවේ
දවසට දහස් ගණනින් බොන හැටි දුටුවේ
බැරිවෙයි ලියන්නට වගතුග තනි පිටුවේ
මොකටද කතා බොන තැන් ගැන පිටකොටුවේ
පාලම් තුනේ හංදියෙමයි "ලැවීනියා"
ඇතමුන් එහේ ගොස් ඇත වාර්තා තියා
සතුටට දුකට හෙම පොඩි ගීයකුත් ගයා
සමහරු පත්තුවුණි සමහරු නිවී ගියා
එතනින් ඉදිරියට ගිය තැන ඇත "හාවී"
වේටර්වරුන් සිටියා සේවෙට පේවී
ගියොතින් එහේ සාදය නිමවුණෙ රෑ වී
සමහර දිනෙක එළියට ආවෙත් පාවී
පසුකර ඉසුරුපායද ඉදිරියට ඇදී
යනවිට තැනක් ඇත ගැහුවොත් ලෙසට වදී
නම සිංහලෙන් කිව්වොත් එය "හැන්ද රිදී"
මේවයි බීපු හැටි ලිව්වොත් පොතුත් මදී
අඩියක් ගහන්නට තලවතුගොඩ පැත්තේ
ගියොතින් "හතයි එකොළහ" හංදියෙ ඇත්තේ
ඒ ළග "පෝඩියම්" එක අමතක නැත්තේ
වෙන කොයිබින්ද ඒ හැටි සොමියක් ගත්තේ
කෝවිඩ් දහනවය අපෙ ආතල් කැඩුව
එනමුත් නොම ඉඳිමු අපි කඳුලින් හැඬුව
නොවැටේ නම් ඔබට ඔබෙ ගෙදරින් නඩුව
පුරවමු ලිස්ට් එකේ ඇති ඔබ දුටු අඩුව
Fb
riyantha Kodippilli
මේ වනතෙක් ලියා නැති කිසි පොතපතක
පෙළගස්වමි හිතේ ඇති විසුරුණු මතක
මනරම් අගනුවර එහෙ මෙහෙ ගිය අතක
තොලගෑ සුන්දරත්වය අපි මධුවිතක
නුගේගොඩ අවට මුල්වරටම බිව්වේ
යන ලෙස ගෙදර සමහරු ඒ වෙත දිව්වේ
අද ඒ තැන නැතත් අපි එහි ළග නැව්වේ
"ඩොමීනියන්" කියලයි ඒකට කිව්වේ
රෑ වී ගියත් යන සැමගේ දුක නිවන
ගනුදෙනුකරුවන්ට හොදහැටි දෙන සවන
පැන්නම ටයිම් වැඩිවෙයි ගාණද ගෙවන
පාගොඩ නුගේගොඩ ලිපිනයෙ "අඹ සෙවන"
යනවිට නුගේගොඩ නම් නගරයේ සිට
පේනව ජුබිලි කණුවට කලියෙන් අපට
තැන "සංහිද"යි හඳුනන අපෙ දෙතොල කට
බිව්වා මිසක් නෑ ගොස් පුද සිරිත් කොට
නුගේගොඩ තවත් තැනකිය "මේත්‍රා"
පියාගෙන ගහයි සමහරු නේත්‍රා
ටිකෙන් ටික ඉහළ දමමින් මාත්‍රා
කරති දනෝ මධුවිත තුළ යාත්‍රා
නාරාහේන්පිට හෝ ඒ ළග වේලී
හිටියොත් සිහිවුණෙම රන්වන් "රන්දෝලී"
බැස්සලු ඉස්සරත් එහෙ මරු බඩු කෑලී
සමහරු ලෙජන්ඩරි පොරවල් මධුලෝලී
කිව්වම "මචං" නම රට තුළ පරසිද්ද
ගියොතින් "මචං දියවන්නාව"ට සුද්ද
කොච්චර පන්නිපිටියෙත් සෙට්වී ඇද්ද
දැන් නෑ "මචං නාවල" අම්මගෙ රෙද්ද
නිතරම බොහෝ අය මේ තැන වෙත ආවෝ
ඉස්සර අපිත් ගොස් හරි හරියට බීවෝ
දැන් නම් කාලෙකින් යන්නට බැරිවූවෝ
ඒ නම් මහරගම පරසිඳු "සින්තාවෝ"
නැතුවට මහා කළඑළියට හැඩවැඩද
ඇති ඒ පන්නිපිටියේ මැද පොඩි ඉඩද
අමතක නොවේ "බෝ සෙවනෙන්" ආ හඬද
මට එහි හමුවුණා වික්‍රම බෝගොඩද
දෙහිවල ගල්කිස්ස හා එහි වට අවට
"ස්ටේෂන්"ද"බැරකියුඩා" "සිංහ කට"
තියෙනව මැරින් ඩ්‍රයිවරයෙද තැන් සැපට
අපි ගොඩවැදුණු ස්ථානම නහුතෙකට
මතකයි "ගිහන්ස්" කිව්වම ඇති නම් දරලා
ඉස්සර දවල්ටත් එහි දොරවල් ඇරලා
කොහුවල විජේරාමෙදි සව්දිය පුරලා
මේ තැන්වලත් තියෙනව අපි නිදිමරලා
තැන පොල්හේන්ගොඩ හංදියෙ නම "වළ"ය
ඕනම දිනෙක මේ තැන හරි කලබලය
නම ලියවී තියෙන්නේ බිව් අය තුළය
ඉස්සර ඉදන් කාටත් හුරු මධු පොළය
පුරහල අසල සිට වැඩි දුරකුත් නැතිය
කිව්වම "සලාකා" සමහරු හෙණ බැතිය
කරටිය කැඩුණු අය ගියෙ අඩුවෙනි සතිය
එහි ඇති කාඩ පෙනුමෙත් ඇත වෙරි ගතිය
පබ්ලික් ලයිබ්‍රියෙ සිට පැන්නම පාර
තිබුණා තැනක් හදලා බොන්නම බීර
එහි නම "සමර් ගාර්ඩ්න්ස්" කිව්වම මාර
දැන් එය කඩා බිඳ දා ඇත ලෙස කෘෘර
"ඊ.ඒ.පී." "ඇපෙක්ස්" "ඩියුරෝ" ටවුම වටේ
මධුලෝලියෝ ගොස් එහි දෙන අයුරු බැටේ
එහි යන එන පිරිස දෙන පනිවුඩය රටේ
නැති සැප හතෙත් ඇති බවදෝ කොළඹ අටෙි
අදිමුද බොරැල්ලෙන් අපි මරදාන වෙත
එහි ඇති තැන් වගේ තැන් තව ලොවෙත් නැත
අන්අයිඩින්ටිෆයු ප්ලේසුත් එමට වෙත
මරදානෙන් නොබිව් මිනිහෙක් මොටද පුත
හිටගෙන වගෙම ඉදගෙන මේසෙක පුටුවේ
දවසට දහස් ගණනින් බොන හැටි දුටුවේ
බැරිවෙයි ලියන්නට වගතුග තනි පිටුවේ
මොකටද කතා බොන තැන් ගැන පිටකොටුවේ
පාලම් තුනේ හංදියෙමයි "ලැවීනියා"
ඇතමුන් එහේ ගොස් ඇත වාර්තා තියා
සතුටට දුකට හෙම පොඩි ගීයකුත් ගයා
සමහරු පත්තුවුණි සමහරු නිවී ගියා
එතනින් ඉදිරියට ගිය තැන ඇත "හාවී"
වේටර්වරුන් සිටියා සේවෙට පේවී
ගියොතින් එහේ සාදය නිමවුණෙ රෑ වී
සමහර දිනෙක එළියට ආවෙත් පාවී
පසුකර ඉසුරුපායද ඉදිරියට ඇදී
යනවිට තැනක් ඇත ගැහුවොත් ලෙසට වදී
නම සිංහලෙන් කිව්වොත් එය "හැන්ද රිදී"
මේවයි බීපු හැටි ලිව්වොත් පොතුත් මදී
අඩියක් ගහන්නට තලවතුගොඩ පැත්තේ
ගියොතින් "හතයි එකොළහ" හංදියෙ ඇත්තේ
ඒ ළග "පෝඩියම්" එක අමතක නැත්තේ
වෙන කොයිබින්ද ඒ හැටි සොමියක් ගත්තේ
කෝවිඩ් දහනවය අපෙ ආතල් කැඩුව
එනමුත් නොම ඉඳිමු අපි කඳුලින් හැඬුව
නොවැටේ නම් ඔබට ඔබෙ ගෙදරින් නඩුව
පුරවමු ලිස්ට් එකේ ඇති ඔබ දුටු අඩුව
Fb



ගියපු කාලයක් මතක නෑ බන් 